අවුරුදු 3යි මාස 11ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

lead image

අවුරුදු 03 මාස  11 ක් වන  විට ඔබේ දරුවා  ජීවිතය අවබෝධ කර ගැනීමේ පළමු පියවර තබනවා.

ඇස් පිය ගහන සැනින් සියල්ල වෙනස් වෙලා. මීට වසර හතරකට පමණ කලින්  ඔබේ තුරුලේ  හිටපු පුංචි  පැටියා  දැන් ඔහුගේ අනන්‍යතාව ගැන  තේරුම් ගන්න පටන් අරන්. අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය තුළදී  ජීවිතය අවබෝධ කර ගැනීමේ පළමු පියවර තබනවා. 

ඒ වගේම   හරියාකාරව  ඇවිදින්න  විශ්වාසයෙන් යුක්තව ඉගෙන ගන්නවා. ඔබේ දරුවාට දැන් අවුරුදු 03 මාස  11 යි.(අවුරුදු හතරට තව එක මාසයයි නේද). ඔහු මේ මාසය තුල ලබාගන්නා සංවර්ධනය බලමු.

අවුරුදු 03 මාස  11 ළමා සංවර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

ව‍යස අවුරුදු 03 මාස  11  පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

අවුරුදු 03 මාස  11  දී, ඔබේ කුඩා පෙර පාසල් දරුවා තම දෑත්  නිවැරදිව චලනය  කිරීම අමුතු දෙයක්  නොවේ. දොර අගුලු දෑතින් කරකවන්න දැන් ඔවුන්ට පුළුවන්.  ඒ නිසා ඔවුන් ඔබේ කාමරයට  පහසුවෙන් ඇතුල්  වුනොත්  පුදුම වෙන්න එපා.

පැන්සලක් හරියටම  අල්ලන විදිය දැන් ඔබේ දරුවා දන්නවා. මෙම අවස්ථාවෙහිදී, ලිවීමට භාවිතා කරන උපකරණ අර්ථවත්ව  භාවිතා කරන අයුරු  ඔහු හරියටම  තේරුම් ගන්නවා.

හැඩතල පිටපත් කරන්න,  කැපිටල් අකුරු කිහිපයක් ලියන්න සහ ශරීර කොටස් දෙකක් හෝ හතරක් ඇති අම්මාගේ සහ තාත්තාගේ පින්තූරයක් අදින්න ඔහුට  දැන් පුළුවන්.

මෙම අවස්ථාවෙහිදී,  යම් දිශාවකට වර්ණ ගැන්වීමෙන් හෝ ඒවා කැපීමෙන් ඔහුට  චිත්‍ර ඇඳීම සම්පූර්ණ කරන්න  පුළුවන්. (ළමයින්ට හිතකර  කතුර භාවිතා කරන්න ).

ඔහුට කුඩා වස්තූන් හසුරුවන්න  පුළුවන්. ඔබට පුදුමයි නේද?

ඔබේ දරුවා ප්‍රවීණ කියවන්නෙක් නොවුනත් ඔහුට    පොත්වල තනි පිට පෙරළන්නත් පුළුවන්.  කාලය යද්දී  ගැටයක් ගැසීමට   සහ ඇඳුම් ඇඳීමේදී ඔබේ උදව් නැතුව බොත්තම් සහ සිපර් දැමීමට තරම් ඔහුගේ කුසලතා  දියුණු වෙනවා.

ඔහුගේ ඇඟිලි භාවිතා කිරීම හැරුනුවිට ඔහු අත් පා වඩා හොඳින් භාවිතා කිරීම ඔහුගේ තවත් හැකියාවක් වෙනවා.

උදාහරණයක් ලෙස, ඔබේ පෙර පාසල් දරුවාට දැන් ගොඩාක් ඇවිදින්න  සහ දුවන්න පුළුවන්. ඔහු ඉදිරියට හා පසුපසට පියවර  පුරුදු වන විට, වේගයෙන් ඇවිදීම සහ දිවීම ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්.

ඔහුට දුවන්න තණකොළ වැවු පෙදෙසක් වගේ ආරක්ෂිත ඉඩක් දෙන්න. ඔහු නිවස පුරා දුවමින් සතුටින් සිටියත් දරුවන්ට ඕනෑම දෙයකින් අනතුරක් වෙන්න  පුළුවන්.

ඇල පෘෂ්ඨයයන් පවා ඔවුන්ට ගැලපෙන්නේ නැහැ.     ඒ    අත් පටි අවශ්‍ය නොවී  ඔබේ දරුවාට අඩිය තියන්න පුළුවන් වන්නේ  එක් පාදයක් ඉදිරියත්  අනෙක ඉහළටත්   ආකාරයට   නිසායි.    

ඔහුගේ කකුල්  ඔහුගේ  බර දරා  ගැනීමට තරම් ශක්තිමත් වෙනවා. තත්පර පහක් තනි කකුලෙන් සමබරව නිශ්චලව ඉන්න හෝ පනින්න ඔහුට පුළුවන්.

ඔහුගේ ශක්තිමත් කකුල් වලින්, ඔබේ දරුවාට දැන් බෝල ඉදිරියට  හා පසුපසට පයින් ගැසීමටත්, යටි පතුල් දෙකම  බිම ස්පර්ශ  වෙන පරිදි උසකින් පනින්නටත් පුළුවන්.  ඔහුගේ දෑත් ඒ වගේම  ශක්තිමත් වෙනවා.

ඔහුට දේවල් තදින් අල්ලා ගැනීමටත්, ගෘහ භාණ්ඩ මතට නැගීමටත්, බෝල ඉහල අහසේදී අල්ලා ගැනීමටත් පුළුවන්.   වට කිහිපයක පුහුණුවීමෙන් පසු, ඔබේ දරුවාට කුඩා බයිසිකලයක් තනිවම පදින්නත් පුළුවන්.

ඒක නේද අහපු හොදම ආරංචිය ?

ඉඟි:

  • ක්‍රීඩා පිටියේ ඇති ලිස්සා යා හැකි මතුපිට හෝ ඔංචිල්ලාව්ස් තනිවම භාවිතා කිරීමට ඔහුට අභියෝග කරන්න. ඔබේ දරුවා ඔබේ අභියෝගයන්ට මුහුණ දෙන විට ඔහුට ආරක්ෂිත බවක් දැනේවි. 
  • කේතු, මේස වැනි උපකරණ  භාවිතා කරමින් නිවසේදී බාධක වළල්ලක්  හෝ පෙහෙළිකා මාර්ග ඇති ආර්ක්ෂිත ජාලයක් නිර්මාණය කරන්න. එය හුගාක්  විනෝදජනක වේවි.
  • ඒ වගේම  “ඉහළින්”, “යට”, “අවට”, “ඉහළට” සහ “පහළට” යන වචනවල තේරුම  මේ බාධක මාලාව තුලින් යමින්  ඔබේ දරුවා වඩා හොඳින් අවබෝධ කරගනිවී.
  • ඔබේ දරුවා කැමති සංගීතයක් සමග ඔබ  ඔහු හා විවිධ චලනයන් අත්හදා බලන්න. ඔබේ දරුවා නටමින් විනෝද  වෙන්න  කැමති අතර ඔහුට චලනය විය හැකි විවිධ ක්‍රම විස්තර කිරීමට පුළුවන්. 
  • ඔවුන්ට බිල්ඩිං බ්ලොක්ස් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. එවිට ඔවුන්ට ඔවුන්ගේ අත් සහ ඇඟිලි භාවිතා කරන්න පුළුවන්. සිය  සිතුවිලි සහ අදහස් සැබෑවක්  කරන්න  තමන්ගේ අත් වලට පුළුවන් බව  ඔබේ දරුවා තේරුම් ගනීවි. 
  • ඔහුට කතුර, පාටකූරු, දියර ගම් සහ වෙනත් කලා කටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. එවිට ඔහුට අදින්න, කපන්න හා අලවන්න පුළුවන්. 
  • ඔහු ඔහුගේ පරිකල්පනය පාලනයෙන් තොර වෙන්න ඉඩ සලසද්දී  මෙම ක්‍රියාකාරකම් මගින් ඔහුගේ මාපටැඟිල්ල සහ දබරගිල්ල භාවිතා කිරීමට පුහුණු කරනු  ලබනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • බෝලයක් උඩින් විසි කරන්න, එක ස්ථානයට උඩ පනින්න හෝ ඔවුන්ගේ ට්‍රයිසිකල් එක  භාවිතා කරන්න නොහැකි නම්
  • පඩි පෙළ නගින්න නොහැකි නම් හෝ බොහෝ විට වැටෙනවා නම්
  • පාටකූරක් නිසියාකාරව අල්ලාගෙන හැඩතල පිටපත් කරන්න නොහැකි නම්
  • බ්ලොක්ස් හතරක් ගොඩනගින්න නොහැකි නම්
  • කුඩා වස්තූන් හසුරුවන්න නොහැකි නම්

ඉහත  ගැටළු සතියකට වැඩි කාලයක් දුටුවහොත්  ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔබේ දරුවාට අත්දැකීම් අඩු නිසා, ඇය ඇගේ වටපිටාව ගවේෂණය කිරීමට උත්සාහ කරනවා පමණක් නොව, “බල්ලන්ට මයිල් තියෙන්නේ  ඇයි?” වගේ  ප්‍රශ්න රාශියක් ඇය ඔබෙන් අසාවි.

 බොහෝ වේලාවට  ඇයගේ ප්‍රශ්න වලට උත්තර  ඔබේ ලග නොතිබේවි. නමුත් දරුවන්ගේ නොනවතින කුතුහලය කරදරකාරී වුවත් පත් කළ හැකි වුවද,  මෙය වැඩීමේ සාමාන්‍ය අංගයක් වෙනවා.

ප්‍රශ්න ඇසීමට අමතරව, ඔබේ දරුවා ඔවුන්ගේ වටපිටාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.  මේ වන විට ඔහුගේ අවධානය විනාඩි 8-12 වෙනවා.

ප්‍රමාණවත් මග පෙන්වීමක් ලබාදුන් විට ඇතැම් අදහස් හා සංකල්ප ක්‍රියාත්මක වන ආකාරය ඇය සෙමෙන් තේරුම් ගන්න පටන් ගන්නවා.

නිදසුනක් වශයෙන්, දවසේ විවිධ කොටස්වල වැදගත්කම සහ වේලාව කුමක්දැයි ඇය දන්නවා. ඇයට බිංදුවේ සිට ගණනය කළ හැකි අතර ගණන් කිරීම    නියෝජනය  කරන්නේ  කුමක්ද යන්න තේරුම් ගන්න පුළුවන්.

ඔබේ අවුරුදු 03 මාස  11ක් වයසැති දරුවාගේ මතකය ද විශාල ලෙස වැඩිදියුණු වනු ඇත. විවිධ වස්තූන් යනු කුමක්ද සහ විවිධ පින්තූරවල තේරුම කුමක්ද යන්න වෙන්කර හඳුනා ගන්න  ඇයට පුළුවන්.

ඇයට විවිධ වර්ණ නම් කළ හැකි අතර එකම පෙනුමක් හෝ වර්ණයක් ඇති දේවල රටා තෝරාගෙන ඒ අනුව ඒවා කාණ්ඩායම් වලට  වෙන් කරන්න පුළුවන්. ප්‍රමාණවත් දැක්මක් සමග ඇය වයසට ගැළපෙන ප්‍රහේලිකා සොයා බලා ඒවා විසදනවා

ඔබේ දරුවාගේ මොළයේ වැඩෙන තවත් ලකුණක් නම්  දින කිහිපයකින් පසු ඔබේ දරුවාට බොරු කීමට ඇති හැකියාවයි. බයවෙන්න එපා ඒවා කඩාකප්පල් කාරි මහා බොරු නම් නොවෙයි. 

තමන්ව හෝ අන් අයව ආරක්ෂා කිරීමට බොරු කීමයි. (“ඒ මම නොවේ!”) බය වෙන්න එපා.  මේ සියල්ල සාමාන්‍ය සංවර්ධනයේ කොටසක් වෙනවා.  ඔබේ දරුවාට වඩා හොඳට උදව් කිරීමට ක්‍රමත්  තියෙනවා.  ඒ බව මතක තබා ගන්න.

වඩාත්ම සිත්ගන්නා කරුණ නම් පෙර පාසල් දරුවන් ඔවුන්ගේ පරිකල්පනය තුලින් ලෝකය දැකිමයි.   

කතන්දර, මවාගත්  දේවල් ගෙතීම හා එම මවාපෑමේ රංගනයක නිරත වීම(හෝ “මවාගත් මිතුරෙකු” සිටීම) ඇය සාමාන්‍යයෙන් වර්ධනය වන බවට සාක්ෂියකි.

ඔවුන් ඔවුන්ගේ කතාව හෝ එහි  කොටස් පවා ඔබ සමඟ බෙදා ගන්න පවා පුළුවන්.

මෙම පරිකල්පනීය දැක්මට වාසි සහ අවාසි තියෙනවා.  මවාපෑමෙන් රගපෑම් විනෝදජනක හා සිත් ඇදගන්නා සුළු වෙනවා. නමුත් ඕනෑවට වඩා එය සුදුසු  නැහැ.  

ඇද යට රාක්ෂයෙක් ඉන්නවා වැනි  ඇත්ත වශයෙන්ම එහි නොමැති දේවල්  ඇය විශ්වාස කිරීම පටන් ගන්න පුළුවන්.   සැබෑව සහ මවාගත් දේ අතර වෙනස හඳුනාගත හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි.

ඉඟි:

  • පිහාටු, පොප්සිකල් කූරු සහ පබළු වැනි විවිධ වයනය සහිත විවිධ දේ සපයන්න. ඉන්පසු, ඔබේ පෙර පාසැල් දරුවාට ඒ ගැන අදහසක් ගෙන එක් එක් අයිතම ගැන හැඟෙන දේ විස්තර කරන ලෙස පවසන්න.
  • එසේ කිරීමෙන් ඇයට ප්‍රතිවිරුද්ධ දේ මොනවාදැයි ඉගෙන ගන්න පුළුවන්.
  • ඇයට ඔබ සමඟ මුළුතැන්ගෙයට සම්බන්ධ වීමට අවශ්‍ය දැයි ඇයගෙන් අහන්න. එසේ නම් ඇයට අමුද්‍රව්‍ය මනිමින් ඔබට උදව්වෙන්න ඉඩදෙන්න. දරුවන්ට ඝන සහ ද්‍රව වෙනස් බව තේරුම් ගන්න පුළුවන්.  
  • ඔවුන් ප්‍රමාණය, සංඛ්‍යා සහ මිනුම් අතර සම්බන්ධතා  ඇති කර ගනු ලබනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ගණනය කිරීම හෝ පොදු වස්තූන් වැනි සරල සංකල්ප තේරුම් ගැනීමට ඔබේ දරුවාට නොහැකි නම්, එය නොපෙනන තත්වයක ලකුණක් වෙන්න  පුළුවන්.  

පහසු උපදෙස් තේරුම් ගැනීමට නොහැකි වීම හෝ නිසි ලෙස ඇඳුම් ඇඳීම, නිදාගැනීම හෝ විවේකාගාරය භාවිතා කිරීම  ප්‍රතික්ෂේප කිරීම තවත් සැලකිලිමත් විය යුතු කරුණු වෙනවා.

අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා හැගීම් වලින් දැන් පරිණතයි. ඔහුගේ හැගීම් වර්ධනය පෙන්නුම් කරන ප්‍රධාන ලකුණ වන්නේ පෙර පාසලේදී හෝ නිවසේදී නිතර නිතර සිදුවන ශක්තිමත් හැඟීම් හදිසියේ මුදා හැරීමේ අවස්ථායි.

කාලයත් සමඟම, ඔබේ පෙර පාසල් දරුවා  පවුලේ අය සහ මිතුරන් ගැන සැලකිලිමත් වීමට හා සිතීමට පටන් ගන්නවා. 

සමහර විට ඔවුන් හිතාමතාම වැළදගන්න හෝ ඔවුන් වෙනුවෙන් හොඳ දෙයක් කරන්න පුළුවන්. 

ඔහුට හැඟෙන දේ ප්‍රකාශ කිරීමට හා ඔහුගේ දුක, කෝපය, සතුට,  කම්මැලි බව පෙන්වීමට ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් කිරීමට ඔහු වඩාත් දක්ෂ වේවි.

ඊට අමතරව, ඔබේ දරුවා අවට සිටින පුද්ගලයින් සමඟ වඩා හොඳින් කටයුතු කරන්නේ කෙසේද යන්න තේරුම් ගන්නවා.

ඔහු තම සම වයසේ මිතුරන් සමඟ එකට වැඩ කරන විට  අවස්ථාව  ලබා ගැනීමේ වැදගත්කම වටහා ගැනීමෙන් මෙය පැහැදිලි වෙනවා.

විවිධ පුද්ගලයින්ට විවිධ දේ ඇති බව (“මගේ”, “ඔහුගේ” සහ “ඇයගේ”) ඔබේ දරුවා දැන්  දන්නවා. 

ඒ නිසා තර්ක ඇතිවීම වැළැක්වීමට ඒවා සොරකම් කරන්නේ නැහැ.

ඒවා සිදු වුවද, මෙම ගැටළු පැනනඟින විට ඒවා විසඳීමට ඔහු උත්සාහ දරාවි.

සමාජ යෝග්‍යතාව  අනුගමනය කිරීමට අමතරව, මේ වයසේ  දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් සහ මිතුරන් හැසිරෙන ආකාරය හදුනාගන්නා.  අතර  ඔවුන්ගේ ක්‍රියාවන් අනුකරණය කරන්න පුළුවන්.

ඉහල ගිය ලෝකය පිළිබඳ කුතුහලය  ඔහුව  නව අත්දැකීම් සදහා යොමු කරනවා.

ඉඟි:

  • පෙර පාසලේදී ඔහුගේ දවස ගැන හොඳ හෝ විශේෂ දෙයක් බෙදා ගන්නා ලෙස ඔබේ පෙර පාසල් දරුවාට කියන්න.
  • කරුණු පැහැදිලි කිරීමට   වඩාත් හැකිවන පරිදි ඔහුගෙන් ප්‍රශ්න අසන්න. එයින්  ඔහු ධෛර්යමත් වී ඔහුගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගැනීමට  උත්සුක වේව්.
  • ඔබේ පෙර පාසැල් දරුවාට ක්‍රීඩා පිටියේදී මෙන්  ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට හැකි වන පරිදි රැස්වීම් හෝ සාද පවත්වන්න.
  • අන්‍යයන් සමඟ අන්තර් ක්‍රියා කිරීම ක්‍රියාකාරකමක අවස්ථාව ලබාගැනීමේ  අවශ්‍යතාව ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා  (උදා: ඔංචිල්ලාව හෝ ලිස්සන බෝට්ටුව).
  • ඔහුගේ ශක්තීන් ගැන ඔහුට ප්‍රශංසා කරන්න. තනිවම කටයුතු කිරීම ගැන ඔබේ දරුවා වැඩි විශ්වාසයක් තබනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් දුරස්ව සිටින බවක් පෙනෙන්නට තිබේද?

එසේ නම් හෝ ඔවුන් සමඟ අන්තර් ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

විශේෂයෙන්, ඔබේ දරුවා,

  • තවමත් නව ස්ථාන හා පුද්ගලයන්ට බිය නම්
  • අන් අය සමඟ අන්තර් ක්‍රියා කළ හැකි ක්‍රීඩාවලට උනන්දුවක් නොදක්වයි නම්
  • ඔහුගේ පරිකල්පනය, මවාපෑමේ සෙල්ලම් කිරීමට භාවිතා නොකරයි නම්
  • ඔවුන්ගේ උද්වේගකාරී හැසිරීම් පාලනය කිරීමට ඔහුට නොහැකි  නම්
  • අනෙක් ළමයි සෙල්ලම් කරන විට දුරස් වෙනවා නම්
  • ඔවුන් සමඟ කතා කරන විට ඇසින් ඇස ගැටෙන එක වළක්වනවා නම්
  • පවුලේ අය නොවන අයට ප්‍රතිචාර නොදක්වයි නම්

අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔවුන්ගේ පරිසරය වඩා හොඳින් තේරුම් ගැනීමට අමතරව, මේ වයසේදී  ඔබේ  දරුවාට ඇගේ සිතුවිලි වාචිකව ප්‍රකාශ කරන්න  පුළුවන්.  

ඇයට ඇගේ නම සහ වයස කියවීමට සහ තේරුම්ගත හැකි ලෙස  ඇය මීට පෙර හමු නොවූ පුද්ගලයින් සමග පවා  කථා කිරීමට හැකියාවක් තියෙනවා.

අවම වශයෙන් වචන 500 ක වචන මාලාවක් සමඟ, ඇය පුංචි පුංචි  ​ශබ්ද නඟනවා පමණක් නොව, අවම වශයෙන් වචන පහක්වත් සහිත සැබෑ, අරමුණු සහිත වාක්‍යයක් කියනවා.

ඇයගෙන් පහසු ප්‍රශ්නයක් අසන්න, ඔබට අර්ථවත් පිළිතුරක් ලැබේවි.

නැතිනම්   පෙර පාසල කෙසේ දැයි ඔබේ දරුවාගෙන් විමසන්න. ඇයට දැන් කෙටිකතාවක් ගොතමින්  ඇයට දුටු හෝ දැනුණු දේ විස්තර කරන්න  පුළුවන්.  

ඇයගේ අත්දැකීම්  ඇයට හැඟුණේ කෙසේදැයි ඔබ තවදුරටත් අසන්න.  ඒ මගින් ඔබේ දරුවාට  අනෙක් පුද්ගලයින්ට දැනෙන දේ (කෝපය, සතුට, දුක යන   හැඟීම් ) සහ ඒ කෙරෙහි ඇය දක්වන ප්‍රතිචාරයන්  වර්ග කර ගැනීමට පුළුවන් වෙනවා. 

ඉඟි:

  • ඇය කැමති දේවල්, ස්ථාන සහ පුද්ගලයින් “පෙන්වීමට හා ඒ ගැන පැවසීමට” ඔබේ පෙර පාසල් දරුවාට කියන්න.   
  • ආසා කරන දේවල් ගැන කතා කිරීමට ඇයට ඉඩ දෙන්න. 
  • ඇගේ වචන  මාලාව වැඩි දියුණු කර ගැනීමටත්,  කථා කිරීම කෙරෙහි ඇය තුල වැඩි විශ්වාසයක් ඇති කිරීමටත් පුළුවන්  වෙනවා.
  • ඇයගේ චිත්‍රය පිටුපස ඇති කතාව විස්තර කරන ලෙස ඇයට කියන්න. 
  • එසේ කිරීමෙන් ඇය සිතන දේ සංකේතවත් කිරීමට හැඩතල සහ රූප භාවිතා කළ හැකි බව ඇයට දැනගන්න පුළුවන් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • වචන තුනක වාක්‍යයක් කියන්න බැරි නම්
  • "ඔබ” සහ “මම” අතර වෙනස තේරුම් ගත නොහැකි නම්
  • කෙල පෙරීම නවත්වන්නේ නැත්නම්, නිතර කෙළ පෙරනවා නම්, කථා කිරීමේ ගැටළු තිබේ නම්

ඉහත කාරණා සම්බන්ධයෙන්  ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දරුවන් ඉතා ඉක්මණින් වැඩෙනවා.  ඔබේ පෙර පාසල දරුවා වෙනත් අංශවලින් පමණක් වර්ධනය වී නැතත් නමුත් ඔහු දැන් ශාරීරික  වශයෙන් විශාලයි. 

සෙන්ටිමීටර 89.8 සිට 114.6cm දක්වා උසකින් සහ කිලෝග්‍රෑම් 11 සිට 23.6 දක්වා බරකින් යුක්තය.

මේ සමඟම, ඔහුගේ ආහාර ගැනීමේ පුරුදු ද දියුණු වී ඇත. ඒනිසා ඔහුට ආහාර  ගන්න   තවදුරටත් ඔබේ උදව්  අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔහුට විවිධාකාර ආහාර වර්ග අත්හදා බලන්න පුළුවන්.   ඒ නිසා සෑම ආහාර වේලක් සමඟම විවිධාකාර වයනයන් සහ රසයන් සහිත ආහාර ඉදිරිපත් කරන්න.

ඔබේ ආහාර සැලැස්මට පහත දැක්වෙන කාණ්ඩ වලින් ආහාර ඇතුළත් කර ගන්න.

  • ධාන්‍ය වර්ග ( පැස්ටා, සීරියල් සහ බත් කුඩා බඳුනක ප්‍රමාණය සුදුසු වේ)
  • පලතුරු සහ එළවළු (පිස කැට කපාගත් එළවළු අල්ලක ප්‍රමාණය හෝ යුෂ කුඩා වීදුරුවක්)
  • මස් (මස් කුකුළු මස්, මාළු හෝ හරක් මස් මේස හැදි 01 හෝ බෝංචි හා ඇට වර්ග මේස හැඳි 2 ක්. හෝ තම්බා ගත් බිත්තර 1)
  • කිරි (තේ කෝපප භාගයක් හෝ කුඩා කෝප්පයක් සෑම ආහාර වේලකටම පසු)
  • මේදය (බටර් හෝ තෙල් කුඩා තේ හැදි 01)

ඔබේ පුංචි දරුවා තෝරා  ආහාර  ගන්නෙක්  වෙන්න  පුළුවන්. නමුත් මතක තබා ගත යුතු කරුණු කිහිපයක්ද තියෙනවා :

  • ඔබේ දරුවා කැමති නැති ආහාර ආහාරයට ගන්න  ඔහුට  බලපෑම් කරන්න එපා. ඉවසිලිවන්ත වන්න.  
  • බොහෝ වරක් උත්සාහ කිරීමෙන් පසු ඔහු ආහාරයට ගන්න  දේට කැමති වෙන්න පුළුවන්.
  • මිදි, සුකිරි, ඇට වර්ග, බීජ, මාෂ්මෙලෝස් සහ විශාල මස් කැබලි වැනි හුස්ම හිරගන්න පුළුවන්  ආහාර ලබා නොදෙන්න.

මේ වන විට  යම් ප්‍රතිශක්තියක් වර්ධනය වීමට ඉඩ තිබුණද, ඔහු තවමත් විවිධ පොදු රෝග වලට ගොදුරු වෙනවා.  

අත් පා සහ මුඛ රෝග, බඩේ කැක්කුම, හිසරදය, උණ, උගුරේ අමාරුව, සරම්ප, රුබෙල්ලා සහ සයිනස් ආසාදන. (නාස් මාර්ගයේ ඇතිවෙන ආසාදනයක් )  වැනි රෝග ගැන විමසිලිමත්  වෙන්න.  

මෙම රෝග සහ අනෙකුත්  රෝග වළක්වා ගැනීම සඳහා, ඔබේ දරුවාට එන්නත් ලබා දී ඇති දැයි පරීක්ෂා කරන්න.

  • ඩිප්තෙරියා, පිටගැස්ම , කක්කල් කැස්ස (DTaP )
  • පෝලියෝ (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR)
  • පැපොල (වරිසෙල්ලා)
  • ඉන්ෆ්ලුවෙන්සා (වාර්ෂික උණ මාත්‍රාව )

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • දරුවා එක් ආහාර වර්ගයකට පමණක් කැමති වීම සාමාන්‍ය දෙයකි.
  • නමුත් ඉහත ආහාර වර්ග පහෙන් කොටසක් නොවන වෙනත් දෙයක් අනුභව කිරීමට ඔහු කැමති නම් විශේෂඥයකුගෙන් විමසන්න.
  • ඔබේ දරුවා ඉක්මණින් බර වැඩි වේ යැයි ඔබ කණගාටු වන්නේ  නම් වෛද්‍යවරයකු සමඟ කතා කරන්න. ඔහු තරබාරු යැයි උපකල්පනය කිරීම ඉක්මන් වෙන්න එපා. තවද, දරුවන්ගේ වර්ධනය  වේගයට කලින් බොහෝ විට ඔවුන්ගේ  බර වැඩි වෙනවා.
  • ඔබේ දරුවාට සතියක් හෝ ඊට වැඩි කාලයක් පවතින රෝගී තත්වයක් තිබේ නම් හෝ උණ හෝ රෑෂ් තිබේ නම්. වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

* විවිධ ළමයින් විවිධ වේගයන් ගෙන් වර්ධනය වන බව මතක තබා ගන්න.

ඒ නිසා ඔවුන් අනෙක් ළමයින් මෙන් හැසිරෙන්නේ නැත්නම් කලබල  වෙන්න එපා.

කෙසේ වෙතත්, යම් වරදක්  ඇතැයි  ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, වෛද්‍යවරයෙකුගෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

Written by

Niloufer Perera