අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

lead image

මේ වයසේදී  ඔහුට  හෝ ඇයට වැසිකිළියට යාමට අවශ්‍ය නම් ඔබට දැනුම් දේවි.

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය: ඔබේ දරුවාට දැන් වයස 03  මාස 03, නැතහොත් මේ කාර්යබහුල මී මැස්සාට වයස මාස 39 යි. 

ඔහු ඔබට රැගෙන එන ආදරය හා සතුට  සියල්ලම එක්ක  ඔහු ඔහුගේ නිවැරදි සංවර්ධනයක් ලබනවාද කියා ඔබ හිතනවා නේද?  

එහෙනම් මේ මෙම සංවර්ධන සන්ධිස්ථාන ගැන කියවන්න.

අවුරුදු වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

කාලය පියඹා ගිය ඉක්මන,  ඔබේ  ආදරය පුංචි  පැටියා දැන් ඔබේ සහ ඔබේ සැමියාගේ සෞඛ්‍ය සම්පන්න කුඩා අනුවාදයක්.

මෙම මස කොටසක් ලෙස, ඔබේ එතරම් පොඩි  නැති පොඩ්ඩාට වැඩිහිටියෙකුගේ තරම් පෙනීම තියෙනවා  (20/20 ). දුවන්න, ඇවිදින්න,  පනින්න, තනි කකුලෙන් සමබර වෙන්න දැන් ඔහුට පුළුවන්.

කකුල් දෙක මාරුවෙන් මාරුවට භාවිතා කර දැන් පඩිපෙල  වේගයෙන්  බහින්න ඔහුට පුළුවන්. 

ඔබේ දරුවා පඩිපෙළ පාමුල  සිට බිමට පැන පැන සෙල්ලම් කිරීමට පටන් ගන්නේ නම් එය පුදුමයක් නොවේ.

බොත්තම් සහ සපත්තු ලේස් දාන්න තවමත් අසීරූ වුනත්  සාමාන්‍යයෙන් ඔබේ දරුවාට  අවසානයේදී ස්වාධීනව ඇග සේදීමට හා ඇඳුම් ඇඳීමට පුළුවන් විය යුතුය.

රවුම් සහ චතුරස්‍රයන් පිටපත් කිරීම, පෑන් සහ පාටකූරු  භාවිතා කර ඇඳීම සහ සරල කැපිටල්  අකුරු ලිවීම කුඩා මස්පිඩු සම්බන්ධීකරණ  චලන කුසලතා (Fine motor skills ) අතර වෙනවා.

ඉඟි

  • ඔබේ දරුවාගේ අත් හා ඇස් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට  එළිමහනේ බෝල සෙල්ලම් කරන්න  රැගෙන යන්න.

විශේෂයෙන් ඔහුගේ විසි කිරීමේ හා අල්ලා ගැනීමේ කුසලතා තවමත් අවුල් සහගත නම්  මෙය කරන්න.

ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ  චලන කුසලතා (Fine motor skills ) වැඩි දියුණු  කිරීම සදහා  පිටපත් කිරීම,  වර්ණ ගැන්වීම, නැවීම සහ කැපීම ඇතුළත් සරල ක්‍රියාකාරකම් අඩංගු  පොත් කිහිපයක් රැගෙන ඒවා කරන්න දෙන්න.

  • තාත්තා හස්ත කර්මාන්තයේ දක්ෂයෙක් නම්, ඔබේ දරුවා නිවසේදී  කාර්යබහුල කරවීම සඳහා DIY කාර්යබහුල පුවරුවක් සදා ගන්න පුළුවන්.
  • ක්‍රියාශීලී දරුවෙකුට නිවසේදී අනතුරු වීමට වැඩි ඉඩක් ඇති බව මතක තබාගන්න. ඒ නිසා ඔබේ නිවසට ළමා ආරක්ෂක විධි විධාන යොදන්න

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට බෝලයක් අතට උඩින් විසි කරන්න,  එක තැන උඩ පනින්න, හෝ ට්‍රයිසිකල් එක පදින්න   නොහැකි නම්
  • ඔහුගේ හෝ ඇයගේ මාපටැඟිල්ල සහ ඇඟිලි අතර පාටකූරු තබා ගැනීමට නොහැකි නම්
  • කුරුටු ගාන්න හා රවුමක් පිටපත් කරන්න නොහැකි නම්

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ප්‍රශ්න වැලක් ඔන්න එනවෝ..

24/7 “ඇයි ” යන්න  ඇසීම පීඩාකාරියි නේද? ඒත්  එය වළක්වන්න  බැහැ. එය මේ මාසයේ  කොටසකි. ඒ නිසා සංසුන්ව  සරල නමුත් සත්‍ය පිළිතුරු ලබාදෙන්න.

මානසික  කුසලතාවන්හි දියුණුව ඔබේ දරුවාට පොදුවේ දක්නට ලැබෙන අකුරු, වචන හෝ වර්ණ  ඉක්මනින් ඉගෙන ගැනීමට සහ හඳුනා ගැනීමට ඉඩ සලසනවා.  නිදසුනක් ලෙස, ඔබේ දරුවාට ඔබගේ දුරකථනයේ ඇතැම් අංක හඳුනාගන්න පුළුවන්. 

නැත්නම් ඔහු රතු පැහැය ඇපල් සමඟ සම්බන්ධ කරනවා. සමහර දරුවන්ට දහයක් දක්වා ගණන් කරන්න පුළුවන් වුවත්  අඩුම තරමින් ඔහුට මේ වන විට තුනක් දක්වා ගණන් කරන්න  පුළුවන්.

ඔබේ දරුවාට කැමතිම පොතක කතාවේ කුඩා කොටස් මතක තබා ගන්න පුළුවන්. ඒවා මවාපෑමේ දී  රඟ දැක්වන්නත් පුළුවන්.

ඔහුට දැන් වැසිකිළියට යාමට අවශ්‍ය වු විට කියනවා.  නමුත් ඔහුට තවමත් ඉඳහිට රාත්‍රියේ මුත්‍රා පිටවෙන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවාගේ චින්තනය සහ තාර්කික හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා, එදිනෙදා වැඩකටයුතුවලට ඔහුව සම්බන්ධ කර ගන්න.

දේවල් පිරිසිදු කිරීම හා නිසි තැන තබා ගැනීමේ වැදගත්කම ඔහුට කියා දෙන්න.

  • වර්ණ ගැන්වීම, ඇඳීම මෙන්ම සෙල්ලම් පිටි ගුලිය හා වෙනත් ආකාරයේ සංවේදක සෙල්ලම් වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම්  සමග ඔහුගේ   පුංචි   අත් නිතර   කාර්‍යබහුල කරන්න.
  • විචිත්‍රවත් වර්ණ වලට දරුවා ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඔහුට වර්ණවත් බ්ලොක්ස් සහ සරල ප්‍රහේලිකා ලබා දෙන්න.

කොයි කොටස කොතැනටද යන්න තේරුම් ගැනීමට ඔහු තර්කානුකූල බව භාවිතා කරන්නේ කෙසේද යන්න මගින් ඔබේ දරුවාගේ මානසික  සංවර්ධනය මැන බැලීමට ඔබට හැකියාව ලැබෙනවා.

  • වැසිකිළි පුහුණුව අතරතුර ඔබේ දරුවාට රාත්‍රියේ අහම්බෙන් මුත්‍රා පිට වුවහොත් ධනාත්මකව ක්‍රියා කරන්න. ගැහැනු ළමයින් පිරිමි ළමයින්ට වඩා වැසිකිලි පුහුණුව පහසුවෙන්  ලබා ගන්නවා.

කෙසේ වෙතත්  බැණ වැදීම වෙනුවට ධනාත්මකව ශක්තිමත් කරන්න.  මේ අසීරු යුගයෙන් පසු ඔහු මනා පුහුණුවක් ගනිවි. ඔබ ඉවසිලිවන්ත වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට සරල ප්‍රහේලිකා විසඳීමට නොහැකි නම් හෝ වර්ණ අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි නම්
  • ඔබේ දරුවාට සරල උපදෙස් අනුගමනය කළ නොහැකි නම්

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

සම වයසේ මිතුරන් සමග  සෙල්ලම් කිරීම සමඟ අදහස් හුවමාරු කර ගැනීම  මේ අවදියේ සිදුවෙන ප්‍රධාන වර්ධනයන් වෙනවා.

 සෙල්ලම් කිරීම තරමක් ස්වාධීනව සිදුවෙන නිසා  දෙමව්පියන්  ඒ වේලාවේ පුංචි සුහද හමුවක් තිබ්බොත්  හොදයි නේද? 

හැබැයි  ඔබට තවමත් එකම සෙල්ලම් බඩුවකට  වෙන පුංචි පුංචි රණ්ඩු  විසදීමට  නම් සිදුවේවි. 

ඔබේ දරුවා අන්තිමේදී ඔවුන්ගේ කැමැත්ත අකමැත්ත අනුව පුංචි යහලුවන් තෝරා ගැනීම ගැන  පුදුම  වෙන්න එපා.

දැන් ඔබේ දරුවා වඩාත් සමාජශීලී වෙනවා. ඒ නිසා සුදුසු තැන් වලදී ඔහුට  “කරුණාකරලා” සහ “ස්තූතියි” යන සමාජීය ගුණාංග භාවිතා  කිරීමට  මතක් කරන්න.

නව අත්දැකීමකට මුහුණ දෙන විට හෝ ඔහු නොදන්නා අය මුණගැසෙන විට ඔහු නොසංසුන් වෙනවා.  හුරුපුරුදු කෙනෙක් අසල සිටිමෙන්  ඔහු සන්සුන් වෙන්න පුළුවන්.   

අඳුරට බිය වීම, බඩගිනි වීම හෝ අධික ලෙස වෙහෙසට පත්වීම වැනි  දේවල් ඉදහිට ඇතිවෙන්න පුළුවන්. මෙම හැඟීම් ඔබේ දරුවාට යම් තත්වයක් තේරුම් අරන් එයට ප්‍රතික්‍රියා කළ හැකි බව පෙන්වන හොද  ලකුණකි.

ඉඟි:

  • ඔබේ දරුවාට ආචාර ධර්ම ඉගැන්වීමේදී ඔබම හොඳ ආදර්ශයක් වන්න.
  • දිගටම ඔවුන්ට ප්‍රශංසා කරන්න.  එයින් ඔහු ප්‍රමෝදයට පත්වේවි.
  • මෙම අවස්ථාවෙහිදී ඔබේ දරුවා ඔබේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා එය පෙන්වා දී  ඔහු ඔබ කැමති දෙයක් කරන විට ඔහුට ප්‍රශංසා කරන්න.
  • ඔහුගේ  අවධානය වෙනතකට යොමු කිරිමෙන්  දරුවෙකුගේ උද්වේගකාරී හැසිරීමට හොදින් මුහුණ දෙන්න පුළුවන්.  ඔහුගේ ආකල්පය සංසුන් කල හැකි යමක් දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • කෝපයට හෝ කලබලයට පත්වන විට ඔබේ දරුවාට ඔහුගේ පාලනයක් නොමැති නම්
  • ඔහු දිගින් දිගටම වෙන්වීමේ කනස්සල්ල අත්විඳින්නේ නම්

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ වන  දරුවාගේ කතා බහ ආගන්තුකයන්ට  හොදින් තේරුම් ගන්න පුළුවන්.   ඔහුට වචන පහක් හෝ හයක් අමුණා වාක්‍ය හදන්නත් වාක්‍ය දෙක තුනක්  එක්කර සංවාද ගොඩ නගන්නත්  පුළුවන්.   

ඔහුගේ වාක්‍ය වල ව්‍යාකරණ  නිවැරදිම විය නොහැකි නමුත් ඉදිරි සති කිහිපය  තුල ඔහුට කාල  අනුව  ක්‍රියා පද ගැලපන්නත් එය භාවිතා කිරීමටත් පුළුවන්  විය යුතුය. ඔහුට තමන්ගේ නම, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව තමා හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම  අවම වශයෙන් ඔහුට එක් කිට්ටු මිතුරෙකුගේ නම කියන්න  පුළුවන්. ඔබේ දරුවාට විවිධ පොදු වස්තු නම් කරන්න  දැන් පුළුවන්.

ඉඟි:

  • කියවීමේ පුරුද්දක් ඇතිකර කියවීමට ඇති ඇල්ම වැඩි කරන්න.
  • ෆ්ලෑෂ් කාඩ් සහ වචන ක්‍රීඩා ඔබේ දරුවාගේ භාෂා කුසලතා ඉහළ නංවනවා.
  • හෝඩිය සමඟ සෙල්ලම් කරන්න  (“අයි ස්පයි” වැනි)

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට වචන තුනකට වඩා වැඩි වාක්‍යයක් භාවිතා කරන්න  නොහැකි නම්  සහ "මම" සහ "ඔබ" නුසුදුසු ලෙස භාවිතා කරයි නම්

වයස අවුරුදු 3 මාස 3 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වයසේදී ඔබේ දරුවාට සම්පූර්ණ හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය යුතු අතර එහි කාබෝහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන අඩංගු විය යුතුය. ඔහු පෙර පාසල් යෑම  ආරම්භ කළත් නැතත්   සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලකින් ඔහුගේ දවස ආරම්භ කිරීම සුදුසුයි.

ඔබේ දරුවාගේ රස විදීම බොහොම සරලයි.  නමුත් ඔහුව  ආහාර වැඩිපුර අනුභව කිරීමට පොළඹවන්න ආහාර  කලාව අවශ්‍ය වෙනවා.

පෝෂ්‍ය ගුණය හීන කෑම ( කඩචෝරූ)  නොවැළැක්විය හැකි විශේෂ අවස්ථා වල පමණක් ලබා දෙන්න. 

ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වලට බාධා නොවන පරිදි පෝෂ්‍ය ගුණය හීන කෑම ( කඩචෝරූ) අඩුම ප්‍රමාණයක් ලබා දෙන්න.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවාගේ උස සෙන්ටි මීටර 86 -108.8 අතර විය යුතු අතර නිරෝගී බර කිලෝග්‍රෑම් 10.2 - 21.3 අතර වෙනවා. මේ වයසේදී  ඔවුන්ගේ ප්‍රමාණය හා ක්‍රියාකාරකම් මට්ටම අනුව දිනකට කැලරි 1,000 - 1,400 ක් පමණ අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය අවුන්ස 4-5ක් පමණ වන අතර එයින් අඩක් සම්පූර්ණ ධාන්‍ය  ප්‍රභවයන්ගෙන් ලබා දිය යුතුය. එළවළු කෝප්ප 1½, පලතුරු කෝප්ප 1-1½, කිරි කෝප්ප 2 ක් සහ මස් හෝ බෝංචි අවුන්ස 3-4 ක් ලබා දෙන්න.

ධාන්‍ය  සඳහා අවුන්ස 1 ක් =  පාන් පෙත්තක් හෝ  කෑමට සූදානම් සීරියල්  කෝප්ප 1 ක් හෝ පිසූ බත්,  පිසූ පැස්ටා හෝ පිසූ ධාන්‍ය  කෝප්ප 1/2

මස් සඳහා අවුන්ස 1 =  ගිනි පෙට්ටියක ප්‍රමාණය වු මස්, කුකුළු මස් හෝ මාළු හෝ  වියළි බෝංචි  කෝප්ප 1/4 හෝ බිත්තර 1 ක්.

උණ, දිගින් දිගටම  ශ්ලේෂ්මල හෝ ලේ එක්ක මළපහ පිටවීම සහ සමේ රෑෂ්  වැනි ලක්ෂණ ගැන සැලකිලිමත් වන්න.

ඒවා බරපතල රෝග වල පූර්ව  ලක්ෂණ  වෙන්න පුළුවන්. අවශ්‍ය නම්   වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න.

පූර්වාරක්ෂාවක් ලෙස, මේ එන්නත් ලබා දී ඇත්දැයි පරීක්ෂා කරන්න.

  • හෙපටයිටිස් බී
  • ඩීප්ටීරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස  (DTaP)
  • හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගය බී, නියුමොකොකල් එන්නත (සංයුක්ත එන්නත)
  • අක්‍රිය කළ පෝලියෝ වයිරස්
  • වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා වෛරසය (ඔවුන් දැනටමත් දී නොමැති නම්) 
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා රෝග (MMR)
  • හෙපටයිටිස් A
  • මෙනින්කොකොකල් රෝගයට (Meningococcal diseases   )

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ වයසේදී ඔහුගේ නිර්දේශිත පරාසය තුළ නිරෝගී බරක් පවත්වා ගැනීමේ ගැටළු ඇතිනම්

  • නිරන්තර රෝග ලක්ෂණයක් බරපතල රෝගයක ලකුණක් ලෙස ඔබ සිතන්නේ නම් හෝ ඔබේ දරුවාට සමේ රෑෂ් එකක් තිබේ නම්

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  04

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

 

 

 

 

Written by

Niloufer Perera