theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

7 අවම කියවීම
අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

මේ  වයසේදී පිබිදෙමින් තියෙන වචන මාලාවක්, මතකයක් වගේම පරිකල්පනයක් ඔහු සතුයි. මෙම ප්‍රයෝජනවත් මාර්ගෝපදේශය සමඟ ඔවුන්ගේ සන්ධිස්ථාන නිරීක්ෂණය කරමු.

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය: ඔබේ කුඩා දරුවා වේගයෙන් වර්ධනය වෙනවා.  මේ වයසේදී  ඔබට අපේක්ෂා කළ යුතු   සන්ධිස්ථාන බොහොමයක් තියෙනවා.

අවුරුදු 03 සහ මාස 04 දී,  ඇය සිය ළදරු වියෙන් ඔබ්බට වු පැසුනු ළමා විය වෙත පා ඔසවමින් සිටිනවා. අවුරුදු 03 සහ මාස 04 දී ඔබට අපේක්ෂා කළ හැකි තවත් සිත් ඇදගන්නා සුළු වෙනස්කම් සහ ප්‍රගතිය දෙස අපි බලමු නේද?

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ අවුරුදු 03 සහ මාස 04 ක් වයසැති දරුවා  ඉදිරියට හා පසුපසට පහසුවෙන් ඇවිදීම  ප්‍රගුණ කරමින් සිටිනවා. 

දුවන්න, පනින්න හා  වැටෙන්නේ නැතුව  නැවෙන්න දැන් ඇය හොද විශ්වාසයක් ගොඩ නගා ගනිමින් සිටිනවා.

උදව් නැතිව  පඩිපෙළ ඉහළ හා පහළ  යෑමට ඇය  කැමතියි.

කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන හැකියාව (Fine motor skills)  සම්බන්ධයෙන් ගත් කල, ඇයට පාටකූරු හැසිරවිය හැකි අතර රවුම් වැනි සරල හැඩතල පිටපත් කරන්න  පුළුවන්.

යමක් විවෘත කිරීමට හැරවීම මෙන්ම එකිනෙක මත දේවල් ගොඩගැසීම යන සංකල්ප ද ඇයට දැන් වැටහෙනවා.

දෙමාපියන්ට ඉඟි:

  • ළමා කාලයේ ඇතිවෙන චලන හැකියාව (Gross motor skills) තව දුරටත් වැඩි දියුණු කිරීම සඳහා ඇයව ට්‍රයිසිකල්  පැදීමට එක්ක ගෙන යන්න. එවිට ඇයට ඇවිදීමට අමතරව  පාද  චලනය කරන්න පුහුණු වෙන්න පුළුවන්.
  • සෑම විටම මඟ පෙන්වීම සහිතව ක්‍රීඩා පිටියේ දුව පනින්න ඇයව දිරිමත් කරන්න.
  • අත් කැරකවීම, භාජන විවෘත කිරීම, බ්ලොක්ස්  වලින්  කණු සැදීම, වටකුරු හැඩතල පිටපත් කිරීම, ළමයින්ට හිතකර කතුරු භාවිතා කිරීම මෙන්ම ඇඳුම් ඇඳීම  වැනි දේට ඉඩ ලබා දීම මගින් ඇයගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන හැකියාව  (Fine motor skills) ඉහළ නංවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ස්වාධීනව ගමන් කරන්න, පනින්න, උඩ නගින්න  මෙන්ම  ආධාර නොමැතිව පඩිපෙලේ  ඉහළ හා පහළ ගමන් කරන්න  නොහැකි වීම වැනි  සංවර්ධන ප්‍රමාදයන් දැකිය හැකිය.

ඔබේ අවුරුදු 03 මාස  04  ක් වයසැති දරුවාට පැනීමට හෝ බෝලයක් උඩින් විසි කිරීමට හැකියාව තිබිය යුතුය.

ඔබේ දරුවාට වස්තූන් හැසිරවීමට හෝ කරකැවීමට නොහැකි නම් ඒ වගේම  කුඩා වස්තූන් ග්‍රහණය කර ගැනීමට නොහැකි නම් එය සංවර්ධන ප්‍රමාදයන් වෙන්න පුළුවන්.

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

අවුරුදු 3 යි මාස 4 දී දරුවෙකු වඩ වඩාත් කුතුහලයට පත්වෙනවා. ඇය අවට ලෝකය ගැන    “දවල් රස්නෙත් රෑ සීතලත්   ඇයි?” “වැස්ස එන්නේ කොහෙන්ද?” වැනි බොහෝ ප්‍රශ්න අහන්න ගන්නවා.

ඔබේ විමසිලිමත්  පොඩ්ඩාට  දැන් කාලය ගෙවීයෑමේ  සංකල්පය මෙන්ම සමානත්වය හා විරුද්ධත්වය  යන සංකල්ප හොදින් වැටහෙනවා.

ඇයට දැන් දිනපතා භාවිතා කරන කාර් එක, පිගාන, පුටුව  හෝ වෙනත් හුරුපුරුදු දේවල්  හදුනගන්න පුළුවන්.

ඒ වගේම ගණනය කරන්න  ( සංඛ්‍යා සංකල්පය ග්‍රහණය කරන්න  ), වර්ණ  නම් කරන්න  පුළුවන්.

ඇගේ මතකය අති සාර්ථක ලෙස වේගයෙන් වර්ධනය  වෙනවා. ඒ නිසා ඇයට කතන්දරක් සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් මතකයට නගා ගන්න පුළුවන්. 

“කුමරිය සහ ගෙම්බා” හෝ “වලසුන් තිදෙනෙක්” වැනි ඇයට මතක තබා ගත හැකි චරිත වලින් කතන්දර පොතක් ඇයට හඳුනාගන්න  පුළුවන්.

දෙමාපියන්ට ඉඟි:

ඔබ ඉවසිලිවන්තව  ඔබේ විමසිලිමත් දරුවාගේ  ප්‍රශ්න මල්ලට උත්තර සපයන්නේ නම්  එය ඇයට මහත් පිටුවහලක් වේවි.  අවට ලෝකය ගැන ඉගෙන ගන්න, එයත් සමඟ සම්බන්ධ වෙන්න ඇය අනුගමනය  කරන ක්‍රමය මෙයයි.

ඇගේ මතකය, පරිකල්පනය සහ අදහස් හුවමාරු  කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඇයට වැඩිපුර  කියවන්න. ඔබ ඔවුන්ට කතන්දර කියන විට සමහර වචන සහ අවස්ථා  ඇයට නැවත කියන  ලෙස පවසන්න.

ඇගේ මානසික  කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා, ප්‍රහේලිකා සම්පුර්ණ කිරීමට මෙන්ම වර්ණ හා හැඩතල අනුව වස්තුන් වර්ග කරන්න දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ අවුරුදු 03 මාස  04 ක් වු  දරුවාට  ගණන් කිරීමට  නොහැකි නම් හෝ කිසිදු වස්තුවක් හඳුනා ගන්න නොහැකි නම්, ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

ඔබේ දරුවා ඇය වටා ඇති ලෝකය සමඟ කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කරන්න. ඇය තුල කිසිම කුතුහලයක් නැතිනම්     හෝ  වැඩියෙන් ඉවත් වන්නේ නම්  වෛද්‍ය උපදෙස් ලබාගන්න.

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවා වැඩි වැඩියෙන් ස්වාධීන වන අතර  හැඟීම් පාලනය කරන්න ඇයට පුළුවන්.

ඇය තවමත් ඉඳහිට උද්වේගකාරීව  හැසිරුනත් මේ තත්වය අඩු වී ඇති බව ඔබට දකින්න පුළුවන්

ඇයට වයස අවුරුදු හතරක් පිරෙන්න පෙර ලබා ගන්නා සමාජ හා හැගීම් කුසලතා වන්නේ සහයෝගිතාව, ගැටළු විසඳීම සහ පවුලේ අය හා සම වයසේ මිතුරන් කෙරෙහි සෙනෙහස දැක්වීමයි.

ඔබේ අවුරුදු 03 මාස  04 ක් වයසැති දරුවා  බොහෝ විට අනෙක් ළමයින් පසෙකින්  සෙල්ලම් කරන්න  කැමතියි.

මෙම අන්තර්ක්‍රියා තුළින්  ඇය බෙදා ගැනීමේ සංකල්පය ගැන මෙන්ම  කෙනෙකුගේ අවස්ථාව  එනකම් බලා සිටීම වැනි දේවල් වැඩියෙන් ඉගෙන ගන්නවා.

මෙම අවදියේදී දරුවන් අනුකරණය කිරීමට කැමතියි. ඒ අතරම,  ඔවුන්  ක්‍රියාවන් සදහා අම්මාගේ තාත්තාගේ අනුමැතිය ලබාගැනීමට  බොහෝ විට පෙළඹෙනවා

දෙමාපිය ඉඟි:

  • ඔබේ අවුරුදු 03 මාස 04 ක් වයසැති දරුවාගේ  අධි ක්‍රියාකාරී පරිකල්පනය නිසා, ඇය තුල ඇතිවෙන බිය වැඩිවෙනවා මෙන්ම  ඔවුන්ගේ ප්‍රියතම ක්‍රීඩාව ලෙස මවාපෑම් සෙල්ලම් කිරීමේ වැඩිපුර යෙදෙනු දකින්න පුළුවන්.
  • සෙල්ලම තුලින්ම සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් බඩු බෙදා ගැනීමට පුරුදු කරවන්න.
  • "සෙල්ලම් බඩු පැත්තකින් තියන්න” හෝ “ඔබේ ආහාර අවසන් කරන්න” වැනි සරල උපදෙස් අනුගමනය කිරීමට ඇයව දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට තමන් පාලනය  කරගන්න නොහැකිද අක්ෂි සම්බන්ධතා පවත්වන්න  නොහැකිද යන්න සමීපව නිරීක්ෂණය කරන්න.

ඔබේ දරුවාට වැඩියෙන් වෙන්වීමේ කනස්සල්ල දැනෙනවා  නම්  හෝ අන් අය සමඟ සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වන්නේ නම් හෝ සම වයසේ මිතුරන් සමග සතුරු  වේ නම්, මේවා සංවර්ධනයේ  අනතුරු ඇගවීම් සලකුණු  වෙන්න පුළුවන්.

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මෙම වයසේදී, ඇයට දිනපතාම අලුත් වචන   කියන්න  පුළුවන්  වෙනවා වාගේම  ඇයගේ නමද පවසන්න ඇයට පුළුවන්. මේ වයසේදී කැඩි කැඩි කථා කිරීම සාමාන්‍ය දෙයක් වුවද ඇයට ඇගේ දවස ගැන පැහැදිලි වචන වලින් කියන්න පුළුවන්.

නමුත් ඒ මගින් එය ප්‍රකාශ කිරීමට ඇයට ඇති හැකියාව පෙන්වනවා  පමණක් නොව, ඇයගේ සංවර්ධනයේ මෙම අදියරේදී  ප්‍රගතියද  විදහා දක්වනවා.

ඇය ඇගේ සිව්වන උපන්දිනය ළඟා වෙද්දී, සරල උපදෙස් වලට සවන් දීමට හා අනුගමනය කිරීමට ඇය ගොඩාක් දක්ෂ වෙනවා.

එලෙසම, ඔබේ අවුරුදු 03 මාස  04 ක දරුවාට ඔබේ සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන්. 

ඒ වගේම  අනෙක් ළමයින් සමඟ අදහස් හුවමාරු  කරගන්න ඇය  උනන්දුයි.

දෙමාපියන්ට ඉඟි:

සිතුවම් පැහැදිලි කරන්න, කතන්දර කියන්න ඇයව යොමු කරන්න.  වඩාත් පැහැදිලිව කථා කිරීමට  නම් ඔවුන්ව ආදරයෙන් නිවැරදි කරන්න. තමන්ව හඳුන්වා දීමේදී ඔවුන්ගේ නම මෙන්ම ඔවුන්ගේ වයසද පැවසීමට ඔවුන්ව දිරිමත් කරන්න.

ඇයගේ  වඩාත් ක්‍රියාකාරී පරිකල්පනය නිසා, ඇය සැබවින්ම නිර්මාණාත්මක කතන්දර පවසනවා. 

ඇය සමඟ රඟපෑම් සෙල්ලම් කිරීමට අන් අයව උනන්දු කරනවා. හැකි සෑම විටම මේ දේවල්  කරන්න  ඔබේ කුඩා කතා මල්ල දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

 වචන තුනකට වඩා වාක්‍යයක් උච්චාරණය කිරීමට නොහැකි වීම වර්ධනය ප්‍රමාදයක සලකුණක් වෙනවා.

ඔබේ කුඩා දරුවා කෙළ පෙරයි නම්  හෝ සංයුක්ත වාක්‍ය සැකසීමට අපහසු නම් ඇයව හොදින් නිරීක්ෂණය  කරන්න.

ඇයට  සන්නිවේදනය කිරීමට සදහා ගැටලු ඇති බව පෙනේ නම් හෝ උපදෙස් වටහා ගන්න නොහැකි බව පෙනේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

වයස අවුරුදු 3 මාස 4 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 03 මාස  04 ක දරුවෙකුට ඇගේ වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අවශ්‍ය වෙනවා.

පෝෂණ හා ආහාරවේදය පිළිබඳ ඇකඩමිය විසින් නිර්දේශ කර ඇති පරිදි  දිනකට ප්‍රෝටීන් අවුන්ස 2 ක් (ගිනි පෙට්ටි දෙකක ප්‍රමාණය).

පළතුරු කෝප්පයක්, එළවළු කෝප්පයක්, කිරි ආහාර  කෝප්ප 2 ක් සහ ධාන්‍ය අවුන්ස 3 ක් ලබා දිය යුතු වෙනවා.

මෙම වයසේදී දරුවෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10.4 සිට 21.9 දක්වා වනවා.

ඔවුන්ගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 91.0 සිට 110.3 දක්වා විය යුතුය.

මෙම වයසේදී, දරුවන්ට  පහත සඳහන් එන්නත් ලබා දී තිබිය යුතුය. නැතිනම් ඒවා ලබා දෙන්න.

හෙපටයිටිස් බී

DPT

MMR

වරිසෙල්ලා

නියුමොකොකල් කොන්ජියුට්,

 හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී

අක්‍රිය පෝලියෝ  වෛරස්.

ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයාගේ සහාය ඇතිව සුදුසු  ප්‍රතිශක්තිකරණය ගැන විමසිල්ලෙන් ඉන්න.

දෙමාපිය ඉඟි:

 උණ, පැපොල, පාචනය, මලබද්ධය සහ ආහාර අසාත්මිකතා  මෙම වයසේදී වැළදෙන  පොදු රෝග වෙනවා.  මෙම රෝග වලින්  ආරක්ෂා වීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

දරුවන්ගේ අධික්‍රියා කාරී පරිකල්පනය නිසා  ඉඳහිට රාත්‍රී කාලයේ ඇතිවන භීතිකා හැරුනු කොට මෙම වයසේ දරුවන් දැන්  රාත්‍රිය පුරා නිදා ගන්නවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව බර අඩු නම් හෝ ඔහු  කුඩා නම්, මෙය ඔවුන් ඉක්මවා යන සාමාන්‍ය අවධියක්ද, නැතහොත් එය ගැඹුරු ප්‍රශ්නයක් සලකුණක්ද යන්න දැන ගැනීමට ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

මෙම වයසේදී ඇති වන  ආහාර රුචිය අඩුවීම හා රාත්‍රියේ නින්දට බාධා කරමින් ඇතිවෙන  භීතිකාවන් සැහැල්ලුවට නොගන්න.

ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හා නිරෝගීකමට අහිතකර ලෙස බලපාන අසාමාන්‍ය හැසිරීම් පිළිබඳව ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

 ඔබේ දරුවාගේ ප්‍රමාද වී සංවර්ධනය වෙන බවක් පෙනෙන පමණින් ඔබ කනස්සල්ලට පත්විය යුතු නැහැ.

සෑම දරුවෙකුටම තමන්ගේ වේගයෙන් වර්ධනය වී සංවර්ධනය වෙනවා.

ප්‍රගතිය ක්‍රමයෙන් වුවද ස්ථාවර විය යුතුය. නමුත් ඔබේ දරුවාගේ දියුණුව අඩපණ වී ඇති බවට ඔබට සැකයක් ඇත්නම් ඔබේ දරුවාට උපකාර කරන්නේ කෙසේදැයි සොයා ගැනීමට  වෛද්‍යවරයෙකු හමුවෙන්න.

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  05

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it