අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

දැන් ඔබේ දරුවා  පෙර පාසැල් සිසුවෙකු ලෙස ඔහුගේ නව භූමිකාව අරඹන්න සූදානම්.   ඔහුගේ නව ජීවිතය ආරම්භ කරන විට, ඔහුට වෙන කවරදාටත් වඩා ඔබේ ආදරය හා සහයෝගය අවශ්‍ය වෙනවා.

වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය: සුභ පැතුම්... ඔන්න ත්‍රාසජනක දෙවැනි විය  සාර්ථකව තරණය කරලා දැන් තුන් හැවිරිදි පුංචි පැටියා  පස්සේ  දුවන්න ඔබට  ශක්තියක් තියෙනවා නේද?  

කාලයක් කටකාර ඔබේ හෙවනැල්ල වු පුංචි පැටියාට දැන් වයස අවුරුදු 03 මාස  05 ක්

ඔහුට තවදුරටත් දුවන්න, නගින්න සහ පනින්න ඔබේ උදව් අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ දී ඒ සියල්ල ඔහුට ස්වභාවිකවම පැමිණෙනවා.

නමුත් දරුවෙකුගේ දියුණුව ස්වභාව ධර්මය මත පදනම් වීම  හා ඔබ ඔහුව පෝෂණය කරන ආකාරය මත පදනම් වෙන  නිසා අවුරුදු 03 මාස  05 ක් වයසැති දරුවන් දෙදෙනෙකු සමාන නොවේ.

ඒ නිසා ඔබට අපේක්ෂා කළ හැක්කේ මාස අවුරුදු 03 මාස  05 ක සන්ධිස්ථාන ගැන බලමු.

ඔබේ වැඩෙන දරුවා තුළ ඔබ දකින ප්‍රධාන වෙනස්කම් (සහ නියත) ඇතුළුව ඔබට අවශ්‍ය විය හැකි සියලු තොරතුරු මෙන්න කියවන්න.

වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවා ඉක්මන් හා සැහැල්ලු වීම සතුටට කරුණක් වේවි. එනම් ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන හැකියාව  (Fine motor skills) සහ ළමා කාලයේදී ලබා ගන්නා චලන  හැකියාව (Gross motor skills)  අවසානයේදී පෙන්වීමට පටන් ගෙන තියෙනවා. 

ක්‍රියාකාරකමකට ශාරීරිකව  සම්බන්ධ වූ විට  ඔහුව සතුටින් ඉන්නවා ඔබට දකින්න පුළුවන්.

ඔබට අදහසක් ලබා දීම සඳහා, ඔබේ ලොකු පොඩ්ඩාගේ   ඔබ දකින ශාරීරික  වර්ධනයන් ලැයිස්තුවක් මෙන්න.

  • ඔහුට වරකට එක අඩිය බැගින් තියමින් පඩිපෙලේ ඉහළට හා පහළට ගමන් කරන්න  පුළුවන්.
  • ඔබේ දරුවාට දැන් බෝලයට පයින් ගැසීම, බෝලය විසි කිරීමට හා බෝල අල්ලා ගැනීම කරන්න පුළුවන්.
  • ඔහුට පහසුවෙන් ඉදිරියට හා පසුපසට යන්න පුළුවන්. ඔහුට ඉහළට නගින්න පවා පුළුවන්.
  • ඔබේ දරුවාට තත්පර පහකට වඩා වැඩි කාලයක් තනි කකුලෙන් හිට ගෙන ඉන්න පුළුවන්.
  • මෙම වයසේ සිටින බොහෝ දරුවන් ට්‍රයිසිකල් එකක් පදින්න පුළුවන්. ඒ වගේම පෙරට වඩා විශ්වාසයෙන් යුතුව දුවන්න පුළුවන්.
  • ඔබේ අවුරුදු 03 මාස 05 ක් වයසැති දරුවාට වැටෙන්නේ  නැතුව ඉදිරියට නැමෙන්න පවා පුළුවන්  (ඔවුන් හරි ඉක්මනට වැඩෙනවා නේද)
  • ඔහුගේ අත සහ ඇඟිලි සම්බන්ධීකරණය නිසා ඔහුට දැන් භාජන ඉස්කුරුප්පු පියන් කරකවා අරින්න හා වහන්න පුළුවන්.
  • ඔහුට කරකවන්න පුළුවන් නොබ්ස් පවා කරකවා අරින්න පුළුවන්.

මෙම සියලු වර්ධනයන්ගෙන් එක්ක  ඔබත් නිවස පුරා දුවන්න ලෑස්ති වෙන්න. ඔබේ දරුවා නින්දට  උනන්දුවක් නොදක්වන නිසා  ඔහුට වැඩියෙන්   සෙල්ලම් කරන්න  අවශ්‍ය වේවි.

 

ඔහු දුව පනින විට, නිවසේදී  ඔබට ලැබෙන ව්‍යායාම සඳහා සූදානම්ව වන්න.

ඉඟි:
  • ඔබේ කුඩා දරුවා සමඟ පවුලේ අය සමග ඇවිදින්න රැගෙන යන්න. ඔහුට දුව පනින්න ඉඩ දෙන්න.

ඔබට පිටතට යාමට නොහැකි නම්, සෙල්ල්ම් බඩු භාවිතා කර  බාධක මාලාවක් නිර්මාණය කරන්න  නැතිනම් ඔහුගේ සෙල්ලම්  පෙදෙසේ  හැංගිමුත්තන් සෙල්ලම් කරන්න.

  • ඔහුට අත් පා වලින් වැලි සෙල්ලම් කිරීමට වැලි පෙට්ටියක් හෝ වැලි තටාකයක් සකස් කර දෙන්න.
  • ඇග වෙහෙසවා කල හැකි සෙල්ලම් ඔහුට හදුන්වා දෙන්න. ( “Ring Around the Rosy,” “Red Light, Green Light,” “What Time Is It, Mr. Fox?” )
  • ඔහුගේ අත් සහ ඇඟිලි ඇතුළු කුඩා මාංශ පේශි කණ්ඩායම් සඳහා, ඔහුට හුණු කැටයක් සහ ගල් ලෑල්ලක් ලබා දී සෑම දිනකම එහි  අදින්න ඉඩ දෙන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

දුර්ලභ අවස්ථාවන්හිදී, සමහර ළමයින්ට වෙනත් බොහෝ ළමයින් කරන ශාරීරික ක්‍රියාකාරකම් කිසිවක් කරන්න, දුවන්න හෝ පනින්න බැහැ. 

එවැනි අවස්ථාවන්හිදී, ඔබේ දරුවාගේ ශාරීරික සංවර්ධනය නිසි පරිදි තිබේදැයි පරීක්ෂා කිරීමට ඔබ වෛද්‍යවරයකු හමුවෙන්න.

සමහර විට එසේ වන්නේ ස්නායු පද්ධතියේ ආබාධ හෝ පෝලියෝ වැනි ගැටළු නිසා වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ දරුවාගේ ශාරීරික ක්‍රියාකාරකම් අඩුයි නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 03 මාස  05 පෙර පාසැල් ළමා සංවර්ධනය - මානසික සංවර්ධනය

ඔහුගේ ජීවිතයේ මේ අවධියේදී, ඔබේ වැඩෙන දරුවාගේ  මානසික කුසලතා  ඉතා ඉක්මණින් වර්ධනය වෙනවා.

මේ අවස්ථාවේ දී ඔහුට සංඛ්‍යා සහ අකුරු හොඳින් හඳුනා ගන්න පුළුවන්.  මේ හැරුණු විට, ඔහු කැපී පෙනෙන කුසලතා කිහිපයක් තියෙනවා.

  • පොතක පිටු පහසුවෙන් හැරවීම, කුඩා ප්‍රහේලිකා කිරීම සහ කඩදාසියක් මත රවුම් සහ ත්‍රිකෝණ වැනි හැඩතල පිටපත් කිරීම ඔහුට දැන් පුළුවන්.
  • ඔහුට වචන හා ඉලක්කම්වල හැඩතල මෙන්ම වස්තූන් ද හදුනාගන්න පුළුවන්.
  • පුංචි පැටියාට වෙනස් හා සමාන යන්න ගැන අවබෝධයක් තියෙනවා.
  • ඔහුගේ මතකය වැඩිදියුණු වී වර්ධනය වෙන නිසා ඔහුට හුරුපුරුදු වර්ණ නිවැරදිව නම් කරන්න පුළුවන්.

 “ඇයි අහස නිල්?” “අම්මේ, බල්ලන්ට හා පුසන්න්ට නැට්ටක්  තියෙන්නේ ඇයි?” “තාත්තේ, කුරුල්ලන්ට හොටක් තියෙන්නේ ඇයි?”

ඇයි? ඇය ?ඇයි?  ඔබව ප්‍රශ්න වැස්සකින් තෙමේවි.

ඔබේ දරුවා ඔහුගේ ජීවිතයේ ඉතා විමසිලිමත් අවධියක සිටින නිසා තවත් බොහෝ දේ බලාපොරොත්තුවෙන් ඉන්න.

ඉඟි:
  • ඔහුගේ සෙල්ලම් වලට කුඩා ප්‍රහේලිකා, අංක සහ අකුරු සම්බන්ධ කරන්න, එවිට ඔහු ඒ මගින්  ඒවා ඉගෙන ගන්නවා.
  • ඕනෑම අවස්ථාවක ඔහු සමඟ ශබ්ද නඟා ගණනය කරන්න.
  • ඔහුට දිගටම කියවන්න. දීප්තිමත් පින්තූර සහිත සරල කථාන්දර  පොත් ඔහු වෙනුවෙන්  ගේන්න.
අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය: වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

කලාතුරකින්  ඔබේ අවුරුදු 03 මාස  05 ක් වයසැති දරුවාට “මෙහි එන්න” වැනි මූලික විධානයන් තේරුම් ගැනීමට නොහැකි නම් හෝ “ඔබේ හැන්ද කොහේද?” වැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි නම් ඔහු මන්දගාමී ඉගෙන ගන්නෙකු වෙන්න  පුළුවන්.

සමහර දරුවන් වර්ධනය  සදහා  ඔවුන්ගේ කාලය ගන්න නිසා එය කණගාටුවට  හේතුවක් නොවෙයි. එහෙත් ඔහුගේ හැසිරීමේ කිසිදු වර්ධනයක් ඔබ දැක නොමැති නම්, වෛද්‍යවරයකු හමුවෙන්න.

අවුරුදු 03 මාස  05  පෙර පාසැල්ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

සාමාන්‍යයෙන් අවුරුදු 03 මාස  05 ක් වයසැති දරුවෙකු පෙර පාසල් සංස්කෘතියට අනුකූල වෙනවා. ඒ නිසා ඔහුගේ සන්නිවේදන කුසලතා ඉක්මනින් වර්ධනය කර ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ ලොකු පොඩ්ඩා අන් අය සමඟ පහසුවෙන් කටයුතු කරාවි.

ඔහු දැන් ඔහුගේ වයසේ බොහෝ ළමයින් සමඟ අන්තර් ක්‍රියා කරන පසුබිමක සිටින නිසා, ඔහු ලැජ්ජාශීලී නැහැ. ඒ වගේම  වාචික හා ශාරිරික  සන්නිවේදනය සහ ක්‍රීඩාවට පවා ඔහු විවෘතයි.

ඔබ පහත දේවල් ඔබට දකින්න පුළුවන්.

  • මෙය ඔහුගේ පරිකල්පනය ඉහල අදියරක් වන නිසා, ඔහුගේ සහයකයන් ලෙස ඔහුගේ මිතුරන් සම්බන්ධ කරගෙන  ඔහුගේ මවාගත්  කතාවේ ප්‍රධාන චරිතය ඔහු වෙනවා ඔබට පෙනේවි.
  • වයස අවුරුදු 03 මාස 05   වන විට, ළමයින්ට පෙර පාසලට යැවීමේ අසීරූතාවය අඩු කරවමින්   දෙමාපියන්ගෙන්  පහසුවෙන් වෙන්වීමට  ඔවුන්ට  පුළුවන්. 
  • ඔවුන්ට නිසි ලෙස අදහස් ප්‍රකාශ කිරීමට හා හැඟීම් ප්‍රකාශ කිරීමට පුළුවන්. විශේෂයෙන් ආදරය ලග, තේරුනාද?

උද්වේගකාරීව හැසිරෙන්නේ නැත්තෙම නැහැ.  මෙම අවස්ථාවෙහිදී, ළමයින්  ද්‍රව්‍ය ගැන ඕනෑවට  වඩා සැලකිලිමත් විය හැකි   අතර ඔවුන්ගේ සෙල්ලම් බඩුවට ඇලී සිටින්න පුළුවන්.

නැතිනම් ඔවුන්ගේ දින චර්යාවේ වෙනස්කම් වලට ඔවුන් අකමැති වේවි.

ඉඟි:
  • තනිවම සෙල්ලම් කිරීමට පමණක් නොව මිතුරන් ඇති කර ගැනීමටද ඔබේ දරුවා ධෛර්යමත් කරන්න. පාසැල් පිටත සෙල්ලම් කිරීමට ඉඩ ලබා දෙමින් ඔබේ දරුවාට මිතුරන් සමඟ සම්බන්ධ වීමට  අවස්ථාව  සලසා දෙන්න.
  • මෙම වයස වන විට, ළමයින්ට තම දෙමව්පියන්ගෙන් කෙටි කාලයක් සඳහා වෙන්වී ඉන්න පුළුවන්. ඔබේ කුඩා දරුවා දැනටමත් පෙර පාසලේ යන්නේ නැත්තම් නම්, ක්‍රීඩා කණ්ඩායමකට ඇතුල් කරන්න.
  • ඔබේ දරුවා පෙර පාසලට සූදානම්ද? ඔබ ඔහුව පෙර පාසැලට ඇතුළත් කිරීමට පෙර ඔහුව එහි රැගෙන යන්න. තාවකාලික වෙන්වීම ගැන ඔබට ඔහු සමඟ කතා කළ කරන්න  පුළුවන්. ඒ වගේම  ඔබේ දරුවාට සුවපහසු සෙල්ලම් බඩුවක් පෙර පාසලක් ගෙන ඒමට අවසර ලබා ගන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට වෙනත් ළමයින් සමඟ කිසිවක් කිරීමට අවශ්‍ය නැතිනම් හෝ ඔවුන් අතරදී අතිශයින් ආක්‍රමණශීලී නම්, උපදෙස් සඳහා ළමා රෝගවිශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් හමුවෙන්න.

වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

වයස අවුරුදු තුනේදී, වැඩෙන දරුවෙක්  පුළුල් වචන මාලාවක් (වචන 900 ක්) වර්ධනය කර  තියෙන අතර  නව වචන අමුණා දිගු වාක්‍ය සාදන්න පුළුවන්.

මෙම මාසය පහත දේවල්  අපේක්ෂා කරන්න:
  • ඔබේ දරුවාට වචන 250 ත් 500 ත් අතර හෝ ඊට වැඩියෙන් පැහැදිලිව කථා කරන්න පුළුවන්.  
  • ඔහුගේ ඉක්මන් වර්ධනය නිසා ඔහුට වචන තුන හතරක් වාක්‍ය සාදන්න පුළුවන්. ඔහු ඔබට කතන්දර ගොඩාක් කියාවි.
  • ඔබේ දරුවාට දැන් සර්වනාම නිවැරදිව භාවිතා කරන්න පුළුවන්.
  • “මම,” “ඔබ,” “මට” සහ “මගේ” යන්න භාවිතා කරන්නේ කෙසේදැයි ඔහු දන්නවා. ඔහුගේ නම සහ වයස ඔබට කියන්න ඔහු හරි ආසයි.

ඔහුගේ ව්‍යාකරණ කුසලතා ද වැඩි දියුණු වීම නම් සිත්ගන්නා සුළුයි. ඔහුට තවමත් සමහර ව්‍යාකරණ ගැටලු ස්වල්පයක් තියේවී. නමුත් දැනට, ඔහුට බෙදා ගැනීමට ඇති සියලුම කථා ඔබට රස විඳින්න පුළුවන්.

ඉඟි:
  • ඔබේ දරුවා නිහඩ නම්, ඔබ සමඟ ඔහුගේ ප්‍රියතම ගීත ගායනා කරන ලෙස ඉල්ලා සිටීමෙන් කතාබස් කිරීමට ඔහුව දිරිමත් කරන්න.
  • ඔබට කවි, අකුරු හෝ වචන කියවිය හැකි අතර එවිට ඔහු ඒවා නැවත කියන්න පුළුවන්. ඔබේ නොනවතින  උත්සාහය  මගින්  කථාව කෙරෙහි ඔහු තුල වැඩි විශ්වාසයක් ඇති කරන්න  පුළුවන්.
අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය: වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම වයසේ සිටින බොහෝ ළමයින්ට වචන තුන හතරකට වඩා භාවිතා කරමින් වාක්‍ය දෙකක් හෝ තුනක් හදන්න පුළුවන් අතර, එසේ නොවේ නම් අනතුරු ඇඟවීම් සලකුණකි.

ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ මුල් නම කියන්න නොහැකි නම් කතා කරන විට කෙළ පෙරයි   නම්, එය කණගාටු  විය යුතු කරුණකි.

ආගන්තුකයන්ට එක වාක්‍යයක්වත් තේරුම් ගත නොහැකි නම්, ඔබේ දරුවා කථන චිකිත්සකයෙකු වෙත ගෙන යන්න. 

ඒ වගේම, ඔබේ දරුවාට ආගන්තුකයන් සමඟ කතා කරන විට ප්‍රතිරෝධය දක්වන්න පුළුවන්  බවත් මතක තබාගන්න. එසේ වුවද ඔබ වෛද්‍යවරයකු හමුවෙන්න.

වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයස වන විට, ඔබේ දරුවා  ශරීර ව්‍යුහයේ වර්ධනය   වැඩිහිටියන්ට සමාන විය යුතුය.  ඒ  අනුව ඔහු කිලෝග්‍රෑම් 11 ත් 15 ත් අතර බරකින් යුක්ත වන අතර සෙන්ටිමීටර 95  හෝ අඟල් 37.4 ක් උස වෙනවා.

එය  ශාරිරිකවයි. මේ අවස්ථාවේ දී ඔබ ඔබේ දරුවාගේ වර්ධනයේ වැදගත්ම අංගය  වන ඔහුගේ පෝෂණය ගැන ඔබ වදවෙනවා.

දෙමව්පියන් වශයෙන්, අපි සැමවිටම සැලකිලිමත් වන්නේ අපේ දරුවන්ට පෝෂණය කළ හැකි  දේවල් ගැනයි.

ඔබේ අවුරුදු 03 මාස  05 ක් වු දරුවා පෙර පාසල් අවධියට පිවිසෙත්ම, ඔහුගේ රසය වර්ධනය වෙනවා. ඔහුගේ කුතුහලය නිසා ඔහුට නව ආහාර අත්හදා බැලීමට පෙළඹෙනවා.

ඔහුගේ සෑම ආහාර වේලකදීම ආහාර කාණ්ඩ පහම ලබා දීම වඩාත් සුදුසු වෙනවා.  ඒ නිසා සෑම ආහාර වේලකම ධාන්‍ය, පලතුරු, එළවළු, කිරි මෙන්ම ප්‍රෝටීන්ද ඇතුළත් කරන්න.

ඔහු සෑම විටම පිඟානේ ඇති සියල්ල අනුභව නොකරාවි. නමුත් ඔබ ඔහුට ප්‍රමාණවත් තේරීම් ලබා දෙන විට, ඔහුට සතියකට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ගන්න සිදුවෙනවා.

අපි එක් එක් ආහාර කාණ්ඩ වලට බෙදා වෙන් කර බලමු. එවිට මොනවාද දෙන්න ඕනී, ඒ කොහොමද ඔබට දැන ගන්න පුළුවන්.

ධාන්‍ය

මේවා ආකාර දෙකකින් ලබා දිය හැකිය.  ඒවා නම් සම්පුර්ණ ධාන්‍ය වර්ග සහ පිරිපහදු කළ ධාන්‍ය  වර්ග වෙනවා. ධාන්‍ය  විටමින් බී බහුල ආහාරයක් වන අතර පෙර පාසල් දරුවන්ට අවම වශයෙන් දිනකටධාන්‍ය  ග්‍රෑම් 141 ක් අවශ්‍ය වෙනවා.

එබැවින් ඔබට සම්පූර්ණ ධාන්‍ය  ආහාර වේලක් පිළියෙළ කිරීමට අවශ්‍ය  නම්, සම්පූර්ණ තිරිඟු පිටි හෝ පාන්, ඕට් මීල්, දුඹුරු සහල්, සම්පූර්ණ ඉරිඟු හෝ තිරිඟු පැස්ටා ලබා දෙන්න.  ඔබේ කුඩා දරුවාට පිරිපහදු කළ ධාන්‍ය ආහාරයක් ලබා දීමට ඔබට අවශ්‍ය නම් ඔබට සුදු පිටි හෝ පාන් සහ වෙළඳපොලේ ඇති බොහෝ වර්ගවල පැස්ටා වර්ග ලබා දෙන්න පුළුවන්.

පළතුරු

බොහෝ පලතුරු පොටෑසියම්, තන්තු සහ විටමින් බී සහ සී වල හොඳ ප්‍රභවයකි. මෙම අවස්ථාවෙහිදී, ඔබේ පෙර පාසල් දරුවාට  දිනකට අවම වශයෙන් පලතුරු කෝප්ප එකහමාරක්වත් අවශ්‍ය වෙනවා.

සෑම ආහාර වේලකටම පසු අතුරුපසක් ලෙස පලතුරු කැබැල්ලක් ලබා දීම හෝ එක් එක් ආහාර වේල අතර සුලු කෑමක් ලෙස පලතුරක් ලබාදීම  ඔබට කරන්න  පුළුවන්. 

ඔබේ දරුවා පලතුරු වලට කැමති නම් දිනකට පලතුරු කෝප්පයකට වඩා ලබා දෙන්න  පුළුවන්. උදාහරණයක්  වශයෙන්, දිවා ආහාරයට පෙර එක් ඇපල් ගෙඩියක් සහ රාත්‍රී ආහාරයෙන් පසු කෙසෙල් ගෙඩියක් දෙන්න.   

පේර හෝ බෙරි වැනි පලතුරු කුඩා කැබලි දෙන්න පුළුවන්.

එළවළු.

මේවායේ තන්තු, විටමින් බී සහ සී මෙන්ම පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක බහුලව තියෙනවා.

පෙර පාසැල් සිසුවෙකුට සෑම දිනකම එළවළු කෝප්පයක් අවශ්‍ය වෙනවා.

එමනිසා සතිය තුළදී ඔබේ දරුවාට විවිධ වර්ණ වල එළවළු ලබා දීමෙන් ආරම්භ කරන්න.

ඔබට ඔහුට තද කොළ බ්‍රොකොලි, ලා කොළ බෝංචි, රතු තක්කාලි, තැඹිලි කැරට් සහ කහ කැප්සියම් ලබා දිය හැකිය.

කිරි ආහාර

ඔබේ දරුවාට දත් හා අස්ථි වර්ධනය සඳහා කැල්සියම් අවශ්‍ය වෙනවා. 

මේ දෙක සම්බන්ධයෙන් කිරි ආහාර වෙනුවට ආදේශකයක් නැහැ.

ඒ නිසා ඔබ දිනකට අවම වශයෙන් කිරි කෝප්ප දෙකක් හෝ තුනක් දරුවාට ලබා දෙන්න.

නමුත් කිරිම පමණක් නොදී ඔබට කිරි වලින්  නිෂ්පාදිත ආහාර  ලබා දෙන්නත් පුළුවන්.

උදාහරණයක්  වශයෙන්, උදේ ආහාරය අතරතුර ඔහුට පලතුරක් සමඟ කිරි වලින් සාදන ලද ඕට්මීල් ලබා දෙන්න.

දිවා ආහාරය සඳහා  ඔහුට චීස් සැන්ඩ්විච් හෝ යෝගට් ලබා දෙන්න පුළුවන්.

ප්‍රෝටීන්.

ඔබේ දරුවාගේ ආහාරයේ වැදගත්ම පෝෂ්‍ය පදාර්ථයක් වන්නේ  ප්‍රෝටීන්ය.

එය ලබාගත හැක්කේ කුකුළු මස්, බිත්තර, මුහුදු ආහාර සහ බෝංචි වලිනි.

දරුවන්  ඒවායින් යකඩ, සින්ක් සහ විටමින් බී ද ලබා ගන්නවා. එමනිසා, ඔබේ දරුවන්ට දිනකට අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 56 ක් ලබා දීම ඉතා වැදගත්ය.

ඔබට ඔහුට එක් බිත්තරයක් හෝ ඇට කෝප්ප භාගයක් හෝ පිසූ හා පෙති කපන ලද කුකුල් මස් හෝ මාළු ග්‍රෑම් 28 ක් ලබා දෙන්න  පුළුවන්.

වයස අවුරුදු 3 මාස 5 ළමා වර්ධනය - අවුරුදු 03 මාස  05  ක් වයසැති දරුවෙක් ඔහුගේ ආහාර රුචි අරුචිකම් හොදින් හදුනනවා.

නමුත්  ඔහු නිවැරදි සෞඛ්‍ය මට්ටමක රැඳී සිටින බවට වග බලා ගැනීම   දෙමාපියෙකු ලෙස ඔබේ වගකීමයි.

ඉඟි:
  • සෑම දිනකම ධාන්‍ය ග්‍රෑම් 141 ක්, පලතුරු හා එළවළු කෝප්පයක්, කිරි ආහාර කෝප්ප 3 සහ ප්‍රෝටීන් ග්‍රෑම් 56 ක් අනිවාර්යයෙන්ම ලබාදෙන්න.

ඔබේ දරුවා කෑම කවන්න අසීරූ දරුවෙක් වුවත් ඔබ සෑම දිනකම විකල්පයන් භාවිතා කරන්නේ නම් ඔහුට සියලු ආහාර කණ්ඩායම් වල පෝෂණය ලබාදෙන්න පුළුවන්

  • පවුලේ අය එක්ව ආහාර ගන්න. ආහාර ගැනීමට භාවිතා කරන උපකරණ භාවිතා කිරීමෙන් ආහාර ගැනීමට ඔහුව ධෛර්යමත් කරන්න.

මෙය ඔහුට මේසයක ආහාර ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාරී වන අතර ඔහුට ඔබ සමඟ බැදීමටද කාලයක් ලැබෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සමහර විට ළමයින් ටිකක් විශේෂිත වන අතර ආහාර කණ්ඩායමකට කැමති නැහැ.

නමුත් මෙය පුරුද්දක් බවට පත්වී ඇත්නම් සහ ඔබේ දරුවා ඔහුගේ වයසට වඩා බරින් අඩු නම් (සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10 ත් 15 ත් අතර වේ), වෛද්‍යවරයා හමුවෙන්න.

 අම්ල පිත්ත රෝගය (acid reflux)  සහ මලබද්ධය   ඔබේ දරුවා ළමා කාලයේ බහුලව දක්නට ලැබෙන රෝග දෙකක් වෙනවා. 

ඔවුන් තෝරා  ආහාර ගන්නන් විය හැකි අතර ආහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්වාසය ස්පර්ශය සහ සුවඳ   මත පමණක් පවතිනවා.

මන්දගාමී චලන නිපුණතා සංවර්ධනය සහ මේසයේ සිට ආහාර ගැනීමට  සාර්ථකව හුරු කිරීමට  ඇති නොහැකියාව තවත් හේතුවක් වෙන්න  පුළුවන්.

මේවා දෛනික චර්‍යාවන් වෙනස් කිරීමේ ගෑටලු වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබගේ ඊළඟ වාරයේ  ඔබේ වෛද්‍යවරයා මුණගැසුන විට මේ සියල්ල  සාකච්ඡා කරන්න

මෙම මාසය තුළ අනිවාර්ය එන්නත් නැහැ. නමුත්    ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර උණ එන්නත ලබා දෙන්න.

ඔබේ වැඩෙන දරුවාට සහ දෙමව්පියෙකු වශයෙන්  ඔබට අවුරුදු තුනක් වු මේ කාලය  ප්‍රීතිමත් කාලයක් වේවි.

ඔබේ නිවසින් ඔබ්බට වු අලුත්  ලෝකයක් ජය ගන්න  සැරසෙන ඔබේ  දරුවාට කුඩා කාලයේ මෙන් සමහර විට ඊටත් වැඩියෙන්   ඔබේ සහාය හා ආදරය අවශ්‍ය වෙනවා.

ඒනිසා   එකිනෙකා සමඟ ඔබට හැකි තරම් කාලයක් ගත කරන්න. එක්ව ඉගෙන ගන්න සහ පවුලක් ලෙස එකට වැඩෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  06

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

 

 

Written by

Niloufer Perera