theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

6 අවම කියවීම
අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

වයස අවුරුදු තුනහමාරක් වු ඔබේ ආදරණීය  පොඩ්ඩා  වඩා ක්‍රියාශීලී වගේම  මිත්‍රශීලයි. 

වයස අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය: නිරන්තරයෙන් ලෝකය හා සන්නිවේදනය කරන්නේ  කෙසේද, ලෝකය හා  සම්බන්ධ වෙන්නේ  කෙසේද කියා  ඔහු ඉගෙන ගන්නවා.

එය අමතක නොවන සන්ධිස්ථානවලින් පිරුණු ආදරණීය යුගයක් වෙනවා.

ඔබේ තුන් හැවිරිදි  දරුවාට  දැන් ඔවුන්ගේ සිව්වන උපන්දිනයට ඇත්තේ තව මාස හයක් විතරයි. 

ඔබේ වේගයෙන් වර්ධනය වන කුඩා දරුවා “මැජික් අවුරුදු” ලෙස හඳුන්වන කාලයට හොදින් ඇතුල් වෙලා නිසා මේ අවදිය  උද්වේගජනක වේවි.

 ත්‍රාසජනක  දෙවැනි වියේ වු උද්වේගකාරී   ලක්ෂණයන් තවමත් ඉතිරිව තිබුනද ඔහුට  හැඟීම් කළමනාකරණය කිරීමටත් සහ සෙල්ලම් කිරීම තුළින් ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධ වීමටත් දැන් පුළුවන්.

ඔබේ අවුරුදු  තුනහමාරක් වු පුංචි  දරුවා දැන් ලෝකය දැනහදුන ගන්න වගේම  පනින්නත් ගොඩාක් කැමතියි.

මෙම වයසේදී ඔහු පුදුමය අත් විදින අතර ඒ මගින් ඔහුගේ  පරිකල්පනය වර්ධනය කරනවා. ඒ නිසා ඔහුගේ වචන මාලාව  වේගයෙන් වර්ධනය වෙනවා.

අවුරුදු තුනහමාරක් වු සංවර්ධනය ගැන අපි සොයා බලමු. දැන් එතරම්  කුඩා නැති  ඔබේ  දරුවා ගැන වඩා හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට මේ තොරතුරු උදව් කරාවි.

අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ අවුරුදු 03 මාස  06 වයසැති දරුවා  දුවන්න, පනින්න, පෙරළෙන්න, නටන්න කැමතියි. ඒ වගේම  මූලික ඉහල  නැගීමේ හැකියාව ද තියෙනවා.

ආධාරකය අල්ල ගෙන ඇයට  මාරුවෙන් මාරුවට දෙපා තබමින්  පඩිපෙලේ ඉහළට යන්න පුළුවන්. ඇයට අත් දෙකෙන්ම බෝල විසි කරන්නත් අල්ලා ගන්නත් පුළුවන්.

ළමා කාලයේ ඇතිවෙන  චලන  හැකියාවන් (Gross motor skills ) හැරුණු විට, මේ වයසේදී බොත්තම්  ගලවන්න, බ්ලොක්ස්  ගොඩනගන්න සහ ප්‍රහේලිකා විසදන්න වගේ  දක්ෂතා පෙන්විය හැකි  ක්‍රියාකාරකම් වලට ඔහු කැමතියි.

ඉඟි:

  • ඔබේ දරුවා එක්ක කේක් එකක් හදන්න. එහිදි ඇයට මඟ පෙන්වන්වමින් ප්‍රයෝජනවත් කාර්යයන් කිරීමට ඇයව සවිබල ගන්වන්න.
  • පාපන්දු වැනි දැලක් ඉලක්ක කර ගෙන බෝලයට පයින් ගසන්න හැකි සරල ක්‍රීඩා කරන්න.
  • දක්ෂතා වැඩි දියුණු කළ හැකි චිත්‍ර හා අත්වැඩ වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට පඩිපෙල නගින්න හෝ බෝල අල්ලන්න දැඩි අපහසුතාවයක් ඇත්නම් ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
  • පාට කූරු සහ පැන්සල් ග්‍රහණය කර ගැනීම වැනි නිපුණතාවය  අවශ්‍ය වන ක්‍රියාකාරකම් කිරීමට නොහැකි වීමද සැලකිලිමත් වීය යුතු කරුණකි.

වයස අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා මේ වයසේදී පෙර පාසල් යෑම  ආරම්භ කර ඇති බැවින්, ඔහුට අනෙක් ළමයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමට වඩාත් පහසු වෙනවා. 

ඔහුගේ සෙල්ලම් බඩු ඉවතට දමා අනෙක් ළමයින්ගෙන් සෙල්ලම් බඩු උදුරා  ගන්න පුළුවන්. නමුත් එසේ නොකරන ලෙස ඔහුට කියා  දෙන්න.

බෙදාගැනීම මෙම වයසේදී ඉගෙන ගන්න පුළුවන්  සුන්දර පාඩමක්.

වයස අවුරුදු තුනක් වෙන්න පෙර ඔහු පසෙකින් සෙල්ලම් කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවත් වයස අවුරුදු 03 මාස 06 දී, ඔහුගේ ලැජ්ජාශීලී  බව අඩු වෙනවා.

ඔබගේ එතරම් කුඩා නැති දරුවා  මිතුරන් ඇති කර ගැනීමට පටන් ගෙන තියෙනවා. එහිදි  සමාන අවශ්‍යතා ඇති මිතුරන්  මෙම සම්බන්ධතා සදහා  තෝරා ගන්නවා.

නමුත් මේ වයසේදී  සතුටින් තනිවම සෙල්ලම් කරන්නත්  ඔහුට පුළුවන්.

සෙල්ලම් කරන විට  පරිකල්පනය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

ඉඳහිට කෝපයට පත් උද්වේගකාරී හැසිරීම් ගැන විමසිල්ලෙන් සිටින්න.

ඔහු කැමති පරිදි යමක් සිදු නොවන විට මෙම හැසිරීම්  තවමත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඉඟි:

  • බ්ලොක්ස්, කාඩ්බෝඩ් පෙට්ටි සහ රෙදිි සම්බන්ධ ක්‍රියාකාරකම් ඔස්සේ ඔහුගේ මිතුරන් සමඟ දේවල් ගොඩනැංවීමට  ඔහුට මඟ පෙන්වන්න.
  • සපත්තු හෝ මේස් එකට ගලපන ලෙස ඉල්ලා සිටීමෙන් ඔබට ඔහුගේ විශ්වාසය හා ස්වාධීනත්වය ඉහළ නංවන්න පුළුවන්.
  • පුංචි නිරූපණයන්  ඔහුගේ පරිකල්පනය පෝෂණය කිරීමට උපකාරී වන නිසා එවැනි නිරූපනයන්ගේ යෙදෙන්න.
  • ඔබේ අවුරුදු තුනහමාරක් වු දරුවාට දැනටමත් ඇතැම් හැඟීම් ග්‍රහණය කරන්නත්, ප්‍රකාශ කරන්නත්  පුළුවන්.

ඔහු උද්වේගකාරීව හැසිරෙද්දී ඔහුගේ හැගීම් හසුරුවා ගන්නේ කෙසේද යන්න ඔහුට ඉගැන්වීමට එය අවස්ථාවක් කර ගන්න.

  • අවුරුදු 03 මාස 06 සහ ඉන් ඔබ්බට දරුවන්   සාප්පු සවාරි යෑම, උපන් දින සාද වැනි විශේෂ අවස්ථා වලට  සහභාගී වීමට කැමතියි.

ඒ නිසා ඔවුන්ගේ  චර්‍යාවන්  වලට   ඇතුළත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අතිශයින්ම ඇලෙන සුළු නම් හෝ අම්මා, තාත්තා හෝ වෙනත් රැකබලා ගන්නෙකුගෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරන්නේද? එසේ නම් මෙය සැලකිලිමත් වීමට හේතුවක් වෙන්න පුළුවන්.
  • ඔබේ දරුවාගේ උද්වේගකාරී හැසිරීම දෛනික කටයුතු වලට බාධා කරනවා ද?

එසේ නම්, පීඩාකාරී හැගීම් පාලනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

වයස අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය - භාෂාව  හා මානසික  සංවර්ධනය

භාෂාව සහ මානසික  සංවර්ධනය

ඔබේ අවුරුදු 03 මාස  06 වයසැති දරුවා  අදහස් හුවමාරු  කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නවා.

මෙම වයසේදී, ඇයට මේ වන විට පුළුල් වචන මාලාවක් තියෙනවා.

ඔබේ අවුරුදු 03 මාස  06ක් වයසැති දරුවාට  වචන පහසුවෙන් ඉගෙන ගැනීමටත් ඒවා වාක්‍යවලට ඇතුළත් කිරීමටත් පුළුවන් විය යුතුයි.

මෙම වයසේදී ව්‍යාකරණ කුසලතා ද වර්ධනය වෙනවා. විවිධ පද, ව්‍යාකරණ නිතී ඔහු ඉගෙන ගන්නවා.

වයස අවුරුදු තුනහමාරේදී දරුවන් අංක හඳුනනවා. ඒ නිසා ඔවුන්ට ඒවා අකුරු වලින් වෙන්කර හඳුනාගන්න පුළුවන්.

අංක සහ අකුරු මාලාවකින් ඇය ව්‍යාකූල වෙන්න පුළුවන්.  නමුත් ඇයගේ හොදින් දියුණු වු මතකය ඒවා ඵලදායී ලෙස හඳුනාගෙන ඒවා ඔබට  නැවත කියනවා.

ඇගේ වටපිටාව ගැන සලකන විට, මේ වයසේදී  දරුවන්ට වස්තූන් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද යන්න හා ඒවා නම් කිරීම පිළිබඳව ඉගෙන  ගන්නවා. ඇයට රටා හඳුනාගන්න පුළුවන්.

ඒ වගේම  දේවල් වර්ධනය විය හැකි හා වෙනස් විය හැකි ආකාරය පිළිබඳ සංකල්පය පවා ග්‍රහණය කර ගන්න පුළුවන්  (බීජ පැල වී  මල් හටගන්නේ  කෙසේද යන්න වැනි.)

ඉඟි:

  • ඔබේ දරුවාගේ දවස ගෙවී ගිය ආකාරය ගැන කතා කරමින් ඔබේ දරුවා සමඟ අදහස් හුවමාරු කරගන්න.

ඔබට “කම් කම් බූරූ” වගේ සවන්දීමේ ක්‍රීඩා කරන්න පුළුවන්.

  • දේවල් පැහැදිලි කිරීමට ඇයට ඇති හැකියාව පණ ගැන්වීම සඳහා පාසලේ කාර්යයන් හෝ අත්දැකීම් ගැන නිතර  ඇයගෙන් ප්‍රශ්න අසන්න.
  • ඇගේ සෙල්ලම් බඩු ආපසු තැබිය යුත්තේ කොතැනද, ආහාර ගැනීමෙන් පසු මේසය පිසදමන්නේ කෙසේද යන්න වැනි දේවල් ගැන නිසි මඟ පෙන්වීම් සහිතව ඇයට සරල උපදෙස් ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා වාක්‍ය සැකසීම හා මූලික ව්‍යාකරණ සමඟ ගැටළු  ඇතිනම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

වයස අවුරුදු 3 මාස 6 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 03 මාස  06 ක් වයසැති දරුවාගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 87 සිට 110.3 දක්වා වන අතර බර කිලෝග්‍රෑම් 10.4 සිට 21.9 දක්වා වෙනවා.

වයස අවුරුදු තුනහමාරේ දී ළමයින්ට සාමාන්‍යයෙන් මුත්‍රාශය සහ බඩවැල් පාලනය කළ හැකි නමුත් ඉඳහිට අනපේක්ෂිත පිටවීම් වෙන්න පුළුවන්.

ඔහුට සපත්තු ද පැළඳිය හැකි අතර තිරස් හා සිරස් චලන දෙකෙන්ම දත් මදින්නට ඔහුට පුළුවන්.

ළමයින් ඔවුන්ගේ  වේගයෙන් වර්ධනය වන බව ඔබ දැන ගන්න. ඔබේ දරුවා අවුරුදු 03 මාස  06 ක් වු  මෙම සන්ධිස්ථානවලට ලගා නොවු නිසා, යම්කිසි වැරැද්දක් ඇති බව  එයින් කියන්න බැහැ. 

ඒ නිසා  ඔහු සැමවිටම තම සම වයසේ මිතුරන්ට වඩා පසුගාමී වේවියැයි සිතන්න එපා.

මෙම වයසේදී,  සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම අවශ්‍ය වෙනවා යන්න වගේම    "කතුර එක්ක දුවන්න එපා "  හෝ "රත් වුනු භාජන අල්ලන්න එපා"   වගේ  ආරක්ෂිත පියවර ගැනීම  වැනි  ජීවිතයේ ඇතැම් අංග ග්‍රහණය කර ගන්න ඔහුට දැන් පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවාට ඇඳුම් ඇඳීමට හා නාන කාමරයට යන්න ඉඩ දෙන්න. ස්වයං රැකවරණය තුළින් ඔහුගේ ස්වාධීනත්වය ක්‍රියාත්මක කිරීමට හුරුකරවන්න.
  • ඔහුව ආහාර පිළියෙල කිරීම සඳහා සහභාගී කර කර ගන්න. තියුණු උපාංග  උපයෝගී කර නොගෙන, පහසු සහ ආරක්ෂිත කාර්යයන් ඔහුට ලබා දෙන්න.
  • නමුත් නිවසේදී සහ පාසැලේදී ආරක්ෂක පියවරයන් පිළිබඳව නිතර ඔහුට මතක් කරන්න.  ඔහුට මේ වයසේදී මේවා අවබෝධ කර ගන්න ඔහුට   පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට මුත්‍රාශය හෝ බඩවැල් වල චලනයන් පාලනය කිරීමට නොහැකි නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
  • දරුවාට උණ වැළඳීමේ අවදානමක් ඇතැයි ඔබ සිතන්නේ නම්, අවශ්‍ය එන්නත ලබා ගැනීම පිළිබඳව ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබේ කුඩා දරුවාගේ සංවර්ධනය  නිරීක්ෂණය කිරීමට අවුරුදු තුනහමාරක් වයසැති ළමා සංවර්ධනය පිළිබඳ මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  07

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අවුරුදු 3යි මාස 6ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 4ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it