අවුරුදු 3යි මාස 7ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

lead image

ඔබේ අගනා පුංචි  පැටියාට තව මාස කිහිපයකින් අවුරුදු හතරක් වෙනවා නේද? 

වයස අවුරුදු 3 මාස 7 ළමා වර්ධනය: ඔබ ඔබේ පුංචි පැටියා දිහා බලාගෙන   අවුරුදු 03 මාස  07   ක් මෙතරම් ඉක්මණින් ගෙවී ගියේ කෙසේදැයි ඔබ හිතනවා ඇති නේද? 

ඇසිපිය ගසන සැනින්, ඔබේ දරුවා වර්ධනයේ බොහෝ අදියරයන් පසු කර අවසන්, අවුරුදු 03 මාස  07   ක් වයසැති දරුවෙක් මැජික් අවුරුදු වල ආරම්භයේ සිටිනවා.  

අවසානයේ දී   ඔබේ දරුවා  ඔබේ උපදෙස් වලට කීකරු වීම  ඔබට මැජික් එකක් ලෙස පෙනේවි. ඒ සමඟම ඔවුන්ගේ පරිකල්පනය තුළත් පුදුම සහගත දේවල්  සිදුවෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මේ මැජික් ‍යුගයේ  ඔබට දකින්න පුළුවන් සංවර්ධනයන් මොනවාද?

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

වයස අවුරුදු 3 මාස 7 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

ඔබේ දරුවා සෑම විටම ගමන් කරනවා.

ඔහු විශ්වාසයෙන් යුතුව දෙපා මාරුකරමින් පඩිපෙළ ඉහළට හා පහළට ගමන් කරන ආකාරය ඔබට දකින්න පුළුවන්. (මෙහිදී  දුවන්නේ එපා යැයි ඔවුන්ට අවවාද කරන්න).

ඔහුට උඩ නගින්න පුළුවන් වේවි. එබැවින් ඔබට සියලු ගෘහ භාණ්ඩ නොවැටෙන ලෙස සවි කරන්න. 

අවුරුදු 03 මාස  07   ක් වයසැති දරුවෙකුට   දුවන්න,  ට්‍රයිසිකල් එකක් (හෝ බයිසිකලයක්) පදින්න සහ ඔහු සමඟ අල්ලන සෙල්ලම් කරන්න,  එළිමහනට එක්ක ගෙන යෑම සුදුසුයි.

ඔහු තැනින් තැන ඇද වැටෙමින්  ජිම්නාස්ටික් චලනයන් කිහිපයක් කරනවා ඔබට දකින්න ලැබේවි.

කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන  හැකියාව ( Fine motor skills):

අවුරුදු 03 මාස  07 ක් වයසැති දරුවෙකුට  ඔබේ බ්ලොක්ස්  ගොඩ නැගීමේ රටාව   පහසුවෙන් අනුකරණය කරන්න  පුළුවන්.

එකම වර්ණ, නිවැරදි අංකය සහ එකම බ්ලොක්ස්  අනුපිළිවෙලින් හරියටම පිටපත් කිරීමට ඔහුට දැන් පුළුවන් වෙන්න ඕනී.

පාටකූරු  සහ පැන්සල් වැනි උපකරණ  භාවිතා කිරීම ඔහුට වඩාත් පහසුයි.

ඒ නිසා ඔබ කඩදාසි කැබැල්ලක අදින  චතුරස්‍රයක් පවා හරියටම පිටපත් කිරීමට ඔබේ දරුවාට පුළුවන්.

ඉඟි:

  • ඔහුගේ පරිකල්පනය පාලනයෙන් තොරව ගලායෑමට ඉඩ දෙන්න.  ඔහුගේ ශාරීරික චලනයන්හි පූර්ණ පරාසය දිරිමත් කිරීමට බොහෝ විට ඔහුව කුඩා ව්‍යායාම ශාලාවකට රැගෙන යන්න.
  • ඔහුට ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් ඇත්නම්, නම්‍යශීලීභාවය සහ ආරක්‍ෂිත පුහුණුව සඳහා ඔහුව ජිම්නාස්ටික් පන්තියකට ඇතුළත් කරන්න.

නැතහොත් ඔහු විවිධ වර්ගවල මතුපිටට නිරාවරණය කර ඔහුගේ සමතුලිතතා කුසලතාවයන් ප්‍රගුණ කිරීමට ඔහුට ඉඩ දෙන්න.

  • උස කොතරම් භයානක විය හැකිද යන්න පිළිබඳ ඔහුට තවමත් පරිණත හැගීමක් නැහැ. ඒ නිසා ඔහු පැනීමට පෙළඹවිය හැකි  උස් ස්ථානවලින් ඔහුව ඈත් කර තබන්න.
  • ඔහුට පුහුණු රෝද නොමැතිව බයිසිකලයක් පදින්න කියාදීමට  මේ හොදම කාලයයි.
  • තරමක් සංකීර්ණ මෝස්තර සහිත වර්ණ ගැන්වීම් කරන්න ඔහුට ලබාදෙන්න.

ඔබේ දරුවාගේ නිර්මාණශීලිත්වය ඉහල නැංවීමට   නිර්මාණාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දු කරවන්න.

  • සරල මැටි බඳුන්වල සිට දිය සායම් වර්ණවලින් පින්තාරු කරන්නට යොමු කරන්න. 
  • පාටකූරූ සමඟ ඇඳීම දක්වා විවිධ චිත්‍ර හා ද්‍රව්‍ය වෙත ඔබේ දරුවාව යොමු කරවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට ඔහුගේ පාටකූරූ, කතුර වැනි  දේ ඇගිලි වලි ග්‍රහණය කර ගන්න නොහැකි නම්  එයින් පෙන්නුම් කරන්නේ ශාරිරික  සංවර්ධනයේ පසුබෑමකි. මේ සම්බධයෙන් ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 03 මාස  07  පෙර පාසැල් ළමා සංවර්ධනය - මානසික සංවර්ධනය

මේ  වයසේදී කුතුහලය ප්‍රධාන අංගයක් නිසා ඔහු වැඩි වැඩියෙන් "ඇයි " ප්‍රශ්න අසාවි.

හුරුපුරුදු වර්ණ නිවැරදිව නම් කිරීමටත්, එකම හා වෙනස් දේ පිළිබඳ සංකල්පය තේරුම් ගැනීමටත්  ඔහුට දැන් පුළුවන්. වඩාත් නිර්මාණශීලීව මවාපෑමට ඔහු කැමති වේවි.

මැජික් සැබෑ බව ඔහු විශ්වාස කරනවා. ඒ නිසා දැන්ම  ඔහුගේ  ඒ විශ්වාසය බිදින්න කිසිවෙකුට   ඉඩ නොදෙන්න.

 “ශීතකරණයේ ලගට යන්න, ඇපල් ගෙඩියක් ගන්න. මේසය උඩින් තියන්න” වගේ  බහු-පාර්ශවීය විධානයන් තේරුම් ගන්න සහ අනුගමනය කරන්න  ඔහුට හැකි වීම මෙම සංවර්ධන අවධියේ හොඳම කොටස්වලින් එකක් වෙනවා.    

රූපවාහිනී වැඩසටහන් මතක තබාගන්න, වේලාව තේරුම් ගන්න (ඊයේ, හෙට)  ඔහුට පුළුවන්. ඒ වගේම  සරල ගණන් කිරීම  සහ වැඩිපුර  ප්‍රහේලිකා කරන්නත් ඔහුට පුළුවන්.  ඔහු විවිධ වයනය ගැන වඩාත් දැනුවත් වේවි.

 කැමති හෝ අකමැති ඇඳුම් ගැන හැගීමක්  දැන් ඔහුට තියෙනවා. ඒ වගේම, ඔහුට  තනිව  ඇඳුම් අඳීන්න පුළුවන්.

අවධානය වෙනතකට යොමු වූ විට පවා ඔබේ දරුවා යම් ක්‍රියාකාරකමක රැදී සිටීමේ  හැකියාව  ඔබව පුදුමයට පත් කරාවි.

මේ ඔහුගේ අවධානය  වර්ධනය කිරීමේ ක්‍රියාවලියේ ඇරඹුමයි.  මෙය ඔහුගේ පාසල ජිවිතයේ  ඔහුට  අවශ්‍ය  ප්‍රයෝජනවත් කුසලතාවයක් වෙනවා.

ඉඟි:

  • ඔබේ දරුවාට නිවස තුල “උදව්” කරන්න  ඉඩ දෙන්න. ඔබට දේවල් රැගෙන  එන්න හෝ දේවල් පසෙකින් තියන්න  ඔහුට  කියන්න පුළුවන්.
  • ඔහුගේ “ඇයි” ​​පිට "ඇයි" එක්ක ප්‍රශ්න පත්‍රයක් ආවත්  ඉවසිලිවන්ත වන්න. දැන් ඔබ ඔබේ සාමාන්‍ය දැනුම අලුත් කරගන්න  අවශ්‍ය වෙනවා.
  • ඔහුගේ වයසට ගැලපෙන රූපවාහිනී වැඩසටහන් පමණක් නරඹන්න දෙන්න. ඔහු මෙම අදියරේදී ඕනෑවට වඩා උනන්දුවකින්  සියල්ල  උරා ගන්න කැමති  නිසා තරමක් නවීන, අධ්‍යාපනික ද්‍රව්‍ය හඳුන්වා දීමට මෙය හොඳ කාලයක් වෙනවා.
  • ඔබේ දරුවාව ඇඳුම් ගන්න සාප්පු සවාරි එක්ක ගෙන යන්න. ඔහු කැමති දේ තෝරා ගැනීමට ඔහුට ඉඩ දෙන්න.
  • ඔබේ දරුවාට ඔහු කරන කාර්යයක් කෙරෙහි අවධානයෙන් ගිලි ඇත්නම් එයට ඉඩ දෙන්න. ඒ මගින් ඔහුගේ ගැඹුරු සමාධිය දිරිගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ වයසේදී ඔබේ දරුවාට ඉතා කෙටි අවධානයක් තිබේ නම් හෝ ප්‍රශ්න අසන්නේ නැත්නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙන්න.

අවුරුදු 03 මාස  07   පෙර පාසැල්ළමා සංවර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 03 මාස  07   ක් වන විට වඩාත් ස්වාධීන වෙමින් සිටින නිසා ඔහු හෝ ඇය එහේ මෙහේ  ඇවිදිමින්, තමන්ටම මුමුණමින්  සිටිනු  ඔබට දකින්න පුළුවන්. මෙය සම්පුර්ණයෙන්ම  සාමාන්‍ය දෙයකි.

අවුරුදු 03 මාස  07   වයසැති දරුවන්  බොහෝ විට තමන්ටම දිගු කථා කීමට  කැමති අතර මෙය ඔවුන්ගේ පරිකල්පනයේ පාලනයකින් තොර වීම නිසා සිදුවෙනවා.

ඔබේ දරුවා විනාඩි 20 ක් හෝ ඊට වැඩි වේලාවක්  තනිවම සෙල්ලම් කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් ඔහුට  අවධානය සහ සැනසීම අවශ්‍ය වු විට ඔහු   ඔබ වෙත දිව ඒවි. හරිම ආදරණීයයි නේද?

මෙම අවස්ථාවෙහිදී අන් අයට හැඟෙන ආකාරය ගැනද ඔහු සංවේදී වෙනවා. ඒ වගේම  යම් අවස්ථාවකදී  වාචික නොවන සංඥා වඩා හොදින් කියවීමට ඔහුට පුළුවන්.

මෙතැනදී ඔබේ දරුවා තම අනන්‍යතාවය කොටසින් කොටස සකස් කරගන්නවා.  ඒ නිසා ඔහු ඉතා දැඩි මතධාරී  හෝ කැරලිකාරී වෙන්න පුළුවන්.

ඔහු ජීවිතයේ ඊළඟ අදියර සඳහා සූදානම් වෙමින් සිටීම එහි හොඳ පැත්ත වෙනවා.

ඔහු කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා වැඩි වශයෙන් සහභාගී වුවත් කෙටි වේලාවකින් ඉන් ඉවත්ව යනු ඔබට දකින්න පුළුවන්.

ඉඟි:

  • වැඩි වැඩියෙන් සමාජ ක්‍රියාකාරකම්වල යෙදීමට   විශේෂයෙන්   වඩාත් කණ්ඩායම් ක්‍රියාකාරකම් වල යෙදීමට  ඔහුව රැගෙන යන්න.
  • ඔබේ දරුවාට වෙනස් හැඟීම්, එනම් ඊර්ෂ්‍යාව වැනි වඩාත් සංකීර්ණ හැඟීම් පැහැදිලි කරන්න.  ඔහුට දැනෙන හෝ ලබා ගන්නා ඕනෑම හැගීමකට හුරුවෙන්න ඔහුට උදව් කරන්න.
  • ඔහු නිවසේ සිටින සෑම විටම තනිවම සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.

මවාපෑම් හා රංගනය වැනි නිර්මාණාත්මක නාට්‍ය වල යෙදෙන්න ඔහුව දිරිමත් කරන්න.

  • ඔහු ඔබ ඉදිරියේ දිගු වේලාවක්  හුදෙකලාව සිටින බව පෙනේ නම් ඔහු පවසන දේට අවධානයෙන් සවන් දෙන්න. ඔහුට  වරින් වර ප්‍රශංසා කරන්න.

අවුරුදු 3යි මාස 7ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා දිගින් දිගටම වෙන්වීමේ කනස්සල්ල  අත්විඳින්නේ නම් හෝ වෙනත් දරුවන් සමඟ සෙල්ලම් නොකරන්නේ නම් සහ පවුලේ නොවන සාමාජිකයින්ට ප්‍රතිචාර නොදක්වන්නේ නම් වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

අවුරුදු 03 මාස  07     පෙර පාසැල් ළමා සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

දැන් ඔබේ දරුවාට වචන 250 ත් 500 ත් අතර ප්‍රමාණයක් කථා කරන්න  පුළුවන්  එකදිගට  වචන හයක අමුණා වාක්‍ය කියන්නත්  පුළුවන්.

ඉක්මනින්ම  ඔබට කියන්නට ඔහුට ලග ඔහුම ගොතන කරන ලද කතන්දර ගොඩාක් තියේවි. ඔන්න අහන්න සුදානම් වෙන්න.

ඔහුගේ වයස, නම සහ  පැහැදිලිව පෙනෙන  සමහර දේවල්   තියෙන තැන වැනි සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න  ඔහුට පුළුවන්.

ඉදිරි මාස කිහිපය තුල මේ වයස් කාණ්ඩයේ බොහෝ දරුවන්ට  සම්පූර්ණ වාක්‍ය සැකසීමට කරන්න පුළුවන් වේවි.

ඉඟි:

  • ඔබේ දරුවාට ඔහුගේ කතන්දර කියන්නට ඉඩ දෙන්න. ඔහු කතා කරන විට ඔහුට බාධා කරන්න එපා.
  • දරුවාව ෆ්ලෑෂ් කාඩ්පත්, කථන ආශ්‍රිත ක්‍රීඩා සහ මාධ්‍යට නිරාවරණය කර නව වචන උගන්වන්න.
  • ඔබේ දරුවාට ළමා කතන්දර කියන්න. එවිට ඔහුටද තමාගේම කතන්දර  නිර්මාණය ආකාරය   ඉගෙන ගන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට තවමත් සරල වාක්‍ය භාවිතා කිරීමට නොහැකිද?  “මම” සහ “ඔබ” වැනි සරල වචන තවමත් ඔහුට ගැටළු කාරී නම් ඔහුව වෛද්‍යවරයෙකු හෝ කථන විශේෂඥ වෙත රැගෙන යන්න.

අවුරුදු 03 මාස  07     පෙර පාසැල් ළමා සංවර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයසේ නිරෝගී දරුවෙකුගේ බර   කිලෝග්‍රෑම් 10.6 සිට 22.4 දක්වා විය යුතු අතර උස සෙන්ටිමීටර් 88 සිට 111.7 දක්වා විය යුතුය.

බොහෝ ළමයින් මේ වන විටත් ආහාර රුචියන් තියෙනවා.  ඔහු හෝ ඇය එක් එක් ආහාර වේලෙහි ආහාරයට ගන්නා ආහාර ප්‍රමාණයක් තියෙන  බව ඔබට පෙනේවි.

ඔබේ දරුවාගේ රුචිය අනුව ආහාර ගන්න ඉඩ දෙන්න.  කිසි විටෙකත් පිඟානේ ඇති සියල්ල අවසන් කිරීමට හෝ ඔවුන් කැමති ප්‍රමාණයට වඩා ආහාර ගැනීමට ඔවුන්ට බල කරන්න එපා. ඒ මගින්  අසතුටුදායක ආහාර  වේලාවක් වළක්වගන්න පුළුවන්.

මෙම වයසේදී, ඔවුන් ළදරු අවධියේදී තරම් ආහාර ගැනීම  කරන්නේ  නැහැ. දවස පුරා ඔබේ දරුවා සඳහා සූදානම් කළ යුතු දේ අඩංගු මෙනු කිහිපයක්  මෙන්න

*  උදේ ආහාරය

රටකජු බටර් මේස හැන්දක්

 කිරි කෝප්පයක්

 සම්පුර්ණ ධාන්‍ය  ටෝස්ට් එකක්

* උදෑසන අතරමැද කෙටි ආහාරය

 බ්ලූබෙරීස් කෝප්පයක් (අල්ලක්  )

යෝගට් කෝප්ප භාගයක්

* දිවා ආහාරය

 කුඩා බර්ගර් 1 ක් (සැමන්, කුකුල්    මස්, හරක් මස් හෝ බැටළු මස් සමඟ)

 බතල බැදලා

පොඩි දොඩම් ගෙඩි 1

හෝ

ෆ්‍රයිඩ් දුඹුරු බත්

අඹරන ලද කුකුල් මස් හෝ හරක් මස්  ඇපල් භාගයක්

* සවස අතරමැද කෙටි ආහාරය

හුම්මස් හෝ ටැට්සිකි යෙදු   කැරට් හෝ පිපිඤ්ඤා   තීරූ

* රාත්‍රී ආහාරය 

ධාන්‍ය කෝප්ප භාගයක්  හෝ තක්කාලි සෝස් යෙදු මැකරොනි සමග තැම්බූ එළවළු සහ ස්ට්‍රෝබෙරි කෝප්ප කාලක්

ඉඟි:

  • විශේෂිත ආහාර සදහා මනාපයන් ඇති  ආහාර තෝරා කන දරුවෙක් ඉන්න පුළුවන්. ඔහුගේ මනාපයන් දිනෙන් දින වෙනස් කරන්න පුළුවන්.

ඒකට කමක් නැහැ.  විවිධ සෞඛ්‍ය සම්පන්න ආහාර ඔහුට   දිගටම ලබා දෙන්න. එදිනෙදා   ඔහුගේ හෝ ඇයගේ ප්‍රියතමයන් තෝරා ගැනීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න.

ඉන්පසු, ඔවුන් තෝරා නොගත් ආහාර දිනකට හෝ දෙකකට පසුව ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන්න.

  • ඔබේ දරුවාට ඔහු හෝ ඇය දැනටමත් කැමති ආහාර සමඟ රස බැලීමට නව ආහාර ස්වල්පයක් ලබා දෙන්න.
  • රූපවාහිනිය බලන්න දෙන්න එපා. සීනි සහිත සීරියල්, ක්ෂණික ආහාර සහ රසකැවිලි වැනි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැන කුඩා දරුවන්ට රූපවාහිනී දැන්වීම් මගින් පහසුවෙන් බලපෑම් කරන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා බර වැඩි නොවන්නේ නම්, ඔබ ඔහුව පෝෂණවේදියෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත ගෙන ‍යන්න. මෙම වයසේ දරුවන්  වේගයකින් වර්ධනය වෙනවා.

මෙම මාසය තුළ ළමුන් සඳහා විශේෂිත එන්නත් නැහැ.  නමුත්  පැපොල, අත්, පා සහ මුඛ රෝගය සහ ඩෙංගු වැනි පොදු හෝ සෘතුමය රෝගවලින් ප්‍රවේශම් වන්න.

ඔබේ අවුරුදු 03 මාස  07  ක් වයසැති දරුවා සමඟ විනෝද වන්න.  ඒ සදහා ත්‍රාසජනක දෙවැනි  වියෙන් පසු මෙය ඉතා හොඳ කාලයක් වෙනවා.  සමහර විට ඔබට ඔබේ දෑත් වලට  තුන් හැවිරිදි දරුවෙක්ගේ බර දැනෙන්න පුළුවන්.

නමුත් ඔබට ඔබේ පුංචි  පැටියා  එක්ක ගොඩාක් විනෝද වෙන්න පුළුවන්.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  08

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera