theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

6 අවම කියවීම
අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ අවුරුදු 03 මාස  08    ක් වයසැති දරුවා ඔවුන්ගේ සංවර්ධනය කරා ගමන් කරමින් සිටින බවට සහතික කර ගන්න. ඔබගේ පුංචි  පැටියාගේ සංවර්ධනය ගැන   වැඩි විස්තර දැන ගනිමුද?

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය: ඔබේ දරුවාට දැන් අවුරුදු 03  මාස 08 (මාස 44)  වෙනවා නේද? ඒ කියන්න තව ටික කාලයකින් ඔහුට වයස අවුරුදු හතරයි.

ඔබේ කුඩා දරුවා දැනටමත් පෙර පාසල යනවා වෙන්න පුළුවන්  නැතිනම්  ඔබ ඔහුව පෙර පාසැල් යවන්න හිතමින් ඉන්නවා වෙන්න පුළුවන්.  ඔහු  දැන් ශක්තිමත්  වගේම  ඔහුට පුංචි  පෞරුෂයක් තියෙනවා. 

ඔබේ අවුරුදු 3 මාස 8ක් වයසැති දරුවාගේ ඉදිරි සංවර්ධනය ගැන අපි බලමු.

අවුරුදු 03 මාස  08  පෙර පාසැල්  ළමා සංවර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවා බොහෝ එහා මෙහා  ගමන් කරනවා.    ඔහු  දුව පනිවි  කරකැවිල්ල හැදෙන තුරුම රවුම් කැරකේවි.

නමුත් ඒ ගැන ඔබ කණගාටු වෙන්න එපා.  මේ වයසේදී  ළමයින් උස් ස්ථාන වලිට නැගීමට හා ඉන් පනින්නට කැමතියි.

ඒ නිසා ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න.

මෙම වයසේ ළමයින්ට පහසුවෙන් පඩිපෙල නගින්න, ට්‍රයිසිකල්  එකක් පදින්න සහ බෝලයකට පයින් ගසන්න පුළුවන්.  ඒ වගේම,  ඔවුන්ට ඉස්සරහාට හා පසුපසට ඇවිදින්න පුළුවන් වගේම  වැටෙන්නේ නැතුව  නැමෙන්නත් පුළුවන්.

ඔබේ දරුවාගේ චලන හැකියාවන් මේ වයසේදී ඉතා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා  ඔවුන්ට බ්ලොක්ස්  ගොඩනගන්න මෙන්ම බෝලයක් අල්ලා ගන්න පුළුවන්.

ඔබේ දරුවා ගෙන් ශාරීරික ක්‍රියාකාරකම් රාශියක් බලාපොරොත්තු වන්න. මුල් අවධියේ ක්‍රියාකාරී වීමේ වාසි ඔහුට ඉගැන්වීමට මෙය හොඳ ක්‍රමයක් වෙනවා.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාගේ චලන හැකියාවන් වර්ධනය කිරීමට ඔහුව නිතර  ශාරීරික ක්‍රියාකාරකම්වල යොදවන්න.
  • හැකි තරම් ඔහු සමඟ සෙල්ලම් කරන්න. ඒවගේම උද්‍යානවලට හෝ ළමයින්ට දුවන්න, පනින්න, නගින්න සහ ඔවුන්ගේ වටපිටාව ගවේෂණය කරන්න  හැකි ඕනෑම ස්ථානයකට ඔහුව රැගෙන යන්න.

වෛද්‍ය  උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා අනෙක් දරුවන් මෙන් සම්බන්ධීකරනය නොකරයි නම්  වෛද්‍යවරයකු හමුවෙන්න. 

සංවර්ධනය දරුවා ගෙන් දරුවාට  වෙනස් වන බව මතක තබා ගන්න. ඒ වගේම  ඔබේ දරුවාගේ වර්ධනයට බලපාන සාධක ගණනාවක් තියෙනවා.  එබැවින් ඔබේ දරුවා අනෙක් ළමයින් තරම් ශක්තිමත් හෝ ක්‍රියාශීලී නොවු පමණින් කලබල වෙන්න එපා.

මෙම කාරණා සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය - මානසික  සංවර්ධනය

මෙම වයසේ ළමා සංවර්ධනයේ එක් විශේෂත්වයක් වන්නේ ප්‍රශ්න රාශියක් ඇසීමයි. මෙම අවදියේදී,  ඔබේ දරුවා ඔහු වටා ඇති ලෝකය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා.  ඔන්න දැන් ඔබගේ පුංචි  පැටියාගේ  ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න  ඔබ ලෑස්ති වෙන්න.

අවුරුදු 03 මාස  08    ක් වයසැති දරුවෙකුට වර්ණ නම් කරන්න,  එකම හා වෙනස් අදහස් තේරුම් ගන්න, සරල විධානයන් අනුගමනය කරන්න  පුළුවන්. මේ වයසේදී ඔහු කතන්දර පහසුවෙන්  තේරුම්  ගන්නවා.  එසේම ඔහුට  නිවැරදිව ගණන් කරන්නත් පුළුවන්.

ඔහුට හැඩය සහ වර්ණය අනුව දේවල් වර්ග කරන්නත්, වස්තුන් වල පින්තූර මත පදනම්ව ඒවා හඳුනාගන්නත් පුළුවන්. මෙම අවස්ථාවෙහිදී ඔහුගේ පරිකල්පනය පාලනයකින් තොර අතර ඔහු මවාගත් ලෝකයක මවා පෑමේ රංගනයක  යෙදෙනු ඇත. එය සාමාන්‍යයි.

දෙමාපියන්ට  ඉඟි:

  • ඔබේ දරුවාගේ මානසික හැකියාව ඉහළ නැංවීමට ඔහුගේ මොළය උත්තේජනය කිරීම සදහා ඔහුගේ  වයසට ගැළපෙන ප්‍රහේලිකා ලබා දෙන්න.
  • ඔහු ගෙන් ප්‍රශ්න අසන්න. ඔහුගේ පරිකල්පනය හා නිර්මාණශීලිත්වය ක්‍රියා කරවීමට ඔහුට කතන්දර කියන්න අවස්ථාව දෙන්න.

වෛද්‍ය  උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට උපදෙස්  අනුගමනය කිරීමේ ගැටළු තිබේ නම්, හැඩය හෝ වර්ණය අනුව වස්තූන් හඳුනාගෙන වර්ග කිරීමට නොහැකි නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබේ දරුවා මුළු ගැන්වෙනවා  නම් හෝ ඔහුගේ වටපිටාව කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන්නේ නම්, එහි යම් ගැටලුවක් තියෙනවා.

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය - සමාජීය හා හැගීම්  සංවර්ධනය

සාපේක්ෂව මේ වයසේදී ඔහුගේ උද්වේගකාරී හැසිරීම පෙරට සාපේක්ෂව අඩුයි. ඔහු පෙරට වඩා ස්වාධීනයි.  ඔහුව පාසැලේ රැදවීම එතරම් අපහසු නැහැ.

ඔහු  මිතුරන් හා පංතියේ ළමයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගන්න  අතර අවස්ථාව ලබා ගැනීම ගැන ඉගෙන ගන්නවා.  “මගේ” සහ “ඔහුගේ, ඇයගේ, "ඔවුන්ගේ” සංකල්ප  ගැන ඔහු දැන හොදින්  දැනුවත්.

ළමයින්ට මෙම වයසේදී ගැටළු විසඳීමේ කුසලතා තියෙනවා. ඒ වගේම  පුළුල් පරාසයක හැඟීම් පෙන්වීමට පටන් ගන්නවා.  ඒ නිසා  එම දේවල් සමඟ  කටයුතු කිරීමට කලින්ම සූදානම්ව සිටින්න.

දෙමාපියන්ට ඉගි

  • සුපුරුදු පරිදි, ඔබේ දරුවාට වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. එවිට ඔහුට වෙනත් දරුවන් හා මුහු කර වීම පහසුයි.
  • සෙල්ලම් කරන්න, බෙදා ගන්න, අවස්ථාව ලබා ගන්න සහ අනෙක් ළමයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න  ඔහුව දිරිමත් කරන්න. මෙය ඔහුට වඩාත් සමාජශීලී පුද්ගලයෙකු වෙන්න උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා මුළු ගැන්වෙනවා නම්, වෙනත් දරුවන් සමඟ සිටීමට අකමැති නම් හෝ වෙනත් දරුවන් නොසලකා හරිනවා නම්,  ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය -    කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවාට දැන් වචන 250 ත් 500 ත් අතර ප්‍රමාණයක් කතා කරන්න පුළුවන්.

ඔහුට දැන් සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, සරල වාක්‍ය හදන්න සහ පැහැදිලිව කථා කරන්න  පුළුවන්.

ඔහු මේ වයසේදී කතන්දර කියන්නත් පටන් ගන්නවා.  අවුරුදු 03 මාස 08 දී දරුවෙකුට ලස්සන කතා කරන්න පුළුවන්.

ඔහුට සරල විධානයන් අනුගමනය කිරීමට පුළුවන් විය යුතුය.  ඒ නිසා ඔබට ඔහුට සරල කාර්යයන් හෝ  වැඩ පවරන්න පුළුවන්.

දෙමාපිය ඉඟි:

  • ඔහුට වචන ඇසීමට පුරුදු වීම සඳහා කතන්දර කිහිපයක් ශබ්ද නඟා කියවන්න.
  • මෙම අවස්ථාවෙහිදී, ඔහුට පොත් කියවීමට ඉඩ දෙන්න. එවිට ඔහුට අකුරු හා අංක දැන හදුනාගන්න අවස්ථාව ලැබෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට තවමත් පැහැදිලිව කථා කිරීමේ අපහසුතාවයක් තිබේ නම්, හෝ කෙළ පෙරීමට පටන් ගනී නම්, ඔබේ දරුවාට යම් සංවර්ධන ගැටළු තියෙනවා  වෙන්න පුළුවන්.

මාසෙකට වරක් දරුවා   ඔබේ ළමා රෝග විශේෂඥ වෙත ගෙන යෑම සුදුසු අතර  සංවර්ධන ගැටළු තිබේදැයි එවිට වෛද්‍යවරයාට  පරීක්ෂා කරන්න පුළුවන්.

වයස අවුරුදු 3 මාස 8 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වයසේ දරුවන්ට වැඩිහිටියන්ට ආහාරයට ගත හැකි ඕනෑම දෙයක් ආහාරයට ගන්න  පුළුවන්.

ඇත්ත වශයෙන්ම, දරුවෙකුට වුවත් ඔහුගේම  මනාපයන්  තියෙනවා.  සමහර විට ඔහුට  එළවළු කැවීම බාරදූර  කාර්‍යයක් වෙන්න පුළුවන්.

මෙම වයසේ ළමයින් සඳහා, සමබර ආහාර වේලක් ගැනීම ඉතා තීරණාත්මක  වෙනවා. එය දරුවන්ගේ වර්ධනයේ හා සංවර්ධනයේ වැදගත් අංගයකි.

ඔබේ දරුවාගේ වර්ධනය හා ක්‍රියාකාරකම් මට්ටම අනුව දිනකට කැලරි 1,200 ත් 1500 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවාට දිනකට ප්‍රෝටීන් අවුන්ස 3-5 ක්, පළතුරු කෝප්ප 1-1 1/2 ක්, එළවළු කෝප්ප 1 1/2 - 2 1/2 ක්, ධාන්‍ය අවුන්ස 4-6 ක් සහ කිරි ආහාර කෝප්ප 2 1/2 ක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේදී ඔවුන්ගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10.4 සිට 21.9 දක්වා වන අතර  සාමාන්‍ය උස සෙන්ටිමීටර 91 සිට 110.3 දක්වා විය යුතුය.

මෙම අවස්ථාවෙහිදී එන්නත් ලබා දීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසුයි.  

හෙපටයිටිස් බී, DPT,  MMR, වරිසෙල්ලා, නියුමොකොකල් කොන්ජියුට්, හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී, සහ / හෝ අක්‍රිය කළ පෝලියෝ වයිරස් එන්නත්   ළමා රෝග විශේෂඥයින් සාමාන්‍යයෙන් ඔබේ දරුවාට නිර්දේශ කරනවා.

ඔබේ දරුවා කිසිදු රෝගයකින් තොරව තබා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ කාලසටහන ගැන විමසිල්ලෙන් ඉන්න.

මෙම වයසේදී  වැළදිය හැකි  පොදු රෝග අතර පැපොල,  කම්බුල් ගාය, සරම්ප සහ පොදු උණ ඇතුළත් වෙනවා. ඔබේ දරුවාගේ වාර්ෂික උණ එන්නත් වේලාවට ලබා දෙන්න.  ඩෙංගු අවදානම් කලාප වලින් ඔබේ දරුවා ඉවත් කරන්න.

දෙමාපිය ඉඟි:

  • දරුවාට සමබර ආහාර වේලක් ලබා දෙන්න.  ඔබේ දරුවාට විවිධ ආහාර  හඳුන්වා දෙන්න.

එවිට ඔවුන් විවිධ රසයන්ට  හා වයනයන්ට හුරුවෙන්න පුළුවන්.

  • ඔබේ දරුවා කුඩා යැයි පෙනේ නම් කණගාටු වෙනවා එපා. දරුවෙකුගේ ප්‍රමාණය ජාන  මත රඳා පවතිනවා.  

ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී සහ රෝග වැළදීම  අඩුවීම වැදගත් එකම දෙය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ වයස අනුව ඉතා කුඩා නම්, මන්දපෝෂණයෙන් පෙළෙන බවක් පෙනේ නම් හෝ බොහෝ ආහාර අනුභව නොකරයිද?

එසේ නම්, ඔහුව පරීක්ෂා කර බැලීමට වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබේ දරුවාට පිටතට  නොපෙනෙන  ගැටළු කිහිපයක් තිබිය හැකි අතර, ඔබේ වෛද්‍යවරයාට මෙම ගැටළු හඳුනාගෙන ඔබේ ගැටළු සඳහා උපකාර කිරීමට හැකි වේවි.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  09

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 11ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 11ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 11ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 11ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it