theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවාට වැඩි විශ්වාසයක් හා හැකියාවක් ඇති බව  දැනෙනවා. ඔහු  ඔහුගේ උපරිම හැකියාව  කරා යැවීමට  කුමක් කළ යුතුද?

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය: ඔවුන් වේගයෙන් වැඩෙනවා. දැන් ඔබේ කුඩා දරුවාගේ වයස අවුරුදු 03 මාස  09 යි.  ඔහු අන් කවරදාටත් වඩා දක්ෂයි. ඔහු එය දන්නවා. 

මේ වයසේ සංවර්ධනයේදී  ඔබේ දරුවා වඩාත් ස්වාධීන හා සමාජශිලී වෙනවා.

ඔබේ දරුවා ගැන විමසිල්ලෙන්  සිටියදීම ඔබේ දරුවාට වර්ධනය වීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දීම,  සමබර කර  ගැනීම අභියෝගයක් වේවි.

නමුත් එය දිගටම  කරන්න,  අවසානයේදී ඔබට ක්‍රියා කරන ක්‍රමය ඔබම සොයා ගනිවි.

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය- ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවාගේ ළමා කාලයේ ඇතිවෙන චලන  හැකියාව (Gross motor skills) දවසින් දවස දියුණු වෙමින් පවතිනවා.

ඔහුට වඩාත් විශ්වාසයෙන් යුතුව දුවන්නට පුළුවන්. ඒ වගේම ඔහුට පනින්නත්,  තත්පර දෙකක් දක්වා තනි කකුලෙන්  සමබරව  ඉන්නත් පුළුවන්.

පොළවේ වැදී ඉහල එන බෝලයක්    බොහෝ විට  ඔහුට අල්ලන්න පුළුවන්.

ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන  හැකියාව   (Fine motor skills) තව තවත් අලුත් වෙනවා.

මේ වයසේදී ඔබේ දරුවාට තමාගේම ආහාර වත් කරන්න, කපන්න හා පොඩි  කරන්න  පවා පුළුවන්. ඔහුට දැන් ඇඳුම් ඇඳීන්න  පුළුවන්. 

නමුත් ඔහුගේ කමිසය කන පිටට ඇන්දොත් නැත්තම්  බොත්තම් වැරදියට දැම්මොත්  ඒ ගැන පුදුම වෙන්න එපා.

මේ පුංචි පුංචි  වැරදි සම්පුර්ණයෙන්ම  සාමාන්‍යයි.  ඔහු තවමත් බොත්තම්  හා ගාංචු එක්ක ඔට්ටු වෙනවා නේද? 

එහෙනම් ඔබේ ස්වාධීන පොඩ්ඩාට පහසුවෙන් අදින්න පුළුවන් ඇඳුම් ලබා දෙන්න.

ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • මෙම වයසේදී, ඔබේ දරුවාට පුහුණු රෝද සහිත ද්වී රෝද බයිසිකලයක් හෝ ට්‍රයිසිකල් එකක් පදින්න පුළුවන්.

සුරක්ෂිතව හා විනෝදයෙන් සෙල්ලම් කරන්න   ඔබේ දරුවාට හිස් ආවරණයක් සහ දණහිස සහ වැලමිට ආවරණ පැළදවීමට මතක තබා ගන්න.

  • දැන් ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන හැකියාවන්   ( Fine motor skills) වඩාත් දියුණු බැවින් ඇය චිත්‍ර ඇඳීමට සහ වර්ණ ගැන්වීමට ගොඩාක් කැමතියි. ඔබේ දරුවාට පාටකූරු  පෙට්ටියක්  හා කඩදාසි මිටියක් ලබා දෙන්න.

ඇය පැය ගානක් තිස්සේ රවුම් සහ චතුරස්‍ර වැනි සරල හැඩතල අදිවි.  ඔබේ පවුලේ අයගේ චිත්‍රත් ඒ අතර  නොවැරදීම  තියේවි.  බලන්නකෝ.

  • ඇයට දැන් තමාව පිරිසිදු කර ගන්න පුළුවන්. ඒ වගේම   දෑත් සෝදන්න, දත් මදින්නත් පුළුවන්.

මේ පුංචි  දේවල් කරන්න  ඔබට  නිතරම ඇයට මතක් කරන්න  සිදුවේවි. ඒ නිසා  සනීපාරක්ෂාවෙහි වැදගත්කම ඔබේ දරුවාට කියාදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ළමයින් වර්ධනය වෙන වේගය එකිනෙකාට වෙනස් බව මතක තබා ගන්න. ඉහත  සන්ධිස්ථාන වලට තවමත් ඔබේ දරුවා ලගා නොවුයේ   නම්, කලබල වෙන්න එපා.

කෙසේ වෙතත්, ඔබේ දරුවාට එක තැන උඩ පනින්න නොහැකි නම් සහ ලියන්න අපහසු නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 03 මාස  09 පෙර පාසැල් ළමා සංවර්ධනය - මානසික සංවර්ධනය

මේ වයසේදී ඔබේ දරුවාට අන් කවරදාටත් වඩා  හැකියාවක් දැනෙනවා. ඒ නිසා ඔහුට තමා විසින්ම දේවල් කරන්න නැතිනම් අඩුම තරමේ උත්සාහ කරන්න  වත් අවශ්‍ය වෙනවා.

ඔහු සරල ප්‍රහේලිකා කිරීමෙන් සතුටක් ලැබීම පටන් ගන්නා අතර අංක වැනි සංකල්ප තේරුම් ගන්න දැන්  ඔහුට පුළුවන්.

(ඔහුගේ උපන් දින කේක් එකේ ඉටිපන්දම් හතරක් ‍රැදවීම යනු ඔහුට වයස අවුරුදු හතරක් බව ඔහු දන්නවා). 

ඔහුට වර්ණ වඩා හොඳින් නම් කරන්නත් පුළුවන්.

මේ වයසේදී ඔහු  කාලය (උදාහරණ -  ඊයේ, අද, හෙට) වැනි සංකල්ප ග්‍රහණය කර ගැනීමට පටන් ගන්නවා. 

ඒ වගේම  “එකම” සහ “වෙනස්”යන්න  ගැන  අදහසක් ඔහුට  තියෙනවා.  

ඔහු ලග ප්‍රශ්න  මල්ලක්  තියෙනවා.  කරදරකාරීයි නේද? ඉවසිලිවන්ත වන්න.  ඔහුගේ කුතුහලය දිරිමත් කරන්න.

ඔබේ දරුවා වෙන කවරදාටත් වඩා පරිකල්පනීය වෙවී.  නමුත් මවාගත් දේ සහ සැබෑව අතර වෙනස තාම ඔහුට තේරුම් ගන්න බැහැ.

මවාපෑමේ රගපෑම් ඔහුට අමතර  විනෝදයක් එකතුකලත්  ඔහු තම ඇඳ යට යක්ෂයින් සිටිනවා යැයි  මවා ගත්තොත් නින්දේදී බයවෙන්න ඉඩ තියෙනවා. එබැවින් ඔහුට කියවන කතන්දර ගැන කල්පනාකාරී වෙන්න.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • මේ වයසේදී ඔබේ දරුවා තනිවම කරුණු කාරණා හදුනා ගැනීමට පටන් ගන්නවා. ඒ නිසා ඔහුට  ඔබේ  උදව් ලබාදීමට  පෙර  ඔබ පසෙකට වී ඔහුට තනිව දේවල්  කරන විදිය  තේරුම් ගන්න ඉඩ ලබා දෙන්න.
  • වර්ග කිරීමේ ගණන් කිරීමේ සෙල්ලම් මෙන්ම ෆ්ලෑෂ් කාඩ්පත්  භාවිතා කර    ඔහුගේ ඉගෙනීමේ කුසලතා දිරිගන්වන්න. ඔබට සරල පුවරු සහ කාඩ් සෙල්ලම්ද මේ සදහා යොදා ගන්න පුළුවන්.
  • ඔබේ දරුවාගේ උනන්දුව වැඩි කරන දේවල් තෝරාගෙන ඒවා කරන්න  සහාය දෙන්න. ඔබේ දරුවා නිවාඩු දින සමරන්න කැමති වේවි.  ඇයට සැරසිලි කරන්න  උදව් වෙන්න ඔබට  පුළුවන්.. එහෙම නේද? 

ඇය රිද්මයන් සහිත  කතන්දර පොත් රස විදින්න වගේම සමහර සෙල්ලම්  කරන්න කැමතියි. මෙය ඇගේ පෞරුෂය දිදුලන්නට   පටන් ගන්නා අවස්ථාවයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සෑම දරුවෙක්ම එකිනෙකාට  වෙනස් වෙනවා. ඒ නිසා ඉහත ලැයිස්තුගත කර ඇති සෑම දෙයක්ම ඔබේ දරුවාට කළ නොහැකි නම් එය ගැටලුවක් කර නොගන්න.

ඔබේ දරුවා සම්බන්ධතා පවත්වන සෙල්ලම්  කෙරෙහි හෝ  මවාපෑමේ සෙල්ලම්  කිරීමට උනන්දුවක් නොදක්වන්නේ නම්   ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

ඔහුට කැමතිම කතාවක් නැවත කියන්න නොහැකි නම් හෝ ඔහුට වරක් තිබූ කුසලතා නැති වුවහොත්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වයසේදී ඔබේ දරුවාට  වඩාත් ස්වාධීන වීමට අවශ්‍ය වුවද, ඔබ තවම සෑම දිනකම ඔහු සමඟ කාලය ගත කළ යුතු වෙනවා.

ඔබේ දරුවා දිගටම ඔබේ හැසිරීම අනුකරණය කරනවා. ඒ නිසා ඔබ හොඳ ආදර්ශයක් පවත්වා ගැනීමට  වග බලා ගන්න.

දරුවා අලුත්  දේවල් කිරීමෙන් මෙන්ම අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමෙන් ද සතුටක් ලබනවා.

ඔබේ දරුවාට අනෙක් ළමයින්  සමග වැඩියෙන් මුහුවෙන  නිසා ඔහු අවස්ථාව  ලබගැනීම ගැන ඉගෙන ගන්නවා.

නමුත්  සමහර අවස්ථාවලදී ඔහු මේ සම්බන්ධයෙන්  ගැටළු  ඇති කර ගන්න පුළුවන්.

ඔහු  සෙල්ලම් කරන්න  කැමති  හොඳම  යාලුවෙක්  ඔහුට ඉන්න පුළුවන්. මේ වයසේදී ඔබේ කුඩා දරුවාට නීති රීති වඩා හොදින්  තේරුම් ගන්න පුළුවන්.

ඔහුගේ හැගිම් වල ඔහුට වැඩි පාලනයක් ඇති බවත්, තරහා ගිය විටදී  ශාරීරිකව පහර නොදී වචන වලින්  පහර දෙන බවත් ඔබට දකින්න  ලැබේවි. (ඉඳහිට පසුබෑමක්  බලාපොරොත්තු වෙන්න ).

ඔබේ දරුවාට "මගේ" සහ "ඔහුගේ / ඇයගේ" අදහස ගැන අවබෝධයක් ඇති  අතර බෙදාහදා ගන්න ඔහු  කැමති වේවි.  

දුක, කෝපය, සතුට සහ කම්මැලිකම වැනි පුළුල් පරාසයක හැඟීම් බෙදා ගන්න  ඔහුට පුළුවන්.

සමාජීය හා හැගීම  සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • ඔබේ දරුවා ඔබව වැඩි වැඩියෙන් අනුකරණය කරන විට, පිහියක් භාවිතා කිරීම හෝ ගිනිපෙට්ටියෙන් ගින්දර ගැනීම වැනි ක්‍රියාකාරකම්වල අනතුරුදායක  ඔබ ඔහුට  කියා දෙන්න. 

තවම ඔහුගේ අනතුරු පිළිබඳ  සංකල්පය ගැන  අවබෝධය  සීමිතයි.

  • ඔබේ දරුවාට වයස ගැලපෙන පොත්පත් ලබා දී ඔහුගේ  කියවීමේ රුචිය  දිගටම  වර්ධනය කරන්න.  හැකිනම් ඔබට ඔහුව පුස්තකාලයකට ඇතුළත් කරන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මේ අවදියේදී  ඔබේ දරුවා බොහොම  සමාජශිලීයි.  ඒ නිසා ඇය වෙනත් දරුවන් නොසලකා හැරියහොත් හෝ පවුලේ නොවන සාමාජිකයින්ට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය- කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවාගේ භාෂා කුසලතා වඩ වඩාත් අලුත් වෙන අතර වචන 250 ත් 500 ත් අතර ප්‍රමාණයක්  වචන මාලාවේ තියෙනවා.

දැන් ඔහුට ඔහුගේ නම සහ වයස කියන්න පුළුවන්.

ඒ වගේම  සම්පූර්ණ වාක්‍යයකින් කථා කතා කරන්නත් පුළුවන්. එපමණක් නොව දැන් ඔහුට කතන්දර කියන්න පවා පුළුවන්.

"ඔහු" සහ "ඇය" නිවැරදිව භාවිතා කිරීම වැනි ව්‍යාකරණයේ මූලික නීති ඔහු මේ වනවිට දන්නවා.

ඔහුට මතකයෙන් ගීත හෝ පෙරපාසැල්  ගීත  ගායනා කරන්න  හැකි  අතර සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් පුළුවන්.

කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • ඔහු සමඟ කතාබහ කිරීමෙන් සහ එක්ව කියවීමෙන් ඔබට ඔහුගේ භාෂා කුසලතා වැඩි දියුණු කරන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

සමහර කුඩා දරුවන් අනෙක් අයට වඩා කටකාර  වෙනවා. නමුත් ඔබේ දරුවාට කොටස් තුනක විධානයන් අනුගමනය කරන්න  නොහැකි නම්, අපැහැදිලි ලෙස කථා කරයි නම් හෝ කැමතිම කතාවක් නැවත කියන්න  නොහැකි නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

වයස අවුරුදු 3 මාස 9 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයසේදී, බොහෝ දරුවන්ගේ උස සෙන්ටිමීටර 88.9 -11.2 ක් වන අතර බර කිලෝග්‍රෑම් 10.8 - 23 ක් වෙනවා.  

දරුවාට නිසි පෝෂණය, ප්‍රමාණවත් නින්දක් සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් ලබා දීමෙන්  ඔබේ දරුවා  ශාරීරිකව හා මානසිකව ඔහුව උපරිමයට ලගා කරවන්න ඔබට පුළුවන්.

ඔබේ දරුවාට දිනකට කැලරි 1,200 ත් 1,400 ත් අතර ප්‍රමාණයක් ලබා ගත යුතුය.  නමුත් ඔබේ දරුවා විශේෂයෙන් ක්‍රියාශීලී නම් ඔහුට කැලරි 1,600 ක් අවශ්‍ය වෙනවා.

සෑම දිනකම ඇයට ධාන්‍ය  අවුන්ස 4 ත් 5 ත් අතර ප්‍රමාණයක්, එළවළු කෝප්ප 1½ සිට 2 දක්වා, පළතුරු කෝප්ප 1 සිට 1½ දක්වා, කිරි කෝප්ප 2 සිට 3 දක්වා, මස් හා බෝංචි අවුන්ස 3 සිට 4 දක්වා සහ  තෙල් තේ හැඳි 4 සිට 5 දක්වා අවශ්‍ය වෙනවා.

සජලනය වී සිටීමට ඔබේ දරුවාගේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය ජලයයි.  පළතුරු යුෂ වැනි පැණිරස බීම  වලින්  එසේ සිදුවන්නේ නැහැ.

පිපිඤ්ඤා හෝ  පළතුරු පෙති එකතු කිරීමෙන් ඔබට ජලය වඩාත් ආකර්ෂණීය කරන්න  පුළුවන්.

ඔබේ කුඩා දරුවා මේ වයසේදී ඔහුගේ ආහාර තෝරා  ආහාරයට ගත හැකි වෙනවා. නමුත්  සමබර ආහාර වේලක් ලබාගැනීම දිරි ගැන්වීම සඳහා නව ආහාර හඳුන්වා දීමට ඔබට කළ හැකි දේ හැමදේම කරන්න. 

පළතුරු සහ සැන්ඩ්විච් පෙති  කුකී කටර් එකකින්  කපන්න. ඉන්පසු  එවාට රසවත් නම්  යොදන්න.

කෑම රුචිය  ඇතිවෙන අයුරින් ඒ නම් කියන්න. ඒ ආකාරයට ආහාර ගැනීම විනෝදජනක කරන්න උත්සහ කරන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

අවම වශයෙන්  වසරකට වරක්වත් ඔබේ වෛද්‍යවරයා ලවා දරුවා  පරීක්ෂා කරවා ගන්න.  ඔබේ  දරුවා   තවම පෙර  පාසලකට ඇතුළත් කර නොමැති නම්, ඔහු පෙර පාසලට ඇතුළත් වීමට පෙර අවශ්‍ය එන්නත් ලබා දෙන්න.

ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා විශේෂ  එන්නත් නිර්දේශ කර නොමැති නම්  මේ මාසයට   ලබා දිය යුතු එන්නත් නැහැ.

ඔබේ දරුවාගේ වයසේ අනෙක් දරුවන්ට වඩා ඔහු මිටිද?   එසේනම් ඔබේ දරුවාගේ වර්ධනය බොහෝවිට  ජාන  මත රඳා පවතින බව මතක තබා ගන්න.

කෙසේ වෙතත්, මෙය සාමාන්‍ය දෙයක් දැයි සොයා ගැනීමට ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන්  උපදෙස් ගන්න පුළුවන්.

අසාමාන්‍ය හැසිරිමක් හෝ ඇයගේ බර අඩුවීමක් ඇතිනම් ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

සෑම දරුවෙක්ම අද්විතීයයි. ඒවාගේම  ඔවුන්ගේම ආකාරයකට විස්මයජනක වෙනවා.  ඒ නිසා ඔබේ දරුවා අනෙක් දරුවන්ගේ වේගයෙන්ම  වර්ධනය නොවන්නේ නම් කලබල වෙන්න එපා.

ඔබේ කුඩා දරුවා නිරෝගීව, සතුටින් හා හොඳින් හැඩගැස්සවීමට අවධානය යොමු කරන්න. ඔබේ දරුවාගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට ගැටලුවක් තිබේද යන්න පිළිබඳ  ඔබේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගන්න.

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  10

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 3යි මාස 9ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 8 දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it