theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 10 වු  දරුවා දැන් ලගාවිය  දිය යුතු සන්ධිස්ථාන මොනවාද? සොයා බලමු

නියමයි ! ඇසි පිය ගහන  සැනින්, ඔබේ පුංචි  පැටියා  වයස අවුරුදු පහකට ආසන්න වෙලා. දැන් ඔහුට  අවුරුදු 4  මාස 10 නේද?  පෙර පාසැල් කාලය  බොහෝ දුරට අවසන් වී තියෙන  නිසා ඔහු ඉක්මනින් ප්‍රාථමික පාසලට යාවි.

මෙම වයසේදී, ඔබේ දරුවාට සම්පූර්ණයෙන්ම දියුණු මොළයක් තියෙනවා.  ඒ නිසා ඔහුට වඩාත් සංකීර්ණ සංකල්ප ග්‍රහණය කර ගන්න  පුළුවන්.

මෙම ලිපියෙන්, අපි අවුරුදු 4 සිට මාස 10 ක් වයසැති ළමා සන්ධිස්ථාන ගැන සොයා බලමු.  එවිට ඔබේ කුඩා දරුවා නිසි ලෙස සංවර්ධනය වේද යැයි ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.  

ඒ වගේම,  සෑම දරුවෙකුටම තමන්ගේම වේගයකින්  වර්ධනය වන බව ඔබ මතක තබා ගන්න.  එබැවින්, ඔවුන් දැනටමත් මෙම සන්ධිස්ථාන වලට  ලග වී හෝ විවිධ වේලාවන්හිදී ඒවා සාක්ෂාත් කර ගන්න   පුළුවන්.

ඔබේ දරුවාව හැකිතාක් නිරීක්ෂණය කරන්න. ඔබ අනතුරු ඇගවීමේ  ලක්ෂණ  දුටුවහොත්  ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවා දැන් ඔවුන් පාසල ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටිනවා. මෙම මුල් ළමාවියේ අවධියේදී, ඔබේ කුඩා දරුවා මෙම ශාරීරික  සන්ධිස්ථානවලට ලගාවේවි.

  • නැටුම්, පැනීම, දිවීම සහ මඟ හැර පැනීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලට කැමතියි.
  • පන්දුව විසි කිරීමේදී හා අල්ලා ගැනීමේදී වැඩිහිටියන්ට සමාන ඉරියව්වක් අනුගමනය කරනවා.
  • වැඩිපුර දෑත් හා දෑස් සම්බන්ධීකරණය අවශ්‍ය වන ක්‍රියාකාරකම්වල නිරත වෙනවා.
  • ආරක්ෂිත කතුර වැනි සරල මෙවලම් නිවැරදිව හා දක්ෂ ලෙස භාවිතා කරනවා.
  • අනෙක් දරුවන් සමඟ සිතීමෙන් තොරව ශාරිරිකව පමණක් සම්බන්ධ   වෙන්න ගන්නවා ( තල්ලු කිරීම, රළුබව, සටන් කිරීම වැනි දේවල් ).
  • වැඩි අවකාශීය දැනුවත්භාවයක් තියෙනවා.
  • තත්පර 10 කට වඩා වැඩි කාලයක් එක් කකුලකින් සිටගෙන ඉන්න පුළුවන්.
  • පිනුම් ගහන්න සහ පනින්න පුළුවන්.  
  • ට්‍රයිසිකල් එකක්  හෝ බයිසිකලයක් පදිනවා.

මේ කාලයේදී සමහර දරුවන්ගේ කිරි දත් වැටීමට පටන් ගන්නා ගන්නවා. ඒ මගින් ස්ථිර වැඩිහිටි දත් සඳහා ඉඩකඩ සලසනවා.  කෙසේ වෙතත්, බොහෝ ළමයින්ගේ වයස අවුරුදු පහ පසු  වන තුරු කිරි දත් නැති වැටෙන්නේ නැහැ.

වසරක් තුළ ඔබේ දරුවා උසින් සෙන්ටිමීටර 6 ක්ද බර කිලෝ ග්‍රෑම් 3 ක්ද වැඩිවෙනවා. ඔබේ දරුවා ඔවුන් කන ආහාර ගැන තව ටිකක් නොසංසුන්  වෙන්න  පුළුවන්.

ඉඟි:

  • ඔබ ඔබේ දරුවා විෂය බාහිර ක්‍රියාකාරකම් ආරම්භ කර නොමැති නම්, මේ  වයස ඒ සදහා සුදුසුය.   කණ්ඩායම් පන්ති  යෑමෙන් ඔවුන් පාසල සඳහා වඩාත් හොඳින් සූදානම් වෙනවා.   ඔවුන්ගේ අවකාශීය දැනුවත්භාවය දිරිගැන්වීම සඳහා නර්තන පන්තිය සුදුසු  වෙනවා.
  • ඔබේ දරුවාට එහා මෙහා යාමට සහ ඔවුන්ගේ නම්‍යශීලී බව ගවේෂණය කිරීමට ඕනෑ තරම් ඉඩ සහ කාලය ලබා දෙන්න. ඔවුන්ගේ ශක්තිය වැය කිරීමට පාපැදි පැදීමට ඉඩදෙන්න. නැතිනම්  ළමුන්ගේ ව්‍යායාම  ශාලාවකට ඔවුන්ව රැගෙන යන්න.
  • ඔබේ දරුවා ඔබේ ආහාර ගැනීමේ හැසිරීම අනුකරණය කරනවා. ඒ නිසා ඔවුන් ප්‍රමාණවත් බරක් ලබා ගෙන නොමැති නම් සහ ඔවුන්ගේ ආහාර ගැන නොසංසුන් නම්, ඒ ඔවුන්  ඔවුන්ගේ දෙමව්පියන් කරන දේ  පිළිබිඹු කිරීමක් වෙනවා. මෙම  වයසේදී ඔබේ දරුවන් ඉදිරිපිට ඔබේ ආහාර පාලනය  අවම කිරීමට උත්සාහ කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා ආහාර ගන්නා නමුත් බර වැඩිවීම හෝ උස වැඩීම නොවේ නම්, නොපෙනෙන  සෞඛ්‍ය ගැටලු තිබේදැයි ඔබේ  වෛද්‍යවරයා වෙතින් පරීක්ෂා කර ගන්න.

ඔබේ දරුවා ගැන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

  • සමාජ විරෝධී වීම හා කිසිදු කටයුත්තකට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම
  • දැඩි ලෙස ශක්තිය හීන වීමට පටන් ගෙන ඇති අතර “කම්මැලි” වීම

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවා බොහෝ පිළිතුරු සපයනවා. එය  නරක දෙයක් නොවේ. එය විවේචනාත්මක මානසික  කුසලතා සහ සංවර්ධනය පෙන්වනවා.

මෙම වයසේදී ඔබ ඔබේ දරුවා සමඟ සංවාදයේ යෙදෙන විට, ඔවුන් සංකල්ප උකහා ගනිමින් ඔවුන්ගේම අදහස් ගොඩනඟා ගන්නවා.

බඩේ කැක්කුම, හිසරදය, ශරීර කැක්කුම වැනි බොහෝ දේවල් ඔහු කියාවි. මෙයට හේතුව ඔවුන් ඔවුන්ගේ ශරීර ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීමයි.

ඔබට පරීක්ෂා කළ හැකි මානසික  සංවර්ධන සන්ධිස්ථාන කිහිපයක් මෙන්න:

  • ඔබේ දරුවා තනිවම කියවීමට ප්‍රිය කරනවා.
  • ඔහු තම සිතුවිලි හා තර්ක හොඳින් සම්බන්ධීකරණය කරනවා.
  • ඔබේ දරුවා සෑම දෙයක් ගැනම කුතුහලයෙන් සිටිනවා.
  • ඔහුට අදහස් පැහැදිලිව ප්‍රකාශ කරන්නත් ඒ සදහා අදාළ උදාහරණ ලබා දෙන්නත් පුළුවන්.  
  • ඔබේ දරුවා දිගු වාක්‍ය වලින් කථා කරනවා.
  • ඔබේ දරුවාගේ ක්‍රීඩා කාලයේදී රග දැක්වීම් හා සැබෑ ජීවිත තත්වයන් දකින්න ලැබේවි.

ඉඟි:

  • ඔබේ දරුවාට කියවන්න වයසට ගැලපෙන ද්‍රව්‍ය රාශියක් ලබාදෙන්න.
  • ඔබේ දරුවා සමඟ විනෝද වීමට රිද්මයානුකූල ගී, කවි සහ ප්‍රහේලිකා පිළිබඳ පොත් ලබා ගන්න. ඒ මගින්  මානසික  සංවර්ධනය තවදුරටත් උත්තේජනය කරන්න.
  • මතකය මැන බලන ක්‍රීඩා සමඟ ඔබේ දරුවාගේ මතක කුසලතා පරීක්ෂා කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

කියවීමට හා සිතිවිලි  වචන කිරීමට ඔබේ දරුවා ඉතා පසුගාමී ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ නම්, ඔවුන්ගේ මානසික  සංවර්ධනය පරීක්ෂා කිරීම සඳහා විශේෂඥයෙකු හමුවෙන්න.

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

පුංචි පැටියා හොදටම සමාජශිලී වෙලා නේද?  දැන් ඔහු  ආගන්තුකයන්ට  තම හැඟීම් ප්‍රකාශ කරන්න  ලැජ්ජා නැහැ.

ඔබේ එතරම් පුංචි  නැති  පැටියා  දැන් මුළු ලෝකයම ඔහු හෝ ඇය වටා කැරකෙන්නේ නැති බව ඉගෙන ගන්නවා.   අනෙක් අයගේ හැඟීම් සහ ශරීර භාෂාව තෝරා ගන්න ඔවුන්ට  පුළුවන්.

ඔවුන්ගේ හැඟීම් වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමට පුළුවන්.  ඒ වගේම  ඒවා ඵලදායී ලෙස  ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඉගෙන ගන්නවා. ඒ නිසා ඔවුන් නිකරුනේ උද්වේගකාරීව හැසිරෙනවා අඩුයි.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවාගේ හැකියාවන්

  • මිතුරන් සමඟ සෙල්ලම් කිරීමේ කාලය විනෝද වෙන්නත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියා වලින් අන් අයට සතුට ගෙන දෙන්නත් උත්සාහ කරනවා.
  • බෙදාගැනීම සහ ක්‍රිඩාවේ නීති රීති තේරුම් ගන්නවා.
  • ඔබ විසින් නියම කර ඇති නීතිවලට අවනත වෙනවා.
  • වඩාත් ස්වාධීනයි.
  • උද්වේගකාරීව හැසිරෙනවාට වඩා වචනයෙන් පවසනවා.
  • ඔවුන්ගේ තරඟකාරිත්වය තීරණය කරනවා - ඔවුන් එක්කෝ අඩු තරඟකාරීයි හෝ නැතිනම් එය පෙරට වඩා වැඩි වේවි.

ඉඟි:

  • මෙම වයසේ සෙල්ලම් කිරීමට අවස්ථාව ලැබීම දරුවන්ට බොහෝ යහපත් වෙනවා. අලුත්  මිතුරන් හා ඔවුන්ගේ දැනට සිටින මිතුරන් හමුවීමට ඔවුන්ව රැගෙන එන්න.  විවිධ සංස්කෘතීන් හා භාවිතයන්ට නිරාවරණය කර   ඔවුන්ගේ  සීමාවන් පුළුල් කරන්න.  
  • මෙම වයසේදී, අනුගමනය කළ යුතු නීති රීති සහිත ව්‍යුහාත්මක ක්‍රීඩා වල යොදවන්න. එවිට ඔබේ දරුවා ප්‍රාථමික පාසල සඳහා සූදානම් කිරීමේදී ඔහු වඩා හොඳ ශිෂ්‍යයෙකු බවට පත් වේවි.
  • ඔබේ දරුවා කෝපයෙන් හෝ කලකිරීමට හිටියත් වචන භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා මෙම සලකුණු  කිසිවක් ප්‍රදර්ශනය කරන්නේ නම්, එය සංවර්ධනයේ ප්‍රමාදයේ දර්ශකයක් වෙන්න  පුළුවන්.  එසේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න. 

අවධානය යොමු කළ යුතු ලකුණු කිහිපයක් මෙන්න:

  • ඔබේ දරුවා අතිශයින් බිය, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම්
  • මවුපියන්ගෙන් පුංචි කාලෙකට වුවත් වෙන් වූ විට ඔහු ඉතා කනස්සල්ලට පත්වන්නේ නම්
  • පහසුවෙන් අවධානය බිදෙනවා නම් හෝ මිනිත්තු පහකට වඩා අවධානය යොමු කිරීමට නොහැකි නම්
  • ඔබේ දරුවා සමාජ විරෝධී නම්
  • ඔබේ දරුවාට කිසිදු උනන්දුවක් නැතිනම්
  • ඔහු කිසිවෙකු සමඟ අක්ෂි සම්බන්ධතා නොපවත්තයි නම්
  • අන් අය සමඟ කතා කරන විට ඔබේ දරුවා ප්‍රතිචාර නොදක්වයි නම්
  • ඔබේ දරුවාට ඔහුගේ සම්පූර්ණ නම කීමට නොහැකි නම්

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබගේ කථා පෙට්ටියේ වචන මාලාව මේ වන විට තරමක් පුළුල් වෙලා නේද ? මෙම වයසේදී ඔබේ දරුවා වැඩි වැඩියෙන් හා පැහැදිලිව කථා කරනවා  ඔබට ඇසේවි.   

ඔහුට හැකි විය යුත්තේ:

  • වචන උද්දීපනය කරනවා. වඩාත් සංකීර්ණ වාක්‍ය භාවිතා කරනවා.
  • වස්තූන් 10 ක් හෝ වැඩි ගණනක් ගණන් කරන්න පුළුවන්.

° අවම වශයෙන් වර්ණ හතරක් සහ හැඩ තුනක් නිවැරදිව නම් කරන්න  පුළුවන්.

  • සමහර අකුරු හඳුනාගන්න වගේම ඔහුගේ හෝ ඇයගේ නම ලියන්න පුළුවන්.
  • උගන්වන්නේ නම් එක් භාෂාවකට වඩා ග්‍රහණය කර ගන්නවා.

ඉඟි:

  • ඔබේම දෙමව්පියන් හෝ මිතුරන් වැනි වෙනත් වැඩිහිටියන් සමඟ කටයුතු කිරීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. එවිට ඔහු ප්‍රසිද්ධියේ කථා කිරීම කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්නවා.
  • ඔබේ දරුවා ඔහුගේ සම වයසේ මිතුරන් හා සසඳන විට ටිකක් ලැජ්ජාශීලී නම්, ඔහුට සුවපහසු  නොවන අවස්ථා වල තුළ කතා කිරීමට ඔහුට බල නොකරන්න.
  • වචන මාලාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඔබේ දරුවා වැඩි අධ්‍යාපනික වැඩසටහන් වලට නිරාවරණය කරන්න. නමුත් තිරයේ වේලාව දිනකට පැයකට සීමා කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ භාෂාව සහ කථන සංවර්ධනය ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම්, වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට පෙර සොයා බැලිය යුතු අනතුරු  ඇගවීමේ  සලකුණු  කිහිපයක් මෙන්න:

  • ඔබේ දරුවාට වාචික නොවන සන්නිවේදනය කිසිසේත්ම අර්ථ නිරූපණය කරන්න නොහැකි නම්
  • ඔහු හෝ ඇය කතා කරන විට මිනිසුන් සමඟ අක්ෂි සම්බන්ධතාවය නොපවත්වන්නේ නම්
  • ඔබේ දරුවා පොදු වචන ගොඩක් මිශ්‍ර කරයි නම්

අවුරුදු 4 මාස 10 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

වයස අවුරුදු 4 දී මාස 10 ක් වයසැති දරුවෙකුගේ උස සෙන්ටිමීටර් 104 - 114 වෙන අතර බර කිලෝග්‍රෑම් 18- 20 වෙනවා.  මෙම වයසේදී ඔබේ දරුවා තවමත් වේගයෙන් වර්ධනය වෙනවා.

ඔබේ දරුවාගේ පෝෂණ අරමුණු සියල්ලම සපුරාලීම සඳහා, ඔහු / ඇය අනුභව කළ යුතු දේ මෙන්න:

පෝෂ්‍ය පදාර්ථය දිනපතා අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
ප්‍රෝටීන් ග්‍රෑම් 20-35 (දරුවෙකුගේ අත්ලෙහි ප්‍රමාණය) ග්‍රිල් කළ කුකුල් මස් හෝ බේක් කළ සැමන් හෝ ටෝෆු
කැල්සියම් මිලිග්‍රෑම් 1,000 කිරි වීදුරුවක්, කුඩා කැබැල්ලක් චීස් හෝ යෝගට් කෝප්පයක් (දිනකට සේවා තුනක් )
යකඩ මිලිග්‍රෑම් 10 අඹරන ලද හරක් මස් කුඩා කෝප්පයක් (ස්පැගටි සෝස් වලට පිසින ලද) හෝ කෙටි කෑමක් ලෙස  ඇට වර්ගෙකින්  කෝප්පයක්.
විටමින් ඒ 3,000 IU (900 mcg RAE)

වැඩි නොවන ලෙස

තැම්බූ කැරට් කෝප්පයක් හෝ බ්රොකොලි හෝ බිත්තර කහ මද දෙකක්
විටමින්  සී මිලිග්‍රෑම් 650 ට වඩා දොඩම් ගෙඩියක්  හෝ ස්ට්‍රෝබෙරි පහක්

 

එන්නත් සහ පොදු රෝග

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

පොදු උණ, පැපොල,  සරම්ප, කම්බුල් ගාය සහ ඇති විය හැකි ආහාර අසාත්මිකතාවන්  අවධානය යොමු කළ යුතු පොදු රෝග වෙනවා

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබට කිසියම් එන්නතක් මග හැරී ඇත්නම්, වෛද්‍යවරයකු හමුවී  ඔබේ දරුවා ඒවා ලබා දෙන්න.  ඔබේ දරුවා කැපි පෙනෙන  ලෙස මහත් වුවහොත්  හෝ බර අඩු වුවහොත් සැලකිලිමත් වෙන්න.

මෙම වයසේදී උණක් ලාබාල අවධියේ තරම් බරපතල නොවන නමුත් දිගටම  නිරීක්ෂණය කරන්න.  ඔබේ දරුවාගේ උෂ්ණත්වය සෙල්සියස් 38 ට වැඩියෙන්  දිනකට වඩා  පැවතුනහොත්  වහාම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 10

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it