අවුරුදු 04 මාස 11 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 11 පෙර පාසැල් ළමා සංවර්ධනය

මෙම මාසය තුළ ඔබේ දරුවා ඔබව මවිතයට පත් කරන්නේ කොහොමද කියලා බලමු.

අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය: ඔබේ කුඩා දරුවා සිය සිව්වන උපන්දිනය සමරන්න ලගයි. ඒ අතර දැන් ඔහු ළදරු පාසලකට සූදානම්. එහෙම නේද? 

ඔබේ වයස අවුරුදු 4 යි මාස 11 ක් වයසැති දරුවා ඔහුගේ සුරතලයෙන්,  දිනෙන් දින වර්ධනය වන ස්වාධීනත්වයත් එක්ක එකතු වු  කටකාර කමත් ඔබ සතුටු කරන  මේ මාසය තුළ ඔබ බලාපොරොත්තු  වෙන වෙනත් සංවර්ධනයන්  විමසා බලමු.

සෑම දරුවෙකුටම තමන්ගේ වේගයෙන් වර්ධනය වෙනවා.  ඒ නිසා මේවා සාමාන්‍ය මාර්ගෝපදේශ පමණක් බව සලකන්න. ඔබේ කුඩා දරුවාගේ වර්ධනය ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම් හෝ ඔහුගේ හෝ ඇයගේ දියුණුව පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්,  ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 04 මාස 11  පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 4 යි මාස 11 ක් වයසැති දරුවා තවදුරටත් කුඩා ගැටළුකාරී  ළදරුවෙකු නොවේ. ඔහු දැන් ඔහුගේ චලනයන් හොදින් සම්බන්ධීකරණය වෙන අතර  නිවැරදි වෙනවා.

මෙම අවස්ථාවෙහිදී, ඔහුගේ  ළදරුමේදය වැඩි ප්‍රමාණයක් නැති වී ගොස් ඇති අතර  මාංශ පේශි වැඩි කර ගන්නවා.

ඔහුගේ ළමා කාලයේ ඇති වෙන චලන  කුසලතා  ( Gross motor skills )  සහ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා ( Fine motor skills )   වේගයෙන් වර්ධනය වෙනවා. ඔබේ දරුවාට දැන් පනින්න, මඟ හැර පනින්න,  දුවන්න,  සහ  උඩ පනින්න පහසුවෙන්  කළ හැකි අතර  දුවන ගමන් උඩ පැනීම වැනි  ක්‍රියා දෙකක් එකට කරන්න පවා පුළුවන්.

මෙම අවස්ථාවේදී, ඔබේ දරුවාට පහත සඳහන් දේවල් කරන්න පුළුවන්.

  • තත්පර කිහිපයක් තනි කකුලෙන් සමතුලිත ඉන්න පුළුවන්.
  • වම් දකුණ අදුරන්න පුළුවන්.
  • වතුර බෝතලයක මූඩීය අරින්න / වහන්න වගේ උපායශීලී ක්‍රියාවන් හසුරුවන්න පුළුවන්.
  • දෙමාපියන්ගේ සහාය නොමැතිව ඇඳුම් ගලවා ගන්න පුළුවන්.
  • උපකාරයක් නොමැතිව වැසිකිළියට යන්න පුළුවන්.
  • ළමයින්ට හිතකර කතුරක් නිවැරදිව අල්ලාගෙන භාවිතා කරන්න පුළුවන්.
  • පැන්සල ඇඟිලි තුනක ග්‍රහණයකින් භාවිතා කරන්න පුළුවන්.

ඔබේ වයස අවුරුදු 4  මාස 11 ක් වු දරුවා  සම්පුර්ණයෙන්ම  වැසිකිළි පුහුණුවක් ලැබුවද, සමහර විට ඔහු තවමත් ඇඳ තෙත් කරනවා. ඔහුගේ මාංශ පේශි වල සහ මුත්‍රාශයේ පාලනය තවමත් වර්ධනය වෙමින් පවතිනවා. ඒනිසා ඇඳ තෙත් කිරීම ගැන ඕනෑවට වඩා කණගාටු  වෙන්න එපා.

ඉඟි:
  • ඔබේ දරුවාට එළිමහනේ ගවේෂණය කිරීමට සහ සෙල්ලම් කිරීමට වැඩි කාලයක් දෙන්න. සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ඔහු නිරන්තරයෙන් ඉගෙන ගන්නා බැවින් ඔහුට දුව ගොස් ඔහුගේ ශක්තිය පිට කරන්න ඉඩ දෙන්න.
  • ඔහුට ක්‍රීඩා පිටියට රැගෙන ගොස් නව උපකරණ භාවිතා කරන්නේ කෙසේදැයි උගන්වන්න.
  • පිහිනීම, කරාතේ, බැලේ හෝ සංගීතය වැනි අමතර ක්‍රියාකාරකම් දරුවාගේ මාංශ පේශි හා සම්බන්ධීකරණය මනාව සකස් කිරීමට හා  ප්‍රයෝජනවත් නව කුසලතා ඉගැන්වීමට  උපකාරී වෙනවා.
  • ඔහුට ආහාර ගැනිමේදී භාවිතා වෙන පුරුදු උගන්වන්න. මුළුතැන්ගෙයි උපකරණ නිසි ලෙස භාවිතා කරන්න කෙසේදැයි කියා දෙන්න.
  • රෙදි සේදීම, මේසය සකස් කිරීම, පිඟන් සේදීම වැනි සරල ගෙදර දොරේ වැඩ සඳහා ඔහුගේ උදව් ගන්න.   මෙය වගකීම උගන්වන අතර කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා ( Fine motor skills )  ද වර්ධනය කරනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා ඉහත සඳහන් කළ කුසලතා ප්‍රදර්ශනය නොකරන බව ඔබ දුටුවහොත් ඔහුව වෛද්‍යවරයා වෙත ගෙන යන්න. අවධානය යොමු කළ යුතු ලකුණු කිහිපයක්:

  • අවුල්සහගත වීම - ඇවිදින විට හෝ දුවන විට බොහෝ විට ලිස්සා ඇදගෙන වැටීම
  • හෝඩියේ අක්ෂර කිහිපයක්වත් ලිවීමට නොහැකි නම් හෝ මූලික හැඩතල ඇඳීමට නොහැකි නම්
  • ඔහුට ඇදුම් ගලවන්න දුෂ්කර නම්
අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔහු දැනටමත් පෙර පාසැල් යනවා වෙන්න පුළුවන්  නැතිනම්  ඊළඟ මාසයේදී යන්නට ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්.  ඔබ අවුරුදු 4 සිට මාස 11 ක් වයසැති දරුවා නව තොරතුරු උරා ගන්නවා මෙන්ම  ඉගෙන ගන්නවා.  එවිට  ඔහුගේ මානසික  සංවර්ධනය ඉදිරියට ගමන්  කරනවා.

ඔබේ පුංචි  පැටියාගේ  ඔබට නිරීක්ෂණය කළ හැකි සන්ධිස්ථාන කිහිපයක්,
  • 10 වෙනකම් හෝ ඊට වැඩි ගණනක් ගණනය කරන්න පුළුවන්.
  • ශරීර කොටස් ඇති පුද්ගලයින් අදින්න පුළුවන්.
  • දිනපතා භාවිතා කරන ගෘහස්ථ වස්තූන් නම් කරන්න පුළුවන්
  • අවම වශයෙන් වර්ණ හතරක් වත් නිවැරදිව නම් කරන්න පුළුවන්.
  • සමහර අකුරු සහ අංක ලියන්න පුළුවන්.
  • කාලය හා මුදල් පිළිබඳ සංකල්ප පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තියෙනවා.
ඉඟි:
  • ඇඳීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. එය ඔහුගේ නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය උත්තේජනය කරන අතර ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) වර්ධනය කරනවා.
  • DIY ව්‍යාපෘති එක්ව කරන්න. නමුත් ඔබේ දරුවාට පෙරමුණ ගන්න ඉඩ දෙන්න.
  • ඔහු සමඟ කියවන්න. එකට කියවීම, කතන්දර පැවසීම සහ ගීත ගායනා කිරීම ඔබේ දරුවාගේ මානසික හා භාෂා සංවර්ධනය දිරිමත් කරනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔහු මවාපෑමේ රගපෑම් නොකරන විට - එනම් තාත්තා හෝ රොබෝ / සුපිරි වීරයෙකු වගේ මවාපෑමේ රගපෑම්
  • ඔහුට කොටස් විධාන දෙකක් නොතේරෙන විට, එනම් පොත ගෙන පෙට්ටියට දමන්න
අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා නව මිතුරන් ඇති කර ගැනීමට සහ පවුලේ නොවන අය (වෙනත් ළමයින් හා ගුරුවරුන්) සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට පටන් ගන්නවා.  ඔහු බොහෝ විට සමාජශිලී වෙනවා. අන් අයට ප්‍රසන්න වෙන්නත් ඔවුන් සතුටු කරන්නත් ඔහුට  අවශ්‍ය වෙනවා.

මේ වන විට, ඔබේ දරුවා විවිධ ලිංගභේදය සහ විවිධ ශරීර කොටස් ගැන දන්නවා. ඔබේ අවුරුදු 4 මාස 11 ක දරුවා විශාල ස්වාධීනත්වයක් පෙන්වන අතර මවාපෑම  සහ සැබෑව  අතර වෙනස හඳුනාගත හැකිය.

ඔහු “ලොකු ළමයෙක්” වගේ පෙනුනත්, ඔහු තවමත්  උද්වේගකාරී වීම , පාලනයෙන් තොර වීම හා අන්තයටම  හැගීම්බර  වීම වෙන්න   පුළුවන්.  

ඔබේ දරුවා “බොරු” කියනවා නම් ඔබ කලබල නොවන්න (එනම්, ඇය එහෙම  කලේ නැහැ  කිව්වා, ඒත්  ඇය එහෙම  කලා), මෙය මේ වයසේදී ඔහුගේ සංවර්ධනයේ සාමාන්‍ය කොටසකි.

ඉඟි:
  • කෝපය සහ කලකිරීම වැනි දැඩි හැඟීම් පාලනය කිරීමට ඔබේ දරුවාට කියාදෙන්න.
  • බෙදාහදා ගැනීමට ඉගෙන ගැනීමට, මිතුරන් අතර වැරදි වටහා ගැනීම් පතුරුවා හැරීම සහ සහන සහ සම්මුතීන් ඇති කර ගැනීම  ගැන ඔහුට කියාදෙන්න.
  • ඔබේ දරුවා ඔහු සමඟ කතා කරන විට ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබ ඔහු වෙනුවෙන් එහි සිටින බවත් ඔහුට සවන් දෙන බවත් ඔහුට පෙන්වන්න. ඔහු කැමති හා අකමැති දේ ගැන ඔහුගෙන් විමසන්න. වඩා හොඳින් ප්‍රකාශ කිරීමට ඔහුට උදව් කරන්න.
  • ඔබේ දරුවාව සෙල්ලම් කිරීමට, නැටීමට, ගායනා කිරීමට ධෛර්යමත් කරන්න. මෝඩ වෙන්න, විහිලු දේවල් ගැන හිනා වෙන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවා නිතරම අසතුටින් හෝ කෝපයෙන් සිටී නම්
  • අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට උනන්දුවක් නොදක්වයි නම්
  • හැඟීම් ප්‍රකාශ නොකරයි නම් හෝ මිනිසුන්ට ප්‍රතිචාර නොදක්වයි නම්
අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා සමඟ වාඩි වී හොඳ කතාබස් කිරීමට හොඳම වයස මෙයයි. විනෝදය සහ පරිකල්පනය පිරී ඇති ලෝකය ඔබටද විවෘත වේවි. වයස අවුරුදු 4 සිට මාස 11 වන විට, ඔබේ දරුවාට වචනවලින් තම අදහස් ප්‍රකාශ කළ හැකිය.

ඔහුට හොඳින් කථා කිරීමට සහ වැඩිහිටියන්ට තේරුම් ගත හැකි අතර වඩාත් සංකීර්ණ උපදෙස් තේරුම් ගන්න  පුළුවන්.  ඔහුට කතාවක කොටසක් සිහිපත් කල හැකි අතර දිගු කතන්දර පවසන්න  පුළුවන්.  

ඔහු පුංචි  කථා පෙට්ටියක් වෙනවා  පමණක් නොව, ඔහුට අවශ්‍ය දේ ඔබට පවසන්නත්  පුළුවන්.  අනාගත කාල වාක්‍ය  භාවිතා කළ හැකි අතර   පසෙකින්, ඉහළින්, යටින් වැනි  ස්ථානීය වචන මාලාවද තේරුම් ගත ගන්නත් පුළුවන්.  

ඔබේ දරුවාට මේ දේවල්ද පුළුවන්.
  • ඔහුගේ සම්පූර්ණ නම සහ ලිපිනය කියනවා.
  • වචන නවයක් දක්වා වාක්‍ය කියන්න පුළුවන්.
  • පැහැදිලිව කථා කරනවා. බොහෝ විට  ආගන්තුකයිනට ඔහුව  තේරුම් ගත ගන්න පුළුවන්.
  • ඔහුගේ දවසේ සිදු වූ හෝ කතාවක  තිබු   සංකීර්ණ සිදුවීම් මතක් කරනවා.
  • කාලය අනුව වාක්‍ය නිවැරදිව භාවිතා කරනවා.
දෙමාපියන්ට ඉඟි:
  • ඔබේ දරුවාට දිගටම කියවන්න. ඔහුගේ වචන මාලාව දිගින් දිගටම වැඩිවෙන අතර ඔහු පාසැලට සූදානම් කරාවි.
  • පින්තාරු කිරීම, චිත්‍ර ඇඳීම සහ සංගීතය වැනි පරිකල්පනය  හා නිර්මාණාත්මක සෙල්ලම්  සඳහා කාලය වෙන් කරන්න.
  • ඔබේ දරුවා සමඟ කරන්න. පාසලේදී, උද්‍යානයේදී ඔහුගේ දිනය ගෙවුන හැටි විමසන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවාට ඔහුගේ සම්පූර්ණ නම කීමට නොහැකි නම්
  • කතා කරන විට බහු වචන භාවිතා නොකරනවා නම්
  • ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ගැන කතා නොකරනවා නම්
අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වසර තුළ, ඔබේ අවුරුදු 4 මාස 11 ක දරුවා අඟල් 2-3 ක් උසින් වැඩෙන අතර  කිලෝග්‍රෑම් 2-3 ක් බරින් වැඩි වෙනවා.

ඔබේ දරුවාට සමබර ආහාර වේලක් ගැනීම වැදගත් වෙනවා. එමඟින් ඔහුට නිරෝගී වේගයකින් වර්ධනය වෙන්න  පුළුවන්.  

ඔහු දිනකට කැලරි 1,200 ක් පමණ ආහාරයට ගත යුතු නමුත් එය ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් අනුව වැඩි වේවි.

මෙම වයසේ දරුවන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ආහාර තෝරා ආහාරයට ගන්නවා. ඔහුට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සඳහා සමබර ආහාර වේලක් ලබාදීමට ඔබේ උපරිමය කරන්න.

මෙන්න පුංචි මග පෙන්වීමක්
ආහාර වර්ගය    නිර්දේශිත කොටස්   ප්‍රමාණය
ධාන්‍ය                                

 (දිනකට කුඩා සේවා 6ක්)

පාන් පෙති  1/2

පිසූ බත්   / පැස්ටා  කෝප්පයක්

 වියළි    ධාන්‍ය කෝප්ප 1/2

ක්‍රැකර්

මේද (දිනකට  සේවා  3-4 ) බටර් / තෙල්  තේ හැන්දක්
පලතුරු සහ එළවළු (දිනකට 4-6 සේවා) කුඩා පළතුරු 1 -  1/2

100% නැවුම් යුෂ කෝප්ප 1/3

 පිසූ එළවළු කෝප්ප 1/4

සලාද කෝප්ප  1/2

මස් (දිනකට සේවා 2 ක්) ග්රෑම් 30 මස් (මාළු, කුකුල් මස්, ටෝෆු)

බිත්තර 1

ඇට සහ බෝංචි කෝප්ප 1/3

කිරි (දිනකට 2-3 සේවා) කිරි කෝප්ප 1/2

යෝගට් 1/2

චීස් ග්රෑම් 30 යි

එන්නත් සහ පොදු රෝග

එන්නත් බොහොමයක් දැනටමත් ලබා දී ඇත. ඔහු අවුරුදු පහක් වීමට පෙර මෙම එන්නත් සම්පූර්ණ කර ඇති බවට වග බලා ගන්න. වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ  බලාපොරොත්තු වන්න. ඔබේ දරුවා පෙර පාසලේදී වෛරස් වලට ගොදුරු වන හෙයින් ඔහු ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනගා ගන්නවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ දරුවා බර අඩු හෝ බරින් වැඩි නම්
  • ඔබේ දරුවාට ආහාර කැවීම අතිශයින්ම අසීරු නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

Written by

Niloufer Perera