අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ කුඩා දරුවාට මේ මොහොතේ හමුවෙන සන්ධිස්ථාන මොනවාද? අපි සොයා බලමු.

අවුරුදු 4 මාස 4 ළමා වර්ධනය: දෙමාපියන්ට කාලේ යනවා දැනෙන්නේ නැහැ.  හරියට කාලේ ඉගිලෙනවා වගේ නේද? ඔබේ දරුවාට දැන් වයස අවුරුදු 4 යි මාස 4 යි.

ඊයේ ඔහු කිරි කැටියෙක්ව  සිටියා වගේ නේද?  දැන් ඔහු දුවනවා, කතා කරනවා, ලෝකය ගැන හැම දෙයක්ම ඉගෙන ගන්නවා.

වයස අවුරුදු 4  මාස 4 ක් වු  ඔබේ දරුවාගේ දියුණුව ගැන ඔබ කුතුහලයෙන් නේද?  ඔහු මේ මාසයේ ඉගෙන ගන්නා සිත්ගන්නාසුලු දේවල් මොනවාද?  අපි සොයා බලමු.

වයස අවුරුදු 4 මාස 4 ළමා වර්ධනය-  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 4 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 4 මාස 4 ක දරුවාට කරදරයකින් තොරව දුවන්නට හා පැනීමට හැකියාවක් තියෙනවා. සෙල්ලම් කරන අතරතුර ඔහුට නැගීමට හා පැද්දීමට හැකියාව තිබිය යුතුය.

 ඔබේ වයස අවුරුදු 4  මාස 4 දක්වා වූ දරුවාගේ වෙනත් හැකියාවන්

  • තත්පර නවයකට වඩා වැඩි කාලයක් තනි කකුලින් සමතුලිතව  ඉන්න  පුළුවන්.
  • කරදරයකින් තොරව පඩිපෙල ඉහළට හා පහළට යන්න පුළුවන්.
  • ට්‍රයිසිකල් එක පදින්න පුළුවන්.
  • පුද්ගලයකු අදින්න පුළුවන්.
  • හැන්ද හා ගෑරූප්පුව භාවිතා කරන්න පුළුවන්.  
  • ඇදුම් අදින්නත්, දත් මදින්නත් පුළුවන්.
  • රවුම්, ත්‍රිකෝණය වැනි සරල හැඩතල ඇඳීමට හා පිටපත් කිරීමට පුළුවන්.
  • ඉදිරියට හා පසුපසට ඇවිදින්න පුළුවන්.

වයස අවුරුදු 4  මාස 4 ක් වයසැති දරුවාගේ අත් සහ ඇඟිලි වල හැකියාවන්  මේ වන විට  හොඳින් වර්ධනය වෙලා තියෙනවා.  ඔහුට  කිසිදු ගැටළුවකින් තොරව  පෑනක් අල්ලා ගැනීමට, ඇඳීමට හා කුඩා වස්තූන් අල්ලා ගැනීමට පුළුවන්.

මෙම අවස්ථාවෙහිදී ඔබේ කුඩා දරුවා ඉතා ක්‍රියාශීලීයි.  ඒක මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා  ඔහු සෙල්ලම් කරන විට ඔහු ගැන නිතරම විමසිල්ලෙන් සිටින්න.  විශේෂයෙන් අවුරුදු 4 මාස 4 ක් පමණ වයසැති ළමයින් පිනුම් ගහන්න ඉඩ තියෙනවා.

ඉඟි:

  • ඔබේ දරුවාව ක්‍රියාශීලී වීමටත්, සෙල්ලම් කිරීමෙන් ඉගෙන ගැනීමත් දිරිමත් කරන්න.
  • ඔහුගේ දෑත් දෑස් සම්බන්ධීකරණය හා නිපුණතාවය  තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා විවිධ හැඩයන් ඇඳීමට ඔහුට ඉඩ දෙන්න.
  • ඔබේ දරුවා ක්‍රීඩා පිටියකට රැගෙන ගොස් ක්‍රීඩා පිටියේ උපකරණ අත්හදා බැලීමට ඔහුව යොමු කරන්න.
  • නිර්මාණාත්මක කටයුතුවල යෙදීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. ඒ මගින් ඔහුගේ දෑතේ නිපුණතාව මෙන්ම ඔහුගේ නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය වැඩි දියුණු කරන්න

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ කුඩා දරුවාගේ වර්ධනයේ කිසියම් සුවිශේෂී සලකුණු හෝ අක්‍රමිකතාවක් ඔබ දුටුවහොත්, ඒ පිළිබඳව වෛද්‍යවරයකු සමඟ කතා කරන්න.

 සැලකිලිමත් විය යුතු  සලකුණු කිහිපයක්:

  • ඔබේ දරුවාට ඇවිදීමට හෝ ඉහත සදහන් කල වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට අපහසු නම්
  • ඔබේ දරුවාට පාට කූරු හෝ පැන්සල් වැනි කුඩා වස්තූන් රඳවා තබා ගන්න අපහසුතාවයක් ඇත්නම් හෝ බ්ලොක්ස් ගොඩගැසීමට  නොහැකි නම්

අවුරුදු 4 මාස 4 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

දැන් ඔබේ කුඩා දරුවාට  සංවාදයක් පවත්වන්න පුළුවන්. ඔහුට තවම හොඳින් කථා කිරීමට නොහැකි වේවි.  නමුත් ඔහුගේ වචන මාලාව දිනෙන් දින වර්ධනය වෙමින් පවතිනවා.  හැඟීම් සහ අවශ්‍යතා ප්‍රකාශ කිරීමටත් මූලික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටත්  ඔහුට දැන් පුළුවන්.

දරුවා මේ වයසේදී ගායනා කරන්න  පටන් ගනීවි.  ඒ වගේම  ඔහු තමාගේම ගීත නිර්මාණය කර  ගායනා කරාවි. මෙය සාමාන්‍යයි. මේ වයසේ ළමයින් ද වචන සෑදීමට ප්‍රිය කරන අතර පොදුවේ   විසුළු ලෙස හැසිරෙනවා.

ඔබේ දරුවාට චර්‍යාවන් සකස් කිරීම සුදුසු වෙනවා. එවිට දෛනික කටයුතුවලදී ව්‍යුහයක් පවත්වා ගැනීමට හුරුවෙන්න  ඔහුට පුළුවන්.

ඔබේ අවුරුදු 4 මාස 4 ක දරුවා තුළ අපේක්ෂා කළ යුතු මානසික  සන්ධිස්ථාන කිහිපයක්

  • වඩාත් සංකීර්ණ වාක්‍ය කථා කිරීමට පටන් ගන්නා අතර, විශාල වචන මාලාවක් ද ඔහු සතුයි.
  • 10 වෙනකම් ගණන් කරන්න පුළුවන්.
  • අවම වශයෙන් වර්ණ හතරක් සහ විවිධ හැඩයන් තුනක් හඳුනාගන්න පුළුවන්.
  • ඔහුගේ අවධාන පරාසය විශාල ලෙස වැඩි වෙලා තියෙනවා.
  • ඔහුට කාලය පිළිබඳ සංකල්පය තේරුම් ගන්න පුළුවන්.(දැන්, පසුව) දෛනික චර්යාවක් අනුගමනය කරන්න පුළුවන්.

ඉඟි:

ඔබේ කුඩා දරුවාගේ මානසික  කුසලතා තව දුරටත් ඉහළ නැංවීම සඳහා, ඔබේ දරුවාට අලුත්  වචන ඉගැන්වීම හොඳ අදහසක් වෙනවා. 

සංවාදයක් අතරතුර අලුත්  වචනයක් හඳුන්වා දීමෙන් ඔබට මෙය ආරම්භ කරන්න පුළුවන්.

එය වස්තුවක් නම්,  මුදුණය කල ඡායාරූපයක් හෝ  සැබෑ වස්තුව  පෙන්වන්න. එවිට ඔබේ දරුවාට වචනය පහසුවෙන් මතක තබා ගන්න පුළුවන්.

  • හැඩයන් සහ වර්ණ සහිත ෆ්ලෑෂ් කාඩ්පත් භාවිතා කර එය විවිධ ක්‍රීඩා වලට යොදාගන්න. ඒ මගින් ඔබේ දරුවාගේ මතකය වැඩි දියුණු කරන්න.
  • ඔබ ඔබේ දරුවාට පොත් කියවන විට, ඔහුට වචනය සහ අකුරු පෙන්වන්න. එවිට ඔහු එම වචනයේ තේරුම සහ එය ලියා ඇති ආකාරය සහ උච්චාරණය කරන ආකාරය අතර සම්බන්ධය තේරුම් ගන්නවා.
  • සරල හා පැහැදිලි උපදෙස් දෙන්න. ළමයින්ට සංකීර්ණ විධානයන් සමග ව්‍යාකූල වෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ අවධානය පහසුවෙන් බිදෙනවා නම් හෝ ඔබ උපදෙස් දෙන විට අවධානය යොමු කිරීමට අපහසු නම්
  • මෙම වයසේදී, ඔහුගේ වචන මාලාව සීමිත නම් හෝ ඔහුට හොඳින් වාචිකව අදහස් ප්‍රකාශ  කිරීමට නොහැකි නම්
  • ඔහුට තවමත් වර්ණ හා හැඩයන් හඳුනා ගැනීමට අපහසු නම්

අවුරුදු 4 මාස 4 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වන විට ඔබේ  දරුවා අන් අය ගැන වඩාත් සැලකිලිමත් වීමට පටන් ගෙන තියෙනවා.  මීට පෙර, ඔබේ දරුවා   තමා ගැන පමණක් සිතුවත්, අනෙක් අයගේ හැඟීම් ගැන ඔහුට දැන් හොද අවබෝධයක් තියෙනවා. 

ඔහුට ඔහුගේ හැඟීම් වඩාත් හොඳින් හසුරුවන්න  පුළුවන්.  ඒ වගේම   කනස්සල්ලට පත් වුවහොත් තමාව පාලනය කර ගන්න ඔහු දන්නවා.

ඔබේ දරුවා මේ වයසේදී වඩා හොඳින් සමාජ ගත කරන්න පුළුවන්. ඔහු මිතුරන් ඇති කර ගැනීම සාමාන්‍යයි. ඔබ ක්‍රීඩා පිටියක සිටින විට, සෙල්ලම් සහකරුවන් සහ මිතුරන් සොයා  ඔහු වෙනත් ළමයින් වෙතට ඇවිදයන්න පුළුවන්.

ඔබේ දරුවා තුළ සොයා බැලිය යුතු මෙම ක්ෂේත්‍රයේ වර්ධනයන් කිහිපයක්

  • ඔහු වඩාත් ස්වාධීන වීමට පටන් ගන්නා අතර, සමහර දේවල් ඔහුම කරන්න කැමතියි.
  • ඔබේ දරුවාට නීති තේරුම් ගැනීමට හා කීකරු වෙන්න පුළුවන්.
  • ඔහුට වෙනත් දරුවන් සමඟ සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නත් ඔහුට පුළුවන්.
  • ඔහු උද්වේගකාරී වු විට ඔහු එය ශාරීරිකව නොව වාචිකව ප්‍රකාශ කරනවා.

ඉඟි:

  • ඔබේ දරුවාව සමාජගත වී අනෙක් දරුවන් සමග සෙල්ලම් කරන්න දිරිමත් කරන්න.
  • ඔබ ඔහුට නීති සැකසීමේදී, එය පැහැදිලිව සකස් කරන්න. ඔබ එම නීති මුලින්  සෑදීමට හේතුව ඔහුට  පැහැදිලි කරන්න.
  • ස්වාධීන වීමටත්, තනිවම දේවල් කිරීමටත් ඔහුව ධෛර්යමත් කරන්න.
  • බෙදාගැනීම, අවස්ථාව ලබා ගැනීම වැනි  සමාජීය කුසලතා ඔහුට උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා පහත සඳහන් සලකුණු  කිසිවක් පෙන්වන්නේ නම්, එයට හේතුව පරීක්ෂා කිරීමට වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කරන්න.

  • මිතුරන් ඇති කර ගැනීමට බිය නම් හෝ වෙනත් ළමයින් සමඟ ඉතා ආක්‍රමණශීලී වීමට නැඹුරු වෙනවා නම්
  • අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කැමති නැතිනම්
  • තනිවම සිටින විට හෝ ඔබෙන් වෙන් වූ විට ඔහු දැඩි කනස්සල්ලට පත්වේ නම්
  • ඔහු වෙනත් පුද්ගලයින්ට හෝ වෙනත් දරුවන්ට ප්‍රතිචාර නොදක්වන්නේ නම්

අවුරුදු 04 මාස 04 පෙර පාසැල්ළමා සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ  වයසේදී, ඔබේ දරුවා කටකාර වෙන්න පටන් ගන්නවා. ඔහු ඔබ සමඟ සංවාද ආරම්භ කරනවා වගේම  ප්‍රශ්න රාශියක් ඔබෙන් ඇසීම සාමාන්‍යයි.

ඔහුගේ වචන මාලාවද මේ වයසේදී දියුණු වීමට පටන් ගන්නවා.  ඔහු දිනපතාම අලුත්  වචන ඉගෙනීම සාමාන්‍යයි.

  • ඔහු පැහැදිලිව කථා කිරීමට පටන් ගන්නවා. කථා කරන විට අලුත් වචන භාවිතා කිරීමට උනන්දුවක් දක්වනවා.
  • ඔහුගේ සම්පූර්ණ නම මතක තබා ගන්න පුළුවන්.
  • ඔහුට දැනටමත් මිනිසුන් සමඟ සංවාද ආරම්භ කරන්න වගේම  එය දිගටම පවත්වාගන්න පුළුවන්.
  • ඔහුට ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් සමහර විට ඔහුට ප්‍රතිචාර දැක්වීමට පෙර යම් පෙළඹවීමක් අවශ්‍ය වේවි.

ඉඟි:

  • ඔබේ දරුවාට ශබ්ද නඟා කියවීම ඔහුගේ කථනය මෙන්ම ඔහුගේ වචන මාලාවද වැඩිදියුණු කරනවා.
  • දරුවාට නිතර කතා කරන්න. වඩාත් සංකීර්ණ වචන භාවිතා කිරීමට බය වෙන්න එපා.
  • ඔබේ දරුවාට අලුත් වචන සහ අකුරු ඉගැන්වීමට ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්න.
  • කඩදාසියක නම ලිවීමට ඔබේ දරුවා දිරිගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට කථා කිරීමේ අපහසු නම් හෝ ඔහුගේ නම කීමට නොහැකි නම්
  • ඔහුට සරල වචන හෝ උපදෙස් තේරුම් ගැනීමට අපහසු නම්
  • අලුත් වචන ඉගෙන ගැනීමට නොහැකි නම්
  • ඔබේ දරුවාගේ වචන මාලාව පසුගිය වසර පුරා වර්ධනය වී නොමැති නම්

ඔබේ දරුවා මෙම අනතුරු ඇඟවීමේ සලකුණු  පෙන්වන්නේ නම්, ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.  ඔවුන් ඒ සම්බන්ධව ඔබට උදව් කරාවි.

අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

වයස අවුරුදු 4  මාස 4 වු ඔබේ දරුවාගේ උස සෙන්ටිමීටර 101 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 15 ක් පමණ වේ. මෙම වයසේදී, ඔබේ දරුවා අඛණ්ඩව සංවර්ධනය වෙමින් හා වර්ධනය වෙමින් පවතිනවා.

එබැවින් ඔබේ දරුවාට ඔවුන්ගේ මනස සහ ශරීරය පෝෂණය කරන සහ ශක්තිමත් කරන සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම වැදගත් වෙනවා. 

එමෙන්ම ඔබේ දරුවාට ප්‍රමාණවත් විවේකයක් හා වැඩි ව්‍යායාම ප්‍රමාණයක් ලබා දීම වැදගත් වෙනවා.  ඒ මගින් ඔහුගේ ශරීරය නිසි ලෙස වර්ධනය හා සංවර්ධනය කරන්න පුළුවන්.

ඔබේ දරුවාට අවශ්‍ය වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් පෙන්වන හුරුබුහුටි සටහනක් මෙන්න:

පෝෂ්‍ය පදාර්ථය ලබා දිය යුතු ප්‍රමාණය ඔවුන්ට ලබා දිය යුතු ආකාරය
ප්‍රෝටීන් 20.1g ( ඔබේ දරුවාගේ අල්ලේ ප්‍රමාණය) ආහාර වේලකට අගල් 1 පමණ වු කුකුල් මස්, හරක් මස් හෝ මාළු වැනි තුනී  මස් කැට 3 ක් පමණ
මේද 25g (තේ හැදි 1 පමණ) රෝස්ට් කරපු ඇට වර්ගයකින් අල්ලක ප්‍රමාණය
තන්තු 25g (තේ හැදි 1 පමණ) ආහාර වේලකට දුඹුරු  බත් කෝප්පයක් හෝ තිරිඟු පාන් පෙති 3 ක් පමණ
කැල්සියම් 600mg (කෝප්ප 2) සම්පූර්ණ මේද කිරි කෝප්ප 2 ක් හෝ යෝගට්

එන්නත්:

වයස අවුරුදු 4  මාස 4  සදහා නව එන්නත් නැහැ. නමුත් ඔබේ දරුවාට දැනටමත් පහත එන්නත් ලබා දී තිබිය යුතුය:

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්

වෛද්‍යවරයා හා කතා කර  උණ එන්නත වාර්ෂිකව ලබා  දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • හදිසියේ බර වැඩිවීම / අඩුවීම
  • ඉහළ උණ (අංශක 39 ට වැඩි)
  • ඕනෑම හදිසි හැගීම් වෙනස් වීමක් •වැටීමෙන් පසු ඉදිමීම සහ වේදනාව

* ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 05

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera