අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ කුඩා දරුවා මේ මොහොතේ පසුකර  යෑමට  නියමිත  සන්ධිස්ථාන මොනවාද? අපි සොයා බලමු.

අවුරුදු 4 මාස 5 ළමා වර්ධනය: ඔබේ අගනා දරුවා ඉපදී අවුරුදු හතරක් ඉක්ම ගිහින් නේද ? දැන්, ඔහුට අවුරුදු 4 යි මාස 5 යි.  ඔව්,  ඔවුන් ඉතා වේගයෙන් වැඩෙනවා.  නමුත් තවම ඔබට ඔබේ දරුවාගේ සංවර්ධනයේ විස්මිත සන්ධිස්ථාන භුක්ති විඳින්න  පුළුවන්.  ඔබේ අවුරුදු 4 මාස 5 ක් වයසැති දරුවාගේ සංවර්ධනයක් තිබේද යන්න දැන ගැනීමට ඔබට අවශ්‍ය වේවි. ඒ නිසා මේ තොරතුරු කියවන්න.

වයස අවුරුදු 4 මාස 5 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 5 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 4 මාස 5 ක් වයසැති දරුවා මේ වයසේදී ඉතා ක්‍රියාශීලීයි. ඔහු දුවන්නට, පනින්න, නගින්න වගේම   සියලු ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට ප්‍රිය කරන නිසා ඔබට අසීරු  කාලයක් උදාවේවී. දෙමව්පියන් වශයෙන් එය ඔබට වෙහෙසකර වෙන්න පුළුවන්.  දරුවා නිරෝගීව හා ශක්තිමත්ව වැඩෙන බව එයින් අදහස් කෙරෙන නිසා  මෙය හොඳ දෙයකි.  

ඔබේ අවුරුදු 4 මාස 5 ක දරුවා තුළ ඔබට හමුවිය හැකි වෙනත් කුසලතා කිහිපයක් මෙන්න:

  • පිනුම් ගහන්න පුළුවන්
  • පෑනක් අල්ල ගන්න පුළුවන්. කුඩා වස්තූන් ග්‍රහණය කරගන්නත් පුළුවන්.
  • බෝලයට පා පහර දෙන්න පුළුවන්.
  • බෝලයක් විසිකරන්න හා අල්ල ගන්න පුළුවන්.
  • වටේටම පනින්න පුළුවන්
  • බ්ලොක්ස් 10 ක් හෝ වැඩි ගණනක් ගොඩගසන්න පුළුවන්.

සෙල්ලම් කිරීම තම දරුවාගේ වර්ධනයේ වැදගත් අංගයක් බව දෙමාපියන් සැමවිටම මතක තබා ගත යුතුය. ඒ නිසා ඔබේ කුඩා දරුවා අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට දිරිගන්වන්න. ඒ වගේම  ක්‍රීඩා පිටි වැනි ආරක්ෂිත ස්ථාන  ගවේෂණය කිරීම දිරිගන්වන්න. මෙම ක්‍රියාකාරකම් ඔහුගේ ශාරීරික හැකියාව වර්ධනය කිරීමට උපකාරී වන අතර ඔබේ කුඩා දරුවා නිරෝගී  හා ශක්තිමත් ලෙස තබා ගන්න  පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවාගේ ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමට උපකාරී වන පරිදි  පිටතට  යාම ඔබේ  දෛනික  අංගයක් කර ගන්න.
  • ඔහුගේ දෑත් නිපුණතාවය මෙන්ම ඔහුගේ පාර්ශ්වීය චින්තනය පුහුණු කිරීම සඳහා ප්‍රහේලිකා, බ්ල්ඩින් බ්ලොක්ස් සහ වෙනත් නිර්මාණාත්මක සෙල්ලම් බඩු මිලදී ගන්න.
  • ඔබට ඔබේ දරුවාට පිහිනීම උගන්වන්න පුළුවන්.  එය ඔබේ දරුවා නිරෝගී  හා ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වන විශිෂ්ට ක්‍රියාකාරකමක් වෙනවා.  ඔබේ දරුවා සෑම විටම අධීක්ෂණයෙන් තබා ගන්න. ඔබ සහ ඔබේ දරුවා පිහිනීමට යන සෑම අවස්ථාවකම ජීවිතාරක්ෂකයෙකු සිටින බවට සහතික කර ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

දෙමව්පියන් තම දරුවාගේ  වෙනස් දෙයක් දුටුවහොත් ඉක්මනින්ම  කලබල  නොවිය යුතුය. කළ හැකි හොඳම දේ වන්නේ නිසි උපදෙස් ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු හමුවීමයි. මීට අමතරව, මේවා සොයා බැලිය යුතු සලකුණු කිහිපයක් වේ:

  • ඔබේ දරුවාට බ්ලොක්ස් 10 ක් හෝ වැඩි ගණනක් ගොඩගැසීමට නොහැකි නම්.
  • ඔහුට එක කකුලක් මත සමතුලිතව ඉන්න හෝ පැනීම අපහසු නම්.
  • ඔහුට පැන්සලක් හෝ පාටකූරු වැනි කුඩා වස්තූන් අල්ලා ගැනීමට අපහසු නම්.

අවුරුදු 04 මාස 05 පෙර පාසැල්ළමා සංවර්ධනය - මානසික සංවර්ධනය

මෙම වයසේ ළමයින් බොහෝ ප්‍රශ්න අසනවා. මෙහිදී ඔබව ව්‍යාකූල විය හැකි නමුත් ඔවුන් නව දැනුම ඉගෙන ගන්නා හා උරා ගන්නා ආකාරය මෙයයි.

ප්‍රශ්න ඇසීම සැමවිටම ඉගෙනීමට ප්‍රිය කරන දරුවෙකුගේ ලකුණකි.  ඒ නිසා දරුවාට පිළිතුරු සොයා ගැනීමට ඊළඟ ප්‍රශ්නය නැගෙන තෙක්ම උදව් කරන්න.

ඔබේ දරුවාට මෙම වයසේදී වඩාත් සංකීර්ණ විධානයන් අනුගමනය කරන්න  පුළුවන්.  එය ඔහුගේ වේගයෙන් වර්ධනය වන මානසික  කුසලතා පෙන්නුම් කරනවා.

ඔබේ අවුරුදු 4 මාස 5 දරුවා තුළ අපේක්ෂා කළ යුතු මානසික  සන්ධිස්ථාන කිහිපයක්

  • ඔබට පහසුවෙන් ඔබේ දරුවා සමඟ සංවාද පවත්වන්න පුළුවන්. 
  • සෙල්ලම් බඩු අහුලා ගැනීම හෝ ඔහුගේ කාමරය පිරිසිදුව තබා ගැනීම වැනි සරල වැඩ කිහිපයක් ඔබගේ කුඩා දරුවාට දැනටමත් කරන්න පුළුවන්.
  • මේ වයසේදී ළමයින්ට අවධානය යොමු කිරීම පහසුයි. ඒ නිසා ඔබේ දරුවාට අලුත් දේවල් උගන්වන්න මෙය හොඳ කාලයකි.
  • ඔහුට දැනටමත් කාලය පිළිබඳ මූලික අවබෝධයක් ඇති අතර අතීත සිදුවීම් පහසුවෙන් සිහිපත් කරන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ කුඩා දරුවා සමඟ නිරන්තරයෙන් කතා කරන්න. මෙය ඔහුගේ වචන මාලාව ගොඩනඟා ගැනීමට උපකාරී වෙනවා.  ඔහුට වැඩි අවධානයක් ඇති  බැවින්, ඔබ ඔහුට උගන්වන දේවල් පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් මතක කුසලතා ඉහල නංවන්න.
  • ඔබට අවශ්‍ය නම් ඔබේ දරුවාට දෙවන භාෂාවක් ඉගැන්වීම ආරම්භ කිරීමට මෙය හොඳ කාලයකි. දරුවන්ගේ මොළයට පහසුවෙන් අනුවර්තනය වෙන්න පුළුවන් නිසා ඔහුට කුඩා වියේදී පහසුවෙන් නව භාෂාවක් ඉගෙන ගන්න  පුළුවන්.  
  • ශක්තිමත් සාක්ෂරතා කුසලතා සඳහා කියවීම ඉතා තීරණාත්මක වෙනවා. ඒ නිසා ඔබේ දරුවාට කියවීමට ඇති ආසාව පෝෂණය කරන්න.
  • සාමාන්‍ය සෙල්ලම් බඩු වෙනුවට, STEAM (Science, Technology, Engineering, Arts, Maths) සෙල්ලම් බඩු ලබා දෙන්න. ඒවා සෙල්ලම තුලින් දරුවාගේ මානසික සංවර්ධනය දිරිමත් කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ අවධානය පරතරය තවමත් සීමිත බව ඔබට හැඟේ නම්
  • ඔහුට තවමත් සරල වචන උච්චාරණය කළ නොහැක නම්.
  • ඔහුට සරල උපදෙස් අනුගමනය කිරීමට අපහසු නම් හෝ ඔබ ඔහුට යමක් කිරීමට කී විට ඔහු සවන් නොදෙන්නේ නම්

අවුරුදු 4 මාස 5 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වන විට දරුවාට වඩාත් සංවේදනය ලැබීමට පටන් ගෙන තිබේ. ඔහුට  දැන් අනෙක් පුද්ගලයින්ට හැඟෙන ආකාරය තේරුම් ගන්න  පුළුවන්. ඒ වගේම  ඔහුගේ ක්‍රියාවන් අනෙක් පුද්ගලයින්ට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගන්නත්  පුළුවන්. 

ඒ නිසා ඔබේ දරුවාට වෙනත් ළමයින් සමඟ වඩා හොඳින් සමාජ ගත විය හැකි අතර ඔහුට මිතුරන් ඇති කර ගැනීම පහසුයි.

පෙරදී ඔබේ කුඩා දරුවාට ඔහුගේ සෙල්ලම් බඩු බෙදා ගැනීමට අපහසු වුනා නේද?   ඔහු මේ වයසේදී පහසුවෙන් එය කරනවා ඔබට දකින්න පුළුවන්.  ඔහුට   ඔහුගේ හැඟීම් වල  හොද පාලනයක් තියෙනවා. පොදු ස්ථාන වල උද්වේගකාරීව හැසිරීම් අඩුවෙනවා.

ඔබේ දරුවා තුළ සොයා බැලිය යුතු මෙම ක්ෂේත්‍රයේ වර්ධනයන් කිහිපයක්

  • ඔහුට තනිවම දේවල් කිරීමට කිසිදු ගැටළුවක් නැහැ. ඔහු වඩාත් ස්වාධීනයි.
  • ඔබ විසින් නියම කර ඇති නීති රීති සහ මාර්ගෝපදේශ තේරුම් ගැනීමට ඔහුට පුළුවන්. ඒ නිසා ඔහුගේ හැසිරීම කළමනාකරණය කිරීම ඔබට වඩාත් පහසුය.
  • ඔහු නිරන්තරයෙන් සෙසු ළමයින් සමඟ සෙල්ලම් කිරීමට බලා සිටින අතර නව මිතුරන් ඇති කර ගැනීමට පුංචි පුංචි  ගැටළු තියෙනවා.
  • ඔබේ දරුවාට වඩාත් පැහැදිලිව කථා කළ හැකි අතර අනෙක් පුද්ගලයින් සමඟ කතා කිරීමේදී ඔහුට තමන්ව හසුරුවන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවා සෙල්ලම් කරන්න රැගෙන යන්න. එවිට ඔබේ දරුවාට ඔහුගේ වයසේ සිටින වෙනත් ළමයින් සමඟ අන්තර් ක්‍රියා කරන්න  පුළුවන්.  
  • සෙල්ලම් කිරීමෙන් පසු පිරිසිදු කිරීම හෝ නින්දට යාමට පෙර ස්නානය කිරීම වැනි මූලික නිවාස නීති කිහිපයක් ක්‍රියාත්මක කරන්න.
  • ඔබේ උදව් නොමැතිව ඇඳුම් ඇඳීම හෝ තනිවම ආහාර ගැනීම වැනි සරල කාර්යයන් කිරීමට ඔබේ දරුවාට ඉඩ දීමෙන් ස්වාධීනත්වය දිරිමත් කරන්න.
  • බෙදාගැනීම, සංවේදනය, අන් අයට ගරු කිරීම සහ සවන් දීම වැනි සමාජ කුසලතා ඔහුට ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කිරීම කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා පහත සඳහන් සලකුණු  කිසිවක් පෙන්වන්නේ නම්, ගැටලුවට හේතුව කුමක් දැයි සොයා ගැනීමට වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කරන්න.

  • අනෙක් ළමයින් සමඟ ඇසුරු කිරීමට අසීරු නම්, නැතහොත් ඔවුන් සමඟ රණ්ඩු සරුවල් කිරීමට පටන් ගනී නම්
  • තනිවම සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා නම් සහ අනෙක් ළමයින් ඔහු සමඟ සෙල්ලම් කිරීමට උත්සාහ කරන විට කලකිරීමට හෝ කෝපයට පත්වේ නම්
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හෝ සෙල්ලම් පාසලක  තනිවම සිටින විට අධික ලෙස වෙන්වීමේ කාංසාව අත්විදී නම්.
  • ඔහු ඔබත් ඇතුළුව අන් අය සමඟ කතා කිරීමට හෝ සම්බන්ධ වීමට කැමති නැතිනම් හා තනිවම සිටීමට කැමැත්තක් දක්වයි නම්

අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ දරුවාට නව වචන ඉගෙනීමේ හැකියාව අධික ලෙස වේගවත් වෙනවා.   ඔහු නිරන්තරයෙන් ප්‍රශ්න අසමින්, කතා කරමින්, ඔහුට හැකි උපරිමයෙන්  ඉගෙන ගැනීමට උත්සාහ කරනවා.  

ඔබේ දරුවා විවිධ සලකුණු  පෙන්වා එම සලකුණු වලින් පවසන්නේ කුමක්දැයි ඇසීම සාමාන්‍යයි.

සමහර විට ඔබේ  දරුවා වස්තූන්  පෙන්වා  ඒවා හඳුන්වන්නේ කොහොමද කියා  ඔබෙන් අසාවි. 

එබැවින් තෘප්තිමත් පිළිතුරක් දෙන්න  සූදානම් වෙන්න.  මේ සියලු කතාබහ වේගවත් කථනය සහ භාෂා සංවර්ධනය පෙන්නුම් කරනවා.

ඔබට අපේක්ෂා කළ හැකි තවත් සන්ධිස්ථාන කිහිපයක්

  • මෙම වයසේදී ඔහුගේ වචන මාලාව පුළුල් වෙනවා. ඔහු හැකි තරම් ඉගෙන ගන්නා අතර  නව වචන හැකිතාක් භාවිතා කිරීමට උත්සහා කරනවා.
  • ඔහුට සම්පූර්ණ වාක්‍ය වලින් කථා කිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. ඒ නිසා ඔහුට පහසුවෙන් මිනිසුන් සමඟ කතා බහ කරන්න  පුළුවන්.  
  • ඔහුට ප්‍රශ්න ඇසූ විට   පිළිතුරු දෙන්න  පුළුවන්.
  • ඔබේ දරුවාට ඔබ උගන්වන නව වචන        පහසුවෙන් මතක  තබා ගන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවාගේ වචන මාලාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න, කතා බහ කිරීම ඔහු හා පුරුදු වන්න.
  • දරුවාට නව වචන සහ සංකල්ප ඉගැන්වීමට ෆ්ලෑෂ් කාඩ්පත් හොඳ ක්‍රමයක් වෙනවා. වර්ණවත් හා දෘශ්‍යමාන බවටත්, අකුරු පහසුවෙන් කියවිය හැකි  ෆ්ලෑෂ් කාඩ්පත්  ඒ සදහා යොදාගන්න.
  • ඔබේ දරුවාට වාක්‍යවල නව වචන භාවිතා කිරීමේදී යම් ගැටළුවක් ඇත්නම් කණගාටු නොවන්න. එම වචන නිසි ලෙස භාවිතා කරන ආකාරය ඔවුන්ට උගන්වන්න.  එවිට ඔහුට එහි තේරුම මතක් කරන්න පුළුවන්.
  • ඔබ ඔහු සමඟ කියවන විට, ඔබ පවසන වචනය පෙන්වන්න. එවිට ඔබේ දරුවා වචනය ශබ්ද කරන ආකාරය හා එය ලියා ඇති ආකාරය සමඟ සම්බන්ධ වෙන විදිය ඉගෙන ගන්නවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට ඔහුගේ නම කීමට නොහැකි නම්
  • ඔබ උගන්වන නව වචන මතක තබා ගැනීමට ඔහුට අපහසු නම්
  • ඔහුට තවම සම්පූර්ණ වාක්‍ය වලින් කථා කිරීමේ අපහසුතාවයක් තිබේ නම්
  • ඔහුට කතා කිරීමට අපහසු නම් හෝ ඔබ කීමට උත්සාහ කරන දේ තේරුම් ගැනීමට අපහසු නම්

ඔබේ දරුවා මෙම අනතුරු ඇඟවීමේ සලකුණු කිසිවක් පෙන්වන්නේ නම්, ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීමට බිය නොවන්න.

ඔබේ දරුවාගේ කථනය සහ භාෂා සංවර්ධනය පිළිබඳ ඔබගේ ගැටළු විසඳීමට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා ලබා දේවි.

අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

වයස අවුරුදු 4  මාස 5,  ඔබේ දරුවාගේ උස සෙන්ටිමීටර 101 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 15 ක් පමණ වෙනවා.  කෙසේ වෙතත්, උස හා බර යන දෙකම ජාන  මත රඳා පැවතිය හැකි බැවින් ඔබේ දරුවා ටිකක් කුඩා නම් කලබල  වෙන්න එපා. ඔබේ දරුවාගේ සංවර්ධනය  වැඩි දියුණු කිරීම සඳහා ඔහුට අවශ්‍ය ආහාර හා පෝෂ්‍ය පදාර්ථ නියමිත ප්‍රමාණයට ලබා දීමට  මතක තබා ගන්න.

දහවල් නින්ද වගේම සෑම රාත්‍රියකම අවම වශයෙන් පැය 9 ක නින්දක් ලැබීම වැදගත් වෙනවා. මෙය ඔබේ දරුවාගේ ශරීරය සහ මොළය වර්ධනය වීමට උපකාරී කරනවා.

ඔබේ දරුවාට අවශ්‍ය වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් පෙන්වන හුරුබුහුටි සටහනක් මෙන්න:

පෝෂ්‍ය පදාර්ථය ලබා දිය යුතු ප්‍රමාණය ඔවුන්ට ලබා දිය යුතු ආකාරය
ප්‍රෝටීන් 20.1g ( ඔබේ දරුවාගේ අල්ලේ ප්‍රමාණය) ආහාර වේලකට අගල් 1 පමණ වු කුකුල් මස්, හරක් මස් හෝ මාළු වැනි තුනී  මස් කැට 3 ක් පමණ
මේද 25g (තේ හැදි 1 පමණ) අලිගැටපේර කෝප්ප 1/2 ක් කෙටි ආහාරයක් ලෙස
තන්තු 25g (තේ හැදි 1 පමණ) ආහාර වේලකට පිසූ මුතු බාර්ලි 1 කෝප්පයක්
කැල්සියම් 600mg (කෝප්ප 2) ආහාර  වේලකට චෙඩාර් චීස් තේ හැදි 2 ක් පමණ

එන්නත්:

වයස අවුරුදු 4  මාස 5  සදහා නව එන්නත් නැහැ. නමුත් ඔබේ දරුවාට දැනටමත් පහත එන්නත් ලබා දී තිබිය යුතුය:

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්

වෛද්‍යවරයා හා කතා කර  උණ එන්නත වාර්ෂිකව ලබා  දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • හදිසියේ බර වැඩිවීම / අඩුවීම
  • ඉහළ උණ (අංශක 39 ට වැඩි)
  • ඕනෑම හදිසි හැගීම් වෙනස් වීමක් •වැටීමෙන් පසු ඉදිමීම සහ වේදනාව

* ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 06

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera