අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 04 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ අවුරුදු 4 මාස 6 ක දරුවා වෙන කවරදාටත් වඩා ක්‍රියාශීලීයි.  ඔහු වඩාත් ස්වාධීන හා ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරනවා.

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය: ඔබේ දරුවා හොදින් වර්ධනය වෙනවාද?

ඔහුට වැඩි කාලයක් තනිවම සෙල්ලම් කිරීම හැකි වන්නේ කෙසේද?  අළුත් දේවල් ගවේෂණය කිරීමට හා අත්දැකීමට ඔහු කොතරම් උනන්දු ද? ඔහු කලකිරීමට පත්වන විට ඔහුගේ හැඟීම් දැනටමත් ප්‍රකාශ කරන්නේ කෙසේද? සියල්ල ගැන විමසිලිමත් වෙන්න.

ඒ අවුරුදු 4 සිට 6 දක්වා වයසැති දරුවෙකු ප්‍රගුණ කරනු ඇති සන්ධිස්ථාන වලින් කිහිපයක් පමණි. මේ මාසයේ ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන වැඩි විස්තර සොයා බලමු.

අවුරුදු 04 මාස 06 පෙර පාසැල්  ළමා සංවර්ධනය –  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය – ශාරීරික සංවර්ධනය

ළමයින් ඔවුන්ගේ චලන  කුසලතා ක්‍රීඩාව තුළින් වර්ධනය කර ගන්නවා.  වයස අවුරුදු 4  මාස 6 ක් වන විට, ඔබේ දරුවා වඩාත් ක්‍රියාශීලී වෙනවා. ඔව්,  දිවීම, පැනීම, නැගීම සහ බෝලයට පයින් ගැසීම මේ සියල්ල එක්කම

මෙම වයස අනුව ඔහුට කළ හැකි දේවල් කිහිපයක් :

  • කකුල සම්පුර්ණ බිම තබා ඇවිදිනවා (තවදුරටත් ඇඟිලි තුඩු ගමන් නැහැ )
  • ඉදිරියට හා පසුපසට ඇවිදිනවා
  • කඩිසරව දුවන්න පුළුවන්.
  • කකුලේ සම්බන්ධය යොදා ගනිමින් බෝලයකට පා පහර එල්ල කරනවා.
  • දරුවන්ට නගින්න සකස් කර ඇති රාමුවට නගිනවා. (වැඩිහිටි අධීක්ෂණය යටතේ)
  • අවම වශයෙන් තත්පර හතරක්වත් එක් පාදයකින් හිටගෙන ඉන්නවා.
  • පනිනවා.
  • ට්‍රයිසිකල් එක පදිනවා.

 ග්‍රහණයේ හි ඔහුට වඩා හොඳ පාලනයක් තියෙනවා , එබැවින් ඔහු පහත සඳහන් දේ කරනු ඇතැයි බලාපොරොත්තු  වන්න:

  • හැන්දක් හා ගෑරූප්පුවක් පාවිච්චි කරන්න.
  • සරල හැඩතල අඳින්න.
  • පුද්ගලයකු අඳින්න.
  • බ්ලොක්ස් ගොඩගසන්න.
  • කතුර භාවිතා කරන්න
  • පබළු  අමුණන්න
  • ඇඳුම් ගලවන්න හා අදින්න.
  • දත් මදින්න

ඉඟි:

  • අල්ලන සෙල්ලම් කිරීම, බට්ටා පැනීම සහ පාපන්දු වැනි විවිධ ක්‍රියාකාරකම් තුළින් ඔබට දරුවාගේ ශාරීරික සංවර්ධනය දිරිමත් කරන්න පුළුවන්.
  • ඔබේ දරුවාට තනිවම ඇඳුම් ඇඳීමට ඉඩ දිය හැකි අතර, එය ඔබේ කුඩා දරුවාගේ ස්වාධීනත්වය පෝෂණය කරනවා. එසේම, බොත්තම් දැමීම සහ සිප් ඉහළට ඔසවා ගැනීම කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා ( Fine motor skills ) සංවර්ධනය සඳහා සුදුසුයි.
  • ඔබේ දරුවා බිල්ඩින් බ්ලොක්ස්  සමඟ සෙල්ලම් කිරීමෙන් ඔහුගේ  ග්‍රහණය වැඩි දියුණු වෙනවා.
  • බෝලය සෙල්ලම් කිරීමට සුදුසු සෙල්ලම් බඩුවක් වෙනවා. බෝලය විසි කිරීම සහ අල්ලා ගැනීම ඔබේ දරුවාගේ දෑත් දෑස් සම්බන්ධීකරණය වැඩි දියුණු කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවාට පැන්සල් හෝ පාටකූරු වැනි වස්තූන් රඳවා තබා ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්
  • ඔහුට බෝලයක් විසි කිරීමට හා අල්ලා ගැනීමට අපහසු නම්
  • ඔහුට දුවන්නට අපහසු නම් හෝ පනින්නට අපහසු නම්
ඔටිසම් රෝගයේ මූලික ලක්ෂණ

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය: – සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා වැඩි ස්වාධීනත්වයක් ඇති අතර ඔහු නිසි පෞරුෂයකින යුක්තයි. ඔහුට  සෑම කෙනෙකුම සතුටු කිරීමට අවශ්‍යයි. මිතුරන්, පවුලේ අය සහ විශේෂයෙන් ඔබ සතුටු කිරීමට ඔහු කැමතියි.

ඔබේ දරුවා තමා ගැන වඩාත් දැනුවත්ව සිටියත්, ඔහුගේ හැඟීම් පාලනය අතට ගැනීමට  ඔහුට තව කල් තියෙනවා.  ඔබේ පුංචි  දරුවා  තුළ සමාජ හා හැගීම්  සංවර්ධනයේ විමසිල්ලෙන් සිටිය යුතු  දර්ශක

  • සෙල්ලම් බඩු පහසුවෙන් බෙදා ගන්නවා.
  • කණ්ඩායම් ක්‍රීඩා වලට සහභාගී වන අතර, නීති රීති තේරුම් ගන්න පුළුවන්.
  • තවත් දරුවෙකු ඔහුට “වැදගත් ” නම් ඔහු කලබල වෙනවා.
  • තවමත් පහසුවෙන් කලකිරීමට හෝ කෝපයට පත් වෙනවා.නමුත් ඔහු කලබල වන්නේ ඇයිදැයි වචනයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.
  • අවස්ථාව ලබා ගැනීමේ සංකල්පය තේරුම් ගන්නවා.

ඉඟි:

  • ඔබේ දරුවා අන් අය සමඟ යම් කාර්යයක් හෝ ක්‍රීඩාවක් ගැන කලකිරී ඇත්නම්, හුස්ම ගෙන ඉන්පසු කළ යුතු දේ කෙරෙහි නැවත අවධානය යොමු කිරීමට ඔබේ  කුඩා දරුවාට කියාදෙන්න. 
  • ධනාත්මක වචන සහ දිරිගැන්වීම් භාවිතා කරන්න: “ඔයාට මේ වතාවේ එය බැරි වුනාට කමක් නැහැ.  ඊළඟ පාර නම් ඔයා ආයේ උත්සාහ කරන්න  ඕනෑ”
  • සෞඛ්‍ය සම්පන්න හැඟීම් සෞඛ්‍ය සංවර්ධනය සඳහා සියලු ආකාරයේ හැඟීම් (නිෂේධාත්මක පවා) ප්‍රකාශ කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවාට

  • ඔහු ඕනෑවට වඩා බිය, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම්
  • අතිශය වෙන්වීමේ කාංසාව තිබේ නම්
  • මිනිත්තු පහකට වඩා අවධානය යොමු කළ නොහැකි නම්
  • අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට අකමැති නම්

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය – මානසික සංවර්ධනය

ඔබේ දරුවා දිනෙන් දින වැඩි වැඩියෙන් ඉගෙන ගන්නවා.   ඔහු සරල ප්‍රශ්නවලට පිළිතුරු දීමට හා තර්කනය භාවිතා කරන්න  පුළුවන්.  ඊට අමතරව, ඔබේ දරුවා පරිකල්පනය සහ නිර්මාණශීලිත්වය විශ්මය ජනක ලෙස භාවිතා කරනවා. එය මානසික  සංවර්ධනයේ දර්ශකයකි.

අවධානයෙන් සිටිය යුතු තවත් ආකර්ෂණීය වර්ධනයන් මෙන්න:

  • වස්තූන් දහයක් හෝ වැඩි ගණනක් ගණනය කරනවා.
  • අවම වශයෙන් වර්ණ හතරක් වත් හඳුනා ගන්නවා.
  • අවම වශයෙන් හැඩයන් තුනක් වත් හඳුනා ගන්නවා.
  • සමහර අකුරු හඳුනා ගන්නවා.
  • ඔහුගේ නම ලියනවා.
  • දෛනික චර්යාවේ අනුපිළිවෙල තේරුම් ගන්නවා.
  • දිගු වේලාවක් අවධානයක් යොමු කරනවා.
  • උපදෙස් තුනක් අනුගමනය කරන්න පුළුවන්.
  • “නවත්වන්න ” ලකුණ හෝ සමහර ලාංඡන හෝ වෙළඳ නාම වැනි සලකුණු හඳුනා ගන්නවා.
  • පොතක් නිවැරදිව අල්ල ගන්න පුළුවන්.

ඉඟි:

  • වගකීම් පිළිබඳ හැඟීමක් වර්ධනය කර ගැනීම සඳහා සරල වැඩකටයුතු කිරීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න.
  • නව වර්ණ හඳුන්වා දෙන්න. විනෝදජනක ආකාරවලින් මේවා හඳුනා ගන්නේ කෙසේදැයි ඔබේ දරුවාට කියාදෙන්න. උදාහරණයක් ලෙස, “මේ රසම රස මිදි දම් පාටයි. ඒ පාටම  වෙන දෙයක් මට පෙන්වන්න. ”
  • නිවසේ විවිධ වස්තූන් පෙන්වා මේවා හඳුනා ගැනීමට ඔබේ දරුවාට කියන්න.
  • ව්‍යුහය  සහ සංවිධානාත්මක හැඟීමක් හඳුන්වා දීමට ඔබේ දරුවාට දිනපතා චර්‍යාවන්  ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවාට

  • මූලික වර්ණ හදුනාගත නොහැකි නම් නැතහොත් නිල් හෝ කොළ වැනි ඇතැම් වර්ණ සමඟ අසීරුතා තිබේනම්
  • සරල උපදෙස් අනුගමනය කරන්න නොහැකි නම්
  • මූලික හැඩයන් හඳුනාගත නොහැකි නම් නැතහොත් සරල හැඩතල සමඟ ව්‍යාකූල වේ නම්

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය – කථනය හා භාෂාව සංවර්ධනය

බබා බස් දෙඩු ළදරුවෙකුගේ සිට ඔබේ දරුවාට  සංවාද කිරීම දක්වා ලොකු ගමනක් ඇවිත් තියෙනවා.  අවුරුදු 4  මාස 6 දී ඔහු වචන 1,500 ක් පමණ දැන සිටිය යුතුය.

ඔහු සෑම දිනකම ඔහුගේ වචන මාලාවට තවත් වචන  එකතු කර ගන්නවා.  ඔහු වචන 4-5ක් අමුණා වාක්‍ය සකස් කරන්න  පුළුවන්.

ඔබේ දරුවාට පහත සඳහන් දේ වල් කරන්න ඉඩ දෙන්න.

  • කැමතිම පොතකින් මතක හිටපු පේළි තියෙනවා.
  • සිම්පල් අකුරු කිහිපයක් දන්නවා.
  • නම කියවීමේදී එය හඳුනා ගන්නවා.
  • එකම ශබ්ද වචන හඳුනා ගන්නවා.

ඉඟි:

  • ඔබේ දරුවාට අකුරු සහ සරල වචන ඉගැන්වීමට ෆ්ලෑෂ් කාර්ඩ් භාවිතා කරන්න.
  • සංඛ්‍යා ඇති ෆ්ලෑෂ් කාඩ්පත් ද ඔහු දැනටමත් දන්නා දෙයින් ඔබ්බට ගණන් කළ යුතු ආකාරය ඉගැන්වීමට හොඳ ක්‍රමයකි.
  • පෑනක් සහ කඩදාසි ලබා දී ඔබේ දරුවාගේ නම ලියන්න කියන්න. එවිට ඔහුට “ලොකු” ළමයෙක් වගේ දැනේවි.
  • නින්දට පෙර කතන්දර කියවන්න. නිශ්චිත වචන පෙන්වන්න. එවිට ඔබේ දරුවාට එම වචන වල අක්ෂර වින්‍යාසය යෙදෙන විදිය හදුනාගන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

ඔබේ දරුවාට

  • 1 සිට 10 දක්වා ගණනය කිරීමේ අපහසුතාවයක් තිබේ නම්.
  • ඔහුගේ නම ලිවීමට ගැටළුකාරී නම්
  • කිසිදු අක්ෂර හඳුනන්නේ නැතිනම්

අවුරුදු 4 මාස 6 ළමා වර්ධනය: – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 4 මාස 6 දී ඔබේ දරුවා වැඩිපුර එළවළු, පලතුරු, අඩු මේද සහිත කිරි නිෂ්පාදන, කෙට්ටු ප්‍රෝටීන සහ සම්පූර්ණ ධාන්‍ය  වර්ග සහ පාන් අනුභව කළ යුතුය. ඔහු සීනි සහිත පලතුරු හා රසවත් බීම වලින් ඈත් කර  තබන්න.

ඔබේ කුඩා දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතා සඳහා පහසු සටහනක් මෙන්න:

පෝෂ්‍ය පදාර්ථය ලබා දිය යුතු ප්‍රමාණය ඔවුන්ට ලබා දිය යුතු ආකාරය
ප්‍රෝටීන් 20.1g ( ඔබේ දරුවාගේ අල්ලේ ප්‍රමාණය) ආහාර වේලකට අගල් 1 පමණ වු කුකුල් මස්, හරක් මස් හෝ මාළු වැනි තුනී  මස් කැට 3 ක් පමණ
මේද 25g (තේ හැදි 1 පමණ) almonds or macadamia වගේ ඇට වර්ගායකින් 1/4
තන්තු 25g (තේ හැදි 1 පමණ) ආහාර වේලකට පිසූ මුතු

බාර්ලි 1 කෝප්පයක්

හො රතු බත් හෝ පැස්ටා

කැල්සියම් 600mg (කෝප්ප 2) කිරි කෝප්පයක්  හෝ යොගට් කෝප්පයක් හෝ චීස් කෑලි 02 ක්

 

එන්නත්:

වයස අවුරුදු 4  මාස 5  සදහා නව එන්නත් නැහැ. නමුත් ඔබේ දරුවාට දැනටමත් පහත එන්නත් ලබා දී තිබිය යුතුය:

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්

වෛද්‍යවරයා හා කතා කර  උණ එන්නත වාර්ෂිකව ලබා  දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • හදිසියේ බර වැඩිවීම / අඩුවීම
  • ඉහළ උණ (අංශක 39 ට වැඩි)
  • ඕනෑම හදිසි හැගීම් වෙනස් වීමක් •වැටීමෙන් පසු ඉදිමීම සහ වේදනාව

* ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබා ගන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 07

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera