theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 04 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 04 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 04 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබට දැන් වයස අවුරුදු 4 යි මාස 7 ක් පමණ වන පුංචි  වැඩිහිටියෙක් ඉන්න බව ඔබ දුටුවාද? ඔව්,  ඒ ඔබේ දරුවා ඔහු වඩාත් ස්වාධීනව වැඩෙන අතර   ආත්ම විශ්වාසයෙන් පිරෙමින් සිටිනවා. ඒ වගේම ඔහු ඔහුගේම පාලකයා වෙන්න  පවා පුළුවන්.

අවුරුදු 4 මාස 7 ළමා වර්ධනය: ඔබේ අවුරුදු 4 මාස 7 ක දරුවාගේ පොදු සංවර්ධන සන්ධිස්ථාන ගැන දැනගැනීමට කියවන්න. ළමයින් තමන්ගේම වේගයකින් වර්ධනය වන බව මතක තබා ගන්න, ඔවුන් විවිධ වේලාවන්හි මෙම සන්ධිස්ථාන කරා ළඟා විය හැකිය.

ඔබේ දරුවාගේ දියුණුව ගැන ඔබ සැලකිලිමත් වන්නේ නම් කරුණාකර ඔහුගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 04 මාස 07  පෙර පාසැල්  ළමා සංවර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 04 මාස 07  පෙර පාසැල් ළමා සංවර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබගේ දරුවා සවස පහ පමණ වෙද්දී  සෙල්ලම් කරන්න යන්න වේලාව බව දන්නවා.  ඒ නිසා ඔහු ඉහළ, පහල උඩ පනින්න පටන් ගන්න ඉඩ තියෙනවා.

එහිදී, ඔබේ කුඩා දරුවාට දුවන්න, පනින්න, නගින්න,  බාර් වල එල්ලිලා පැද්දෙන්න ,  ඔහුගේ හදවතින්ම  බෝලය විසි කිරීමට හා පයින් ගැසීමට ඉඩ දෙන්න.

ස්කූටර් එකක් පැදීමට, ට්‍රයිසිකල්  එකක් හෝ සමබර බයිසිකලයක් පැදීමට හෝ සමර්සෝල්ටිං සහ කරත්ත රෝද වැනි ජිම්නාස්ටික් අභ්‍යාස ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය මෙයයි.

පහත සඳහන් කුසලතා ද සොයා බලන්න:

  • ඔබේ කුඩා දරුවාට අවම වශයෙන් තත්පර කිහිපයක්වත් එක පාදයක සමතුලිත වෙන්න පුළුවන්.
  • ඔහුට මඟ හැර පනින්න පුළුවන් (skip)
  • අවම වශයෙන් බ්ලොක්ස් 10 ක් වත් ගොඩගසන්න පුළුවන්.
  • ඔබේ දරුවාට තනිවම එක පඩියකට එක පියවර බැගින් තබා පියගැට නගින්න පුළුවන්,  (   ඊළඟ පියවරට යාමට පෙර පාද දෙකම එක් පඩියක තබමින් නොව )
  • පියවර කිහිපයක් පසුපසට ඇවිදින්න පුළුවන්.

ඉඟි:

ඔබේ දරුවාට අලුතින් සොයාගත් හැකියාවන් ප්‍රගුණ කර ඔහුගේ ස්වාධීනත්වය භුක්ති විඳීමට ඉඩ දෙන්න. එහෙත් ඔබ උද්‍යානයට යන  සෑම විටම බීමට ජලය  රැගෙන යන්න. ඔහු පාපැදි හෝ ස්කූටර්  පදින්නේ නම් ඔහුට හිස් ආවරණයක් සහ දණහිස් ආවරණ  පළදවන්න.

  • ඔබ සවස් යාමයේ එළිමහනේ ගත කිරීමට යන්නේ නම්, මදුරුවන් පලවාහරින්න.
  • පවතින ශාරීරික කුසලතා ශක්තිමත් කරන විනෝදාත්මක ක්‍රීඩා කරන්න. උදාහරණයක් ලෙස, පියවර 8 ක් පසුපසට ගමන් කිරීම හෝ එක් පාදයක තත්පර 10 ක් සමබරව සිටීම

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා පහත දැක්වෙන සලකුණු  කිසිවක් පෙන්වන්නේ නම්, ඔබේ පවුලේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

  • බ්ලොක්ස් 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩගැසීමට අපහසු නම්
  • පාට කූරක් හෝ තීන්ත බුරුසුවක් අල්ල ගැනීමේ ගැටළු ඇත්නම්
  • ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් ඇඳීම හෝ ඇඳුම් ගැලවීම, දත් මැදීම, නාන කාමරය භාවිතා කිරීම සහ අත් සේදීම   වියළීම සම්බන්ධයෙන් ගැටළු ඇත්නම්

අවුරුදු 4 මාස 7 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

ඔන්න ඔබට ඔබේ  කන් වලට ඇබ දෙකක් සවි කර ගන්න කාලේ ඇවිල්ලා.  ඔබේ පුංචි  දරුවා  ස්වභාවික කතා මල්ලක් විය හැකි අතර ඔබ සමඟ පමණක් නොව ඔහුගේ මිතුරන් සමඟද දිගු කතා බහක නියැලීමෙන්  ඔබව පුදුමයට පත් කරන්න ඔහුට  පුළුවන්.

මෙම වයසේදී, ඔබේ දරුවාට  ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට තර්කනය භාවිතා කරන්න  පුළුවන්.  එහිදි ඔහු ඔහුගේ   සිතිමේ ක්‍රියාවලියෙන් ඔබව විශ්මයට පත් කරාවි.

ඒ වගේම  ඔබේ දරුවා ඔබේ නිවසේ විනෝදාස්වාදය ලබා දෙන්නා බවට පත් වේව.  ඔහු හෝ ඇය හැගිම්බර  වු පසු, ගායනය, නැටුම්, රංගනය සහ සමහර මැජික් උපක්‍රම ගැන විමසිලිමත් වෙන්න.

මෙම වසරේදී ඔබේ දරුවාට අත් කරගත හැකි වෙනත් භාෂා සහ මානසික  සන්ධිස්ථාන:

  • ඔහුගේම වචන සකසනවා.
  • වම, දකුණ හදුනනවා
  • දේවල් ක්‍රියාත්මක වන ආකාරය අත් හදා බලනවා.  එනම්, බඳුනකින් පියනක් කරකවා ඇරීම  හා වැසීම කල හැකිවීම
  • කාලය පිළිබඳ සංකල්පය තේරුම් ගන්නවා. එනම්, උදේ ආහාරය උදේට,   දිවා ආහාරය දහවල්ට සහ රාත්‍රී ආහාරය රාත්‍රීයට  කියා ඔහු දන්නවා.
  • අතීත, වර්තමාන සහ අනාගත දේවල් ග්‍රහණය කර ගන්න පුළුවන්. නිදසුනක් ලෙස,  ඔවුන් කර ඇති දේ, ඔවුන් කරමින් සිටින දේ සහ ඔවුන් කිරීමට බලාපොරොත්තු  වෙන දේ දැන ගැනීම

"කරුණාකර ඔයාගේ  සෙල්ලම් බඩු තියන්න. පිජාමා එක ඇද ගන්න.  දත් මදින්න. දැන් නිදා ගන්න වේලාව” වැනි සංකීර්ණ විධානයන් ඔබේ දරුවාට දැන් තේරුම් ගන්න පුළුවන්.  එය ඔබට පහසු වේවි.

ඔබේ දරුවාට දැන් ඔහුගේ නම ලියන්න  වගේම  ඔබගේ දුරකථන අංකය සහ ලිපිනය කටපාඩමින්  කියන්න  පුළුවන්.

ඉඟි:

  • ඔබේ දරුවා සංකීර්ණ විධානයන් තේරුම් ගන්න ඉගෙන ගනිමින් සිටින බැවින් ඔබේ උපදෙස් පැහැදිලි, සරල හා සංක්ෂිප්තව තබා ගන්න. ඒ මගින් ඔහුට හෝ ඇයට උදව් කරන්න. ඒ මගින් සාර්ථක වෙන්න.
  • ධනාත්මක ශක්තිමත් කිරීමක් පුහුණු වන්න. ඔබේ දරුවා යමක් සාක්ෂාත් කර ගත් විට ඔහුට ප්‍රශංසා කරන්න. එවිට ඔහු හැසිරීම නැවත නැවතත් සිදු කරාවි.
  • සරල එදිනෙදා උපකරණ සමඟ සෙල්ලම් කිරීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. ඔහුගේ පරිකල්පනය හා නිර්මාණශීලිත්වය   මගින්     සරල බඳුනක්, මැජික්  සෙල්ලම් බඩුවක් බවට    පත් කරන්නේ කෙසේදැයි ඔබ පුදුමයට පත්වේවි.  
  • ඔබේ දරුවාට ඔහුගේ මානසික සංවර්ධනයට අභියෝග කරන සහ එය පරීක්ෂා කරන වඩාත් නවීන සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය  අවස්ථා -

ඔබේ දරුවා මෙම සලකුණු කිසිවක් ප්‍රදර්ශනය කරන බව ඔබ දුටුවහොත්,  ඔවුන්ගේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

  • බිය, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම්
  • විනාඩි 5 කට වඩා වැඩි කාලයක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කළ නොහැකි නම් හා පහසුවෙන් අවධානය බිදෙනවා නම්
  • සීමිත කැමැත්තක් තියෙනවා නම්
  • ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ නම කියන්න නොහැකි නම්
  • කලාතුරකින් මවාපෑමේ සෙල්ලම් කරනවා නම්
  • නිතර දුකින්, අසතුටින් නම් හා පුළුල් පරාසයක හැඟීම් ප්‍රකාශ නොකරයි නම්

අවුරුදු 4 මාස 7 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මෙම වයස වන විට ඔබේ දරුවා නොනවත්වා කථා කරාවි. ඔහුව මොහොතක්  නිහඩව තියන්න අපහසුයි නේද?   නමුත් මෙය හොඳ සලකුණක් වෙනවා. ඒ එකවර භාෂාව හා චලන  කුසලතා වර්ධනය කරන බව එයින්  පෙන්නුම් කරන නිසායි.

ඔහු පහත සඳහන් දේ කරන බව ඔබ දකිවි.

අවුරුදු 3 මාස 11 ළමා වර්ධනය

  • ඔහුගේ / ඇයගේ නම ලියනවා.
  • ඔබේ දුරකථන අංකය හා ලිපිනය මතකයි.
  • පැහැදිලිව හා බුද්ධිමත්ව කතා කරනවා.
  • ඔහුට සර්වනාම වැනි ව්‍යාකරණ සලකුණු භාවිතා කරන්න පුළුවන්  (මට, ඔබ, ඔහු, ඇයට, ඔහුට,  ඇය, අපි, අප, ඔවුන්, ඔවුන්ට  )
  • ඔහුට අයිතිය හගවන සර්වනාම භාවිතා කරන්න පුළුවන්. (මගේ, ඔබේ, ඔබලාගේ, ඔහුගේ, ඇයගේ, අපේ, ඔවුන්ගේ,)
  • ඉංග්‍රීසි භාෂාවේදී නම් වචනවල( ක්‍රියාපද) අවසානයේ ඔහුට  'ing' එකතු කරන්න පුළුවන්.
  • "සහ" වැනි වාක්‍ය සම්බන්ධ කරන වචන ( සංයෝජන පද) දැන් ඔහුට තේරුම් ගන්න පුළුවන්.

ඉඟි:

  • මෙම අවස්ථාවෙහිදී, ඔහුට බොහෝ ව්‍යාකරණ සලකුණු නිවැරදිව තෝරා ගන්න නිසා ඔහු සමඟ සම්පූර්ණ වාක්‍ය කථා කිරීමට පුරුදු වීම හොඳ අදහසක් වෙනවා.
  • ඔහුට දිනකට පොතක් හෝ දෙකක් කියවන්න. වචනවල තේරුම කියාදෙන්න.
  • සර්වනාම සහ සංයෝජන භාවිතා කිරීම ඔහුට පෙන්වීමට ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔහුට කිසිදු ව්‍යාකරණ සලකුණු භාවිතා කළ නොහැකි බව ඔබ දුටු විට
  • දරුවාට අතීත, වර්තමාන සහ අනාගත කාලයන් පිළිබඳ සංකල්පය ග්‍රහණය කරගත නොහැකි නම්
  • ඔහුට වාක්‍යයක් එකට අමුණන්න නොහැකි නම්

අවුරුදු 4 මාස 7 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා ඔහුගේ මිතුරන් සමඟ කාලය ගත කරමින් හෝ ඔහුගේ ක්‍රීඩා දිනයන් බොහෝ සෙයින් භුක්ති විදිමින් ඉන්නවා දැකීම සුන්දර  අත්දැකීමක් නේද? 

ලෝකය ඔහු වටා කැරකෙන්නේ නැති බව ඔහු ඉගෙන ගන්නවා. දැන්, අනෙක් අයටද හැඟීම් ඇති බව ඔහු තේරුම් ගන්නවා.

"ඒක මගේ අවස්ථාව "

"නැහැ,  ඔයා දැන් ඒක ගත්තා.  දැන් මගේ අවස්ථාව ”

ඔබේ කුඩා දරුවා ගැටුම් හරහා බෙදාහදා ගැනීම  සහ අවස්ථාව ලබා ගැනීමට  ඉගෙන ගනු ඔබට දකින්න පුළුවන්.

මෙම වසරේ ඔබේ දරුවාට ඇති විය හැකි හැගීම් හා සමාජීය සන්ධිස්ථාන:

  • නීති තේරුම් ගන්නවා. කීකරු වෙනවා. නමුත් සමහර වේලාවට පහසුවෙන් තෘප්තිමත් නොවන අතර  සහයෝගයෙන් කටයුතු කරන්න බැහැ.
  • නිෂේධාත්මක හැඟීම් ශාරීරිකව වෙනුවට වාචිකව ප්‍රකාශ කරනවා.

ඉඟි:

  • ඉහත සදහන් ගැටුමක් ඔබ දුටුවහොත්, මැදිහත් වෙන්න එපා. එය තනිවම කිරීමට ඉගෙන ගන්න  ඔබේ දරුවාට ඉඩ දෙන්න. අවශ්‍ය නම් පමණක් උදව්  කරන්න.  
  • ඔබේ දරුවාට හැඟෙන දේ ධනාත්මක හෝ ඍනාත්මක  වුනත් එය ප්‍රකාශ කිරීමට ධෛර්යමත් කරන්න. ඔහුගේ හැඟීම් තුළින් වැඩ කිරීමට ඔහුට ඉඩ දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අසීමිත වෙන්වීමේ කාංසාව පෙන්වනවා නම්
  • වෙනත් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට අකමැති නම්
  • අනෙක් අය සමඟ අක්ෂි සම්බන්ධතා පැවැත්වීම හෝ ප්‍රතිචාර දැක්වීම  ප්‍රතික්ෂේප  කරනවා නම්.

අවුරුදු 4 මාස 7 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

සාමාන්‍යයෙන් අවුරුදු 4 සිට මාස 7 ක් වයසැති දරුවෙකුගේ උස සෙන්ටිමීටර 100.3 - 107.9 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 15.4 ත් 17.9 ත් අතර වෙනවා.  ඔබේ දරුවාගේ වර්ධනයට සහ ඉගෙනීමට පෝෂණය වැදගත් වන අතර ඉහළ ක්‍රියාකාරකම් මට්ටම් සඳහා ශක්තිය සැපයීමටද අවශ්‍ය වෙනවා.

ඔබේ කුඩා දරුවා තනිව ආහාර ගන්නා අතර විවිධාකාර ආහාර වර්ග අත්හදා බලනවා. ඔබේ කුඩා දරුවාට රුචිය,  වර්ණ, වයනය  ගවේෂණය කිරීම සඳහා විවිධ ආහාර තේරීම් ඉදිරිපත් ලබාදෙන්න. ඔබේ දරුවා අපේක්ෂා කරන විස්මිත වික්‍රමාන්විත බව ආහාර වේලට ලබාදෙන්න.

ඔබේ දරුවාගේ පෝෂණ අරමුණු සපුරාලීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙන්න.

පෝෂ්‍ය ද්‍රව්‍ය දිනපතා අවශ්‍ය පෝෂක ප්‍රමාණය ලබා දෙන ආකාරය
කැල්සියම් 1000mg සම්පූර්ණ මේද කිරි කෝප්ප 3
විට්මින් ඩී 600-1000 IU (ජාත්‍යන්තර ඒකක) උදෑසන හිරුට නිරාවරණය වී පැය 1 ක් පමණ සිටින්න
යකඩ 10mg සම්පූර්ණ ධාන්‍ය කෝප්පයක් හෝ හැම්බර්ගර් මස් ග්රෑම් 100 ක් හෝ ඇට අහුරක්
විටමින් සී 25 mg දොඩම් භාගයක් හෝ බ්රොකොලි කෝප්ප කාලක් හෝ ස්ට්‍රෝබෙරි 3 ක්

එන්නත් සහ පොදු රෝග:

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • හේමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී (Hib) එන්නත් මාත්‍රාව තුනක් හෝ හතරක්
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • හෙපටයිටිස් බී එන්නත (HBV) මාත්‍රා තුනක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • රොටා වෛරස් එන්නත මාත්‍රා දෙකක් හෝ තුනක් (RV)
  • නියුමොකොකල් සංයුක්ත එන්නත (PCV, PPSV) මාත්‍රා හතරක්
  • හෙපටයිටිස් ඒ එන්නත (HAV) මාත්‍රා එකක් හෝ දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, කණේ ආසාදන, පොදු උණ, පැපොල,  සරම්ප, කම්බුල්ගාය සහ ආහාර අසාත්මිකතාවන් අවධානය යොමු කළ යුතු පොදු රෝග වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ බරෙහි හදිසි වෙනසක් ඔබ දුටුවහොත් එය අනතුරු හැගවීමේ සලකුණකි.
  • දිගින් දිගටම වමනය සහ / හෝ බඩ බුරුල් කර යෑම තිබේ නම්.
  • ඔබේ දරුවාගේ අඩු නොවන හෝ වේදනාකාරී හෝ සමේ ගැඹුරට පැතිරුන රෑෂ් එකක් තිබේ නම්.
  • මෙම වයසේදී උණ ඇතිවීමද බරපතල දෙයකට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ කුඩා දරුවාට උණ දිගටම තියෙනවා නම් හෝ වේදනාවක්  තියෙනවා  නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 08

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 04 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 02  පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it