theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

9 අවම කියවීම
අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

අපි අවුරුදු 04 මාස 09 දී ඔබේ දරුවාගේ සංවර්ධනය  සොයා බලමු.

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය: ඔබේ දරුවාට දැන් අවුරුදු පහකට කිට්ටුයි. දැන්  ඔහු තමන්ම වෙමින්  අන්න්‍යතාවයක් ගොඩ නගා ගන්නවා ඔබට දකින්න පුළුවන්. 

ඔහුගේ ක්‍රියාවන්ට යම් තාක් දුරකට වගකීම ගන්නවා  මෙන්ම මූලික දේ ගැනීමට සහ නව දේවල් ඉගෙන ගැනීමට ඇති ආශාව ප්‍රදර්ශනය කිරීමට ඔහු දක්වන උනන්දුව මෙම සංවර්ධනය අවදියේ කැපී පෙනෙනවා.

අපි අවුරුදු 04 මාස 09 දී ඔබේ දරුවාගේ සංවර්ධනය  සොයා බලමු.  සෑම දරුවෙකුම තමන්ගේ  වේගයෙන් ඉගෙන ගෙන වර්ධනය වන බැවින්, ඔබේ දරුවා සිය සම වයසේ මිතුරන් මෙන් සියලුම සංවර්ධන සංධිස්ථාන වලට ලගා විය යුතුමයැයි නියමයක් නැති බව මතක තබාගන්න.

කෙසේ වෙතත්, ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබට ගැටලුවක් ඇතිනම්  වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ 4මාස 9  වු  දරුවා විශාල ස්වයං පාලනයක් සහ දක්ෂතාවයක් වර්ධනය කර ගෙන සිටිනවා. ඔහු වඩාත් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන  අතර තනි කකුලෙන්  පනින්න  පුහුණු  වෙනවා.  ඔහුගේ සෙල්ලම් බඩු බාධක අතරින් හසුරුවන්න ඔහුට පුළුවන්.

මේවාට අමතරව, ඔබේ කුඩා දරුවාගේ හැකියාවන්

  • ඔහුට තනි රේඛාවක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්.
  • සෙල්ලම් බඩුවක් බාධක අතරින් හෝ ඉන් ඉවතට පදින්න හෝ හසුරුවන්න පුළුවන්.
  • බෝලයක් උඩට විසි කරන්නත් එහි දුර සහ ඉලක්කය තීරණය කරන්න පුළුවන්.
  • උදව් නොමැතිව රවුමට දුවනවා.
  • අරමුණක් ඇතුව අදින්න හා පාට කරන්න පුළුවන්. ඇඟිලි තුනකින් මාකර් එකක් හෝ පෑනක් අල්ල ගන්න පුළුවන්.
  • ඔහුගේ දිවීමේ වේගය වැඩි කිරීමට දෑත් භාවිතා කරනවා.
  • දුවනවා, නවතිනවා, චලනය වෙනවා සහ දක්ෂ ලෙස බාධක මගහරිනවා.
  • සෙන්ටිමීටර 12 සිට 15 දක්වා (අඟල් 5 සිට 6 දක්වා) වස්තූන් උඩින් දෙපා සම්පුර්ණයෙන්ම පොළවේ ස්පර්ශ වෙන පරිදි  බිමට පනින්න පුළුවන්.

මෙයට අමතරව  ඔබේ පුංචි පැටියා  ඉණිමඟ සහ ගස්  දිගේ උඩට විශ්වාසයෙන් යුතුව නගිනවා දැක ගත හැකිය. හැඩයන් සහ ප්‍රමාණ කිහිපයක් නැවත සකස්  කිරීමට ද ඔහුට හැකියාව තියෙනවා. එනම් ඔහුගේ චලන  කුසලතා වේගයෙන් වර්ධනය වෙනවා.

ඉඟි

  • ඔබේ දගකාර පැටියාට චලන කුසලතා වර්ධනය කර ගැනීමට ආරක්ෂිත පරිසරයක් අවශ්‍ය වෙනවා.    පුංචි  ගවේෂකයෙකු වීම සදහා ඔහුට ආරක්ෂාව  ලබාදෙන්න.
  • ඔහුගේ චලන කුසලතා පුහුණු කිරීමට හා දියුණු කිරීමට ඔහුට කාලය ලබා දෙන්න.
  • හැඩයන් සහ ප්‍රමාණයන් ගැන ඔහුට ඉගැන්වීමට පටන් ගන්න. චිත්‍ර අදින්න ඔහුව දිරිමත් කරන්න. සෙල්ලම් මැටි ගුලියකින් නව හැඩයන් නිර්මාණය කරන්න පුරුදු වන්න. මෙම ක්‍රියාකාරකම් කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා  (Fine motor skills ) ශක්තිමත් කරනවා.
  • පැන්සලක් හෝ හුණු කූරක් භාවිතයෙන් ලිවීමට පුරුදු වෙන ලෙස ඔහුට කියන්න. ඇඟිලි දෙකක ග්‍රහණයක් භාවිතා කරන ආකාරය ඔහුට කියා දෙන්න. නමුත් මෙය කිරීමට ඔහුට බල කරන්න එපා. මෙම ක්‍රියාකාරකම සැනසිල්ලේ පුරුදු වෙන්න ඔහුට කාලය දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • කෙළින්ම ඇවිදීමට, තනි කකුලෙන් හිට ගැනීමට නොහැකි නම්
  • ඔහුට පෑනක් අල්ල ගන්න, කිසිදු හැඩයක් ඇඳීමට හෝ හඳුනා ගැනීමට සම්පුර්ණයෙන්ම  නොහැකි නම්

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මානසික  කුසලතා ඔබේ දරුවාගේ මානසික  වර්ධනයට සම්බන්ධ වෙනවා.  මෙම අවස්ථාවෙහිදී, ඔහුගේ පරිකල්පනය උපරිමයට ලගා වෙනවා  පමණක් නොව, ඔහු එයට ස්ථර එකතු කරමින් මවාගත්  නව ලෝකයක් නිර්මාණය කරනවා.

ඔහුගේ සමාජශිලී පෞරුෂයෙන් පෙන්නුම් වන්නේ ඔහු ගවේෂණය කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ වචන වල තේරුම හොයන්න ඔහු  ප්‍රිය කරන බවයි. ඔහු තමාගේම රහස් භාෂාව මතු කරන විට ඔහුගේ පරිකල්පනය පාලනයෙන් තොර වීමට  ඉඩ දෙන්න.

සරල පොත් කියවීමට සහ දෛනික සිදුවීම්වල අනුපිළිවෙල තේරුම් ගැනීමට  හැකි වීම මේ වයසේදී ලබන සංවර්ධනයේ කොටසකි. ඒ නිසා “ ඔයාගේ  දත් මදින්න” හෝ “ උදේ ආහාරය ගන්න යන්න ලෑස්ති  වෙන්න ” යනුවෙන් ඔබ ඔහුට පැවසූ විට ඔහුට මෙම උපදෙස් පහසුවෙන් ගන්නවා වගේම  අනුගමනය කරනවා.

ඔබේ දරුවාගේ හැකියාවන්

  • සමාන ශබ්ද හා වචන හඳුනා ගන්නවා.
  • අකුරු 18 සිට 20  වෙනකම් හා වචන නම් කරන්න පුළුවන්.
  • “උස,” “විශාලතම,” “තවත්,” “එකම” යන සංකල්පය තේරුම් ගන්න පුළුවන්
  • 20 ට ගණන් කරනවා.
  • තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් ලබා දෙන පියවර දෙක තුනක උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.
  • පිංතුර දෙස බලා අතුරුදහන් වූ පුද්ගලයා හෝ සත්වයා හඳුනා ගන්නවා.
  • ඉතා හොඳ කතන්දර කියන්නෙක් වෙනවා.

ඉඟි

  • කතන්දර සෑදීම නවත්වන්න ඔබේ පුංචි  කතන්දර කාරයාට  කියන්න ඔබට හිතේවි. නමුත් ඔහුගේ පරිකල්පනය භාවිතා කිරීමට ඔහුට ඉඩ දීම ඔහුගේ මානසික  කුසලතා වර්ධනය කරන්න  පුළුවන්.  
  • උදේ වරුවේ නිශ්චිත හා සරල හැදින්වීමක් කිරීමෙන් ඔහුට ඔහුගේ දෛනික චර්යාව වඩාත් හොඳින් වටහාගන්න පුළුවන්.
  • වස්තූන් සහ පුද්ගලයින් ගණනය කිරීම පුහුණු වීම මෙන්ම වචන සහ හෝඩියද පුහුණු කරන්න.   ඔබේ දරුවා සමඟ ප්‍රහේලිකා පුහුණු වීමද හොඳ අදහසක් වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට සරල පියවර දෙකක උපදෙස් පිළිපැදීමට නොහැකි නම්,
  • ඔබේ දරුවාට අවම වශයෙන් පහ දක්වා වත් ගණන් කළ නොහැකි නම්
  • කෙටි වාක්‍යයක් කථා කළ නොහැකි නම්

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

වයස අවුරුදු හතර වන විට, බොහෝ ළමයින්ගේ  ශක්තිය  උතුරා යන අතර ඔවුන්  බොහෝ විට සමාජශිලී, උද්යෝගිමත් හා අතිශයින් සෙල්ලක්කාර ය. ඒ නිසා ඔබත් දුවන්න වගේම බොහොමයක්  ශාරීරික ක්‍රියාකාරකම් සඳහා සූදානම්ව වෙන්න.

නමුත්  මේ ළමයින් තරමක් හැගීම්බර යුගයකි. ඒ නිසා ඔවුන් සමහර විට සතුටින් හා සිනහවෙන් සිටින අතර  එකවරම දුක හෝ කෝපයට පත්වෙන්න  පුළුවන්.

සමාජ කුසලතාවන්ට අදාළව මේ වයසේදී ලගාවෙන සන්ධිස්ථානයක් වන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඇති ඔවුන්ගේ ආශාවයි.

තවත් බොහෝ සිත්ගන්නා  කරුණු ඇතුළුව එවැනි සමාජ සන්ධිස්ථාන රාශියක් තියෙනවා.

  • කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට අවශ්‍ය වන අතර, ඕනෑවට වඩා මිත්‍රශීලී හා උද්යෝගිමත් වෙන්න  පුළුවන්.  
  • පුරසාරම් දෙඩීමට සහ මවාගත් මිතුරන් සමඟ සංවාද පවත්වන්න  පුළුවන්.  මෙම මිතුරන් සමඟ ශක්තිමත් මානසික  බැඳීමක් ඇති කර ගන්න  පුළුවන්.
  • නිරන්තරයෙන් වැඩිහිටි අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරන අතර, එය ඉටු කිරීම ගැන ආඩම්බර වෙනවා.
  • තමන්ගේ හැගීම්, රුචිය ගැන පමණක් සිතිය හැකි අතර අනෙක් ළමයින්ට හිරිහැර කිරීමට ඔබේ දරුවාට අවශ්‍ය වෙන්න පුළුවන්.
  • ඔබේ දරුවාට අන් අයව පාලනය කිරීමටත් ශාරිරික ආක්‍රමණ වලට වඩා වාචික දේ කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නත් පුළුවන්.

මෙය දෙමව්පියන්ට හා ළමයින්ට ඉතා තීරණාත්මක  අවධියකි. ඒ ඔහු  අන් අය සමඟ නිසි ලෙස කටයුතු කිරීමට ඉගෙන ගන්නා නිසයි.

මේ යුගයේදී  අදහස් හුවමාරු කරගැනීම   ප්‍රධාන වන අතර දෙමව්පියන් වශයෙන් ඔබ ඔබේ උපදෙස් පැහැදිලිව ලබාදීම  වැදගත් වන අතර ඔහු අනුගමනය කිරීමට ඔබ ඒ සදහා හොඳ ආදර්ශයක් වන්න.

ඉඟි

  • ඉදහිට උද්වේගකාරී ලෙස හැසිරීම  වෙන්න පුළුවන්. නමුත් බැණ වැදීමෙන්  හෝ කෑගැසීමෙන්  ඒ සමඟ කටයුතු කරන්න බැහැ.  එය එම හැසිරීම් උග්‍ර කරන අතර ඔබ සංසුන්ව හැගීම් බෙදාගැනීම තුලින්  ඔබේ දරුවාට සන්සුන් කරන්න පුළුවන්.
  • ඔහුගේ මවාගත් මිතුරන් සිටින ඔහුගේ මවාගත්  ලෝකය හා විනෝද වී  වළක්වන්න එපා. ඔහුගේ පරිකල්පනයට පාලනයකින් තොරව විහිදෙන්න ඉඩ හරින්න.
  • ළමයින් විශාල පිරිසක් සමඟ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට  ඔහුව දිරිමත් කරන්න. ඔහු පාලනය පතුරවන බව ඔබ දුටුවහොත්, ඔහුගේ මිතුරන් සමඟ ආචාරශීලීව කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්න. හැගීම් බෙදාහදා ගත යුත්තේ ඇයි කියා ඔහුට කියා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට සරල වාක්‍යයකින්වත් අදහස් ප්‍රකාශ කිරීම ගැටලුකාරී බව පෙනේ නම් හෝ ඔහු අන් අය සමඟ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්
  • ඔහු ඔබ සහ ඔහුගේ සම වයසේ මිතුරන් කෙරෙහි දැඩි කලකිරීමක් හෝ කෝපයක් පෙන්වයි නම්

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මේ  අවදියේ  සංවර්ධනය හා සන්ධිස්ථාන වලින් එකක් ලෙස බුද්ධිමත් කථනය පෙන්වා දෙන්න පුළුවන්.  ඔබේ දරුවාට දැන් සම්පූර්ණ හා සමහර විට සංකීර්ණ වාක්‍ය කතා කරන්න  පුළුවන්. “බළලා පඩි පෙළ යටට දුවලා ගිහින්  ගසට නගිනවා මම දැක්කා.”

මෙම අවස්ථාවෙහිදී, ඔහු කුසගින්නෙන් හෝ සීතලෙන් සිටීම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔහුට පුළුවන්. තව සරල කවි සහ ගීත පහසුවෙන් මතකයෙන් කියන්න ඔහුට පුළුවන්. “අම්මා දොර වැහුවා” හෝ “තාත්තා එළියට ගියා” වැනි අතීත කාල වාක්‍ය ඔහු කියනවා  ඔබ දුටුවහොත් පුදුම වෙන්න එපා.

කෙසේ වෙතත්, මේවා මෙම අවස්ථාවෙහිදී ඔහු ලගා වෙන  කථන සහ භාෂා සන්ධිස්ථාන වලින් කිහිපයක් පමණි. පහත සඳහන් දෑ ද බලාපොරොත්තු  වෙන්න :

  • “පසු,” “මත”, “සඳහා” වැනි නිපාත පද භාවිතා කරන්න පුළුවන්.
  • සන්තකයේ ඇති පද නිවැරදිව භාවිතා කරනවා. ඒ නිසා ඔහු “ළදරුවාගේ” හෝ “තාත්තාගේ / අම්මාගේ ” යැයි පැවසීම බලාපොරොත්තු වන්න.
  • නොපවතින මිනිසුන්, සතුන්, වස්තූන් දේවල් ගැන සඳහන් කරනවා.
  • සවන්දෙන්නන්ගේ අවබෝධයේ මට්ටමට අනුවර්තනය වීමට වාක්‍යයේ ස්වරය සහ ව්‍යුහය වෙනස් කිරීමට ඔහුට දැන් පුළුවන්.  උදහරණයක්  ලෙස, ඔහුට තම ළදරු සොහොයුරිය ගෙන්  “බිස්කට් ඕනීද ?” අහන්නත්,  “ මම එළියට  යනවා, නමුත් මට ඔබට කියලා යන්න ඕනි.” කියා  ඔබට කියන්න පුළුවන්.
  • “කවුද?” “ඇයි?” “කවදාද?” සහ "කෙසේද?" යන්න භාවිතා කරන්න පුළුවන්.

ඉඟි

ඔබේ පුංචි  පැටියා  වේගයෙන් වර්ධනය වෙමින් සිටිනවා. දැන් ඉතින්  හුරුබුහුටි ළදරු කතා ඕනීම නැහැ.  

ඔබට කළ හැකි තවත් කරුණු කිහිපයක් මෙන්න:

  • වෙනත් වැඩිහිටියෙකු ඔබ කතා කරන ලෙස ඔහුට කතා කිරීමට උත්සාහ කරන්න.
  • සම්පූර්ණ වාක්‍ය වලින් පිළිතුරු දීමටත් ඔහු තවමත් නොදන්නා අය සමඟ කතා කිරීමටත් ධෛර්යමත් කරන්න. (ඔබේ අධීක්ෂණය යටතේ)
  • ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ, දෙමව්පියන්ගේ නම් සහ නිවසේ ලිපිනය සහ අංකය පවා ඔහුගෙන් විමසන්න. මෙම වයස වන විට, ඔවුන්ට මෙම මූලික කරුණු ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්.
  • ඔහු සමඟ නිසි වාක්‍ය සැකසීමට පුරුදු වෙන්න. කවි හෝ රිද්මානුකූල ගී එකට කියවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ කථන සංවර්ධනය  ගැටලුවක් ඇති නම්,  ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. නමුත් පහත සඳහන් දෑ ගැන විමසිල්ලෙන් සිටින්න.

  • බුද්ධිමත්ව කථා කිරීමට නොහැකි නම් හා වාක්‍ය සැකසීමේදී අපැහැදිලි හෝ ගැටලුකාරී බවක් පෙනේ නම්
  • ඔහුගේ කට හඩේ ස්වරය වෙනස් කිරීමට හෝ සවන්දෙන්නන්ගේ අවබෝධතා මට්ටමට අනුවර්තනය වීමට ඔහුට නොහැකි නම්

අවුරුදු 4 මාස 9 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වන  විට ඔබේ දරුවාගේ බර කිලෝග්‍රෑම් 18 ක් පමණ වන අතර උස අඩි තුනක් පමණ වෙනවා.  ඔහු  වසරකට බර කිලෝග්‍රෑම් දෙකත් තුනත් අතර ප්‍රමාණයක් වැඩි කර  ගන්නා අතර  සෙන්ටිමීටර් පහේ සිට අට දක්වා වර්ධනය වෙනවා.

ඔහුට දිනකට අවම වශයෙන් 7,100 kJ (1,700 kcal) අවශ්‍ය වන අතර, නින්ද සහ නිතිපතා පෝෂණයද අවශ්‍ය වෙනවා.

පෝෂක දිනපතා අවශ්‍ය ප්‍රමාණය ඔවුන්ට පෝෂණය කළ යුතු දේ
කැල්සියම් සහ විටමින් ඩී කැල්සියම් මිලිග්‍රෑම් 1,000 හා විටමින් ඩී  3000   IV (ජාත්‍යන්තර ඒකක) මේද අඩි කිරි නිෂ්පාදන කිරි කෝප්ප 2 ක්, යෝගට්  සහ චීස් කෝප්පයක්
යකඩ මිලිග්‍රෑම් 10 යි ස්පැගටි සමග (හරක් මස්  )  මීට් බෝල්ස් හට්ගරක්  හෝ  කුකුළු මස් සහ ඌරු මස් හෝ මුහුදු ආහාර අඩංගු  පැටිස්  හෝ බිත්තරයක් හෝ  බෝංචි හා තක්කාලි සමග  කුඩා චිකන් සැන්ඩ්විච්.
විටමින් සී දිනකට මිලිග්‍රෑම් 650 කට වඩා වැඩි නොවන පරිදි ස්ට්රෝබෙරි කෝප්පයක්, හෝ ස්පැගටි සහ තක්කාලි යුෂ කෝප්පයක් හෝ බතල  කෝප්පයක්, ග්‍රීන් පෙපර් සහ දොඩම් ගෙඩියක්.

එන්නත් සහ පොදු රෝග:

මේ වන  විට ඔබේ දරුවාට ලබාගෙන තිබිය යුතු එන්නත්

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

උණ, පැපොල,  පෝලියෝ,  සරම්ප, කම්බුල්ගාය සහ කක්කල් කැස්ස වැනි රෝග වැළදිය හැකි  බැවින් සැලකිලිමත්  වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

පෝෂ්‍ය පදාර්ථ  වලට අමතරව, ඔබේ දරුවා තුල  පහත දැක්වෙන අනතුරුදායක සලකුණු  ඔබ දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

  • ඔහු ප්‍රමාණයෙන් කුඩා හෝ බර අඩුයි නම්
  • ඔබේ දරුවා නිතර රෝගී වෙනවා නම්
  • එකවරම ඔහුගේ සිරුරේ තැලීම් හෝ ගැටිති දක්නට ලැබේ නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 04 මාස 10

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 04 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it