අවුරුදු 05 මාස 01 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 01 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 1 ක දරුවා වේගයෙන් හා වේගයෙන් වර්ධනය වෙලා.  එහෙම නේද?   ඔහුගේ පුංචිම කාලේ ගෙවී ගිහින්,   දැන් ඔහු පාසැල් යන්න  සුදානම්.   ඔහු තුල  වැඩි ස්වාධීනත්වයක් පෙන්නුම් කරන අතර  කුතුහලයක් යුක්තයි.  මේ මාසයේ ඔබේ පුංචි  පැටියාගේ  සංවර්ධනය දැනගන්න.  මේ ලිපිය කියවන්න.

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය: ඔබේ දරුවා මේ මාසය සමඟ ඔබව මවිතයට කරන්න කුමක් කරාවිද?

සෑම දරුවෙකුම තමන්ගේ වේගයෙන්  සංවර්ධනය  වෙනවා.   මේවා මාර්ගෝපදේශ පමණයි. ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ අවුරුදු 5 යි මාස 1 ක් වයසැති දරුවා ඉතා කඩිසර වන අතර ඔහුගේ උද්යෝගය බොහෝ ජිම්නාස්ටික් අංග වලින්  ප්‍රකාශ කරන්න  පුළුවන්.  ඔහුගේ දෑත් දෑස් සම්බන්ධීකරණය  දියුණු වී තියෙනවා.  ඒ නිසා ඔහුට තනිවම ආහාර  ගැනීම  සහ වැසිකිළියට යෑම වැනි මූලික කාර්යයන් ආරම්භ කරන්න  පුළුවන්.  

ඔහුගේ ළදරු විය  සසඳන විට ඔහුගේ ළමා කාලයේ හටගන්නා  චලන කුසලතා ( Gross motor skills ) වඩා දියුණු ය. ඒ මගින් ඔහු කෙතරම් ස්වාධීන ද යන්නෙන් පැහැදිලි වෙනවා.

සියළුම දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා.  ඒ අතර  බොහෝ දෙනෙකුට ආකර්ෂණීය ශාරීරික කුසලතා සපුරා ගන්න  පුළුවන්.  ගොඩාක් උඩ පනින්න, විශ්වාසයෙන් දුවන්න විතරක් නෙමෙයි  කරාටේ හෝ බැලේ වැනි ව්‍යුහාත්මක ක්‍රීඩාවලට සම්බන්ධ වඩාත් සංකීර්ණ චලනයන් කිරීමට පවා ඔවුන්ට පුළුවන්.

අවුරුදු 4 මාස 2 ළමා වර්ධනය

මෙම අවස්ථාවේදී, ඔබේ දරුවාට පහත සඳහන් දෑ කරන්න  පුළුවන්

  • ඉදිරියට පිනුම් ගහන්න පුළුවන්
  • පැද්දීම උඩ නැගීම වඩාත් විශ්වාසයෙන් කරනවා.
  • තත්පර 10 ක්වත් තනි කකුලෙන් ඉන්න පුළුවන්.  
  • දෙමව්පියන්ගේ සහාය නොමැතිව ඇඳුම් ඇඳීමට හා ඇඳුම් ගැලවීමට පුළුවන්.
  • හැන්දක්, ගෑරූප්පුව පමණක් නොව සමහර විට පිහිය ආහාර අනුභව කිරීමට භාවිතා කරන්න පුළුවන්.
  • අමතර උපකාරයකින් තොරව වැසිකිළියට යන්න පුළුවන්.

ඔබේ පස් හැවිරිදි දරුවා  තවමත් සංවර්ධනය වෙමින් පවතින බව මතක තබා ගන්න.  ඔහුට තමාගේම වැසිකිළි අවශ්‍යතා සපුරාලිය හැකි වුවද, ඇඳ තෙත් කිරීම තවමත් සුලභ දෙයකි.  ඒ ගැන කරදර වෙන්න එපා.

ඉඟි:

නව ක්‍රියාකාරකම් ගවේෂණය කිරීමට සහ උත්සාහ කිරීමට ඔබේ කුඩා දරුවාට ප්‍රමාණවත් ඉඩක් සහ කාලයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ චලන  කුසලතා තවදුරටත් වර්ධනය කරන්න  පුළුවන්.

  • එල්ලීමට හැකි බාර් (Monkey bar) වැනි උපකරණ ඇති ප්‍රදේශවලට ඔහුව රැගෙන යන්න.
  • ඔබේ දරුවා කණ්ඩායම් පිහිනුම් පාඩම් සඳහා හෝ ඔහු කැමති වෙනත් ක්‍රීඩාවක් හෝ ශාරීරික ක්‍රියාකාරකමක් සඳහා යොමු කරන්න. ඔහු සෑම විටම සුදුසුකම් ලත් උපදේශකයෙකු විසින් අධීක්ෂණය කරනු ලබන බවට වග බලා ගන්න.
  • ඔබේ දරුවා ඇඳුම් ඇඳීම හෝ වැසිකිළියට යාම වැනි තනිවම දේවල් කිරීමට උත්සාහ කරන විට ඔහුව ධෛර්යමත් කරන්න.
  • තාක්‍ෂණය වශයෙන් නිදන කාමරයට  කැදවා ගන්න එක අඩු කරන්න.  ඔහුනින්දට බාධා කරන   දීප්තිමත් විදුලි ආලෝක  සහිත දුරකථන හෝ උපකරණ නිදන කාමරයෙන් ඉවත් කරන්න.
  • ඔහුව සරල ගෙදර දොරේ වැඩවලට සම්බන්ධ කරගන්න. විවිධ ක්‍රියාකාරකම් ඔහුගේ දෑස් දෑත්  සම්බන්ධීකරණය වර්ධනය කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා බලාපොරොත්තු වූ පරිදි යම් කුසලතා ප්‍රදර්ශනය නොකරන බව ඔබ දුටුවහොත්,ඔහුව වෛද්‍යවරයා වෙත ගෙන ගෙන යන්න. 

අවධානය යොමු කළ යුතු ලකුණු කිහිපයක්,

  • පාට කූරක් හෝ පැන්සලක් අල්ලා ගැනීමට නොහැකි නම්
  • ආහාර ගැනීම, නිදාගැනීම හෝ නාන කාමරයට යාම තනිවම කළ නොහැකි නම්.
  • ඔහුට තනිව ඇදුම් ගලවන්න බැරි නම්

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

පාසල යන්න  ඉතා ආසන්නයි. ඔබේ දරුවා ගොඩාක් දේවල් දැන් ඉගෙන ගෙන නේද?

ඔබේ දරුවාගේ මතකය ආකර්ෂණීය වේගයකින් වර්ධනය වෙනවා.  ඔහුට බොහෝ තොරතුරු මතකයි. ඒ වගේම  එදිනෙදා ගෘහස්ථ වස්තූන් මොනවාද සහ ඒවා හදුන්වන්නේ කෙසේද  යන්න ගැන වඩා හොඳ අදහසක් තියෙනවා.  

ඔබේ පුංචි  පැටියා ගෙන් ඔබට නිරීක්ෂණය කළ හැකි සන්ධිස්ථාන කිහිපයක්

  • ත්‍රිකෝණ සහ වෙනත් ජ්‍යාමිතික හැඩතල පිටපත් කරන්න පුළුවන්.
  • 20 දක්වා හෝ ඊට වැඩි ගණනක් ගණන් කරන්න  පුළුවන්.
  • ශරීර කොටස් හයක් හෝ වැඩි ගණනක් ඇති පුද්ගලයින් අදින්න පුළුවන්.
  • ආහාර හා උපකරණ වැනි ගෘහස්ථ වස්තූන් නම් කරන්න හා ඒවා ගැන ඔබට  කියන්න පුළුවන්.
  • අවම වශයෙන් වර්ණ හතරක් හෝ ඊට වැඩියෙන් නම් කරන්න පුළුවන්.
  • අකුරු හෝ අංක කිහිපයක් ලියනවා.
  • කාලය හා සම්බන්ධ සංකල්පය ගැන වඩා හොද අවබෝධයක් තියෙනවා.

ඉඟි:

  • ඇඳීමට ඔබේ කුඩා දරුවා දිරිමත් කරන්න. එය ඔහුගේ නිර්මාණශීලිත්වය උත්තේජනය කරන අතර ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන  කුසලතා ( Fine motor skills  ) වර්ධනය කරනවා.
  • ඔබේ දරුවා ඔහුගේ මිතුරන්ට අකුරු ලිවීමට උදව් කරනවා. මේ  මගින් සාක්ෂරතාවය හා මතකය හා සම්බන්ධ මනසික සංවර්ධනය වැඩිදියුණු කරන්න  පුළුවන්.
  • මැලියම්, කතුර සහ වෙනත් කලා සැපයුම් සමඟ නිර්මාණාත්මක DIY ව්‍යාපෘති සාදන්න. එය ඔබේ දරුවාට සැබවින්ම විනෝදජනක වන අතර විවිධ හැඩයන් ගැන ඔහුට වඩාත් හුරුපුරුදු වෙනවා.
  • ඔබේ දරුවාගේ රූපවාහිනී කාලය අධ්‍යාපන වැඩසටහන් පමණක් එක්ක පැයකට (හෝ ඊට අඩු) සීමා කරන්න. ඔබේ දරුවාගේ රසාස්වාදය උත්තේජනය කිරීමට තවත් බොහෝ ක්‍රම තියෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා පහසුවෙන් අවධානය වෙනතකට යොමු කරයි නම්
  • ඔබේ දරුවාට විනාඩි පහකට වඩා වැඩි කාලයක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කළ නොහැකි නම්

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවාගේ පරිකල්පනය නිසා  නාට්‍ය හා  මවාගත් රංගනය පිරි ඉතිරි ගිය  සංකීර්ණ මවාපෑමේ සෙල්ලම්  තුල  ඔහු අතරමං  වෙන්න පුළුවන්. ඔහු පොදු ඉලක්කයක් කරා වැඩ කරන විට මාලිගාවක් තැනීම හෝ යම් ප්‍රදේශයකින්  ඉවත්ව සිටීම වැනි දේ සමඟ වඩා හොඳින් සෙල්ලම් කළ හැකි බව ඔබට පෙනේවි.

ඔබේ කුඩා දරුවා ද වඩාත් එකඟ වන සුළුයි.   අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා.  ඔහු සෙල්ලම් බඩු තම මිතුරන් සමඟ බෙදා ගැනීමට වඩා පෙළඹෙන ඔබට දකින්න පුළුවන්.   යමෙකුට ක්‍රීඩාවක් කිරීමට අවශ්‍ය නැතිනම් සම්මුතියකට  එළඹෙනවා. නමුත් දේවල් නිසි පරිදි සිදු නොවන විට ඔහුට ඉඳහිට උද්වේගකාරී  වෙන්න පුළුවන්.

ඉඟි:

  • මිතුරන් සමඟ කරන ක්‍රියාකාරකම් තෝරා ගැනීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. ඔබේ කුඩා දරුවා මිතුරන් සමඟ සාකච්ඡා කිරීමේදී හා සාකච්ඡා කිරීමේදී කර විසදාගැනීම්  කරද්දී ඔහුට  වඩාත් සමාජශීලී වීමට අවස්ථාවක් ලැබෙනවා.
  • ඔබේ දරුවා සහ ඔහුගේ මිතුරන් අතර කිසියම් ගැටළුවක් මතු වුවහොත්, තත්වය විසඳීමට ක්‍රමයක් සොයා ගන්න ඔහුට ඉඩ දෙන්න. මෙමගින්  ඔබේ දරුවාට සම්මුතියක් ඇති කර ගන්නා ආකාරය  ඉගෙන ගන්න පුළුවන්.
  • දරුවා සමඟ කතා කරන්න. ඔබේ සම්පූර්ණ අවධානය ඔහුට දෙන්න. ඔබ ඔහුගේ මනාපයන් ගැන මෙන්ම ඔහු එදින කළ දේ ගැන විමසන විට, ඔහුට ආදරයක් දැනේවි.
  • ඔබේ දරුවා තම අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රිය කරනවා. නටන්න, ගායනා කරන්න, රඟපාන්න ඔබේ දරුවා ධෛර්යමත් කරන්න.   ඔබටත් එයට සම්බන්ධ වෙන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අතිශයින් බිය, ලැජ්ජාශීලී හෝ ආක්‍රමණශීලී නම්
  • කුඩා දරුවා ඔබෙන් දුරස්ව සිටින විට දැඩි කනස්සල්ලට පත්වෙනවා නම්
  • ඔබේ දරුවා අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරයි නම්

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 1 ක දරුවාට ඔහුගේ අවශ්‍යතා   වාචිකව සන්නිවේදනය කරන්න පුළුවන්.  ඔහු ඔබ පවසන දේ තේරුම් ගැනීමට ද ඉතා දක්ෂ වන අතර “ඉහළින්” හෝ “පහළ” වැනි ස්ථානීය විස්තර පිළිබඳ වැඩි දැනුමක් තියෙනවා. ඔබේ පුංචි පැටියාට  කතාවේ පෙර කොටස් සිහිපත් කරන්න  පුළුවන්  නිසා කතන්දර කියන වේලාව ගොඩාක්  කාර්‍යබහුල වේවි. හොදද ?  ඒ නිසා ඔබ ඔහුට  කියවන විට, ඔබට තනියම කියවන්න සිදු නොවේවි.  ඊළඟට කුමක් වේවිද? නැතහොත් ඇතැම් චරිත ගැන ඔහුට සිතන්නේ කුමක්දැයි  ඔහු ඔබට උද්යෝගයෙන් පවසාවි.

අවුරුදු 5 ක් වයසැති මාස 1 ක් වයසැති ළමා සංවර්ධනය හා දැනුවත් විය යුතු සන්ධිස්ථාන

  • රිද්මානුකූල වචන කියනවා.
  • ඔහුගේ සම්පූර්ණ නම කියනවා.
  • ඔබේ ලිපිනය සහ දුරකථන අංකය මතකයි.
  • පැහැදිලිව කථා කරනවා. වචන පහක් හෝ වැඩි ගණනක් සමඟ වාක්‍ය හදන්න පුළුවන්.

ඔබේ කුඩා දරුවාට වචන 20,000 ක වචන මාලාවක් තියෙනවා. පුදුමයි නේද? ඉතින් ඔහු එච්චර  ලස්සනට  කථා  කිරීම පුදුමයක් නොවෙයි නේද?    ඔහුගේ භාෂාව හා කථන කුසලතා වර්ධනය කර ගැනීමට ප්‍රධාන සාධකය වන්නේ ඔහු මේ වචන සියල්ලම භාවිතා කරන ආකාරයයි.

ඔහු පෙර පාසලට ඇතුළු වූ විට, ඔහු තමා විසින් කියවන්න ඉගෙන ගැනීමට පටන් ගන්නවා.  ඔබේ දරුවාට තමාගේම කියවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට  ක්‍රියාකාරකම් සඳහා යෝජනා කිහිපයක් මෙන්න.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට දිගටම කියවන්න. පොත් සඳහා ඇති කැමැත්ත වැඩිදියුණු  කිරීමට  ඔහුව පුස්තකාලයට ගෙන යන්න. විවිධ සහ අලුත්  පොත්  වැඩියෙන්  කියවන විට  ඔහුගේ වචන මාලාව වැඩි වේවි.
  • දරුවා සමඟ කියවන විට නිතර භාවිතා වන වචන ඉස්මතු කර අවධානය යොමු කරන්න. ඔබේ දරුවාට නව වචන පෙන්වා දෙන විට නැවත නැවත කීම මඟින් ඒවා මතක තබා ගැනීමට උපකාරී වෙනවා.  
  • ඔබේ කුඩා දරුවා සමඟ ඔහුගේ වටපිටාව ගැන කතා කර ඔහු දකින දේ විස්තර කිරීමට ඔහුව දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අතීත කාලය නිවැරදිව භාවිතා කිරීමට ගැටළු ඇති නම්
  • බහු වචන භාවිතා නොකරයි නම්
  • පැකිලෙමින් කථා කරනවා නම්

අවුරුදු 5 මාස 1 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ අවුරුදු 5 යි මාස 1 ක් වයසැති දරුවා ඔහුගේ සිව්වෙනි උපන්දිනයේ සිට බර  කිලෝ ග්‍රෑම් 2.25 ක් දක්වාද උස සෙන්ටි මීටර  5.5 ක් පමණ ද වර්ධනය වෙලා තියෙනවා.  බොහෝ දරුවන්ගේ බර කිලෝග්‍රෑම් 17 - 20.3 ක් සහ උස සෙන්ටිමීටර් 106 - 112.2 ක් වෙනවා.

ඔහුගේ වැඩිහිටි දත් විදුරුමසින් මතුවෙන්න පටන් ගෙන  ඇති  අතර ඔහුගේ පෙනීම දැන් 20/20 වේ.

ඔබේ කුඩා දරුවා ඇදහිය නොහැකි තරම් ක්‍රියාකාරී වෙනවා.  ඔබේ දරුවාට සමබර ආහාර වේලක් ගැනීම වැදගත් වන අතර එමඟින් ඔහුට නිරෝගී වේගයකින් වර්ධනය වෙන්න  පුළුවන්.  ඔහු සාමාන්‍යයෙන් කැලරි 1300 ක් පමණ ආහාරයට  ගන්නවා.  නමුත් ඒ ප්‍රමාණය  ඔහු කෙතරම් ක්‍රියාශීලීද යන්න මත පදනම්ව වැඩිවෙන්න පුළුවන්.

අනුගමනය කිරීමට යෝජිත මාර්ගෝපදේශ කිහිපයක් මෙන්න:

පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා දිය යුතු ආකාරය
ධාන්‍ය  ( දවසකට කුඩා කොටස් වාර 6) පාන් පෙත්තක් 1 යි

පිසූ බත් / පැස්ටා කෝප්ප 1/2 ක්  (ග්‍රෑම් 80)

මේද  (දිනකට සේවා 3-4) බටර් / තෙල් තේ හැන්දක්
පළතුරු,  එළවළු (දිනකට සේවා 5 ක්) 1/2 - 1 කුඩා පළතුරු

1/2 කෝප්ප පිසූ හෝ අමු කපා එළවළු (ග්‍රෑම් 80)

මස් (දිනකට සේවා 2 ක්) තුනී මස්, හෝ කුකුල් මස් හෝ මාළු 1-3 හැදි

බිත්තර 1 යි

ඇට සහ බෝංචි මේස හැදි 5 ක්

කිරි (දිනකට සේවා 3 ක්) කිරි කෝප්ප 3/4  හෝ යෝගට් (මිලි ලීටර් 177)

චීස් අවුන්ස 3/4 (ග්‍රෑම් 22)

එන්නත් සහ පොදු රෝග

මෙම වයස වන විට, ඔබේ දරුවාගේ බොහෝ එන්නත් දැනටමත් ලබා  දී තියෙනවා.  වාර්ෂික උණ එන්නත වැනි සෑම වසරකම ලබා දෙන පොදු එන්නත් කිහිපයක් තියෙනවා.  මෙම එන්නත පිළිබඳ වැඩි විස්තර  ඔබේ වෛද්‍යවරයා හමු වී දැනගන්න.

රෝග  සම්බන්ධයෙන් ගත් කල, ඔබේ දරුවා පෙර පාසලේ වෛරස්, බැක්ටීරියා  වලට නිරාවරණය වෙන නිසාත් ඔහුගේ ප්‍රතිශක්තිය වැඩි කරමින් සිටින බැවිනුත්  සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ බලාපොරොත්තු  වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ බර අධික ලෙස වැඩි අඩු වෙයි නම්  ආහාර නිර්දේශ සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-2

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

Written by

Niloufer Perera