අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 10 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබගේ අවුරුදු 5 මාස 10 ක දරුවාගේ සංවර්ධනය,  සන්ධිස්ථාන හා ගැටළු ගැන  අපි විමසා බලමු. වයස අවුරුදු 5  මාස 10 වන විට, ඔබේ දරුවා වඩාත් ස්වාධීනව වැඩෙනවා.   

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: ශාරීරික හා ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා (Gross motor skills  ) සම්බන්ධයෙන් දරුවා  වඩාත් සම්බන්ධ වෙනවා .  මෙය තමන්ටම තීරණ ගැනීමට සහ තනිවම දේවල් කිරීමට දරුවා තුල විශ්වාසයක් ඇති කරනවා.

මෙම මාසය තුළ ඔබ බලාපොරොත්තු  විය  යුතු  පුදුමාකාර සංවර්ධන සන්ධිස්ථාන මොනවාද? අපි සොයා බලමු. සෑම දරුවෙකුම වෙනස් බව සලකන්න.  සෑම දරුවෙකුම මෙම සන්ධිස්ථාන කරා ඔහුගේ හෝ ඇයගේ වේගයෙන් ලගා වෙනවා.  

ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඔබට ගැටලුවක්  පත්ව තිබේ නම්  ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයකු සමඟ කතා කරන්න.

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය:  ශාරීරික සංවර්ධනය

මේ වන විට, ඔබේ දරුවාට බයිසිකලයක් පදින්න, කඹයක් පනින්න, කෙටි කාලයක් තනි කකුලෙන් සමබරව  ඉන්න,  ඔබේ අත අල්ලා ගන්නේ  නැතුව පඩි පෙළේ පහලට  ඇවිදින්න, පනින්න සහ   විශාල බෝලයක් අල්ල  ගන්න පුළුවන්.

සමහර දරුවන්ට පාපන්දු වැනි කණ්ඩායම් ක්‍රීඩා කරන්න  ද පුළුවන්.

ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා( Fine motor skills )  ද වැඩි දියුණු වෙනවා.  ඒ නිසා සපත්තු ලේස් ගැටගැසීම සහ සිප් සහ බොත්තම් දැමීම වැනි කාර්යයන් දරුවාට පුළුවන්.

මේ වන විට ඔබේ දරුවාගේ හුරු අත  දකුණුද  වමද කියා දැන් දැනගන්න පුළුවන්

වෙනත් ශාරීරික  වර්ධනයන්

  • ඇඟිලි තුනක ග්‍රහණයෙන් පෑනක් හෝ පැන්සලක් අල්ල ගන්න පුළුවන්.
  • තමන්ගේ නම ලියන්න පුළුවන්.
  • පැන්සලකින් හැඩ පිටපත් කරන්න පුළුවන්.
  • කිරි දත් 1ක් 2 ක් හැලිලා. ඒ වෙනුවට ස්ථිර දත් එන්න පටන් අරන්
  • රෝද දෙකේ බයිසිකලයක් පදින්න පුළුවන්.
  • හොදින් මග හැර පනින්න (Skip) පුළුවන්.
  • ඇස් පියාගෙන තනි කකුලෙන් තත්පර කිහිපයක් සමබරව ඉන්න පුළුවන්.
  • බෝල වලට පයින් ගහනවා.
  • කඩදාසි මත හැඩ කපා අලවන්න පුළුවන්.

ඉඟි

  • සෑම දිනකම නිදහසේ සෙල්ලම් කිරීම සඳහා යම් කාලයක් වෙන් කරන්න. ළමයිනට සෙල්ලම් කිරීම තුළින් ශාරීරික, සමාජීය, හැගීම් හා සිතීමේ කුසලතා රාශියක් ලැබෙනවා.  
  • ගෙදර දොරේ වැඩවලට ඔබේ දරුවා සහභාගී කර ගන්න. මෙය දරුවාගේ  මානසික  හා කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා( Fine motor skills ) ඉහල නංවනවා  පමණක් නොව, ආත්ම අභිමානය ඉහළ නැංවීමට ද උපකාරී වෙනවා.
  • වීඩියෝ ක්‍රීඩා, පරිගණක භාවිතය සහ රූපවාහිනිය මත ගෙවන කාලයට සීමාවන් යොදන්න. තිර වේලාව ශාරීරික ක්‍රීඩා, ප්‍රමාණවත් නින්ද සහ පවුල සමග ගෙවන කාලයට බල පෑමක් නොවීමට බලා ගන්න.
  • මෙය ඔබේ දරුවාව පිහිනුම් පාඩම්, නැටුම් හෝ පාපන්දු ක්‍රීඩාවට ඇතුළත් කර ගැනීමට සුදුසු කාලයක් වෙනවා.
  • දරුවෙකු සොලවන්න හෝ පහර දෙන්න එපා. ඔබ අතින් ඔබේ දරුවාට හානි වෙන්න පුළුවන්. සෙලවීමෙන් මොළය තුළ ලේ ගැලීමක් සිදුවිය හැකි අතර ස්ථිර ලෙස මොළයට හානි සිදුවෙන්න  පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • දරුවාට වරක් තිබූ කුසලතා නැති වී තිබේ නම්
  • පෑනක් හෝ පැන්සලක් නිසියාකාරව ග්‍රහණය කරගත නොහැකි නම්.
  • අකුරු කෙරෙහි උනන්දුවක් නොදක්වයි නම් හෝ තමාගේම නමක් ලිවීමට උත්සාහ නොකරයි නම්
  • ශාරීරිකව ක්‍රියාකාරී වන විට අතිශයින්ම අවුල් සහගත නම්
  • හොදින් ඇසීමේ හා පෙනීමේ ගැටළු ඇති බව පෙනේ නම්

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

ඔබේ දරුවාට මේ වන විට අවම වශයෙන් විනාඩි 15 ක වත් දිගු කාලයක් අවධානය යොමු කරන්න  පුළුවන්.  දරුවා  සංඛ්‍යා, වේලාව (අද, හෙට, ඊයේ) වැනි සරල සංකල්ප තේරුම් ගන්නවා. ඍතු ගැනද දන්නවා.   සමහර වචන දැක හඳුනාගෙන  ශබ්ද කිරීමට උත්සාහ කරනවා.

ඔබ දැකිය හැකි මානසික  සංවර්ධන සලකුණු ලැයිස්තුව

  • ඉලක්කම් පිළිබඳ සංකල්පය තේරුම් ගන්න පුළුවන්. 20 ක් දක්වා ගණන් කරන්න පුළුවන්.  
  • ප්‍රාථමික වර්ණ දන්නවා
  • දිවා, රාත්‍රී  හා වම, දකුණ හදුනනවා.
  • වේලාව කියන්න පුළුවන්.
  • අංක තුනක් පසුපසට නැවත  කියවන්න  පුළුවන්.  
  • හෝඩිය හොඳින් කියවන්න පුළුවන්.
  • දෘශ්‍ය වචන කිහිපයක් කියවන්න පුළුවන්.
  • අවම වශයෙන් 10 මිනිත්තු 15 ක්  අවධානයක් කාර්යයක යොදන්න පුළුවන්.
  • ප්‍රශ්න අසන්න පුළුවන්. “ඇයි?” යනුවෙන් ඇසූ විට හේතු සහ පිළිතුරු දෙන්න  පුළුවන්.
  • “හරි” සහ “වැරදි” සහ නීති පිළිබඳ සංකල්පය තේරුම් ගන්නවා.

ඉඟි

  • ඔබේ දරුවාට පුස්තකාල කාඩ්පතක් ලබා දෙන්න. නිතර පුස්තකාලයට යෑමෙන්   දරුවාගේ වචන  මාලාව, පරිකල්පනය සහ ඉගෙනීමට ඇති ආශාව වැඩි කරනවා. ඒ වගේම කියවීම ළමයින් සිතීමට පොළඹවන විශිෂ්ට ක්‍රියාකාරකමකි. විවේචනාත්මකව හා නිර්මාණශීලීව සිතීමට දරුවාට  උපකාර කිරීම සඳහා දරුවාගේ  ප්‍රියතම කතන්දර වලට නව අවසානයක් ලබා දෙන ලෙස  ඉල්ලා සිටින්න.
  • සොබා දහම තුල ඇවිදීම්, කෞතුකාගාර සහ සත්වෝද්‍යාන නැරඹීම දරුවන්ට මේ වයසේදී අවශ්‍ය වන බහු සංවේදී අත්දැකීම් ලබා දෙනවා.
  • ආහාර පිසීම විශිෂ්ට දෙමව්පිය දරුවන්ට සුදුසු ක්‍රියාකාරකමක් වෙනවා.  වටිනා ගණිත කුසලතා විනෝදජනක ආකාරයෙන් එහිදි  උගන්වන්න පුළුවන්.  එකට කේක් හැදීමේදී, ඔබ උපදෙස් අනුව   අමුද්‍රව්‍ය මැනීමට ඔබේ අවුරුදු 5 මාස 10 දරුවාට  උදව් කරන්න පුළුවන්.  
  • පාපන්දු වැනි සංවිධානාත්මක ක්‍රීඩා ද ඔබේ දරුවාගේ දියුණුවට සහාය වන හොඳ ක්‍රමයක් වෙනවා. ලබාදෙන උපදෙස් පිළිපැදීම වැඩිදුර ඉගෙන ගැනීමට  සහ ඉක්මනින් තීරණ ගැනීම පුහුණු වීමට මෙය  හොද ක්‍රමයක්ද වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • සරල උපදෙස් අනුගමනය කිරීමේ අපහසුතාවයක් ඇත්නම්
  • 20 ට ගණන් කළ නොහැකි නම්
  • හෝඩිය නොදන්නේ නම්
  • ප්‍රශ්න ඇසීමට හෝ නව දැනුම ලබා ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි නම් හෝ උනන්දුවක් නොදක්වන්නේ නම්

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ වන විට, ඔබේ දරුවාට ඔහුගේ හැඟීම් කෙරෙහි වඩා හොඳ ග්‍රහණයක් ඇති අතර, තම හැඟීම් වඩාත් හොඳින් ප්‍රකාශ කරන්න පුළුවන්

දරුවා  තම ස්වාධීනත්වයට ආසා කරන තරමටම, ආරක්ෂාව සහ සුවපහසුව ඔබ ගෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබේ දරුවා වැඩිදුර ඉගෙන ගන්නා හා කියවන විට, අවතාර හෝ මරණය වැනි නොදන්නා දේ ගැන බියක් දරුවා තුල ඇති වෙනවා.  ඔබේ පුංචි  පැටියා  “ඔබ මැරෙනවාට මම කැමති නැහැ” හෝ “ඔබ කවදා මැරෙයිද?” වගේ  දේවල් කියන්න  පුළුවන්.

ප්‍රාථමික පාසල ආරම්භ කිරීම ඔබේ කුඩා දරුවාට තවත් විශාල අභියෝගයක් වේවි. නව නීති රීති, රැස්වීම් සහ නව මිතුරන් ඇති කර ගැනීම සහ පාසැල් පැවරුම්  නිසා දරුවාට  ටිකක් තරහා යෑමට  හා වෙහෙසට පත් විමට පුළුවන්.

මේ සදහා,  දරුවා  ඉක්මනින්  පුරුදු වේවි.

මෙම වයසේදී පහත සඳහන් වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින්න.

ඔබේ දරුවා,

  • ඔහු වැරදි කරන විට සමාව ඉල්ලා සිටිනවා.
  • අඩු ආක්‍රමණශීලී හැසිරීම් පෙන්වනවා.
  • නව මිතුරන් ඇති කර ගැනීමෙන් විනෝද වෙනවා.  බෙදා ගැනීම හා අවස්ථාව ගැනීම  සදහා දැන් ඔවුන් විවෘතයි.  පිරිමි ළමයින් පිරිමි ළමයින් සමඟද ගැහැණු ළමයින් ගැහැණු ළමයින් සමඟද සෙල්ලම් කිරීමට නැඹුරු වෙනවා.
  • ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ වැඩි අවබෝධයක් ඇති අතර එකම ස්ත්‍රී පුරුෂ භාවය ඇති මවට හෝ පියාට වඩාත් සමීප වෙනවා.
  • දරුවා සෙල්ලම් කරන විට සිය පරිකල්පනය භාවිතා කරනවා.
  • බොරු කීමට පටන් ගන්නවා. නමුත් එය සාමාන්‍ය දෙයකි.

ඉඟි

  • ක්‍රීඩා සහ සෙල්ලම් බඩු තෝරා ගන්න ඔබේ දරුවාට ඉඩ දෙන්න. මෙය දරුවාට සිය හැකියා කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ සිය ආත්ම අභිමානය ඉහළ නැංවීමට උපකාරී වෙනවා.
  • සෙල්ලම් කිරීම ඔබේ දරුවාට වෙනත් දරුවන් සමඟ කාලය ගත කිරීමට කදිම ක්‍රමයකි. විශේෂයෙන් ඔවුන් එකම පාසලකට යන දරුවන් නම් එසේ  වෙනවා.  
  • ඔබේ දරුවා ක්‍රීඩා හෝ කලා වැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට ඇතුළත් කරන්න.
  • පුද්ගලික අවයව ගැන සහ ආගන්තුකයින්ගේ අනතුරුදායක බව ගැන ඔබේ දරුවාට කියාදෙන්න.
  • නියපොතු සපා කෑම සහ මාපටැඟිල්ල ඉරීම වැනි දේඔබට නිරීක්ෂණය කරන්න  පුළුවන්.  මේවා ළමයින් සාමාන්‍යයෙන් පාසැල වැනි අලුත්   පරිසරයන්ට නිරාවරණය වන විට ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක් ලෙස භාවිතා කරනවා.

ඔබේ දරුවා ඔබේ හැසිරීම අනුකරණය කරනවා.  එබැවින් ඔබේ දරුවා තුල ඔබ  දකින්න කැමති  පුද්ගලයා ඔබ  වෙන්න. අන් අයට ගෞරවය, කරුණාව සහ සංවේදනය පෙන්වන්න. එවිට ඔබේ දරුවා ද එසේ කරාවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • අතිශය හැගීම් පෙන්වයි නම් ප්‍රචණ්ඩකාරී වේ නම් හෝ බොහෝ විට උද්වේගකාරී ලෙස හැසිරේ නම්
  • අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරයි නම්, මුළු ගැන්වේ නම් හෝ පීඩනයට පත් වේ නම්
  • දිවා කාලයේදී ඔහුගේ කලිසමේ මළ මුත්‍ර පිට කර ගන්නේ නම්
  • රාත්‍රියේ නිදාගැනීමට අසීරූ වීම හෝ දිගටම නිදාගැනීම.

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා දිනකට නව වචන 5-10 ක් ඉගෙන ගන්නවා.  ඒ  ඉක්මනින් නව වචන ඉගෙන ගැනිමේ හැකියාව දරුවාට ඇති නිසයි. දරුවා  බොහෝ දේ කතා කරනු ඇති අතර විහිළු සහ ප්‍රහේලිකා වලින්  විනෝද වෙනවා.

ඔබේ දරුවාට ස්ථානීය වචන  මාලාවද තේරුම් ගන්න පුළුවන්.  ඒ නිසා “ඉහළින්,” “පහළ” හෝ “ඊළඟට” වැනි දේවල් පවසන විට ඔබ අදහස් කරන්නේ කුමක්දැයි දරුවා  දැන සිටිය යුතුය.

මෙම වයසේදී බොහෝ දරුවන්ට කළ හැකි දේ මෙන්න,

  • වචන 2,000 ක් හෝ ඊට වැඩි ගණනක් ඇතුළුව ශක්තිමත් වචන මාලාවක් වර්ධනය කර ගෙන තියෙනවා.
  • පූර්ණ වාක්‍යය වලින් කථා කරන්න  පුළුවන්.  
  • කාල අනුව වාක්‍ය නිවැරදිව භාවිතා කරනවා. (අතීත, වර්තමාන සහ අනාගත).
  • විහිළු සහ යෙදවුම් තේරුම් ගැනීමට පටන් ගන්නා අතර  වාචිකව හාස්‍යජනක හැඟීමක් ප්‍රකාශ කිරීමට පටන් ගන්නවා.

ඉඟි:

  • ඔබේ දරුවාට කියවන්න. දරුවා පුස්තකාලයට හෝ පොත් සාප්පුවකට ගෙන යාමෙන් පොත් කෙරෙහි ඇති  ආදරය වර්ධනය  කරන්න. ඔබේ දරුවාට කියවීමට අවශ්‍ය දේ තෝරා ගැනීමට ඉඩ දෙන්න. ඔබේ දරුවා සමඟ කියවන අතරතුර, නවත්වන්න, ඊළඟට කුමක් සිදුවේදැයි  දරුවාට  අනුමාන කරන්න දෙන්න. කතාවේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ප්‍රශ්න ඇසීමෙන් ඔහුට සිතීමට උදව් කරන්න.
  • සම්පූර්ණ වාක්‍ය වලින් කථා කිරීමෙන් සහ “වැඩුණු” වචන භාවිතා කිරීමෙන් හොඳ භාෂා කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්න. නිවැරදි වචන සහ වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීමට දරුවාට  උදව් කරන්න.
  • මේ වයසේදී ඔබේ දරුවා රිද්මයානුකූල ගීත සහ ප්‍රහේලිකා සහිත පොත් රසවිඳිනවා.

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • තේරුම් ගැනීමට තරම් පැහැදිලිව කථා නොකරයි නම්
  • වචන තුනකට වඩා වාක්‍ය වල භාවිතා නොකරයි නම්
  • බහු වචන හෝ අතීත කාලය නිසියාකාරව භාවිතා නොකරයි නම්

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

වර්ධන හා ක්‍රියාකාරකම් මට්ටම අනුව ඔබේ දරුවාට දවස පුරා කැලරි 1,200 - 2000 ක් අවශ්‍ය වෙනවා.  මෙයට ඇතුළත් වන්නේ:

ප්‍රෝටීන් අවුන්ස 3-5.5

දරුවාට  දිනකට ප්‍රෝටීන් වාර 2 ක් අවශ්‍ය වෙනවා.  එක් වාරයක් සදහා  තුනී මස්, කුකුල් මස්, මාළු  මේස හැදි  1-3,  වියළි බෝංචි සහ ඇට  මේස හැදි 4-5  හෝ බිත්තර 1 කට සමාන වෙනවා.

පලතුරු කෝප්ප  1-2

පළතුරු කෝප්පයකට නැවුම්, ශීත කළ හෝ ටින් කළ පළතුරු කෝප්ප 1 ක්, වියළි පලතුරු කෝප්ප 1/2, විශාල ඇපල් ගෙඩියකින් භාගයක්,  අඟල් 8- හෝ 9 පමණ වු කෙසෙල් හෝ මධ්‍යම මිදි ගෙඩියකට සමාන වේ.

ඔබේ දරුවාට පළතුරු යුෂ පානය කිරීමට අවශ්‍ය නම්, එය සීනි එකතු නොකර සියයට සියයක් යුෂ පමණක් ලබා දෙන්න.

එළවළු  කෝප්ප  1.5-2.5

එළවළු කෝප්පයක් පිසින ලද හෝ අමු එළවළු කෝප්ප 1 ක්, අමු කොළ  කෝප්ප 2 ක්, විශාල තක්කාලි හෝ මධ්‍යම කැරට් දෙකකට සමාන වෙනවා.

සෑම සතියකම තද කොළ, රතු සහ තැඹිලි, බෝංචි සහ ඇට, පිෂ්ටමය සහ වෙනත් එළවළු ඇතුළු විවිධ එළවළු ලබා දීමට අරමුණු කරන්න. ටින් කළ හෝ ශීත කළ එළවළු තෝරාගැනීමේදී, සෝඩියම් අඩු විකල්ප සොයා බලන්න.

ධාන්‍ය  අවුන්ස 4-6

ධාන්‍ය  අවුන්සයක් පාන් පෙත්තක්, සිරියල් කෝප්ප 1 ක් හෝ පිසින ලද පැස්ටා හෝ පිසූ ධාන්‍ය කෝප්ප 1/2 කට සමාන වෙනවා.

සම්පූර්ණ තිරිඟු පාන්, ඕට් මීල් පොප්කෝන්, හෝ දුඹුරු  සහල් වැනි සම්පුර්ණ  ධාන්‍ය  වර්ග තෝරන්න. සුදු පාන්, පැස්ටා සහ සහල් වැනි පිරිපහදු කළ ධාන්‍ය සීමා කරන්න.

කිරි / කිරි ආහාර  කෝප්ප 2.5

ඔබට කිරි කෝප්ප 1 ක් යෝගට් හෝ සෝයා කිරි කෝප්පයක්, ස්වාභාවික චීස් අවුන්ස 1½ ක් හෝ සැකසූ චීස් අවුන්ස 2 ක් ආදේශ කරන්න  පුළුවන්.

අවුරුදු 5 මාස 10 ළමා වර්ධනය: එන්නත් සහ පොදු රෝග

මෙම මාසය තුළ අලුත්  එන්නත් නැහැ.  ඔබේ දරුවා මේ දක්වා ලබා ගත යුතුව තිබූ එන්නත් ලබා දී ඇත්දැයි ළදරු පොත පරීක්ෂා කර බලන්න.

ඔබේ දරුවා සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ අත් පා සහ මුඛ රෝග වැනි පොදු රෝගාබාධවලට ගොදුරු වෙන්න  පුළුවන්. මේ සියල්ලෙන් දරුවාගේ  ප්‍රතිශක්තිය ඉහළ නංවන අතර, ඔබේ දරුවාට වමනය, බඩ බුරුල් වී යෑම  හෝ අධික උණ ඇතුළු දරුණු අපහසුතාවන්ගේ සලකුණු පෙන්නුම් කරන්නේ නම් ඔබ වෛද්‍යවරයා වෙත යා යුතුය.

හොඳ සනීපාරක්ෂාව, විශේෂයෙන් අත් සේදීම  ඔබේ දරුවාට කියාදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • සෙල්සියස් අංශක 39 ට වඩා උණ තිබේ නම්
  • අසාමාන්‍ය තැලීම්, ගැටිති හෝ රෑෂ් ඇති නම්.
  • හිසරදය හෝ වෙනත් කැක්කුම පිළිබඳ නිරන්තරයෙන් කියන්නේ නම්
  • වමනය හෝ බඩබුරුල් වී යෑම දින දෙකකට වැඩි නම්.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-11

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

Written by

Niloufer Perera