අවුරුදු 05 මාස 02 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 02 පෙර පාසැල් ළමා සංවර්ධනය

සෑම අවශ්‍යතාවක්ම  සඳහා ම ඔබේ දරුවා ඔබ මත රදා පැවතුන කාලය අද ඊයේ වගේ  නේද?   අවුරුදු 5 යි මාස 2 ක් වන විට, ඔබේ කුඩා දරුවා ලෝකයට පිය  ඔසවන්නට  සූදානම්, මෙම වයසේදී, ඔබේ දරුවාගේ ආකල්ප  සුබවාදී වන අතර වැඩි පැකිලීමකින් නැතුව  නව දේවල් අත්හදා බලනවා.

අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය: වයස අවුරුදු 5 සිට මාස 2 දක්වා ළමුන් සඳහා සංවර්ධන සන්ධිස්ථාන ගැන දැනුවත් වෙමු.

පොදුවේ ගත් කල, ඔබේ අවුරුදු 5 යි මාස 2 ක් වයසැති දරුවා ජීවිතය එන සැටියට  භාර ගන්න සුදානම්,  “නිසැකවම” සහ “විස්මයජනකයි” වැනි ඔබේ පුංචි  දරුවා  පවසන සමහර දේවල් හරහා ඔහුගේ  ආකල්පය ඔබට දකින්න  පුළුවන්.  ඔබේ දරුවා ඔබ සමඟ වඩාත් සහයෝගයෙන් කටයුතු කරනවා.  

ඒ ඔහු මෙහි ලොක්කා බව ඔප්පු කිරීමට උත්සාහ කරන නිසායි

අවුරුදු 5 සිට මාස 2 දක්වා ළමුන් සඳහා සැලකිල්ලට ගත යුතු ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් මෙන්න.

වයස අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවාට දැන් ඔහුගේ හැකියාවන් ගැන දැඩි විශ්වාසයක් තියෙනවා.  ඔහු ඉස්සර වගේ  පැකිලී  කොතැනකවත් වැටෙන්නේ නැහැ.  ඒ වගේම  තවත් බොහෝ සංකීර්ණ ක්‍රියා සිදු කරන්න  පුළුවන්.   ඔබේ දරුවාට  මෙම විශ්වාසය    දැන් ඇති 20/20 පෙනීම එක් හේතුවක් වෙන්න  පුළුවන්.

නමුත් මෙය ඔබේ දරුවාට වඩාත් පැහැදිලිව දේවල් දැකීමට ඉඩ සලසන විශිෂ්ට දැක්මක් පමණක් නොවේ.

ඔබේ වයස අවුරුදු 5 මාස 2 ක් වයසැති කුඩා දරුවාද ඔහුගේ ශරීරය පාලනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර ඔහුගේ ශාරීරික හැකියාවන් සහ සීමාවන් වඩා හොඳින් තේරුම් ගන්නවා.

මෙය තුවාල හා අනතුරු සිදුවීමේ අවදානම ද අඩු කරනවා.

අවුරුදු 5 සිට මාස 2 දක්වා ඔබේ දරුවාට කළ හැකි ශාරීරික ක්‍රියා
  • කිසිදු උදව්වක් නොමැතිව පඩිපෙළ ඉහළට හා පහළට ඇවිදින්න පුළුවන්.
  • කිසිදු ගැටළුවක් නොමැතිව ඉදිරියට හා පසුපසට ඇවිදින්න පුළුවන්.
  • විශ්වාසයෙන් යුතුව පනින්න හා මග හැර පනින්න පුළුවන්
  • බොත්තම් සහ සිපර් වේගයෙන් දාන්න පුළුවන්.
  • එක් අතක් අනෙක් අතට වැඩියෙන් භාවිතා කරනවා.
  • මහපට ඇගිල්ල හා තව ඇගිලි දෙකක් අතර පැන්සල තියාගන්න ඉගෙන ගන්නවා.

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවාට පිටත සෙල්ලම් කිරීමට කාලය හා අවකාශය ලබා දෙන්න. සෙල්ලම් කිරීමට ඔහුව ධෛර්යමත් කිරීමෙන් ඔවුන්ගේ ළමා කාලයේ ඇතිවෙන චලන හැකියාව ( Gross motor skills )  වර්ධනය කරනවා.
  • ඔබේ දරුවාගේ මිතුරන්ට සෙල්ලම් කරන්න ආරාධනා කරන්න. ඔබේ දරුවා වෙනත් පුද්ගලයින් සමඟ කාලය ගත කිරීමට ප්‍රිය කරන අතර ඔවුන් නව ක්‍රියා සිදු කිරීම නැරඹීමෙන් ඉගෙන ගන්නවා.
  • කරාතේ, බැලේ හෝ පිහිනීම වැනි විනෝදජනක ශාරීරික ක්‍රියාකාරකම් පන්තියකට ඔබේ දරුවා ඇතුළත් කරන්න. නිශ්චිත ක්‍රියාවන් ඉගෙනීම ඔබේ දරුවාගේ නම්‍යශීලීභාවයට උපකාරී වන අතර ඉලක්ක ගත කිරීමට යමක් ඇති විට එය විනෝදජනක වෙනවා.
  • උදේ ආහාරය පිළියෙළ කිරීමට ඔබේ දරුවා ධෛර්යමත් කරන්න. ඔහුට සීරියල් හා කිරි පහසුවෙන් මිශ්‍ර කරන්න පුළුවන්.  කෙසේ වෙතත්, ඉවතට හැලීම් කිහිපයක් බලාපොරොත්තු  වන්න. ඔහු හැඩි කලත් ඒකට කමක් නැහැ කියලා ඔබේ  දරුවාට කියන්න. නමුත් පිරිසිදු කරන ආකාරය ඔහුට උගන්වන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • උදව් නොමැතිව තමාගේම දත් මැදීමට හෝ අත් සේදීමට නොහැකි නම්.
  • බ්ලොක්ස් අටකට වඩා වැඩි උසට වත්  කුළුණක් සැදීමට බ්ලොක්ස් ගොඩ ගැසිය නොහැකි නම්
අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

මේ වන විට, ඔබේ කුඩා දරුවා ලෝකය ගැන බොහෝ දැනුවත්ව සිටිනවා. ඒ වගේම  දේවල් මොනවාද සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සාමාන්‍ය අදහසක් තියෙනවා.  

ඔහු මුදල් යනු කුමක්දැයි වටහාගෙන සිටින අතර කාසි සහ නෝට්ටු අතර වෙනස පවසන්න  පුළුවන්.

ඔබේ දරුවා නිරන්තරයෙන් ඉගෙන ගනිමින් නව නිපුණතා ලබා ගන්නවා. එබැවින් අවුරුදු 5 ක් මාස 2 ක් වයසැති ළමයින් සඳහා නිශ්චිත සන්ධිස්ථාන හඳුනා ගැනීම දුෂ්කර වෙන්න  පුළුවන්.  

කෙසේ වෙතත්, ඔබේ කුඩා දරුවා සහජයෙන්ම කුතුහලයෙන් සිටින අතර විවිධ දේ ඉගෙන ගැනීමට සහ ඒවා  උත්සාහ කිරීමට දිගටම අවශ්‍ය වේවි. මෙය ඔබේ දරුවාගේ  ගවේෂණාත්මක වර්ධනයේ හොඳ සලකුණක් වෙනවා.

ඔබේ දරුවාට මවාපෑමේ සෙල්ලමට පිවිසෙන්න  හැකි බව ඔබට වැටහේවි.  ඔබේ කුඩා දරුවාට චරිතයක් නොනවත්වා   විනාඩි 15 ක් පමණ සෙල්ලම් කරන්න  පුළුවන්.

මෙම වයසේදී දැනුවත් විය යුතු මානසික  සන්ධිස්ථාන කිහිපයක්

  • කතන්දර වලට මුල, මැද හා අවසානයක් ඇති බව දැන ගන්නවා.
  • පිළිවෙලට නොමැති අංක සහ අකුරු හඳුනා ගැනීමට හැකි වෙනවා.
  • එක් ක්‍රියාකාරකමක් සමඟ අවම වශයෙන් මිනිත්තු 15 ක් වත් රැඳී සිටිනවා.
  • ඊලග ක්‍රියාකාරකම සැලසුම් කරනවා.

දෙමාපියන්ට ඉඟි:

  • කියවීමේදී ඔබේ දරුවා සමඟ චරිත නිරූපණය කරන්න. පොත් වලින් ඉදිරිය දැකිය හැකි අතර ඔබේ දරුවා චරිතයක දෙබස් කියවන විට ඔහුගේ මතකය වැඩි දියුණු වෙනවා.
  • විවිධ අයිතම සහ ක්‍රියා දැක බලා  ඉගෙන ගැනීමට ඔබේ දරුවා සාප්පු සවාරි රැගෙන යන්න.
  • ඔබේ දරුවා සමඟ ලිවීම හා ඇඳීම පුහුණු වන්න. විවිධ වස්තූන් ඇඳීමට ධෛර්යමත් කරන්න සහ උත්සාහය සඳහා ප්‍රශංසා කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • ඉතා සුළු උනන්දුවක් ඇතිනම්
  • මවාපෑමේ සෙල්ලම් කිරීමෙහි නිරත නොවේ නම්
අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ අවුරුදු 05 මාස 02 ක් වයසැති දරුවා ඉතා සමාජශීලී හා ආදරණීය  පොඩ්ඩෙක්, ඔහු  ඔබ එක්ක   සතුටින් ඉන්න කැමතියි.

එනිසා, ඔබේ කුඩා දරුවා අනුමැතිය හෝ සුවපහසුව නිතර  ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබේ දරුවාට  ඔබේ  සහතික කර ගන්න අවශ්‍ය නිසා ඔහුට තියෙන ඔබේ ආදරය   විවිධ ක්‍රම වලින් ලබා ගන්න උත්සාහ කරනවා

ඒ හා සමානව ඔබේ දරුවාට  අන් අය කෙරෙහිද ආදරය ප්‍රකාශ කරන්න දැන් පුළුවන්.  ඔබේ අවුරුදු 5 යි මාස 2 ක් වයසැති දරුවා අනෙක් දරුවන් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වන අතර සමහර විට ඔබ ලග නැති විට පවා ඔවුන් සමඟ සෙල්ලම් කරනවා

පහත සඳහන් වර්ධනයන් ගැන විමසිල්ලෙන් සිටින්න,
  • මිතුරන් තිදෙනෙකුට වඩා මිතුරන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කිරීම හොදින් සෙල්ලම්  කලද, අනෙක් ළමයින් සමඟ හොදින් සෙල්ලම් කිරීම මගින් ඔහුව  (සාමාන්‍යයෙන් තවත් දෙදෙනෙක්)  අනෙක්  අය සමග   සම්බන්ධ කරනවා.
  • නිවසේ පවුලේ අය සමග සෙල්ලම් කරන්න  ප්‍රිය කරනවා.
  • බ්ලොක්ස් සමඟ සෙල්ලම් කිරීමට කැමතියි.
  • උඩ නගින්න, පදින්න, උඩ පනින්න, මග හැර පනින්න(skip ) කැමතියි.
  • මිතුරන්ට කාරුණික වෙන්න අවශ්‍ය වෙනවා. ඔවුන්ගේ හැසිරීම් සමහර විට ඔහු තුල වර්ධනය කර ගන්න පුළුවන්.
  • අවධානය ලබා ගැනීමට කැමතියි

දෙමාපියන්ට ඉඟි:

  • ඔබේ දරුවා කතන්දර කියන විට ඔහුට හැඟෙන්නේ කෙසේදැයි විමසන්න. ඔහු තම හැඟීම් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම තුලින් කෝපය හෝ දුක වැනි ශක්තිමත් හැඟීම් කළමනාකරණය කර ගන්න ඉගෙන ගන්න පුළුවන්.
  • නීති සමඟ ක්‍රීඩා කරන්න. මෙය ඔබේ දරුවාට පරාජය භාර ගන්නා ආකාරය ඉගැන්වීමටත්, උද්වේගකාරීව හැසිරෙනවාට  වඩා නැවත වරක් උත්සාහ කිරීම සුදුසු බව ඉගැන්වීමටත් එය හොද අවස්ථාවක් වෙනවා.
  • ඔබේ දරුවා අන් අය සමඟ සෙල්ලම් කිරීමට කැමතියි වගේම තනිව සෙල්ලම් කරන්නත්  දිරි ගන්වන්න. ඔබේ පැරණි ඇඳුම්, සපත්තු, මුට්ටි සහ බඳුන් වැනි දේවල් ලබා දී ඔබේ දරුවාට රුකුලක් වෙන්න. එවිට ඔහුට ස්වාධීනත්වය සහ නිර්මාණශීලිත්වය යන දෙකම ඉහළ නැංවීම සඳහා රගපෑම්  සෙල්ලමක යෙදෙන්න පුළුවන්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අක්ෂි සම්බන්ධතා පවත්වන්නේ නැතිනම් හෝ වෙනත් පුද්ගලයින්ට  ප්‍රතිචාර නොදැක්වන්නේ නම්
  • නිතර කනගාටුවෙන් හා අසතුටින් සිටි නම්
  • පුළුල් පරාසයක හැඟීම් ප්‍රකාශ නොකරයි නම්
අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ පුංචි  පැටියා  වයස අවුරුදු 05  මාස 02 වන විට  දක්ෂ කතා කරන්නෙක්,   වචන පහකට වඩා වැඩි ගණනකින් සමන්විත වාක්‍ය වලින් ඔහුට පැහැදිලිව කථා කරන්න  පුළුවන්.

ඔබේ දරුවා ඔබ කියන බොහෝ දේ තේරුම් ගන්නවා.  ඒ වගේම  ඔබ සමඟ දිගු සංවාදයක් පවත්වන්න  පුළුවන්.

මෙම අවස්ථාවෙහිදී දරුවන්  කථා   කිරීමේ පුංචි පුංචි ගැටළු  තිබීම සාමාන්‍ය දෙයකි. ඔබේ දරුවා ඉඳහිට වචන  පැකිලෙන්නේ නම්, කලබල වෙන්න  එපා.

මේ සියල්ල ඔබේ දරුවාගේ සාමාන්‍ය කථන සහ භාෂා සංවර්ධන ක්‍රියාවලියේ කොටසකි.

ඔබේ දරුවාට දැන් වචන 2000 කට වඩා වැඩි වචන මාලාවක් තියෙනවා. එය ගතවන සෑම මොහොතකම වැඩි වෙනවා.  

ඇය මෙම නව වචන ඇතුළත් කිරීමට උත්සාහ කළ හැකි අතර ඒවා වැරදියට තේරුම් ගන්න  පුළුවන්.

ඇය වරද්දන්නේ   නම්, ඒ මොහොතේම ඇයව නිවැරදි කරන්න යන්න එපා.

ඒ වෙනුවට, ඔබ කථා කරන විට  එම වචනය නිවැරදිව භාවිතා කරන්න. “ඔව්, මම ස්පැගටි බඳුනක් ගන්න කැමතියි ”

ඇයගේ වැරදි  නිවැරදි කිරීමට  ඇයව නතර කිරීමට වඩා එය සුදුසුයි.

ඔබේ දරුවා මේ වන විට ළඟා වී ඇති කථන සහ භාෂා සන්ධිස්ථාන කිහිපයක්

  • සම්පූර්ණ වාක්‍ය සහිත කථා කරනවා.
  • අනාගත කාල වාක්‍ය නිවැරදිව භාවිතා කරනවා.
  • හෝඩියේ අකුරු බොහොමයක් හඳුනා ගන්නවා.
  • විහිළු සහ දිගු කතන්දර කියනවා.
  • සරල පියවර කිහිපයක් ඇති උපදෙස් අනුගමනය කරනවා.

දෙමාපියන්ට ඉඟි:

  • නින්දට යාමේදී ඔබේ දරුවාට කතාවක් කියවීමට කාලය ගන්න. සෑම රාත්‍රියකම වෙනත් පොතක් තෝරා ගැනීමට ඔබේ දරුවා ධෛර්යමත් කරන්න. තවද ඔබේ දරුවා ගෙන්  කතාව ගැන ප්‍රශ්න කිහිපයක් ඇසීමට අමතක නොකරන්න. ඔබේ දරුවා සමඟ අලුත්  පොත් කියවන්න. ඒ මගින් ඔහුගේ  වචන මාලාව පුළුල් කරන්න.
  • දවසේ සිදුවූ දේ ගැන කතා කරන්න. කාලය ගැන කියන විට “පෙර” සහ “ටික කලකට පෙර” විස්තරාත්මක වචන භාවිතා කරන්න.
  • ඔබේ දරුවා පැටලීම නිසා නොසංසුන් වෙන බව ඔබ දුටුවහොත් ඉවසිලිවන්ත වන්න. සවන් දීමට කාලය වැය කරන්න.
  • කතා කිරීමට පෙර ඔබේ දරුවාට කියන්නට අවශ්‍ය දේ ගැන සිතීමට දිරිගන්වන්න. මේ මගින් කතා කිරීමේ ගැටළු පාලනය කරන්න පුළුවන්.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා නම්:

  • ඔහුගේ දෛනික ක්‍රියාකාරකම් ගැන ඔබට පැවසීමට උද්යෝගිමත් නොවේ නම්
  • ඔහුගේ සම්පූර්ණ නම කියන්න නොහැකි නම්
  • සම්පුර්ණ වාක්‍ය සම්පුර්ණ කරන්න බැරි නම්

අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 2 ක දරුවාගේ බර දළ වශයෙන් කිලෝග්‍රෑම් 17 - 20.3 ක් සහ උස සෙන්ටිමීටර් 106 - 112.2 ක් වෙනවා.  ඔහුට කොතරම් ක්‍රියාකාරීද යන්න මත පදනම්ව ඔහුට දිනකට කැලරි 1,200 ත් 1,600 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

මෙම වයසේදී, ඔබේ දරුවාට කෙටි ලබා දීම පහසුයි.  ඔබ ඉලක්ක කර ගත  යුත්තේ ආහාර වේල තුනක් (උදෑසන ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී  ආහාරය) සමග සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේල් දෙකක් ලබා දීමයි.

ඔබේ කුඩා දරුවාගේ ආහාර වේලෙහි විවිධ පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ලවණ සමතුලිත වෙන්න අවශ්‍යයි.

දරුවාගේ ආහාර සදහා ප්‍රෝටීන් අවුන්ස 3-5 ක් (ගිනි පෙට්ටි ප්‍රමාණයේ මස් කැබලි 2 ක් හෝ බිත්තර 1 ක්)

පළතුරු කෝප්ප 1-1.5 ක් (කුඩා කෙසෙල් 1 ක්, ස්ට්‍රෝබෙරි කෝප්ප 1/4  දෙවරක්) එළවළු කෝප්ප 1.5-2.5 ක්, ධාන්‍ය  අවුන්ස 4-6 ක් ඇතුළත් කරන්න. ධාන්‍ය  වර්ග (බත් මේස හැඳි 2 ක් හෝ සම්පූර්ණ ධාන්‍ය  පාන් පෙත්තක් හෝ පැස්ටා මේස හැදි 2 ක්) සහ දිනකට කිරි ආහාර කෝප්ප 2.5 ක් ලබාදෙන්න.

දෙමාපියන්ට  ඉඟි:

  • සීනි සහිත කෑම වර්ග ලබාදීම අවම කරන්න. ඔබ එයට ඉඩ දුන්නොත් ඔබේ පුංචි දරුවා  ඒ ආහාර ප්‍රමාණය ඉක්මවා වුවත් ගන්න පුළුවන්.  පෝෂණයක්  නොමැතිව, සීනි සහිත කෙටි ආහාර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපනවා.
  • ආහාර සරල ලෙස ලබා දෙන්න. සෑම අවස්ථාවකදීම ඔබට විසිතුරු ලෙස ආහාර සකස්කරන්න අවශ්‍ය නැහැ.  ඔබේ පුංචි  පැටියා  දක්ෂයෙක් වුවත් හා ගෑරුප්පුවකින්  ආහාර  ගත්තත්,  අතින් ආහාර ගත්තත් සෑම විටම විනෝදජනක හා පහසුවෙන් ආහාරයට ගත හැකි පරිදි ඒවා සුදානම් කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • අධික ලෙස බරින් අඩු  හෝ වැඩි නම් හෝ අධික ලෙස බර වැඩි වේ නම් හෝ අධික බර ලෙස අඩු වේ නම්
  • අසාමාන්‍ය රෑෂ් හෝ ගැටිති තිබේ නම්
  • සෙල්සියස් අංශක 39 ට වඩා උණ තිබේ නම්
එන්නත් සහ පොදු රෝග

ඔබේ දරුවාගේ බොහෝ එන්නත් දැනටමත් ලබා දී තියෙනවා. උණ එන්නත   වැනි වාර්ෂිකව ඔබේ දරුවාට ලබා දෙන එන්නත් සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ දරුවා වෙනත් දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන නිසා, ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ ඉඳහිට වැළඳෙන්න පුළුවන්. අත්, පා සහ මුඛ රෝග මෙම වයසේ ළමයින් අතර බහුල  තවත් පොදු රෝගයකි. අත් සේදීම ඇතුළු මූලික සනීපාරක්ෂාව ඔබේ දරුවාට ඉගැන්වීමෙන් ඔබට මෙම තත්වයන් බොහොමයක් වළක්වා ගන්න  පුළුවන්.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-3

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

Written by

Niloufer Perera