theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 05 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

9 අවම කියවීම
අවුරුදු 05 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 05 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවාට  දැන් තමාගේම සපත්තු ලේස් ගැට ගසන්න පුළුවන්  බව ඔබ දන්නවාද? අවුරුදු 05  මාස 03  ඔබේ දරුවාට කළ හැකි තවත් බොහෝ දේ තියෙනවා.

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: ඔබේ අවුරුදු 5 යි මාස 3 ක් වයසැති දරුවා සියලු සංවර්ධන පෙරමුණේ සිටිනවා.  ඔබේ දරුවාගේ  ඉගෙනීම  වේගයෙන් වර්ධනය වෙනවා.  ඔබේ ස්වාධීන දරුවා දැනට පෙරපාසැල්  නොයයි නම් පෙර පාසල සඳහා සූදානම් වෙමින් සිටිනවා.  

 පාසලේ සිටින විට   ඔබේ දරුවා නිවසේ සිටිනවාට වඩා සන්සුන්ව සිටින බව ඔබට දකින්න පුළුවන්.  ඔබේ දරුවා  සිය නව පරිසරය විදිමින් අතර සියලු ආකාරයේ නව දේවල් ඉගෙන ගන්නවා.

ඔබේ අවුරුදු 5 මාස 3 ක් වයසැති දරුවා ළඟා වී ඇති සන්ධිස්ථාන දෙස අපි බලමු. මෙම ලිපියෙන් රෝග විනිශ්චය කල නොහැකි අතර  මෙය මාර්ගෝපදේශයක් පමණක් බව  මතක තබා ගන්න. ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 5 මාස 3 ක් වු ඔබේ කුඩා දරුවා දැන් මලල ක්‍රීඩකයෙක් වගේ.  දිවීම, මඟ හැරීම හා පැනීම සම්බන්ධයෙන්    කිසිදු ගැටළුවක්  නැහැ. ක්‍රියාවලිය අත් විඳිමින්   අවට ලෝකය ගැන තව දුරටත් ඉගෙන ගන්නා බැවින් ඔබේ දරුවාගේ  ශරීරය සහ මනස ඉතා ක්‍රියාශීලී වෙනවා.

ඔබේ දරුවාගේ දිවා කාලයේ නින්ද මගහැරේවි.  නමුත් සෑම රාත්‍රියකම දරුවා  පැය 11 ක පමණ නින්දක් ලැබිය යුතු වෙනවා. 

නිතරම සංසුන් මොහොතක් ලබා දීම ඔබේ කුඩා දරුවාටද සුදුසු වෙනවා.  හැමතැනම දුවනවා වෙනුවට   කියවීමේ කාලයක්  යොදාගැනීම  හෝ ප්‍රහේලිකාවක් කිරීම කරන්න  පුළුවන්.

අමතර විවේකයක් ලබාදීම මගින් දරුවාගේ  ශක්ති මට්ටම පාලනය  කිරීමට සහ රාත්‍රී ආහාරය ලබා දෙන විට ධනාත්මක හැඟීමක් ඇති කිරීමට උපකාරී වෙනවා.

ඔබේ අවුරුදු 5 මාස 3 ක දරුවාට පහත සඳහන් දේ කරන්න පුළුවන්.

  • තමන්ගේ සපත්තු  තනිවම දාගන්නවා.
  • අවම වශයෙන් තත්පර 10 ක්වත් තනි කකුලෙන් ඉන්න පුළුවන්.
  • තාලයකට අත්පුඩි ගහන්න පුළුවන්.
  • හැන්දක්, ගෑරුප්පුවක් සහ සමහර විට පිහියක් භාවිතා කර ආහාර ගන්න පුළුවන්.
  • උදෑසන සහ රාත්‍රියේ (සාමාන්‍යයෙන්) තෙමා ගන්නේ  නැහැ.  
  • වැසිකිළියට තනිවම යනවා.  ඇග සෝදගන්න  පවා පුළුවන්.
  • බිම අත් දෙක තියලා ඒ මතින් සිරුර කරකවමින් අනිත් පැත්තට පිනුමක් ගහන්න පුළුවන්.
  • විශ්වාසයෙන් යුතුව පඩිපෙල නගිනවා. එක් පඩියකට එක අඩිය බැගින් තියනවා.
  • පැකිලෙන්නේ නැතුව දුවන්න පුළුවන්.
  • විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා උපකරණ හෝ ගසකට පවා නගින්න පුළුවන්.

ඉඟි:

  • ස්නානය කරන විට ඔබේ දරුවා ගෙන් ඈත් වෙන්න එපා. සිය හැකියාවන් ගැන දරුවා තුල විශ්වාසයක් ඇති බවක් පෙනෙන්නට තියෙනවා. නමුත් ආරක්ෂාව සදහා හා කිසියම් අනතුරක් සිදුවෙන්න පුළුවන් නිසා ඔබ   සමීපයෙන් සිටින්න.
  • අලුත් ක්‍රීඩා පිටි වෙත රැගෙන ගොස් එහි නව උපකරණ සාර්ථකව ජය ගන්න ඔබේ දරුවාව දිරිමත් කරන්න.
  • ඔබ දැනටමත් දරුවා පිහිනුම් පන්තියකට යවන්නේ නැතිනම් එහි ඇතුළත් කිරීම ගැන සලකා බලන්න.
  • තිර කාලය සීමා කරන්න. ශාරීරික ක්‍රියාකාරකම් රාශියක් කරන්න දරුවා දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ මුත්‍රා පෙණ සහිත හෝ රෝස පැහැයක් තිබේ නම්, මුත්‍රා කරන විට දැවිල්ලක් ඇතනම් හෝ නිතරම ඇඳ තෙත් කරන්නේ නම්

  • වපර හෝ දරුවාට ඔබව ඇසෙන්නේ  නැහැ කියා සිතනවා නම්

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

ඔබේ දරුවා කොතරම් මතක තබාගෙන දිගටම ඉගෙන ගන්නවාද යන්න ගැන ඔබව පුදුමයට පත් කරාවි. දරුවාට මිනිත්තු 15 ක් අවධානය යොමු කළ හැකි බැවිබ් පාසැලේදී හොඳින් ඉගෙන ගන්න  පුළුවන්.  ඔබේ කුඩා දරුවාට තනිවම ඉගෙන ගැනීමට තවත් බොහෝ දේවල් තියෙනවා.

දෙමව්පියන් වශයෙන්, ඔබේ කාර්යභාරය ඔබේ දරුවා පෝෂණය කිරීම හා දිරිගැන්වීම අතර ඔබේ භූමිකාව තුල සමතුලිතව කටයුතු කිරීමයි.  ඕනෑවට වඩා ආරක්ෂිත වීම පහසුය.  අන්න ඒ නිසා ඔබේ  දරුවා දිරිමත් කිරීම අභියෝගයක් වේවි.

ඔබගේ පුංචි  පැටියාට  නව අවස්ථා ගවේෂණය කිරීමට සහ අත්හදා බැලීමට ඉඩ දෙන්න. දරුවා    ගැටළු  මතු කර ගන්නේ නම්, පැනලා විසදුම් දෙන්න යන්න එපා.

ඔබේ දරුවාගේ මෙම වර්ධනයන් ගැන විමසිල්ලෙන් සිටින්න.

  • "හරි” සහ “වැරදි” යන සංකල්පය ග්‍රහණය කරගන්නවා.
  • හෝඩියේ සමහර අකුරු ලියනවා.
  • සමහර සංඛ්‍යා ලියනවා.
  • අවම වශයෙන් 10 ක් දක්වා ගණන් කරනවා.
  • හෝඩිය නිවැරදිව මතකයෙන් කියනවා.
  • ශරීරයක් ඇති පුද්ගලයෙකු අදිනවා.
  • අවම වශයෙන් මිනිත්තු 5-10 ක් වත් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.
  • අකුරු දෙකක වචන කියන්න පුළුවන්.

දෙමාපිය ඉඟි:

  • ඔබේ දරුවාට අලුත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන්න. එම කාර්යය සම්පූර්ණ කිරීමට නොහැකි වූ විට  තනිවම විසඳුමක් සොයා ගන්නා තෙක් උත්සාහ කිරීමට දරුවාව  ධෛර්යමත් කරන්න. මෙය ඔබේ දරුවාට සිය විශ්වාසය හා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා.
  • කොටස් 12 කින් යුත් ප්‍රහේලිකා සකස් කිරීමට දෙන්න. එය ලොකු දෙයක්  මෙන් පෙනෙන්නට නොතිබුණද, පසුව විශාල  ප්‍රහේලිකා එකට එකතු කරන්නේ කෙසේදැයි ඔබේ කුඩා දරුවා ඉගෙන  ගනිවි.
  • කල්තියා සැලසුම් කිරීමට සහ ඊළඟ ක්‍රියාකාරකම කුමක් විය හැකිද යන්න පැහැදිලි කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. මෙය අනාගතය සඳහා සැලසුම් කිරීමට දරුවා තුල ඇති හැකියාව උත්තේජනය කරනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • මිනිත්තු පහක්වත් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කළ නොහැකි නම්
  • ඇඟිලි දෙකකින් පාට කූරක් අල්ලා  ගත නොහැකි නම්
  • ඔහුට වරක් තිබූ කුසලතා හා හැකියාවන් අහිමි වී ඇතිනම්

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

පෙර පාසල තුලදී  වෙනස් අලුත් පරිසරයකට   ඔබේ දරුවා ඇතුල් වෙන අතර  නව සබඳතා ඇති කර ගැනීමට  තවත් අවස්ථාවක් ලැබෙනවා.

ඔබේ දරුවා අනෙක් දරුවන් හා පවුලෙන් පිටත සිටින වෙනත් වැඩිහිටියන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා.  දරුවා ස්ත්‍රී  පුරුෂ භාවය අනුව එකම වර්ගයේ  දරුවන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරනවා.

දරුවා  තවමත් ඔබව විශ්මයට පත් කිරීමට උපරිම උත්සාහයක් දරනවා. ඔබේ පුංචි පැටියා  ගෙදර දුවගෙන ඇවිත් විභාගයේ සහ ගෙදර වැඩ වල සිය ප්‍රතිඵල  ආඩම්බරයෙන් ඔබට කියාවි. 

ඔබේ දරුවා යහපත් වූ විට ඒ සදහා  ප්‍රශංසා කරන්න. ඔබේ දරුවාගේ  අධ්‍යයන කාර්ය සාධනය ගැන ඔබ  කලකිරීමට පත් වුවහොත් දරුවාව ධෛර්යමත් කරන්න.

ඔබේ පුංචි  පැටියා  මෙම වයසේදී ලගාවෙන සන්ධිස්ථාන

  • තමා ගැන හොද විශ්වාසයක් තියෙනවා. • සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කර විනෝද වෙනවා.
  • සෙල්ලම් බඩු කැමැත්තෙන් බෙදාගන්නවා.
  • වටහාගෙන උපදෙස් අනුගමනය කරනවා.
  • හැඟීම්ද ඇතුළුව වැඩිහිටියන්ගේ සියල්ල  අනුකරණය කරනවා.
  • වෙනත් පුද්ගලයෙකු සතුටින්, දුකෙන් හෝ කෝපයෙන් සිටින විට පවසන්න පුළුවන්.
  • මවා ගත් දේ සහ සැබෑව අතර වෙනස තේරුම් ගන්නවා.

දෙමාපියන්ට  ඉඟි:

  • හැකි සෑම විටම තමන්ගේම තේරීම කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • බොරු කියනවා නම් ඔබේ දරුවා සමඟ කතා කරන්න.  මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවා වඩාත් තරඟකාරී වන අතර තමන්ට  අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඕනෑම දෙයක් කරනවා.
  • පරිගණක සහ රූපවාහිනිය සදහා දෙමාපියන්ගේ පාලනයන් ස්ථාපනය කරන්න.
  • පාර පනින විට ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් සිටින්න. ඔබේ දරුවා තම දෙමව්පියන්ගෙන් වඩ වඩාත් ස්වාධීන වෙමින් සිටිනවා. කෙසේ වෙතත්, ඔහු කෙතරම් ස්වාධීනද යන්න පෙන්වීම සදහා  විශාල අවදානම් ගැනීමට ඔහු කැමැත්තක් දක්වනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • පාසැලේ සිට නිවසට පැමිණීමෙන් පසු ඔබේ දරුවා ඉතා ලැජ්ජාශීලී හෝ නිහඩ නම්, මෙය අඩත් තේට්ටම් වලට ලක්වීමේ සලකුණක් වෙන්න පුළුවන්.
  • ඔහු ආක්‍රමණයේ උග්‍ර සලකුණු පෙන්නුම් කරන්නේ නම්.

අවුරුදු 5 මාස 2 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 මාස 3 ක් වු  දරුවා ඔබේ සංවාද සහකරු වේවි.  දරුවා    වරකට වචන 5 සිට 8 දක්වා වාක්‍ය වලින් කථා කරනවා.   අසීරු  දිගු  වචන  ඔබ නොකියන තාක්  ඔබ කියන බොහෝ දේ දරුවා  තේරුම් ගන්නවා.  

නමුත් ඔබ අසීරු  දිගු  වචන  භාවිතා කරන්නේ නම්, මෙම වචනවල තේරුම කුමක්දැයි ඔබේ කුතුහලය දනවන දරුවා ඔබෙන් අසාවි.  ඔබේ පැටියාගේ වචන මාලාව වචන 2500 ක් වෙනවා.

ඔබේ දරුවාගේ භාෂාමය හැකියාවන් තරම් ආකර්ෂණීය වන අතර, සමහර අකුරු උච්චාරණය කිරීමේදී දරුවා වැරදියට උච්චාරණය කරන්නේ නම්, කණගාටු  වෙන්න එපා. මේ වයසේ ළමයින් අතර එම තත්වය  බහුලව තියෙනවා. 

ඔවුන් තවමත් නව වචන බොහොමයක් හඩ නඟන්නේ කෙසේදැයි ඉගෙන ගනිමින් සිටිනවා.  වයස අවුරුදු හත වන විට ඔහු පුරුද්දෙන් මිදෙනවා.

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: මෙම අවස්ථාව වන විට ඔබේ දරුවා ළඟා වී ඇති වෙනත් කථන සහ භාෂා සන්ධිස්ථාන

  • ඔබ සමඟ විවාද කිරීමට (සහ තර්ක කිරීමට පවා) හැකියාව තියෙනවා. “නිසා” යන්න නිතර  භාවිතා කරනවා.
  • බොහෝ විට විරුද්ධතා සංසන්දනය කිරීමේ ක්‍රමයක් ලෙස භාවිතා කරනවා උදාහරණයක් “ඔයාගේ අත මගේ අතට වඩා ලොකුයි "
  • අනාගත වාක්‍ය භාවිතා කරනවා.
  • සමහර බහුවිධ අර්ථයන් ඇති වචන තේරුම් ගැනීම ආරම්භ කරනවා.
  • විහිළු වඩා හොඳින් තේරුම් ගන්නවා.
  • සන්තකයේ ඇති නාම පද භාවිතා කරනවා. උදාහරණයක්  “මෝටර් රථයේ රෝද රවුම්”.

අවුරුදු 4 මාස 11 ළමා වර්ධනය

දෙමාපියන්ට  ඉඟි:

  • ඔබේ දරුවාට විවිධ ශබ්ද හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා ඉක්මනින් හා නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වචන හෝ ශබ්ද මාලාවක් උත්සාහ කරන්න. නැතහොත් නිවසේදී අත්පුඩි ගැසීමේ ක්‍රීඩාවක් කරන්න. එහිදී ඔබ කියවීම කල විට  ඔබේ දරුවාට  යම් ශබ්දයක්, වචනයක්  තුල හෝ වාක්‍යයක්  තුල ඇසූ වාර ගණනට  සමානව අත්පුඩි  දෙන ලෙස ඉල්ලා සිටින්න.
  • පාසැල් දවස ගැන විශේෂයෙන් සිය රුචි අරුචිකම් ගැන ඔබ සමඟ කතා කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. මෙය පාසැලේදී වස්තූන්පෙන්වා කියාදීම සදහා  දරුවා  සූදානම් කිරීමට මෙන්ම තම හැඟීම් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමටද උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා අතීත කාල වාක්‍ය කිසිසේත් භාවිතා නොකරන්නේ නම්,
  • ඔබේ දරුවා නුහුරු වචන හෝ තත්වයන් ගැන ප්‍රශ්න අසන්නේ නැත්නම්

අවුරුදු 5 මාස 3 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ ලොකු දරුවාගේ බර කිලෝග්‍රෑම් 17 - 20.3 ක් පමණ වන අතර උස දළ වශයෙන් සෙන්ටිමීටර 106cm-112.2cm වේ. වයස අවුරුදු 6 ක් වන විට දරුවාගේ උස සෙන්ටිමීටර 6 (අඟල් 2.5) කින් පමණ වැඩිවෙන  අතර බර සෑම වසරකම කිලෝග්රෑම්.  1.8- 3.1 දක්වා  (රාත්තල් 4 සිට 7 දක්වා) ලබා ගන්නවා.

ඔබේ දරුවා ඉක්මනින් වර්ධනය වන විට, ඔහුගේ ආහාර රුචිය ස්වභාවයෙන්ම වැඩිවෙනවා.  ඔහුට කැලරි 1,200 ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි වුවද, ඔහුගේ ආහාර වේලෙහි ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ හා ඛනිජ ලවණ සැපයීම වැදගත් වෙනවා.

පෝෂකය දෛනිකව ලබාගත යුතු ප්‍රමාණය ආහාර ප්‍රභවයන්
කැල්සියම් 1,000mg කිරි කෝප්ප 2(150mg) හෝ යෝගට් කෝප්ප 2 (මිලිග්‍රෑම් 207) හෝ  ස්විස් චීස් (මිලිග්‍රෑම් 112) පෙති 2
යකඩ 10mg සීරියල් කුඩා  බඳුනක් (12mg)  සම්පුර්ණ ධාන්‍ය  පාන්  පෙත්තක් (0.9mg)  හෝ මුද්දරප්පලම් අල්ලක් (0.7mg)
අත්‍යාවශ්‍ය මේද අම්ල 10g of Omega-6, 0.9g of Omega-3 ළමා අල්ලක ප්‍රමාණයේ සැමන් කැබැල්ලක් (ග්‍රෑම් 0.425) හෝ හොදින් තැම්බු බිත්තර  1 (ග්‍රෑම් 0.1) හෝ වෝනට්ස් අතලොස්සක්ල්ලක් (ග්‍රෑම් 2.3)
මැග්නීසියම් 130mg කුඩා බ්‍රාන් සීරියල්   කුඩා කෝප්පයක්  (මිලිග්‍රෑම් 93) හෝ රටකජු බටර් මේස හැන්දක්  (25mg) හෝ කෙසෙල් භාගයක් (16mg)
විටමින් A 0.4mg පැණිරස අර්තාපල් කැබලි 3-5  (3.8mg) හෝ   බෙල් පෙපර් 1/4
විටමින් C 25mg නැවුම් දොඩම්  යුෂ  කෝප්ප 2(මිලි ග්‍රෑම් 50) හෝ බ්‍රොකොලි ෆ්ලෝරට් 6 (30mg) හෝ තක්කාලි 1(5mg)
විටමින් E 7mg 28g රටකජු (2mg) හෝ 40g අමු අඹ (0.9mg)
පොටෑසියම් 3800mg බේක් කළ අර්තාපල් (463mg) කැන්ටලූප් කැබලි (208mg) හෝ නිවිති අල්ලක් (210mg)
සින්ක් 5mg දරුවාගේ අල්ල  ප්‍රමාණයේ පිසින ලද හරක් මස් කැබැල්ල (3mg) හෝ දරුවාගේ අල්ල ප්‍රමාණයේ කුකුළු මස් (0.6mg) හෝ චෙඩාර් චීස් පෙති  2(0.4mg)

දෙමාපිය ඉඟි:

  • බර ප්‍රමිතියක් ලෙස පවත්වා ගැනීමට  ඔබේ දරුවාට උපකාර කිරීම සඳහා අධික ලෙස ආහාර ලබාදීමෙන්  වළකින්න.   සෑම දරුවෙකුම වෙනස් වන අතර සාමාන්‍යයකට අනුකූල වීමට බල කරන්න  එපා. ඔබේ දරුවාගේ ළදරු අත් පොතේ බර සටහන නිතර පරීක්ෂා කරන්න.  
  • ඔබේ දරුවා වම් අත් නම් ආහාර ගැනීමේදී ඔහුගේ වැලමිට අසල්වැසියාගේ වැලමිට සමඟ නොගැටෙන ලෙස   දරුවා  අසුන්  ගන්වන්න. මෙමඟින් දරුවා නොහඩා ඉන්නා අතර සෑම කෙනෙකුම ඔවුන්ගේ ආහාර වේල සුවපහසු ලෙස භුක්ති විදින්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • බර අධික ලෙස අඩු හෝ වැඩි වේ අම්
  • අසාමාන්‍ය රෑෂ්, ගැටිති හෝ තැලීම් තිබේ නම්
  • අංශක 39 ට වඩා උණ තිබේනම්

එන්නත් සහ පොදු රෝග

ඔබේ දරුවාගේ බොහෝ එන්නත් දැනටමත් මේ වයසේදී ලබා දී ඇත. උණ රෝගය වැනි ඔබේ දරුවාට අවශ්‍ය වාර්ෂිකව ලබාදිය යුතු එන්නත් සම්බන්ධයෙන්  ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

දරුවා පාසැලේ වැඩි කාලයක් ගත කරන බැවින්, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැළඳීමට පුළුවන්.  ඔබේ දෑසට නොපෙනී  ඔහුගේ ශරීරය මත ඇතිවන රැෂ්  ද ඇති විය හැකි බැවින්  ඒ පිළිබඳව ඔබ විමසිල්ලෙන් සිටින්න.

ඔබේ දරුවාගේ ශරීරයේ යම් අපහසුතාවයක් ඇත්දැයි හෝ  යම් කැසීම ඇතිනම් ඒ බව ඔබට පැවසීමට ධෛර්යමත් කරන්න.

 

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-4

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අවුරුදු 05 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 5ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 03 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it