අවුරුදු 05 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 04 පෙර පාසැල් ළමා සංවර්ධනය

අපි ඔබේ අවුරුදු 5 සහ මාස 4 ක ශාරීරික ,  මානසික ,  භාෂාව,  හැගීම් හා සෞඛ්‍ය  සංවර්ධනය සහ සන්ධිස්ථාන ගැන සොයා  කරමු.

අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය:  ඔබේ අවුරුදු 5 සහ මාස 4 ක දරුවාට මේ ඉතා සිත්ගන්නාසුළු හා අභියෝගාත්මක කාලයක් වෙනවා. 

දරුවා  ගෙවන්නේ ගෙවීගිය ළදරු වියත් උදාවෙන්න යන පෙරපාසැල් වියත් අතරමැදි අවස්ථාවක් ,  ස්වාභාවිකවම,  සමහර විට දරුවාගේ හැගීම් එකිනෙකට වෙනස් වන හැසිරීමක්  ඔබට දකින්න පුළුවන්.

මේ වයසේදී සිය  හැඟීම් පාලනය කිරීමට  දරුවාට පුළුවන්. ඔබේ  දරුවා  උපදෙස් වඩා හොඳින් වටහාගෙන ඒවා පිළිපදිනවා.

මේ මගින් දරුවාට  වැඩි කාලයක් පන්තිවල හිඳගෙන සිටීමටත්,  ගුරුවරයාගේ උපදෙස් කෙරෙහි අවධානය යොමු කිරීමටත්,  දේවල් වේගයෙන් ඉගෙන ගැනීමටත් අවස්ථාව  ලැබෙනවා.

ඔබේ අවුරුදු 5 සිට මාස 4 දක්වා වූ දරුවාගෙන් තවත්  බලාපොරොත්තු විය හැකි දේවල් මොනවාද ?  සෑම දරුවෙකුම තමාගේම වේගයෙන් ඉගෙන ගෙන වර්ධනය වන බව මතක තබා ගන්න.

ඔබේ දරුවාගේ සංවර්ධනය  ගැන ඔබට ගැටලුවක්  ඇත්නම්  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 5 සිට මාස 4 දක්වා,  ඔබේ වැඩෙන දරුවා ළදරු වියෙන් ඔබ්බට පැමිණ සිටියි.  මෙම වයසේදී,  ළමයින්ගේ  හුරුබුහුටි පෙනුම  යටපත්ව    දිගු අත් පා දිගු වී සිරුර  සිහින් වෙන්න  පටන් ගන්නවා.

මෙයට හේතුව මෙම වයසේදී දරුවන්ගේ බර වැඩිවීම අඩුවී   මාංශ පේශින් වර්ධනය වීමයි.

ශාරීරික  සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කල,  දරුවා  මේ වසරේදී බර කිලෝග්‍රෑම් 1.8-2 ක් වැඩි කර  ගන්නා අතර උස අඟල් දෙකක් කින් වැඩිකර ගනු ලබයි.  ඔහුගේ පෙනීම ද 20/20 බවට පත්වෙනවා.

මේවාට අමතරව ඇති  අවුරුදු 5 සහ මාස 4 වු සංවර්ධනය හා සන්ධිස්ථාන
  • හිසෙහි ප්‍රමාණය වැඩිහිටියෙකුට සමාන වෙනවා.
  • සමහර විට කිරි දත් වැටෙන්න පටන් ගන්නවා.
  • ශරීරය දැන් බොහෝ දුරට වැඩිහිටියන්ට සමානුපාතික වෙනවා.
  • අතිශයින්ම ක්‍රියාකාරී වෙනවා.
  • ඇස් වලින් ලුහුබැඳීමට හැකියාව ඇති අතර ඇස් දෙකම භාවිතා කරන්න පුළුවන්.  
  • ආපස්සට ඇවිදිනවා.
  • සහයක් නැතුව  පඩිපෙළ ඉහළ හා පහළ ගමන් කරන්න  පුළුවන්.
  • දණහිස් වලින් නැවෙන්නේ නැතුව කකුලේ ඇගිලි අල්ලන්න පුළුවන්. උගන්වා ඇත්නම් නිවැරදිව පිනුම් ගහන්න  උත්සහ කරන්න පුළුවන්.
  • ඔබේ පුංචි පැටියාට  පටියක් මත සමබරව ගමන් කරන්නත්,   කකුල් දෙක මාරුවෙන් මාරුවට තබමින්  පනින්නත් පුළුවන්.
  • අඩි 3 ක් පමණ ඈත සිට විසීකරන බෝලයක් අල්ලන්න පුළුවන්.
  • දක්ෂ ලෙස හසුරවමින් බයිසිකලයක් හෝ ට්‍රයිසිකලයක් පදින්න පුළුවන්.
  • නොවැටී පියවර 10 ක් පමණ ඉදිරියට පනින්න පුළුවන්.
  • මාකර්ස් හා පෑන් හොද පාලනයකින් හසුරවන්නත්, රේඛා අතර පාට කරන්නත් පුළුවන්.

මෙම ශාරීරික  වර්ධනයන්ට අමතරව,  ඔබේ වැඩෙන දරුවාට තරමක් හොඳින් අත් හසුරුවන්න  හැකි බව ඔබට දකින්න පුළුවන්.  පිංතුර දිහා බලාගෙන   කුඩා කැට භාවිතා කරමින් ත්‍රිමාන ව්‍යුහයන් තනන්න දරුවාට පුළුවන්.

ඉඟි
  • නව කුසලතා ඉගෙන ගැනීමට සහ ශාරීරික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඔබේ දරුවාට සිය ශක්තිය භාවිතා කිරීමට උදව් කරන්න. වයසට ගැළපෙන ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ඔහුව ඇතුළත් කරන්න.
  • ඔබේ දරුවාට ආහාර ගැනීමේදී අනුගමනය කල යුතු හොද පුරුදු , ආහාර ගැනීමේ උපකරණ භාවිතය සමගම උගන්වන්න.
  • කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) සංවර්ධනය කරන අතරම ඔහුගේ දෛනික කටයුතුවලදී වඩාත් ස්වාධීන වීමට ඔහුව දිරිමත් කරන්න. සපත්තු ලේස් ගැටගැසීම හෝ බොත්තම් හෝ සිප් දැමීම වැනි ක්‍රියාකාරකම් පුහුණු වන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවාට,
  • ඉදිරියට ඇවිදීමට, තනි  කකුලෙන්  සිට ගෙන  සිටීමට හෝ පැනීමට නොහැකි නම්
  • පෑනක් හෝ පැන්සලක් අල්ලා ගැනීමට ගැනීමට අපහසු නම්
  • ආහාර ගැනීමට භාවිතා කරන උපකරණ අල්ල ගැනීමට සහ භාවිතා කිරීමට නොහැකි නම්
අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

ඔබේ දරුවාගේ  ශරීරය මෙන්ම මානසික හැකියාවද වේගයෙන් වර්ධනය වෙනවා. ඔබේ දරුවාගේ මානසික  සංවර්ධනය නිසා සංකීර්ණ ගැටළු විසඳීමට,  වස්තු වර්ග කිරීමට මෙන්ම  ප්‍රශ්න  ගොඩාක් ඇසීමට හැකි වෙනවා.

අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: මෙම සන්ධිස්ථාන නිරීක්ෂණය කරන්න.
  • අනුක්‍රමණිකව 20 හෝ ඊට වැඩියෙන් ගණන් කරන්න පුළුවන්. සමහර ළමයින් 100 දක්වා ගණන් කරනවා.
  • වර්ණය හෝ හැඩය වැනි මානයන් දෙකක පදනම කර ගෙන වස්තූන් වර්ග  කරන්න  පුළුවන්.  
  • ත්‍රිකෝණාකාර කොටස් දෙකකින් සමචතුරස්‍රක් සාදනවා.
  • “උසම” “විශාලතම” යන සංකල්ප තේරුම් ගන්නවා. වස්තුන්ගේ ප්‍රමාණය අනුව ඒවා පිළිවෙලකට  තබන්න පුළුවන්.
  • ශ්‍රේණිගත කිරීමේ සංකල්පය පිළිබඳ මූලික අවබෝධය තියෙනවා.(පළමු,  දෙවන හා අවසාන)
  • සමහර ළමයින්ට ඔරලෝසුවේ වේලාව කියන්න පුළුවන්.   උදාහරණ ,  උදේ දෙක හෝ  සවස පහ
  • කාසි හඳුනාගෙන මුදල් ඉතිරි කිරීමට' පටන් ගන්නවා.
  • භාගය පිළිබඳ සංකල්පය පහසුවෙන් තේරුම් ගන්නවා.
  • කෙළවරක් නැති ප්‍රශ්න අසන අතර විශේෂයෙන් ඔහු වටා ඇති වස්තූන් සහ මිනිසුන් ගැන කුතුහලයෙන් සිටිනවා.
ඉඟි
  • ඔබේ දරුවා විවිධ ක්‍රියාකාරකම් හා අත්දැකීම් වලට යොමු කරන්න. නව කුසලතා සහ සංකල්ප හඳුන්වා දීමට උපකාරී වන පරිදි ඔරලෝසුවක් වැනි අලුත් “සෙල්ලම් බඩු” දරුවාට ලබා දෙන්න.
  • හෝඩියේ අකුරු එකට ලිවීමට පුරුදු වන්න. වැලිපිල්ලක, වෙරළ තීරයේ අකුරු ලියමින් හෝ  බොත්තම් ,  කුඩා ගල් වලින් අකුරු සෑදීමෙන්  විනෝද වන්න.
° ඔබේ දරුවාට පියවර තුනක උපදෙස් දෙන්න. අවශ්‍ය නම්  මඟ පෙන්වන්න.
  • වස්තූන් සහ පුද්ගලයින් ගණන් කරන්න. වචන සහ අක්ෂර කියවීම හා මතකයට නගා ගැනීම  පුහුණු වන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා
ඔබේ දරුවාට,
  • පහට ගණන් කිරීමට හෝ කිසිදු අකුරක් හෝ වචනයක් කියන්න නොහැකි නම්
  • ඔහු වටා ඇති කිසිවක් ගැන උනන්දුවක් නොදක්වයි නම් හෝ  අඩුවෙන් ප්‍රශ්නයක් අසයි නම්
අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

වයස අවුරුදු පහ වන විට,  බොහෝ දරුවන්  ස්ථාවර මිත්‍රත්වයන් ගොඩනඟා ගන්නවා.  හොඳම මිතුරෙකු හෝ දෙදෙනෙකු ඉන්නත් පුළුවන්.

ඔබේ දරුවා  සහයෝගයෙන් ක්‍රීඩා කරන අතර  සෙල්ලම් බඩු  බෙදා ගැනීමට කැමැතියි. දරුවා  කණ්ඩායම් ක්‍රීඩා සහ හවුල් ක්‍රියාකාරකම් වලටද සහභාගී වෙනවා. දරුවා  මවාගත් සැකසුමක නිෂ්පාදිත  සෙල්ලම් කිරීමට පවා යෝජනා කරන බව ඔබට  දකින්න පුළුවන්.

ඔබේ කුඩා දරුවා ද විනෝදකාමී පුංචි  විහිලුකාරයෙක් බවට පත්වෙමින් සිටිනවා. පවුලේ අය සහ මිතුරන්  ඉදිරියේ  රංගනයන්  ඉදිරිපත් කිරීමට දරුවා  ප්‍රිය කරනවා.

අනෙකුත් සමාජ සන්ධිස්ථාන,
  • ඔබේ දරුවා සැලකිලිමත් වෙන සහ සහයෝගය දක්වන අතර වේදනාවෙන් පෙළෙන අයට සංවේදනය පෙන්වනවා.
  • ඔබේ දරුවා තරමක් කීකරු වන අතර බොහෝ විට ඔබට සවන් දෙනවා.
  • තවමත් ඔබෙන් නිරන්තර සහතිකයක් සහ ආදරය බලාපොරොත්තු වෙනවා.
  • හැඟීම් පාලනය කිරීමට වඩා හොඳ පාලනයක් තියෙනවා. උද්වේගකාරී බව සම්පුර්ණයෙන්ම යටපත්ව  හෝ ඉතා දුර්ලභ වෙනවා.
  • පවුලේ අය සහ මිතුරන් හැර වෙනත් අය සමඟ සංවාදයේ යෙදෙනවා.
  • ඔහුගේ ජයග්‍රහණ ගැන උදම් අනන්න පුළුවන්.
ඉඟි
  • ළමයින් “හොඳම මිතුරන්” සොයා ගන්නා මොහොතක, ඔවුන්  ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ලෝකයේ ස්වභාවය තේරුම්  ගැනීමට ඔබේ දරුවාට උපකාර කළ හැකි ප්‍රධාන දෙය සන්නිවේදනයයි.
  • මිතුරන් ගැන සැලකිලිමත් වන තාක් දුරට මිතුරන් තෝරා  ගන්න  ඔබේ දරුවාට නිදහස ලබා දෙන්න.  අන් අය ඇසුරු කරන්න දරුවාට  බල කරන්න එපා.
  • දරුවාගේ පන්ති කාමරය සහ ක්‍රීඩා කාමර ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටීමද වැදගත් වෙනවා. විශේෂයෙන් දරුවා නිවසේදී හුදෙකලා ලෙස ක්‍රියා කරන්නේ නම් විමසිලිමත් වෙන්න. ළමයින් තම සම වයසේ මිතුරන් කෙරෙහි තම අධිකාරය ස්ථාපිත කිරීමට උත්සාහ කරන විට අඩතේට්ටම්  කිරීම සාමාන්‍ය දෙයකි.
  • ඔබේ දරුවාට ඔබේ ආදරය හා සහයෝගය ප්‍රකාශ කරන්න.
  • අනෙක් ළමයින් සමඟ එළිමහන් ක්‍රියාකාරකම් දිරිමත් කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා
  • සැමවිටම තනිව සිටින අතර කිසිවෙකු සමඟ කතා කිරීමෙන් වැළකී සිටියි නම්,
  • පාසැලට යාමට හෝ ඔහුගේ මිතුරන් සමඟ නිවසේ සෙල්ලම් කිරීමට කැමති නැතිනම්
  • බඩේ කැක්කුමක් ගැන නිරන්තරයෙන් කියනවා නම් (මෙය කාංසාව පෙන්නුම් කරනවා)
අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

වයස අවුරුදු 5 මාස 4 වු ඔබේ දරුවාට සිය අවශ්‍යතා වචනයෙන්   ප්‍රකාශ කරන්න  පුළුවන්.  සෑම කෙනෙකුටම දරුවාගේ  අදහස්  තේරුම් ගන්න පුළුවන්. දරුවා  උපදෙස් වලට ධනාත්මකව ප්‍රතිචාර දක්වනවා.

මේ වන විට  දරුවාගේ  වචන මාලාව වචන 1, 500-2, 000 හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වෙනවා.  ඔබේ දරුවාට වස්තුන්ගේ ක්‍රියාකාරිත්වය අනුව ඒවා ගැන අදහස්  පල කරන්න  පුළුවන්.  

එනම් දරුවා  “මේ බෝලයට උඩ පනින්න පුළුවන්” හෝ “අපි  ඇඳ උඩ නිදාගන්නවා ” යැයි  කියන්න පුළුවන්.

අවුරුදු 5 සිට 4 දක්වා  දරුවාගේ කථන සංවර්ධන වැදගත් දර්ශකය  වන්නේ බුද්ධිමත් කථනයයි. ඔබේ දරුවාට දැන් වචන පහේ සිට හත දක්වා වාක්‍ය හදන්න  පුළුවන්.

මේ  මෙම අවස්ථාවෙහිදී දරුවා  ලගාවන කථන සහ භාෂා සන්ධිස්ථාන වලින් කිහිපයක් පමණි. පහත සඳහන් දෑ ද බලාපොරොත්තු වෙන්න.

  • විවිධ වස්තූන් හතරක් හෝ පහක් හඳුනා ගැනීමට සහ නම් කිරීමට පුළුවන්.
  • ඔහුට සමාන දේවල් කියන්න පුළුවන්. පිංතුර දෙස බැලීමෙන් දන්නා කතාවක් කියන්න පුළුවන්.  
  • වර්ණවත් 10 ක් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.
  • සරළ වචන වලින් ඇති හාස්‍යය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම විහිළු තහළු කිරීමට පවා පුළුවන්.
  • ඔබේ දරුවාට දැන් තම නම කළ ,  නගරය,  ප්‍රදේශය  සහ දෙමව්පියන්ගේ නම පවසන්න පුළුවන්.
  • දුරකථන ඇමතුමකට නිසි ලෙස පිළිතුරු දීමට සහ පණිවිඩ ගැනීමට පවා පුළුවන්.
  • අතීත කාල වාක්‍ය පහසුවෙන් භාවිතා කරනවා.
ඉඟි
  • සරල පොත් කියවීමට ඔබේ දරුවා ධෛර්යමත් කරන්න. එවිට තම වාක්‍ය ඔප දැමීමටත් නව වචන සහ අකුරු තෝරා ගැනීමටත් දරුවා ඉගෙන ගන්නවා.  
  • තම සහෝදර සහෝදරියන්ගේ, දෙමව්පියන්ගේ නම් ,  නිවසේ ලිපිනය සහ අංකය පවා මතක  තබා ගැනීමට  දරුවාට  උදව් කරන්න. මෙම වයස වන විට,  ඔවුන්ට මෙම මූලික කරුණු ඉක්මනින් ඉගෙන ගැනීමටත් හොඳ දේ මතක තබා ගැනීමටත් හැකි වෙනවා.  
  • ඔහු සමඟ නිසි වාක්‍ය සැකසීමට පුරුදු වන්න. කවි හෝ රිද්ම එක්ව කියවන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා
  • පැහැදිලිව කථා කිරීමට අපොහොසත් නම්
  • මවුපියන්ගේ හෝ සහෝදර සහෝදරියන්ගේ නම මතක නැති නම්
  • නිසි වාක්‍යයක් පැවසිය නොහැකි නම්
අවුරුදු 5 මාස 4 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාගේ බර කිලෝග්‍රෑම් 17 ත් 19 ත් අතර වන අතර උස අඟල් 41.7 - 44.2 ක් පමණ වෙනවා

ඔබේ දරුවාට දිනකට කැලරි 1200 ක් පමණ අවශ්‍ය වන අතර නින්ද සහ නිතිපතා පෝෂණය අවශ්‍ය වෙනවා.

පෝෂක දිනපතා අවශ්‍ය ප්‍රමාණය ලබාගත යුතු ආකාරය
කැල්සියම් සහ විටමින් ඩී මිලිග්‍රෑම් 1, 000 කැල්සියම් හා  3, 000 IU (ජාත්‍යන්තර ඒකක) විටමින් ඩී කිරි කෝප්ප 1 ක්,  පළතුරු සලාද 1/2 කෝප්පයක්,  දොඩම්  යුෂ කුඩා කෝප්පයක් හෝ චීස් පෙති 2 ක්.
යකඩ මිලිග්‍රෑම් 10 යි ස්පැගටි සමග කුඩා හරක් මස්,  කුකුල් මස්,  මාළු හෝ   ඌරු මස් මස් බෝල,   සීරියල් ,  බත්,  පාන් සහ පැස්ටා කෝප්ප භාගයක් “පොහොසත්” හෝ “ශක්තිමත්” යන වචන වලින් ඇසුරුම් වල තිබිය යුතුය 
විටමින් සී දිනකට මිලිග්‍රෑම් 650 කට වඩා වැඩි නොවිය යුතුය

 

ස්ට්රෝබෙරි 3-4,  දොඩම්  1,  කැපු රතු බෙල් පෙපර්  හතරෙන් එකක් හෝ බ්‍රොකොලි ෆ්ලෝරට් 7-8.
එන්නත් සහ පොදු රෝග

මේ වන විට,  ඔබේ දරුවාට පහත  එන්නත් ලබා දී තිබිය යුතුය.

  • ඩිප්තෙරියා, පිටගැස්ම සහ කක්කල් කැස්ස (DTaP ) මාත්‍රාවන් පහක්
  • අක්‍රීය කළ පෝලියෝ වයිරස් එන්නත මාත්‍රා හතරක් (IPV)
  • සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත් මාත්‍රා දෙකක්
  • පැපොල (වරිසෙල්ලා) එන්නත් මාත්‍රා දෙකක්
  • උණ එන්නත (වාර්ෂිකව ලබා ගත යුතුය )

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ මෙන්ම අත්,  පාද සහ මුඛ රෝගඉවැනි රෝග ගැන  ඔබගේ  අවධානය යොමු කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා
  • දැඩි ලෙස බර අඩු හෝ අධික වේ නම්
  • උස යෑම සිදුනොවේ නම්
  • අසාමාන්‍ය ‍රෑෂ් හට ගනී නම්
  • අසාමාන්‍ය ගැටිති ,  ඉදිමුම් හෝ තැලීම් තිබේ නම්
  • සෙල්සියස් අංශක 39 ට වඩා උණ තිබේ නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-5

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera