theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

7 අවම කියවීම
අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවා වර්ධනය  වෙමින්  සිටිනවාද? ඔබේ අවුරුදු 5 මාස 5 ක දරුවා දිගින් දිගටම   අත්කර ගන්නා  ජයග්‍රහණයන් පුදුමයක්ද? වසර කිහිපයක් තුළ දරුවාගේ  වර්ධනය හා සංවර්ධනය පුදුම සහගතයි. එහෙම නේද?

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: දැන්, ඔබේ වයස අවුරුදු 5 සිට මාස 5 දක්වා වූ දරුවා මෙම අවස්ථාව කරා වෙනවිට ලබා සිටිය යුතු නිශ්චිත සන්ධිස්ථාන බලමු.

ඔවුන් මෙම සන්ධිස්ථාන කරා මඳක් ප්‍රමාද වී ලගාවෙන  ඔබ දුටුවහොත් කලබල වෙන්න එපා.  ළමයින් තමන්ගේම වේගයෙන් වර්ධනය  වෙනවා.

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 5 සිට මාස 5 දක්වා, ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )  සහ ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා (Gross motor skills )  මාස කිහිපයකට පෙර තිබූ තත්වයට වඩා බොහෝ සෙයින් පැහැදිලි  වෙලා තියෙනවා.  

දරුවාගේ  දෑත් දෑස් සම්බන්ධීකරණය දියුණු  වී ඇති  අතර   සමබර කිරීමේ හැකියාව වේගයෙන් වර්ධනය වෙනවා.

මෙම වයසේ ළමයින් පෙන්වන ශාරීරික සංවර්ධනයේ වෙනත් සලකුණු

  • ඔවුන්ට විශ්වාසයෙන් යුතුව සියලු වර්ගවල ආහාර ගැනීමේ උපකරණ  භාවිතා  කරන්න  පුළුවන්.
  • ඔවුන්ට පෑන් සහ පැන්සල් නිවැරදිව අල්ලන්න පුළුවන්.
  • කෙටි දුරක සිට වීසිකරන බෝලයක් වැටෙන්නේ නැතුව අල්ලන්න පුළුවන්.
  • ඔවුන්ට කකුල් සහ දෑත් වල වඩා හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා.
  • ඔවුන්ට කකුලකින් කකුලට පනින්න පුළුවන්. බොහෝ කුඩා දරුවන් මෙන් වැටෙන්නේ නැහැ.

ඉඟි:

  • ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )  තවදුරටත් වර්ධනය   කිරීමට  දරුවා ලිවීම,  වර්ණ ගැන්වීම සහ ඇඳීම  සදහා උනන්දු කරන්න.
  • මේ අවස්ථාවේ දී ශාරීරික ක්‍රියාකාරකම් වැඩි විය යුතු අතර, එම නිසා තිර කාලය අඩු කර ඔබේ දරුවාට එළිමහනේ ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්න.
  • ඔබේ දරුවා ඕනෑම ක්‍රීඩාවක් සඳහා උනන්දුවක් දක්වන්නේ නම්, එයට ඇතුළත් කිරීමෙන් වර්ධනයට හා සංවර්ධනයට තවත් දායක වෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා දුවද්දී තවමත් පැකිලෙන්නේ නම්
  • දරුවාට තනි කකුලෙන් සමතුලිත වීමට නොහැකි නම්
  • දරුවාට ආහාර ගැනීමේ උපකරණ හෝ ලිවීමේ ද්‍රව්‍ය ග්‍රහණය කරගත නොහැකි නම්
  • ඔබේ දරුවාට ඇහුම්කන් දීමට හෝ නිසි ලෙස දැකීමට නොහැකි නම්
  • දරුවාට වරක් තිබූ කුසලතා නැති වුවහොත්

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

ඔබේ කුඩා දරුවා දැන් පෙර පාසල් යනවා නේද?  දරුවා පාසල සමඟ කටයුතු කිරීමට අවශ්‍ය මානසික  කුසලතාවන්ගෙන් සන්නද්ධ වෙනවා.

ඔබේ වයස අවුරුදු 5 සිට මාස 5 දක්වා වූ දරුවාගේ මානසික  සංවර්ධනය තුල තර්කානුකූලව සිතීමට සහ සිතීමට  ඇති හැකියාව පෙන්නුම් කරනවා.

 සංවර්ධනයේ මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවා තනිවම පිළිතුරු සෙවීමට තරම් කුතුහලයට පත් වේවි. මේනිසා තව බොහෝ ප්‍රශ්න ඔබෙන් අසාවි. සෑම උත්තරයකින්ම තවත් ප්‍රශ්න පැන නගිවී.

ඔබේ දරුවාගේ පහත දැක්වෙන මානසික  වර්ධනයන් ගැන සොයා බලමු.

  • කරුණක් සනාථ කිරීමට තර්ක කිරීමට හේතුව භාවිතා කරනවා.  
  • සරල උපදෙස් අනුගමනය කරනවා.
  • හරි වැරැද්ද පිළිබඳ අවබෝධයක් තියෙනවා.
  • අවම වශයෙන් 20 ක් වත් ගණන් කරන්න පුළුවන්.
  • හෝඩිය දන්නවා.
  • සිය නමට එන අකුරු දන්නවා.
  • වර්ණ හා හැඩයන් නිවැරදිව හඳුනාගන්න පුළුවන්.
  • අතීතයේ සිදුවීම් මතක් කරනවා.

ඉඟි:

  • ඔබේ දරුවා ඔබ සමඟ වාද කරන විට, ඔබේ දරුවාගේ මානසික කුසලතා තවදුරටත් දියුණු කර ගැනීම සඳහා ඔහුගේ ස්ථාවරය  තව දුරටත් විමසන්න.
  • දරුවාගේ මානසික සංවර්ධනය වැඩිදියුණු කිරීමට බ්ලොක්ස්,  පෙහෙළිකා  වැනි  STEAM (Science, Tech, Engineering, Arts, Maths)  සෙල්ලම් බඩු මිලදී ගන්න.
  • පන්ති කාමරයෙන් පිටත ඉගෙනීම දිරිගැන්වීම සඳහා කෞතුකාගාරය, සත්වෝද්‍යානය සහ වෙනත් සිත්ගන්නා ස්ථාන වෙත දරුවා රැගෙන යන්න.
  • ඔබේ දරුවාගේ සිතීමේ කුසලතා දිරිගන්වන සහ කථනය සහ සාක්ෂරතාවය ද ප්‍රවර්ධනය කරන I Spy වැනි සෙල්ලම් වල යෙදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ඔහුගේ වටපිටාව ගැන එතරම් උනන්දුවක් නොදක්වයි නම්
  • 20 ක් දක්වා ගණන් කළ නොහැකි නම්

හෝ හෝඩිය නොදනියි නම්

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 5 දරුවා ජිවිතයේ විනෝද  වෙනවා.  කටකාර  සහ මිත්‍රශීලී, ඔබේ දරුවා සෑම කෙනෙකුම සතුටු කිරීමට සූදානම්. විශේෂයෙන් ඔබව

මෙම වර්ධනයන් ගැන විමසිල්ලෙන් සිටින්න

  • ඔබේ දරුවා අන් අයට සංවේදනය පෙන්වනවා. යමෙකුගේ හැඟීම් රිදවන විට සහ එය සකස් කරන්න  ඕනී කොයි වේලාවෙද කියලා  දරුවා  දැනගන්නවා.
  • දැන් වඩා ස්වාධීන වුවද, ඔබේ දරුවාට තවමත් ඔබේ ආදරය හා සැනසීම අවශ්‍ය වෙනවා. ඒ  සඳහා දරුවා නිතරම ඔබ වෙත දිව ඒවි.
  • මිතුරන් සමඟ සෙල්ලම් කිරීමේදී ඔබේ දරුවා ආධිපත්‍යය පෙන්වන්න පුළුවන්.
  • ඔබේ දරුවා ඔහුගේ / ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවයට අයත් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා.
  • දරුවා මිතුරන් සමඟ ඇසුරු කරන්න කැමතියි.  නමුත් සමහර විට තනිවම කාලය ගත කරන්නත් කැමතියි.
  • ආගන්තුකයන් සමඟ වුවද ඉතා මිත්‍රශීලී වෙනවා.
  • බොරු කියන්න හෝ අනෙක් අය ගැන ඕපාදූප කියන්න පුළුවන්.
  • හාස්‍ය පිළිබඳ හැඟීමක් තියෙනවා

ඉඟි

  • ඔබේ දරුවා ඔබට බොරු කීම හෝ ඕපදූප පැවසීම ඔබ දුටුවහොත් දරුවාට  ලැජ්ජා නොකරන්න. මෙම සිදුවීම් දෙකම දරුවාගේ  මානසික  වර්ධනය පෙන්නුම් කරනවා. බොරු කීම හෝ ඕපදූප පැවසීම  සුදුසු නොවන්නේ ඇයි කියා ඔබේ දරුවාට විස්තර කරන්න.
  • ආගන්තුකයින් අනතුරුදායක බව ඔබේ දරුවාට කියාදෙන්න.
  • හැගීම් සෞඛ්‍යාරක්ෂිත කිරීම   සඳහා ඔබේ දරුවාට ඇති තරම් ආදරය හා හුරතල් කිරීම් ලබාදෙන්න.  

° ඔබේ දරුවා සහ ඔහුගේ මිතුරන් සඳහා සෙල්ලම් කිරීමට අවස්ථා  සංවිධානය කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා මුළු ගැන්වේ නම්, ලැජ්ජාශීලී හෝ අන් අය සමඟ කටයුතු කිරීමට අකමැති නම්
  • පුළුල් පරාසයක හැඟීම් ප්‍රදර්ශනය නොකරයි නම් හෝ තේරුම් නොගනී නම්
  • වැරදි ලෙස හැසිරේ නම් හෝ ප්‍රචණ්ඩකාරී වෙනවා නම්

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ අවුරුදු 5  මාස 5 ක් වයසැති දරුවාට දැන් සරල, පැහැදිලි වාක්‍ය භාවිතා කරමින් කතා කරන්න  පුළුවන්.  

අවධානය යොමු කළ යුතු පොදු සන්ධිස්ථාන කිහිපයක්

  • ඔබේ දරුවාගේ කථාව ආගන්තුකයෙකුට පවා පහසුවෙන් වටහා ගන්න පුළුවන්.  
  • දරුවා උපදෙස් තේරුම් ගන්නා  අතර බාල සහෝදර සහෝදරියන් හෝ මිතුරන් වැනි අයටද උපදෙස් ලබා දෙනවා.
  • වෙනත් භාෂාවක් ඉගෙනීම ප්‍රතිග්‍රහණය කරගන්නවා.
  • කැමතිම පොතක වචන හඳුනාගන්න පුළුවන්.
  • බොහෝ ගීත ගායනා කරන අතර මතකයෙන් කවියක් පවා කියන්න පුළුවන්.

ඉඟි

  • " ළදරු කතා" විලාශය භාවිතා කිරීමෙන් වළකින්න. ඔබේ දරුවා සමඟ පැහැදිලිව හා සරලව කථා කරන්න.
  • නින්දට යන්න පෙර ඔබේ දරුවාගේ එදා දවස ගැන කතා කරන්න ඉඩදෙන්න.
  • ඔබේ දරුවාගේ කථන සංවර්ධනය තව දුරටත් දිරිමත් කිරීම සඳහා ප්‍රශ්න අසන්න.
  • දරුවාට වයසට ගැළපෙන පොත් ලබා දෙන්න. දරුවාට ඉතා හොඳින් කියවීමට නොහැකි හෝ කිසිසේත් කියවීමට නොහැකි වුවාට  කමක් නැත.  ලාබාල අවධියේදීම දරුවා  සිට කියවීමට ඇල්මක් ඇති කිරීම    වැදගත්ම වෙනවා.
  • ඔබේ දරුවාට නව ගීත හෝ හාස්‍යජනක කවි උගන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ගොත ගසයි නම්
  • වාක්‍ය වලින් කථා කල නොහැකි නම්
  • පැහැදිලිව කථා කළ නොහැකි නම්
  • කථා කිරීම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි නම්
  • දරුවාට වරක් තිබූ කුසලතා නැති වී යයි

අවුරුදු 5 මාස 5 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ වැඩෙන දරුවාට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අවශ්‍ය වෙනවා.  ඉඳහිට සීනි ආහාර  ලබා දුන්නත් මේවා ඉතා ස්වල්පයක් විය යුතුය.

මෙම වයසේදී, ඔබේ දරුවාට දිනකට කැලරි 1200 ක් පමණ අවශ්‍ය වෙනවා.  දරුවා  දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවට ඔබ සහතික කර  ගන්න.  

ඔබේ කුඩා දරුවාගේ ආහාර වේලෙහි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ සෞඛ්‍ය සම්පන්න මේද හා තෙල් අඩංගු විය යුතුය. ධාන්‍ය වර්ග, කිරි, පලතුරු සහ එළවළු ඔවුන්ගේ ආහාරයේ ප්‍රධාන කොටසක් විය යුතුය.

ඔබේ දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතා පිළිබඳව දැනුවත් වෙමු.

පෝෂකය දෛනිකව ලබාගත යුතු ප්‍රමාණය ආහාර ප්‍රභවයන්
කැල්සියම් 1,000mg කිරි කෝප්ප 2(150mg) හෝ යෝගට් කෝප්ප 2 (මිලිග්‍රෑම් 207) හෝ  ස්විස් චීස් (මිලිග්‍රෑම් 112) පෙති 2
යකඩ 10mg සීරියල් කුඩා  බඳුනක් (12mg)  සම්පුර්ණ ධාන්‍ය  පාන්  පෙත්තක් (0.9mg)  හෝ මුද්දරප්පලම් අල්ලක් (0.7mg)
අත්‍යාවශ්‍ය මේද අම්ල 10g of Omega-6, 0.9g of Omega-3 ළමා අල්ලක ප්‍රමාණයේ සැමන් කැබැල්ලක් (ග්‍රෑම් 0.425) හෝ හොදින් තැම්බු බිත්තර  1 (ග්‍රෑම් 0.1) හෝ වෝනට්ස් අතලොස්සක්ල්ලක් (ග්‍රෑම් 2.3)
මැග්නීසියම් 130mg කුඩා බ්‍රාන් සීරියල්   කුඩා කෝප්පයක්  (මිලිග්‍රෑම් 93) හෝ රටකජු බටර් මේස හැන්දක්  (25mg) හෝ කෙසෙල් භාගයක් (16mg)
විටමින් A 0.4mg පැණිරස අර්තාපල් කැබලි 3-5  (3.8mg) හෝ   බෙල් පෙපර් 1/4
විටමින් C 25mg නැවුම් දොඩම්  යුෂ  කෝප්ප 2(මිලි ග්‍රෑම් 50) හෝ බ්‍රොකොලි ෆ්ලෝරට් 6 (30mg) හෝ තක්කාලි 1(5mg)
විටමින් E 7mg 28g රටකජු (2mg) හෝ 40g අමු අඹ (0.9mg)
පොටෑසියම් 3800mg බේක් කළ අර්තාපල් (463mg) කැන්ටලූප් කැබලි (208mg) හෝ නිවිති අල්ලක් (210mg)
සින්ක් 5mg දරුවාගේ අල්ල  ප්‍රමාණයේ පිසින ලද හරක් මස් කැබැල්ල (3mg) හෝ දරුවාගේ අල්ල ප්‍රමාණයේ කුකුළු මස් (0.6mg) හෝ චෙඩාර් චීස් පෙති  2(0.4mg)

ඉඟි:

  • ඔබේ දරුවාගේ ආහාර වේලෙන් කඩචෝරූ සහ ගෑස් සහිත බීම ඉවත් කරන්න.
  • පවුලේ අනෙක් අය මෙන් එකම ආහාර අනුභව කිරීමට ඔබේ දරුවාට උගන්වන්න.
  • හොඳ ආහාර ගැනීමේ පුරුදු උගන්වන්න.

එන්නත් සහ පොදු රෝග

ඔබේ දරුවාට අවුරුදු 5  මාස 5 ක් වන විට  එන්නත් බොහොමයක් ලබා දී අවසන්,   කෙසේ වෙතත්, ඔහුට තවමත් වාර්ෂික උණ එන්නත් ලබාදීමට  අවශ්‍ය වෙන්න  පුළුවන්.  ඔබේ වෛද්‍යවරයා හමු වී මේ පිළිබඳ දැනුවත් වෙන්න.

ඔබේ දරුවාට ඉඳහිට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැළඳෙන්න පුළුවන්.  මෙය සිදුවන්නේ ඔහු විෂබීජ  වලට නිරාවරණය වූ විටය. කණගාටු වෙන්න එපා. එසේ  නිරාවරණය වීමෙන්  ඔවුන්ට වඩා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනැගීමට උපකාරී වෙනවා.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-6

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 09 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it