theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

7 අවම කියවීම
අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

මේ මාසය වන විට  ඔබේ දරුවා හොදින් වර්ධනය වෙලාද? බොහෝ කලකට පෙර ඔබේ දරුවා පුංචි  අත දරුවෙක්,  දැන් ඔහු එකවරම  අවුරුදු 5 මාස 6 ක් වයසැති දරුවෙක්, අවුරුදු මෙච්චර  ඉක්මනට ගෙවුනේ කොහොමද කියා ඔබ පුදුම වේවි.

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: ඔබගේ කුඩා දරුවා මේ මාසය තුළ ඔබව මවිතයට පත් කරන්න  කුමක් කරාවිදැයි දැන ගැනීමට ඔබ කැමතියි නේද?  ඔබේ වයස අවුරුදු 5  මාස 6  වූ දරුවාගේ වර්ධනය සහ සන්ධිස්ථාන පිළිබඳව අපි සොයා බලමු.

දරුවන් දෙදෙනෙකු එක හා සමාන නොවන බව මතක තබා ගන්න.  ඒ නිසා ඔබේ දරුවා තමාගේම වේගයෙන් වර්ධනය වෙමින් මෙම සන්ධිස්ථාන වලට ඔහුගේ සම වයසේ මිතුරන්ට වඩා කලින් හෝ පසුව ලගා වේවි.

කෙසේ වෙතත්, ඔබේ දරුවා නියමිත වේලාවට සන්ධිස්ථාන කරා ළඟා නොවන බවට ඔබට පෙනේ  නම්, ඔබ ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය:  ශාරීරික සංවර්ධනය

තව දුරටත් අවුල් සහගත කුඩා දරුවෙකු නැහැ,  ඔබේ අවුරුදු 5 මාස 6 ක දරුවාගේ ශාරීරික සංවර්ධනය තරමක් පැහැදිලිය. ඉතා වේගවත් හා කඩිසර, ඔබේ කුඩා දරුවා දුවන්නට, පනින්න සහ සෙල්ලම් කිරීමට ප්‍රිය කරනවා.

නිසි ශාරීරික සංවර්ධනය සඳහා මෙය ඉතා තීරණාත්මක  බැවින් එළිමහන් සෙල්ලම් කිරීමට දරුවා  විශාල වශයෙන්  දිරිමත් කරන්න.

ඔබේ දරුවා මේ වන විට ලගා විය යුතු ශාරීරික  සංවර්ධන සන්ධිස්ථාන

  • පැද්දීම සහ නැගීම කරන්න පුළුවන්.
  • ට්‍රයිසිකල් එකක් පදින්න පුළුවන්.
  • පාද දෙකම භාවිතා කරමින් ගැටලුවකින් තොරව පඩිපෙල් නගිනවා.
  • ගෑරුප්පු, පිහි හා හැඳි වැනි ආහාර ගැනීමට භාවිතා කරන උපකරණ භාවිතා කරන්න පුළුවන්.
  • සම්පුර්ණයෙන්ම පොටි පුහුණුවක්  ලබා සිටින අතර  වැසිකිළිය තනිවම භාවිතා කිරීමට  පුළුවන්.
  • හැමතැනටම පනින්න, මග හැර පනින්න පුළුවන්.
  • තනි කකුලෙන් සිටගෙන තත්පර 10 කට වඩා ඉන්න පුළුවන්.

ඉඟි:

  • ඔබේ වයස අවුරුදු 5 මාස 6 වු  දරුවාගේ  ශාරීරික හැකියාවන් විදහා දැක්වීමට ඉඩ දුන්නොත් දරුවා  ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙකු  බවට පත්වෙනවා.  දුවන්නට  දරුවා තුල  ආශාව මැඩපවත්වන්න එපා.
  • නව කුසලතා ප්‍රගුණ කිරීමට ඔබේ දරුවාට තවත් ක්‍රියාකාරකම් ලබා දෙන්න. දරුවා නව ක්‍රීඩා පිටියකට රැගෙන යන්න. දුර ඇවිදින්න  යන්න නැතිනම්  ඔබේ දරුවා ක්‍රීඩාවට ඇතුළත් කරන්න.
  • දැන් ඔබේ දරුවාට හැඳි ගෑරුප්පු හැසිරවිය හැකි බැවින්, මේවා භාවිතා කිරීමට දරුවා  දිරිමත් කරන්න. මෙය ඔබේ දරුවාගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )  වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා යම් නිපුණතාවයක් සපුරා නොමැති බව ඔබ දුටුවහොත්, ඔවුන් වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් දරුවාගේ සංවර්ධනය තක්සේරු කරගන්න.

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය:  මෙම සලකුණු ගැන විමසිල්ලෙන් සිටින්න

ඔබේ දරුවා,

  • ශාරීරික ක්‍රීඩා විශාල ප්‍රමාණයක් ක්‍රීඩා නොකරයි නම්  හෝ ශාරීරික  ස්වභාවයක් ඇති ක්‍රීඩා වල නිරත නොවේ නම්
  • නව නිපුණතා ලබා ගන්නා අතර ඒවා ඉක්මනින්ම නැති වේ නම්
  • ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඉවත් වන්නේ නම් හෝ උනන්දුවක් නොදක්වන්නේ නම්

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

මානසික  සංවර්ධනය යනු ඔබේ දරුවාගේ  මනසෙහි වර්ධනයයි. මෙම අවධියේදී ඔබේ දරුවාට ඉතා ක්‍රියාශීලී පරිකල්පනයක් ඇති අතර ඉතා කුතුහලයෙන් සිටිනවා. මේ සියල්ල හොඳ මානසික  සංවර්ධනයේ සලකුණු වෙනවා.

ඔබේ දරුවා ඔබ සමඟ තර්ක කිරීමට උත්සාහ කරාවි. විශේෂයෙන්   යමක් අවශ්‍ය නම්  දරුවා  එසේ කරනවා. ඔබේ දරුවා  අවිනීත  යැයි ඔබට  හිතේවී.

ඒත් එය ඔබේ කුඩා දරුවාගේ මොළය විවේචනාත්මක චින්තනයේ සහ තාර්කික චින්තනයේ යෙදී සිටින බවට ලකුණක් වෙනවා

ඔබේ දරුවාගේ පහත සඳහන් වර්ධනයන් පිළිබඳව ද විමසිල්ලෙන් සිටින්න.

  • පොත් වලින් ත්‍රිකෝණ සහ වෙනත් හැඩතල අඳින්න පුළුවන්.
  • 10 හෝ ඊට වැඩයෙන්  ගණන්  කරන්න පුළුවන්.
  • අවම වශයෙන් ශරීර කොටස් 7 ක් සහිත විසුළු මිනිස් රූපයක් අඳින්න පුළුවන්.
  • මුදල් වැනි දෑ ක්‍රියා කරන ආකාරය දන්නවා.
  • සමහර සංඛ්‍යා හා අකුරු පිටපත් කරන්න පුළුවන් .
  • පැහැදිලි කිරීම්  සහ ගැටළු විසඳීමේ පුළුවන්.
  • සමහර කියවීම් සහ ගණිත කුසලතා තියෙනවා.

ඉඟි:

  • මෙම අවස්ථාවෙහිදී ඔබේ දරුවා වඩාත් සංකීර්ණ සිතුවිලි ප්‍රදර්ශනය කරනවා. නමුත් දරුවාට ඔබේ සංවාදය අනුගමනය කල හැකි වෙන පරිදි   සරල (නමුත් "ළදරු භාෂාව " නොවේ) වචන වලින්  සන්නිවේදනය කරන්න.
  • ලිවීමට හා ඇඳීමට ඔබේ දරුවාව දිරිමත් කරන්න. මේ මගින් ඔවුන්ගේ සාක්ෂරතා මට්ටම පමණක් නොව ඔවුන්ගේ ආත්ම විශ්වාසයත් වැඩි දියුණු වෙනවා.
  • සෑම දිනකම ඔබේ දරුවාගේ දවස ගැන විමසන්න. ඔබේ කුඩා දරුවාට සිය අදහස් වාචිකව ප්‍රකාශ කරන්න ඉගෙන ගැනීමට මෙය හොඳ ක්‍රමයක් වෙනවා. දරුවා තම ක්‍රියාකාරකම් විස්තර කිරීම පමණක් නොව, තමා වටා සිදු වූ දේවල් පිළිබඳ අවබෝධයක් ද ඇති බව ඔබට දකින්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • දිගු වේලාවක් අවධානය යොමු කළ නොහැකි නම් හා පහසුවෙන් අවධානය වෙනතකට යොමු වේ නම්.
  • අතීත සිදුවීම් නැවත විස්තර කිරීමට හෝ ඔවුන්ගේ දවසේ විස්තර කියන්න නොහැකි නම්.
  • මිනිසුන්ට ප්‍රතිචාර නොදක්වන්නේ නම් හෝ උද්යෝගයකින් තොරව ප්‍රතිචාර දක්වයි නම්
  • අතීත හා වර්තමාන කාල පටලවා ගනී නම්
  • බහු වචන හා ඒක වචන  තේරුම් නොගනී නම්
  • චිත්‍ර නොඅදියි නම්

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

මේ අවස්ථාවේ දී ඔබේ පුංචි  පැටියාගේ  පරිකල්පනය සම්පුර්ණයෙන්ම උපරිමයට  ලගාවෙලා.  ඔන්න එහෙනම්  විහිලු බව,  සිතීම හා හාස්‍යජනක ප්‍රශ්න සහ සංවාද බලාපොරොත්තු වන්න.

මෙම වයසේදී ඔබේ දරුවා ස්වයං දැනුවත්භාවයක් තරමක්  වර්ධනය වෙලා  තියෙනවා. එනම් තමා වටා සිටින පුද්ගලයින්ට වෙනස් දෘෂ්ටි කෝණයන් තිබිය හැකි බව දරුවා  තේරුම් ගන්නවා.  

සමාජ හා හැගීම් සංවර්ධනයේදී අපේක්ෂා කළ යුතු තවත් සන්ධිස්ථාන

  • දරුවා තවමත් ඉඳහිට උද්වේගකාරී  වුවත් මෙම අවස්ථාවෙහිදී තම තර්කයේ පැත්තක් ඉදිරිපත් කිරීම සහ ඔහු වාචිකව තම අදහස ඉදිරිපත් කිරීමට  වග බලා ගන්නවා.
  • මිතුරන්ට  ආචාරශීලී වෙන්න උත්සාහ කරනවා.
  • ඉහල පහල යන හැගීම්  තියෙනවා.

 සමහර විට එකඟ වන අතර   සමහර විට සහයෝගී  නැහැ.

  • නීති රීති තේරුම් ගන්නවා සහ අනුගමනය කිරීමට උත්සාහ කරනවා.
  • ගායනය, නැටුම් සහ රංගනය පිළිබඳ උනන්දුවක් දක්වනවා.
  • ස්ත්‍රී පුරුෂ භේදය තේරුම් ගන්නවා.
  • පිටපත් කිරීමට සහ මිතුරන් මෙන් වීමට උත්සාහ කරනවා.

ඉඟි:

  • ඔබේ දරුවා වරදක් කල විට සමාව ඉල්ලීමට ඉගැන්වීමෙන් ගැටුම් නිරාකරණ කුසලතා ශක්තිමත් කරන්න.
  • සුදුසු අවස්ථාවලදී ඔබ ඔබේ දරුවාගෙන් සමාව ඉල්ලුවහොත් ඉහත කරුණ වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.
  • ඔබ ඔහුට ඇහුම්කන් දීමට කාලය වැය කරන්නේ නම් ඔබේ දරුවා වාචිකව අතෘප්තිය ප්‍රකාශ කිරීමට ඉගෙන ගන්නවා. මෙය රටාවක් වු පසු උද්වේගකාරී  බව අඩු වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • ආක්‍රමණශීලී බව, ලැජ්ජාව, බිය හෝ දුක යන හැගීම් වල උපරිම හැසිරීම් ප්‍රදර්ශනය කරයි නම්
  • කිසිදු හැඟීමක් නොපෙන්වයි නම්
  • අන් අය සමඟ සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කරයි නම්

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ පුංචි  පැටියා  කුඩා කථා  පෙට්ටියකි. දරුවාගේ  වචන මාලාව වැඩිහිටියන් සමඟ සංවාදවල පවා යෙදිය හැකි මට්ටමට දියුණු වෙලා. දරුවාට ගායනා කිරීමට, රිද්මයානුකූලව ගී  හා අද්විතීය වචන පවා හදන්න පුළුවන්.

වෙනත් භාෂා හා සංවර්ධන සන්ධිස්ථාන:

  • දහයට වෙනකම් ගණන් කරන්න පුළුවන්.
  • වර්ණ හා හැඩයන් හතරක් හඳුනාගන්න පුළුවන්.  
  • අක්ෂර මාලාවේ සමහර අකුරු දන්නවා.
  • පැහැදිලිව කථා කරනවා.
  • ක්‍රියාකාරකම් සමඟ කාලය ගලපමින් කාලය තේරුම් ගන්නවා. උදාහරණ  උදේට පාසල සහ රාත්‍රීයට නින්ද
  • ඔවුන් ජීවත් වන ස්ථානය දන්නවා.
  • කෙටි වචන කියවන්න පුළුවන්. සාමාන්‍යයෙන්  බළලා, කෝප්ප  වැනි අකුරු 2 සිට 4 දක්වා වචන
  • සමහරුන්ට ඔවුන්ගේ නම් ලියන්න පුළුවන්.

ඉඟි:

  • සංකීර්ණ වාක්‍ය සමඟ සන්නිවේදනය කරන්න පුළුවන්.
  • ඔවුන් වැඩිපුර කතා කිරීමට ප්‍රශ්න පිට ප්‍රශ්න අහනවා.
  • ඔබේ දරුවා ඕනෑවට වඩා කතා කිරීමට අකමැති නම්, එයට බල කරන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා,

  • කතා කරන අතරතුර අක්ෂි සම්බන්ධතා නොපවත්වයි නම්
  • වාචික නොවන සන්නිවේදනය සකස් කිරීම අසීරු නම්

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අවුරුදු 5 මාස 6 ක් වයසැති දරුවාගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර 109 ක් පමණ වන අතර සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 19.5 කි. මේ වන විට, ඔබේ දරුවා පවුලේ අනෙක් සියල්ලන් මෙන් එකම ආහාර අනුභව කරනවා.  එහෙම නේද?

කුසගින්න දැනෙන  විට දරුවා  ඔබට කියනු ඇති අතර දක්ෂ ලෙස ආහාර ගැනීමට භාවිතා කරන උපකරණ  භාවිතා කරන්න  පුළුවන්. ඔබේ පුංචි පැටියාට ලුණු සහ සීනි ගොඩක් අඩංගු  ආහාර ලබා දීමෙන් වළකින්න

ඔබේ දරුවාගේ මනස හා ශරීරය හොඳින් වර්ධනය වන පරිදි සමබර පෝෂණීය   ආහාර දිගටම ලබා දෙන්න. ඔබේ දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඔබට දිය හැකි දේ පිළිබඳ උදාහරණයක් මෙන්න:

පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
කැලරි 1,200-2,000,

වර්ධනය හා ක්‍රියාකාරී මට්ටම අනුව

චීස් චිකන්  සැන්ඩ්විච්

කිරි සමග සීරියල් බදුනක්

චිකන්,  එළවළු සුප් එකක්

ප්‍රෝටීන් කෝප්ප 1/2 තම්බපු මාළු, , මුං ඇට කුඩා බඳුනක් හෝ තම්බා බිත්තර යක්
පළතුරු කෝප්ප  1 -1.5 සීරියල්  සමඟ මිශ්‍ර කළ පලතුරු හෝ යෝගට් වල මිශ්‍රිත පලතුරු
එළවළු කෝප්ප 1.5 - 2.5 නිවිති, බීට් රූට්, කැරට් වැනි  යකඩ හා තන්තු බහුල එළවළු
ධාන්‍ය කෝප්ප 3/4 බත්, නුල්ඩස්, පැස්ටා
කිරි ආහාර කෝප්ප 2 1/2 කිරි වීදුරුවක්  හා චීස් / බටර් / යෝගට් දවස පුරා

අවුරුදු 5 මාස 6 ළමා වර්ධනය: එන්නත් සහ පොදු රෝග

මෙම මාසය තුළ එන්නත් නොමැත. කෙසේ වෙතත්, ඔබේ දරුවාට උණ එන්නත ලබා දීම ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

අවධානය යොමු කළ යුතු පොදු රෝග නම් පොදු උණ, පැපොල,  සරම්ප, කම්බුල් ගාය සහ  ආහාර අසාත්මිකතාවන්ද   ඇතිවෙන්න පුළුවන්.

අත් පා සහ මුඛ රෝග ගැනද විමසිල්ලෙන් සිටින්න. සෑම පොදු රෝගයකම පාහේ හොඳ සනීපාරක්ෂක පිළිවෙත් මගින් වළක්වා ගන්න  පුළුවන්.  

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • උණ ඇති සියලුම අවස්ථාවන්( බරපතල යැයි සිතන)
  • බර වෙනස් වීම
  • දරුවා වේදනාව ගැන පවසයි නම්

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-7

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it