අවුරුදු 05 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 05 මාස 07 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ කුඩා දරුවා නිවැරදිව  සංවර්ධනය  වෙනවාදැයි  සොයා බලමු. කාලය කොතරම් ඉක්මනින්ම  ගෙවී ගිහින්ද? වයස අවුරුදු 5  මාස 7 ක් වන විට, ඔබේ කුඩා දරුවා පාසලට සූදානම්ය.

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: දරුවාට  දැන් නිසි පෞරුෂයක් තියෙනවා. ඒ වගේම අසීමිත ශක්තියක් හා කුතුහලයක් තියෙනවා.  මේ මාසයේ ඔබේ අවුරුදු 5 මාස 7 ක දරුවාගෙන් ඔබට බලාපොරොත්තු  වන්නේ   මොනවාද?

අපි අවුරුදු 5 මාස 7 වු දරුවෙකු ළඟා කර ගත යුතු පොදු සන්ධිස්ථාන අපි බලමු,  සෑම දරුවෙකුම අද්විතීය පුද්ගලයෙකි. ඔබේ දරුවාට දරුවාගේ  සම වයසේ මිතුරන්ට වඩා ඉක්මනින් හෝ පසුව සංවර්ධනයට ලගාවෙන බව මතක තබා ගන්න. 

ඔබේ දරුවාගේ වර්ධනයේ ඕනෑම අංශයක් ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඔබ ප්‍රමාදයකින් තොරව ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

මේ වන විට, ඔබේ අවුරුදු 5 මාස 7 ක දරුවා දැනටමත් ඇතැම් ක්‍රීඩා හෝ ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දක්වනවා. ශාරීරිකව, දරුවාට  කුඩා ළමුන්ගේ පිරිපුන් බව  නැති වී යනු ඇති අතර දරුවාගේ  ශරීරයට වැඩිහිටි අනුපාත තියෙනවා. 

ඔබේ දරුවා ඉතා ක්‍රියාශීලීව සිටින අතර දරුවාගේ  සෞඛ්‍ය සම්පන්න සමස්ථ සංවර්ධනය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් ලබාදීම වැදගත් වෙනවා.

ඔබේ දරුවා වසරකට අඟල් 2.5 ක පමණ උසකින් වර්ධනය වන අතර වසර පුරා බර කිලෝග්‍රෑම් 2-4 ක් පමණ වැඩි වෙනවා.

ශරීර ප්‍රතිරූපය පිළිබඳ හැඟීමක් මෙම කාලය තුළ ද ගොඩනැගීමට පටන් ගන්නවා.  

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: ඔබ අවධානය යොමු කළ යුතු සන්ධිස්ථාන කිහිපයක් බලමු.

  • පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු අතර ඇති පැහැදිලි ශාරීරික වෙනස ඔබේ දරුවා වටහාගෙන තියෙනවා.
  • අහුලා ගැනීම, විසි කිරීම, රැගෙන යාම, කිසිදු උදව්වක් නොමැතිව සමබර වීම වැනි සියලුම චලන නිපුණතා පදනම් කරගත් ක්‍රියාකාරකම් වල යෙදෙනවා.
  • දුවන්න, මග හැර පනින්න, උඩ පනින්න, පනින්න දක්ෂ ලෙස වේගයෙන් කරන්න පුළුවන්.
  • තනි කකුලෙන් සමබරතාව ඉන්න පුළුවන්.
  • ඇඟිලි තුනක ග්‍රහණයෙන් පැන්සලක් අල්ල ගන්න පුළුවන්.
  • නුලකට පබළු අමුණන්න පුළුවන්.

ඉඟි

  • මේ කාලය වන විට, ඔබේ දරුවාට කිරි දත් කිහිපයක් හැලෙන්න පටන් අරන් (හෝ දැනටමත් හැලිලා ව). දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඉතා වැදගත් වෙනවා.  
  • ඔබ දැනටමත් පිහිනීම හෝ නැටීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් පන්තිවලට ඔබේ දරුවා ඇතුළත් කර නොමැති නම් ඇතුල් කරන්න. ඔබේ දරුවාගේ ශාරීරික සංවර්ධනය හා ක්‍රියාශීලී බව තවදුරටත් වර්ධනය කර ගන්න ඒ මගින් පුළුවන්.  ඒ වගේම දරුවාට  විශ්වාසය හා නොපසුබට උත්සාහය වැනි කුසලතා ඉගැන්වීමටත් මෙවැනි ක්‍රියාකාරකම් විශිෂ්ට වෙනවා.
  • ඇඳුම් තනිව ඇඳීමට සහ ගැලවීමට ඔබේ දරුවාට උගන්වන්න. සිපර් ,  බොත්තම් සහ ක්ලීප්ස් වැනි දේවල් සමග කටයුතු කිරීම කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා ( Fine motor skills )   සංවර්ධනය සඳහා දිරිගන්වනවා. ඒ වගේම,  මෙය ඔබේ දරුවා ස්වාධීන වීමට උනන්දු කරනවා.
  • ඔබට හැකි තාක් දුරට ඔබේ දරුවාට තිර නැරඹීමට ලබා දීමෙන් වළකින්න. විශේෂයෙන් මෙය දරුවාට ලැබෙන ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණයට බාධා කරන්නේ නම්  ලබා නොදෙන්න. දිනකට   තිර කාලය පැයක් හෝ ඊට අඩු කාලයකට සීමා කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • අවම වශයෙන් තත්පර කිහිපයක් සඳහා තනි කකුලෙන් සමබරව ඉන්න බැරි නම්
  • ක්‍රියාශීලීව සිටියදී හෝ දුවන විට බොහෝ විට පැකිලී වැටේ නම්
  • පෑනක් හෝ පැන්සලක් නිසි ලෙස ග්‍රහණය කරගත නොහැකි නම්

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 7 ක් වයසැති දරුවාගේ මොළය පුදුමාකාරයි.  ඔබේ දරුවාට යමක් අවශ්‍ය වූ විට ඔහු දැන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන ආකාරය (උද්වේගකාරීව  හැසිරෙනවාට වඩා) හෝ 1 සහ 2 එකතු කිරීම වැනි මූලික ගණිත ගැටලුව විසඳීමට හැකි වීම වැනි ඔබේ දරුවාගේ මානසික  හැකියාවන්හි පැහැදිලි දියුණුවක් ඔබ දකින්න පුළුවන්.

වයස අවුරුදු 6 ට ආසන්න වන විට, ඔබේ දරුවාගේ ප්‍රශ්න ද සංකීර්ණ වෙනවා.  ඒ මගින්   ලෝකය ගැන ඉගෙනීමට ඇති ආශාව පෙන්නුම් කරනවා. 

පොතක් කියවද්දී හෝ ප්‍රහේලිකාවක් විසඳද්දී   වෙන කවරදාටත් වඩා හොඳින් අවධානය යොමු කරන්න දරුවාට  පුළුවන්.  ඔබේ දරුවා ඔබට කුඩා බොරු පවසන බව ඔබට දකින්න  පුළුවන්.  

නමුත් පර්යේෂණයන්ට අනුව, මෙය ඔබේ දරුවාගේ බුද්ධිය වර්ධනය වීමේ ලකුණක් වෙනවා.

මෙම මාසය සඳහා අවධානය යොමු කළ යුතු තවත් මානසික  වර්ධනයන්

  • ඔබේ දරුවාට විශ්වාසයෙන් හා නිවැරදිව සරල ප්‍රහේලිකාවක් එකට තබන්න පුළුවන්.
  • දරුවාට සරල පින්තූරයක් දෙස බලා එය අනුකරණය කරන්න  පුළුවන්.
  • ඔබේ දරුවාට අවම වශයෙන් විනාඩි 10-15 අතර කාලයක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.
  • දරුවාට ඇතැම් කරුණු පිළිබඳව මතයක් තියෙනවා.

ඉඟි

  • ඔබේ දරුවාගේ පෞද්ගලිකත්වය පිළිබඳ වැඩෙන හැඟීමට ගරු කරන්න. දරුවාගේ  අදහස් හෝ මත අවතක්සේරු කරන්න එපා. ඒ වෙනුවට, ඔබේ දරුවාගේ විවේචනාත්මක සිතීමේ හැකියාව දිරිගැන්වීම සඳහා මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම දිරිමත් කරන්න.
  • ඔබ ඔබේ දරුවාට තිර වේලාවක් ලබා දෙන්නේ අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට ලබා දෙන්න. ප්‍රචණ්ඩකාරී ක්‍රීඩා හෝ කාටූන් නරඹන්න දෙන්න  එපා. ඔබේ දරුවාගේ තිර කාලය සැමවිටම නිරීක්ෂණය කරන්න.
  • පොත්, සරල ගණිත අභියෝග, කෞතුකාගාරය නැරඹීම හෝ වෙනත් උනන්දුවක් දක්වන ස්ථාන නැරඹීම මගින් විනෝදයෙන් හා ඵලදායී ලෙස ඉගෙනීමට අඩිතාලම දාන්න. ඒ මගින් ඔබේ දරුවාගේ පාසල් ගමනට සූදානම ඉහළ නංවන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට

  • සරල ප්‍රහේලිකාවක් සම්පුර්ණ කළ නොහැකි නම්
  • අවම වශයෙන් 20 ක් දක්වා ගණන් කළ නොහැකි නම්
  • ප්‍රශ්න ඇසීමට හෝ අලුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උනන්දුවක් නොදක්වයි නම්

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය:  සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ අවුරුදු 5 යි මාස 7 ක් වයසැති දරුවාට සිය හැඟීම් පාලනය කිරීමට  පෙරට වඩා හොඳින් හැකි වෙනවා.  මේ වන විට උද්වේගකාරීත්වය  යටපත්ව  ඇති  අතර,   ඔබේ දරුවාට යමක් අවශ්‍ය වූ විට දරුවා හඩනවා.

මෙම වයස වන විට, ඔබේ දරුවා තම සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරනවා.  හොඳම මිතුරෙකු හෝ දෙදෙනෙකු ඉන්න පුළුවන්.  ඔබේ කුඩා දරුවා ඔබේ සමාගමටද ආදරය කරනවා. 

එම නිසා දරුවා  යෞවන වියට එළඹීමට පෙර එයින් උපරිම ප්‍රයෝජන ගන්න.

දරුවා  පොදුවේ ඉතා මිත්‍රශීලී ය.  දරුවා  නොදන්නා අය සමඟ පවා කතා කරයි. අන්න ඒ නිසා  ඔබේ පුංචි පැටියාට “ආගන්තුක අන්තරාය” ගැන කතා කිරීම වැදගත් වෙනවා.  

ඒ වගේම කිසි විටෙකත් ආගන්තුකයන් සමඟ කතා නොකළ යුතු ආකාරය ගැන ඔබේ   දරුවාට කියාදෙන්න. 

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය මෙම මාසයේ ඔබේ දරුවාගේ සමාජ හා හැගීම්  සංවර්ධනයේ පහත ලක්ෂණ ඔබට දැක ගත හැකිය.

  • දරුවා වැඩි ස්වාධීනත්වයක් පෙන්වනවා. තමාගේම විසින්ම බොහෝ දේවල් කිරීමට කැමතියි.
  • මෙම වයසේ ළමයින්ට ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාන   මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට කැමතියි.  
  • ඔබේ දරුවා ආධිපත්‍යය පතුරවන්න පුළුවන්. විශේෂයෙන් ලාබාල  දරුවන් සමඟ සෙල්ලම් කරන විට එසේ කරනවා.
  • දරුවා තම හැඟීම් ශාරීරික ක්‍රියාවෙන් පෙන්වනවාට වඩා වචනයෙන්  ප්‍රකාශ කරනවා. 
  • සාමාන්‍යයෙන් නිවසේ කටයුතු වලට උදව් වෙන්න කැමතියි. ඔබට ආචාරශීලී වෙන්න අවශ්‍යයි.

ඉඟි

  • ව්‍යාකූලත්වය සහ ඊර්ෂ්‍යාව වැනි වඩාත් සංකීර්ණ හැඟීම් තේරුම් ගැනීමට සහ නම් කිරීමට ඔබේ දරුවාට උදව් කරන්න.

මේවා සමග කටයුතු කිරීමට ඔබේ දරුවාට මග පෙන්වන්න.

  • ඔබේ දරුවා ඔබට හෝ වෙනත් කෙනෙකුට හොඳ දෙයක් කළ විට, ප්‍රශංසා කරන්න.  
  • දරුවාට හොඳ පුරුදු, ප්‍රසිද්ධියේ හැසිරෙන ආකාරය ගැන කියාදෙන්න.
  • ඔබේ කුඩා දරුවා ස්ත්‍රී පුරුෂ භාවය අනුව සමාන   මිතුරන් ඇසුරු කරන්න කැමතියි.  නමුත් සෙල්ලම් කිරීමේදී හා උපන්දින සාද  වලට දෙපාර්ශවයම ඇතුළත් කිරීම වැදගත්  වෙනවා.  
  • ඔබේ දරුවා යම් වැරැද්දක් කරන්නේ නම්, දැඩි දඩුවම් දෙන්න එපා. ඒ වෙනුවට, හැසිරීම ගැන ප්‍රශ්න කරන්න. එය පිළිගත නොහැකි වූයේ ඇයි කියා පැහැදිලි කරන්න සහ වයසට ගැළපෙන ප්‍රතිවිපාක ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාට,

  • දැඩි වෙන්වීමේ කාංසාවක් තිබේ නම්,
  • අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමේදී (වාචිකව සහ / හෝ ශාරීරිකව) ආක්‍රමණශීලී වේ නම්
  • අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට අකමැති නම්

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: කථනය හා භාෂාව සංවර්ධනය

වයස අවුරුදු 5 යි මාස 7 ක් වන විට, ඔබේ දරුවා ඔබේ හෝ සහකරුගේ හෝ සහකාරියගේ කුඩා අනුවාදයක් මෙන් කතා කරනවා.

ඔබ කතා කරන ආකාරය සහ අන් අය ගැන කතා කිරීම ඇතුළුව ඔබ භාවිතා කරන වචන සහ භාෂාව ගැන ඉතා සැලකිලිමත් වන්න. මේ වයසේ ඔබේ දරුවා ඔබේ හැසිරීම හා කථාව අනුකරණය කරනවා.

ඔබ නිවසේදී භාෂා දෙකකින් හෝ වැඩි ගණනකින් කථා කරන්නේ නම්, ඔබේ දරුවාද මේ වන විට ඒවායෙහි  චතුර විය යුතුය. දරුවාට  සමහර විට ව්‍යාකරණ හා කාලයන් පැටලෙන්න පුළුවන්.  

නමුත්  පොදුවේ ගත් කල, ඔබේ අවුරුදු 5 මාස 7 ක දරුවා ඉතා හොඳින් හා සුහදව කථා කරනවා

මෙම වෙනත් කථන සහ භාෂා ලක්ෂණ සැලකිල්ලට ගන්න.

 ඔබේ දරුවා:

  • වචන 7-8 දක්වා භාවිතා කරමින් සම්පූර්ණ වාක්‍ය වලින් කථා කරනවා.
  • සරල පොත් ශබ්ද නඟා කියවනවා.
  • කෙටි වාක්‍ය ලියනවා.
  • ස්වරය සහ කටහඩ වෙනස් කිරීම තුළින් හැඟීම් ප්‍රකාශ කරනවා.

ඉඟි

  • ඔබේ දරුවා සමඟ හැකි තරම් කතා බහ කරන්න. ඔබ මෙය වැඩි වැඩියෙන් කරන තරමට දරුවාගේ සන්නිවේදනය හා භාෂා කුසලතා වර්ධනය වෙනවා.
  • භාෂා කුසලතා ශක්තිමත් කිරීම සඳහා කියවීම හොඳම ක්‍රමයක් වන බැවින් දිගටම කියවීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • ඔබේ දරුවාට ගැලපෙන ළමා ශබ්ද කෝෂයක ලබා දී එය භාවිතා කරන ආකාරය  කියා දෙන්න.
  • භාෂා කුසලතා වර්ධනය වීමත් සමඟ, සිදුවී ඇති දේ, ඔවුන්ට හැඟෙන දේ සහ ඔවුන් සිතන දේ විස්තර කිරීමට දරුවන්ට හැකි වෙනවා එවැනි සිදුවීම් ප්‍රකාශ කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා

  • මිතුරන් හෝ වෙනත් පුද්ගලයින් සමඟ කතා කිරීමට අසාමාන්‍ය ලෙස ලැජ්ජා වේ නම්
  • පැකිලීම පටන් ගන්නවා නම්
  • අන් අය සමඟ කතා කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි නම්

අවුරුදු 5 මාස 7 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දරුවා ශාරීරිකව, මානසිකව හා හැගීම් සෑම අංශයකම සංවර්ධනය වන හා වර්ධනය වන ස්වර්ණමය කාලය මෙයයි. සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් මේ සඳහා උපකාරී වෙනවා.

කෙසේ වෙතත්, මෙම වයසේ ළමයින් සෑම විටම ආහාර ඇතුළුව ඔවුන්ට හොඳ  දේවල් කුමක්දැයි දන්නේ නැහැ.  එනිසා, ඔබේ කුඩා දරුවා කඩචෝරූ  කෑමෙන් ඈත්   කර තැබීමට ඔබ වෙහෙසෙනවා වෙන්න  පුළුවන්.  

කණගාටු වෙන්න එපා. දෙමාපියන්ගේ  සියල්ල නොපසුබට උත්සාහය වෙනවා.

ඔබේ අවුරුදු 5 යි මාස 7 ක් වයසැති දරුවාට මේ වන විට අනිවාර්යයෙන්ම ආහාර කැමති අතර තියෙන අතර  යම්  රසයට අකමැති නම් එය තදින්ම ප්‍රකාශ කරනවා.

සමහර ළමයින් ආහාර  අත් හදා බලන්න  කැමති  අතර තවත් සමහරු තමන් දන්නා හා කැමති ආහාර පමණක්  ගන්නවා.  මෙය තරමක් සාමාන්‍ය දෙයක් වෙනවා.

සාමාන්‍යයෙන්, මෙම වයසේ ළමයින්ගේ බර කිලෝග්‍රෑම් 19 ක් පමණ වන අතර උස අඟල් 45.5 ක් පමණ වෙනවා.

මෙම අවස්ථාවෙහිදී, ඔබේ දරුවාට ප්‍රමාණවත් ප්‍රෝටීන, විටමින්, ඛනිජ, කාබන් සහ වෙනත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් අවශ්‍ය වෙනවා.

පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
කැලරි 1,200-2,000,

වර්ධනය හා ක්‍රියාකාරී මට්ටම අනුව

චීස් සමග ටුනා  සැන්ඩ්විච්

කිරි සමග සීරියල් බදුනක්

චිකන්  සුප් එකක්

ප්‍රෝටීන් කෝප්ප 1/2 අඹරන ලද කුකුල් මස්, පරිප්පු බඳුනක් හෝ තම්බා බිත්තර 1 ක්
පළතුරු කෝප්ප  1 -1.5 මුවෙස්ලි සමඟ මිශ්‍ර කළ පලතුරු හෝ යෝගට් වල මිශ්‍ර පලතුරු
එළවළු කෝප්ප 1.5 - 2.5 දිනකට අවම වශයෙන් විවිධ එළවළු 2-3 ක්. නිවිති, කැරට්, බීට්රූට් වැනි තන්තු සහ යකඩ බහුල ආහාර
ධාන්‍ය කෝප්ප 3/4 දිනපතා බත් / නූඩ්ල්ස් කෝප්ප 3/4‍රයෝජනවත් වේ
කිරි ආහාර කෝප්ප 2 1/2 කිරි වීදුරුවක්  හා චීස් / බටර් / යෝගට් දවස පුරා

එන්නත් සහ පොදු රෝග

මෙම වයස වන විට, ඔබේ දරුවාගේ බොහෝ එන්නත් ලබා දී තියෙනවා.  ඔබේ දරුවාට උණ එන්නත ලබාදීම ගැන වෛද්‍යවරයකු සමඟ කතා කරන්න.

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් සංවර්ධනය වෙමින් පවතිනවා.  එනිසා දරුවා  තවමත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි පොදු රෝග වලට ගොදුරු වෙනවා.  

දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන අතරම පලතුරු හා එළවළු හැකි පමණ  ආහාරයට ගැනීමට  දිරිමත් කිරීමෙන් ඔබේ කුඩා දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්න  පුළුවන්.

ඔබේ දරුවා අද්විතීය හා විශේෂ බව මතක තබා ගන්න. ඔබේ දරුවා ඔබ හෝ වෙනත් ඔබ පරමාදර්ශී යැයි සලකන  කෙනෙකු මෙන් වනු ඇතැයි බලාපොරොත්තු  වෙන්න   බැහැ.  දරුවාගේ  වර්ධනයට  සහාය වන්න. 

විවේකයෙන්, සැහැල්ලුවෙන්  මෙන්ම විනෝදයෙන්   "දෙමව්පියන් වීම" තුල ඉදිරියට යන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-8

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

Written by

Niloufer Perera