theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

8 අවම කියවීම
අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය

මේ මාසය දක්වා ඔබේ දරුවාගේ වර්ධනය කෙසේද? මාස හයක ළදරුවෙකුගේ සිට අවුරුදු 5  මාස 8 ක දරුවෙකු දක්වා ආ ගමන් මගේ ඔබේ කුඩා දරුවා සිය දෛනික දක්ෂතාවයෙන් ඔබව මවිතයට පත් කරනවා.

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: මෙම ලිපියෙන්, අපි අවුරුදු 5 සිට මාස 8 ක් වයසැති දරුවෙකු ළඟා කර ගත යුතු පොදු සන්ධිස්ථාන සියල්ලම ගැනම කතා කරමු.    

සෑම දරුවෙකුටම අද්විතීය බවත්   අතර තමාගේම  වේගයෙන් සංවර්ධන සන්ධිස්ථාන කරා ගමන් කරන බවත්  මතක තබා ගන්න.

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: ශාරීරික සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 මාස 8 ක් වයසැති දරුවාට ස්වාධීනව ඇඳුම් ඇඳීමට හා ඇඳුම් ගැලවීමට හැකියාවක් තියෙනවා.

තමාගේම  සපත්තු  ලේස්  පවා ගැට ගසා ගත හැකිතරම්  ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills )  වර්ධනය වෙලා තියෙනවා.

ශාරීරික  සෙල්ලම් ඉතා වැදගත් වෙනවා.  විද්‍යුත් උපාංගයක් මත ඇලී  එක තැනක රැඳී සිටිනවාට වඩා එළිමහනේ සෙල්ලම් කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.

ඔබේ දරුවා පාපන්දු සහ ටෙනිස් වැනි වඩා දියුණු ක්‍රීඩා කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම්, මේවා හඳුන්වා දීමට මේ කාලයයි.

ක්‍රීඩාව ශාරීරික සංවර්ධනය පමණක් නොව නායකත්ව කුසලතා සහ ඔබේ දරුවා තුළ ඇති වෙනත් ධනාත්මක ගති ලක්ෂණ ද සංවර්ධනය කරනවා.

ඉඟි

  • එළිමහනේ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීවීමෙන් ඔබේ දරුවාගේ චලන කුසලතා වඩාත් ශක්තිමත් කරන්න. දෙහි ගෙඩිය හැන්ද උඩ තබාගෙන යෑම වැනි විනෝද ක්‍රීඩා උත්සාහ කරන්න. එය ද විශාල බන්ධන ක්‍රියාකාරකමකි.
  • ඔබේ දරුවාගේ ලිවීමේ කුසලතා ප්‍රගුණ කර කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) ඇගයීමෙන් ධෛර්යමත් කරන්න.  දිනපොතක සටහන්  කිරීමට පුරුදු කිරීම  මේ සඳහා හොඳ ක්‍රමයක් වන අතර සාක්ෂරතා කුසලතා වර්ධනය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට පැකිලීමකින් තොරව දුවන්නට නොහැකි නම්

°  ඔබේ දරුවාට තනි  කකුලෙන් සමතුලිත වීමට නොහැකි නම්  හෝ පන්දුව අතට  යටට විසි කිරීමට නොහැකි නම්

  • ඔබේ දරුවා පෑනක් / පැන්සලක් නිසි ලෙස ග්‍රහණය කර ගැනීම ගැටළු සහිත නම්

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: මානසික සංවර්ධනය

මේ වන විට, ඔබේ කුඩා දරුවාට තරමක් කියවීමට හා ලිවීමට පුළුවන්.  ඒ වගේම,  50 ක් දක්වා සහ ඉන් ඔබ්බට ගණන් කරන්නත් පුළුවන්.  ප්‍රශ්න තවමත් අසන ඇති අතර  කුතුහලය නිසා එය සිදුවෙනවා.  

මේ තත්වය   තවදුරටත් වර්ධනය වන මානසික  කුසලතා වල සලකුණුක් වෙනවා.

දළු ලන  සාහිත්‍ය හැකියාවන්  හා සංඛ්‍යාත්මක කුසලතා සඳහා ස්ථිර පදනමක් සැපයීම  නිසි මානසික  සංවර්ධනය සඳහා තීරණාත්මක වෙනවා. ඒ බැවින් ඔබේ දරුවාට කියවීම සහ මූලික ගණිතය කෙරෙහි ඇති ආසාව පෝෂණය කරන්න.

 මේ වන විට, ඔබේ දරුවා  ඊයේ, අද සහ හෙට යන සංකල්පය ද තේරුම් ගෙන සිටිනවා.  ඒ හා සමානව මේ වයසේ ළමයින් අතීත, වර්තමාන සහ අනාගත අතර වෙනස තේරුම් ගන්නවා

ඉඟි

  • මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා සෙල්ලම් කිරීමට ඔබේ දරුවාගේ STEAM (Science, Tech, Engineering, Arts, Maths) සෙල්ලම් බඩු ලබා දෙන්න.

 මෙයට ප්‍රහේලිකා, බ්ලොක්ස්  සහ චිත්‍ර හා අත්වැඩ  ඇතුළත් වෙනවා.  

  • ඔබේ දරුවා සිතීමට උනන්දු කරන විනෝදජනක සෙල්ලම් කරන්න. හොඳ උදාහරණයක් නිධන් සොයා යෑම (treasure hunt.)
  • එදිනෙදා කටයුතු සමග ඉගෙනීම විනෝදජනක හා සාපේක්‍ෂව කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, සොබාදහමේ ඇවිදීම මගින්  ඔබේ දරුවාට   විද්‍යාව ඉගැන්වීමට  පුළුවන්.  ඔබට "කාල 1/4 " ගැන අවබෝධයක් දී ගණිතය උගන්වන විනෝදජනක පීසා රාත්‍රියක් ගත කිරීම හෝ   කෞතුකාගාරය නැරඹීමට ගොස්  ඉතිහාසය ඉගැන්වීම කරන්න

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට අවම වශයෙන් 20 ක් දක්වා ගණන් කළ නොහැකි නම්
  • ඔබේ දරුවාට වචන තුන හතරක මූලික වාක්‍යයක් කියවිය නොහැකි නම් උදා. "පුසා හරිම මහතයි."
  • ඔබේ කුඩා දරුවා ලෝකය ගැන කුතුහලයක් නොපෙන්වයි නම් හෝ පොදුවේ ඉගෙන ගනී නම්

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ වයස අවුරුදු 5 යි මාස 8 ක් වයසැති දරුවා සමාජ හා හැගීම්  කුසලතා හොඳින් වර්ධනය කර ගෙන සිටිනවා. දරුවා  තම සම වයසේ මිතුරන් සමඟ හොඳින් ක්‍රීඩා කරනවා.

බොහෝ විට මෙයට තනියෙන් සෙල්ලම් කරනවාට වඩා කැමති වන අතර,උද්වේගකාරීත්වය  අවම  වෙනවා නැතිනම්  නැත්තටම  නැති වෙනවා.

ඔබේ පුංචි  පැටියා  නොසංසුන් වු විට හෝ දුක් වු විට අඩනවා.  මෙය මෙම වයසේදී හැගීම්  සංවර්ධනයේ සාමාන්‍ය කොටසකි. මෙය සිදු වූ විට ඔබේ කුඩා දරුවා සනසන්න.   නොසංසුන්  වු හේතුව   ප්‍රකාශ කිරීමට දරුවාව දිරිමත් කරන්න.

  • ඔබේ දරුවා බෙදා ගැනීමට අකමැති වූ දින දැන් ගෙවී ගිහින් දැන් ඔබේ පුංචි පැටියා  මිතුරන් සමඟ සෙල්ලම් කරන විට සෙල්ලම් බඩු හුවමාරු කර ගන්නවා  ඔබට දකින්න  පුළුවන්.  වැඩිහිටි සංවාදවලට සම්බන්ධ වීමට දරුවාට  අවශ්‍ය වෙන්න  පුළුවන්.   දරුවාගේ  සමාජ සංවර්ධනයට ඉතා සුදුසු  වෙනවා.

ඉඟි

  • ඔබ පවසන දේ ඔබම පිළිපදින්න. ඔබ ඔබේ දරුවාට බොරු නොකියන ලෙස ඉල්ලා සිටියහොත්, පසුව ඔබ ඔබේ  කුඩා දරුවා ඉදිරියේ බොරු කියන්න එපා. එය ඔබේ දරුවාට වැරදි පණිවිඩයක් ලබා දේවි.
  • ඔබේ දරුවාගේ හැඟීම් කිසි විටෙකත් පහත් කොට සලකන්න එපා. ඒවා වලංගු සේ සලකන්න. ඔබේ දරුවා නොසංසුන්  වන්නේ කුමක් දැයි සොයා ගන්න. විවිධ හැඟීම් නම් කිරීමට අමතක කරන්න එපා. "ආච්චි ගෙදර ගිය නිසා ඔයාට  දුකයි නේද?"
  • ස්ත්‍රී පුරුෂ භාවය හා හැගීම් සම්බන්ධයෙන් අදහස් ප්‍රවර්ධනය කරන්න  එපා.  උදාහරණයක් ලෙස "පිරිමි ළමයින් අඩන්නේ නැහැ. "  කියන එක වැරදියි.  " පිරිමි ළමයින් අඩනවා" මේක නේද ඇත්ත.
  • ඔබේ දරුවාට පුරුදු ඉගැන්වීම විශිෂ්ට වුවත්, ඔවුන්ට අවශ්‍ය නැතිනම් (දන්නා හෝ නොදන්නා) මිනිසුන් වැළඳ ගැනීමට ඔවුන්ට බල කරන්න එපා.
  • සමහර වේලාවට ඔබේ දරුවා අන් අය සමඟ සෙල්ලම් කිරීමට අකමැති විය හැකි බව තේරුම් ගන්න. ඒ වේලාවට ඔබේ කුඩා දරුවාට අවශ්‍ය වේලාවක් තනිව ඉන්න ඉඩ ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ හැසිරීමෙහි විශාල වෙනසක් ඔබ දුටුවහොත්.

නිදසුනක් වශයෙන්, දරුවා හදිසියේම පාසැල් යාමට හෝ ඇතැම් නිවාසවලට සෙල්ලම් කිරීමට බිය වේ නම්

  • දරුවා අක්‍රමවත් හා ප්‍රචණ්ඩකාරී හැගීම් එස කෝපයක් පෙන්නුම් කරන්නේ නම්
  • ඔබේ දරුවා අනෙක් දරුවන් සමඟ සෙල්ලම් කිරීමට කිසිසේත් කැමති නැති නම්

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය:  කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ අවුරුදු 5 මාස 8 ක දරුවා සිය “වැඩුණු” කතාවෙන් ඔබව විනෝදයට පත් කරන්න  පුළුවන්.  සමහර විට   මෙම වයසේ ළමයින් තරමක් හොඳින්  වගේම  සම්පූර්ණ වශයෙන් සංකීර්ණ වාක්‍ය භාවිතා කරනවා.

ඔබේ දරුවාගේ කතාවේ ඉඳහිට ව්‍යාකරණ වැරැද්දක් දුටුවහොත්  නොසලකා හරින්න. කාලයත් සමඟ මෙය නිවැරදි වේවි.

මේ වන විට, උපදෙස්ද ඇතුළුව ඔබ    පවසන දේ ඔබේ දරුවා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා.  පුළුල් වන  සෑම වචන මාලාවක්ම භාවිතා කරමින් ඔබේ දරුවා ලාබාල  මිතුරන්ට හෝ සහෝදර සහෝදරියන්ට අණ දෙන අයුරු ඔබට දැන්  දකින්න පුළුවන්.

ඉඟි

  • කැඩපතක් ඉදිරිපිට ගොස් කතා කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.
  • මේ මඟින් ඔබේ දරුවාට තමා කථා කරන ආකාරය සහ ඇතැම් අදහස් හා වචන හා සම්බන්ධ ප්‍රකාශන දැක ගන්න පුළුවන්.
  • ඔබේ දරුවා ඔබේ කථාව ඇතුළුව ඔබේ හැසිරීම පිළිබිඹු කරනවා. "කරුණාකර" සහ "ස්තූතියි" වැනි වචන භාවිතා කිරීමට මතක තබා ගන්න. ඔබ කෝපයෙන් හෝ කලබලයෙන්  සිටින  විට ඔබේ කටහඩේ ස්වරය පාලනය කිරීමට උත්සාහ කරන්න.
  • වයසට ගැළපෙන පොත් මිලදී ගැනීමෙන් ඔබේ දරුවාගේ කියවීමට ඇති ආශාව දිරිමත් කරන්න. ඔබට සරල ළමා හිතකාමී ශබ්ද කෝෂයක් මිලදී ගෙන  අතර එය භාවිතා කරන ආකාරය ඔබේ දරුවාට කියාදෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා කතා කරන විට පැකිළෙනවා නම්.
  • ඔබේ පුංචි දරුවාට සරල වාක්‍යයක් ඒකාකාරී ලෙස ප්‍රකාශ කරන්න  නොහැකි නම්.

අවුරුදු 5 මාස 8 ළමා වර්ධනය: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවා වේගයෙන් වර්ධනය වන හෙයින්, මෙම වර්ධනයට සහාය වීම සඳහා සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.  

ඉඳහිට පීසා හෝ අයිස්ක්‍රීම්  පුංචි සංග්‍රහයක් ලෙස ලබාදීම  ගැටලුවක්  නැහැ.  ආහාර ගැනීම සමඟ තිබූ අසීරූ බව ක්‍රමයෙන් පහත වැටෙන බව ඔබට දකින්න  පුළුවන්.   ඔබේ පුංචි  දරුවා  ඇතැම් ආහාර සඳහා පැහැදිලි කැමැත්තක්  දක්වනවා.

ඔබේ දරුවා දිනකට කැලරි 1,200 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් ලබා ගත යුතු අතර නිසි සජලනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුය.

අවුරුදු 5 සිට මාස 9 දක්වා ඔබේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව ඉක්මන් විමසුමක් මෙන්න.

පෝෂ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතු ආකාරය
කැලරි 1,200-2,000,

වර්ධනය හා ක්‍රියාකාරී මට්ටම අනුව

බටර් / චීස් සමග පාන් පෙති 2 ක් හෝ කිරි සමග ශක්තිමත් සීරියල්  කුඩා කෝප්පයක්
ප්‍රෝටීන් කෝප්ප 1/2 කුඩා මස් කැබලි 2-3 ක් / බිත්තර 1 ක් / රනිල කුලයට අයත් ආහාර කුඩා කෝප්පයක්
පළතුරු කෝප්ප  1 -1.5 කෙසෙල් ගෙඩියක්  සමග ඇපල් ගෙඩියක් හෝ මිශ්‍ර පලතුරු බඳුනක් ,  පෑන්කේක් සමඟ මිශ්‍ර කළ පලතුරු
එළවළු කෝප්ප 1.5 - 2.5 දිනපතා ආහාරයට නිවිති වැනි කොළ පැහැති එළවළු වැනි  විවිධ වර්ගයේ එළවළුඅවම වශයෙන් වර්ග 2 ක් ඇතුළත් විය යුතුය, අර්තාපල් බඳුනක්, පැස්ටා හෝ බත් සමග  බේක් කළ එළවළු   .
ධාන්‍ය කෝප්ප 3/4 ග්ලූටන් අඩංගු පාන් සමඟ දිනකට එක් වරක් බත්
කිරි ආහාර කෝප්ප 2 1/2 කුඩා කිරි වීදුරු 2 ක්  හා චීස් / බටර් / බටර් මිල්ක් /අයිස්ක්‍රීම්  දවස පුරා

ඉඟි

ඔබේ දරුවාගේ දන්ත සෞඛ්‍යය ගැන දිගටම සැලකිලිමත් වන්න. ඔබ මීට පෙර කවදාවත් දන්ත වෛද්‍යවරයා හමු වී නොමැති   නම් වහාම   එය කරන්න.

  • දරුවාගේ ක්‍රියාකාරී කාලසටහන සමඟ තුවාල හා අනතුරු වලට වැඩි අවදානමක් ඇති බැවින් උපද්‍රව ගැන ඔබේ දරුවාට කියාදෙන්න. නොසැලකිලිමත් ලෙස පාර පැනීම, ගිනි හා විදුලි  ආදිය වටා සෙල්ලම් කිරීමේ අන්තරායන් දරුවාට තේරුම් කරන්න.
  • සුපරීක්ෂාකාරී අධීක්ෂණය යටතේ සරල ආහාර පිළියෙළ කිරීමේදී ඔබේ දරුවා සම්බන්ධ කරගන්න.

මෙය ඔබේ කුඩා දරුවාට හොඳ පෝෂණයක වටිනාකම උගන්වනවා පමණක් නොව, දරුවාට අත්‍යවශ්‍ය ජීවන කුසලතා ද උගන්වනවා.

  • සමබර පෝෂණය සඳහා ඔබේ දරුවාට විවිධ පලතුරු, එළවළු, ධාන්‍ය හා මස් වර්ග හඳුන්වා දෙන්න.
  • ඔබේ දරුවාට සෞඛ්‍යමය වාසි නොමැති රසවත් බීම සහ රසකැවිලි ලබා නොදීම වඩාත් සුදුසුයි.

එන්නත් සහ පොදු රෝග

මෙම වයස වන විට, ඔබේ දරුවාගේ බොහෝ එන්නත් දැනටමත් ලබා දී අවසන්,  උණ එන්නත වැනි සෑම වසරකම ලබා දෙන පොදු ඒවා කිහිපයක් තියෙනවා.  මෙම එන්නත පිළිබඳ වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ දරුවා පාසලේදී විෂබීජ  වලට නිරාවරණය වෙන බැවින් හා දරුවා තම ප්‍රතිශක්තිය වැඩි කර ගනිමින් සිටින බැවින් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝග  බලාපොරොත්තු වන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 05 මාස-9

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
  • /
  • අවුරුදු 05 මාස 08 පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 06 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it