අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 6 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ දරුවා ඔහුගේ හෝ ඇයගේ සංවර්ධනය  සමඟ ගමන් කරමින් සිටිනවාද?  සොයා බලමු.

අවුරුදු 6 ළමා වර්ධනය: ප්‍රාථමික පාසැල ඉතින් ආයුබෝවන්,  වයස අවුරුදු 6 දී, ඔබේ දරුවා ප්‍රාථමික පාසල හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින්  නව ලෝකයකට පිවිසීමට සූදානම් වෙනවා.  

ඒ වගේම වර්ධනය වීමට හා සංවර්ධනය වීමට  ඊටත් වඩා අවස්ථා සොයා ගන්නවා.  ඔබේ පුංචි  පැටියා  තුළ ඔබ සොයා බැලිය යුතු ආකර්ෂණීය නව සන්ධිස්ථාන මොනවාද? කියවා බලන්න.

මෙහිදී සෑම දරුවෙකුම වෙනස් බවත්, සෑම කෙනෙකුම තමන්ගේම වේගයෙන් වර්ධනය වන බවත් ඔබ මතක තබා ගන්න.  ඔබට කිසියම් ගැටළුවක් හෝ වැඩිදුර ප්‍රශ්න තිබේ නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 6 ළමා වර්ධනය:  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
අවුරුදු 6 ළමා වර්ධනය:  ශාරීරික සංවර්ධනය

වයස අවුරුදු 6 දී, ඔබේ දරුවාට පාසල මගින් හඳුන්වා දෙන  විවිධ ආකාරයේ ක්‍රීඩා ඇතුළුව තවත් ශාරීරික ක්‍රියාකාරකම් ගවේෂණය කරන්න  අවශ්‍ය වෙනවා.

සමහරු වේගයෙන් වර්ධනය වෙන  අතර ස්වාභාවිකවම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වෙනවා.  තවත් සමහරන් තුල ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා (Gross motor skills ). සහ කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) සංවර්ධන මට්ටම්වල සංවර්ධනයද විශිෂ්ට අත් ඇස් සම්බන්ධීකරණය හා පිළිවෙල අත් අකුරු  දකින්න  පුළුවන්.

ඔබේ දරුවාගේ පහත සඳහන් වර්ධනයන් නිරීක්ෂණය කිරීමට ද ඔබට හැකි විය යුතුය.

  • වැඩිදියුණු වු චලනය වීමේ මුලික ක්‍රම හ කොටස් වශයෙන් ගොඩ නැගෙන සම්බන්ධීකරණ කුසලතා   (locomotor skills)  
  • තමාගේම සපත්තු ලේස් ගැටගැසීමට පුළුවන්.
  • ඉලක්කයකට පන්දුව විසී කරන්න හෝ පා පහර දෙන්න පුළුවන්.
  • තව ස්ථිර දත් වර්ධනය වෙනවා.
  • කතුර සහ පෑන් වැනි මූලික මෙවලම් දක්ෂ ලෙස භාවිතා කරනවා.
  • පැහැදිලිව ලියන අතර පැහැදිලි පින්තූර අඳින්න පුළුවන්.
  • සංගීතයේ රිද්මය නිවැරදිව අනුගමනය කරනවා.
  • ආහාර ගන්නා උපකරණ නිවැරදිව භාවිතා කරනවා.
  • හොද සම්බන්ධීකරණය හා ශරීර සමබරතාවය පෙන්නුම් කරනවා.
  • දිවීම, පැනීම සහ පිහිනීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වල සංශෝධනය වු කුසලතා පෙන්වනවා.
ඉඟි:
  • ශාරීරික ක්‍රියාකාරකම් දිරිමත් කරන ක්‍රීඩා හා වෙනත් පාසල් කටයුතුවලට සම්බන්ධ වීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. ව්‍යායාමයේ ලැබෙන ප්‍රතිලාභයට අමතරව, කණ්ඩායම් වැඩ, අවධානය සහ නායකත්වය වැනි වැදගත් කුසලතා උගන්වන්න  ක්‍රීඩාවට පුළුවන්.
  • ඔබේ දරුවාට දිනකට පැයක් හෝ ඊට වැඩි කාලයක් ශාරීරික ක්‍රියාකාරකම් ලබා දෙන්න.
  • එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන විට ඔබේ දරුවාට මූලික ආරක්ෂක පියවරයන් කියාදෙන්න.
  • ඔබේ දරුවාගේ රූපවාහිනිය සහ පරිගණක භාවිතා කරන කාලය දිනකට උපරිමය  පැය එකක් හෝ දෙකක් දක්වා සීමා කරන්න.
  • පිහිනීම, උඩ නැගීම වැනි අනතුරුදායක බව දන්නා ක්‍රියාකාරකම් වල ඔබේ දරුවා යෙදෙන විට සුපරික්ෂාකාරී වෙන්න.
  • මාර්ග ආරක්ෂාව ගැන ඔබේ දරුවාට කියාදෙන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඔබ පවත්වා ගැනීමෙන් ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමට උනන්දු වේවි.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා
  • මූලික මෙවලම් භාවිතා කිරීමේ අපහසුතාවයක් ඇතිනම්
  • වර්ධනයේ ගැටළුවක් ඇතිබව පෙනී යයි නම්
  • තවමත් රාත්‍රියේ නිදා ගැනීමට අපහසු නම්
අවුරුදු 6 ළමා වර්ධනය:  මානසික සංවර්ධනය

ඔබේ 6 හැවිරිදි දරුවා  ගැටලු විසඳීමට පුරුදු වෙලා සිටිනවා. දරුවා  තවමත් වැඩිහිටියන්ට කීකරු වන අතර, ස්වාධීනව කාර්යයන් ඉටු කර ගැනීමටද උනන්දුවක් දක්වනවා.

මෙම වයසේදී, ළමයින්ට “අළු” ප්‍රදේශ වැනි අතරමැද තත්වයන්  නොමැති කළු සහ සුදු දේවල් දැකීමට හැකි වීම සාමාන්‍ය දෙයකි.

මෙය මේ වයසේදී මානසික  සංවර්ධනයේ සාමාන්‍ය අංගයක් වන අතර, ඔබේ දරුවා මෙම පෙරමුණ  වර්ධනය වන විට, අතර මැද තත්වයන්  දැකීමට දරුවාට  ඇති හැකියාව ඔබට දකින්න  පුළුවන්.

ඔබ දැකීමට පටන් ගත හැකි මානසික   තවත් වර්ධනයන් කිහිපයක්
  • හාස්‍යජනක හැඟීමක් වර්ධනය කිරීමට පටන් ගන්නා අතර එහි සියුම් වෙනසක් හෝ හා වචන තේරුම් සෙල්ලම් තේරුම් ගන්න පුළුවන්.
  • තමන්ගේ වයස ඔබට කියන්න පුළුවන්.
  • තර්කනය සහ පැහැදිලි කිරීම හොඳින් භාවිතා කරනවා.
  • අවම වශයෙන් මිනිත්තු 15 ක් හෝ ඊට වැඩි කාලයක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරමින් වැඩි දියුණු වු අවධානය පෙන්වනවා.
  • පහසුවෙන් 20 හෝ ඉන් ඔබ්බට ගණන් කරන්න  පුළුවන්.
  • 3 සිට ආපස්සට ගණන් කරන්න පුළුවන්.  
  • වේලාව (පැයට) පැවසිය හැකි අතර දිවා සහ රාත්‍රී අතර වෙනස දන්නවා.
ඉඟි:
  • ඔබේ දරුවාට තනිවම ගැටළු විසඳීමට ඉඩ දෙන්න. අවශ්‍ය නම් පමණක් උපකාර ලබා දෙන්න. මෙය ඔබේ දරුවාගේ විවේචනාත්මක සිතීම සහ ගැටළු විසඳීමේ හැකියාව දිරිමත් කරනවා.  
  • ආරක්ෂිත සහ සුදුසු අවස්ථාවන්හිදී තනි තේරීම් කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. උදාහරණයක් ලෙස, ඇඳුම් සහ ආහාර (හේතුවක් ඇතුව).
  • ඔබේ දරුවාගේ ප්‍රශ්න වලට විවෘත ප්‍රශ්නයක් සමඟ පිළිතුරු සපයන්න. නිදසුනක් වශයෙන්, “ මල් සුවඳයි කියලා ඔයා හිතන්නේ ඇයි?”
  • විනෝදජනක ආකාරයකින් එදිනෙදා කටයුතු වලින් ඉගෙනීම කරන්න .  ඔබ උද්‍යානයට යන විට හෝ එකට ඇවිදින විට, සොබාදහම සහ පරිසරය ගැන ඔබේ දරුවාට උගන්වන්න.  නැතිනම්,  සුපිරි වෙළඳසැලේදී, සංග්‍රහයක් මිලදී ගැනීම සඳහා ඔබේ දරුවාට සුළු මුදලක් ලබා දී, නිවැරදිව ඉතිරි මුදල්  ගණනය කරන්නේ කෙසේදැයි දරුවාට  උගන්වන්න.
  • තවදුරටත් ඔබේ දරුවා සමඟ “ළදරු භාෂාවෙන්” කතා නොකරන්න. සුදුසු අවස්ථාවන්හිදී පවුලේ කතාබස් සහ සාකච්ඡා සදහා ඔබේ පුංචි පැටියා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා නම්,
  • “කරුණාකර ඔබේ දවල් කෑම අනුභව කාලා, ගෙදර වැඩ ඉවර කරලා ක්‍රීඩා පිටියට යන්න  ලෑස්ති  වන්න” වැනි පියවර තුනක උපදෙස් අනුගමනය කළ නොහැකි නම්
  • දරුවාට වරක් තිබූ කුසලතා නැති වී ඇත්නම්.
අවුරුදු 6 ළමා වර්ධනය:  සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවා පාසල් ලෝකයට පිවිසෙත්ම නව මිත්‍රත්වයන් ඇති කර ගන්නා අතර සමාජකරණයේ “නීති” සාකච්ඡා කිරීමට ඉගෙන ගන්නවා. සෑම මිත්‍රත්වයක්ම එක හා සමාන නොවන බවත්, “හොඳම මිතුරන්” ඇති බවත් ඔබේ කුඩා දරුවා තේරුම් ගැනීමට පටන් ගන්නවා.

මෙම වයසේදී  සම වයසේ දරුවන්ගේ  අනුමැතිය ද වැදගත් වෙනවා.  ඔබේ දරුවා ගුරුවරුන් සහ මිතුරන් එකසේ ආචාරශීලී  වීමට  උනන්දු වන අතර අනෙක් අයගේ හැඟීම් ගැන වැඩි අවබෝධයක් පෙන්වනවා.

ඔබේ 6 හැවිරිදි දරුවා තුළ ඔබ දැකිය හැකි තවත් වර්ධනයන් කිහිපයක්

  • අන් අය කෙරෙහි සැලකිල්ල දක්වනවා.
  • අන් අය තමන්ට කැමති වෙනවට හා පිළිගන්නවාට කැමති වෙනවා.
  • මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා
  • කණ්ඩායම් ක්‍රියා වල වටිනාකම තේරුම් ගන්නවා
  • ස්ත්‍රී පුරුෂ භාවය අනුව එකම  වර්ගයේ සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා.
  • හැඩීම හෝ උද්වේගකාරීව හැසිරීම වෙනුවට හැඟීම් වචනයෙන් ප්‍රකාශ කරනවා.
ඉඟි:
  • ඔබේ දරුවාට පාසල සම්බන්ධයෙන් යම්කිසි කනස්සල්ලක් හෝ කරදරයක් ඇත්දැයි සොයා බලන්න. දරුවා පීඩනයට පත් කරන යමක් ඇති විට උපකාර ලබා දෙන්න.
  • අඩතේට්ටම් කිරීම ගැන හා ඒවාට මූණ දෙන විදිය ඔබේ දරුවා සමඟ කතා කරන්න.
  • අන්‍යයන්ට ගරු කිරීම සහ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමේ වැදගත්කම ගැන ඔබේ දරුවාට කියා දෙන්න.
  • ස්වාධීනත්වය, වගකීම සහ කණ්ඩායම් වැඩ ඉගැන්වීම සඳහා වයසට ගැළපෙන ගෙදර දොරේ වැඩ කටයුතු වල ඔබේ දරුවා යොදවන්න.
  • ඔබේ දරුවා හොඳ හැසිරීමක් පෙන්වන විට, හැසිරීම වර්ධනය කිරීම සඳහා ප්‍රශංසා කරන්න.
  • පාසලේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. නමුත් ඔබේ දරුවාගේ දවස තුල පමණට වඩා වැඩ ගොඩ නොකිරීමට   මතක තබා ගන්න. ඔබේ දරුවාට විවේකයක්ද ලබාදීම වැදගත් වෙනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා,
  • ඔබෙන් වෙන් වූ විට තවමත් කනස්සල්ලට පත්වේ නම්
  • අනෙක් ළමයින් සමඟ සම්බන්ධතා පවත්වන්නේ නැත්නම්
අවුරුදු 6 ළමා වර්ධනය:  කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ 6 හැවිරිදි දරුවා පුංචි කතා  පෙට්ටියක් නේද ?  කතා බහ කිරීම, ප්‍රශ්න ඇසීමට සහ  විවාද හා වාද  යෙදීමට දැන් දරුවාට පුළුවන්.

මෙම වයසේ සිටින ඔබේ දරුවාගේ  ප්‍රකාශ  කිරීමේ වචන මාලාව (දරුවාට  පැවසිය හැකි වචන) සාමාන්‍යයෙන් වචන 2,600 පමණ වන අතර  වචන 20,000 ක් පමණ වු පිළිගැනීමේ වචන මාලාවක් (තේරුම් ගත හැකි  වචන) තියෙනවා.

අවුරුදු 6 ළමා වර්ධනය: මෙම ක්ෂේත්‍රයේ තවත් වර්ධනයන්
  • වචන පහක් හෝ හතක් සහිත සරල සම්පූර්ණ වාක්‍ය සාදනවා.
  • අත්දැකීම්, හැඟීම් සහ සිතුවිලි විස්තරාත්මකව හා වර්ණවත් ලෙස ප්‍රකාශ කරනවා.
  • වචනයකට එකකට වඩා වැඩි තේරුම් තිබිය හැකි බව වටහා  ගැනීමට පටන් ගන්නවා.
  • වයසට ගැළපෙන පොත් කෙරෙහි උනන්දුවක් දක්වනවා.
  • නුහුරු වචන ශබ්ද කරනවා.
ඉඟි:
  • ඔබේ දරුවා සමඟ දිගටම කියවන්න. මෙහිදී  අවස්ථාව ලබා ගැනීම පුහුණු වෙන්න පුළුවන්.  ඔබේ දරුවාට තවමත් නිසි ලෙස කියවීමට නොහැකි නම් පීඩනයට  පත් වෙන්න එපා.   මෙහි අදහස වන්නේ මුල් අවධියේ සිටම කියවීම සඳහා ඇල්මක් ඇති කිරීමයි
  • අත්දැකීම් සහ හැඟීම් පිළිබඳ පැහැදිලි කිරීම දිරිමත් කරමින් ඔබේ දරුවාගේ දවස ගැන විමසන්න. මෙය ඔබේ බැඳීම වැඩි දියුණු කරන අතර ඔබේ දරුවාගේ කථාව ශක්තිමත් කරනවා. ඒ වගේම ඒ මගින් ශක්තිමත් අදහස් හුවමාරු කිරීමේ මාර්ග ලබාදෙනවා.
  • ඔබේ දරුවාගේ ප්‍රශ්න කිසි විටෙකත් ඉවතලන්න එපා. දරුවා ඔබ සමඟ කතා කරන විට ඔබේගේ පූර්ණ අවධානය දරුවාට ලබාදෙන්න උත්සාහ කරන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
ඔබේ දරුවා,
  • සම්පූර්ණ වාක්‍යයකින් ප්‍රකාශ කිරීමට අපහසු නම්
  • ලිවීම ප්‍රතික්ෂේප කිරීම හෝ කියවීම කෙරෙහි උනන්දුවක් නැතිනම්
අවුරුදු 6 ළමා වර්ධනය:  සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මෙම වයස් සීමාව තුළ සිටින දරුවන් ශක්ති අවශ්‍යතා වැඩිවීමක් අත්විඳින්න  පුළුවන්.  එනම් ඔබේ දරුවාගේ ආහාර පරිභෝජනය ද ඉහළ යාවි. සාමාන්‍යයෙන්, අවුරුදු 6 ක දරුවෙකුට ක්‍රියාකාරකම් මට්ටම් අනුව කැලරි 1,200 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

අවුරුදු 6 ක දරුවෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 19 ක් පමණ වන අතර උස දළ වශයෙන් සෙන්ටිමීටර 115 පමණ වෙනවා.

මෙම වයසේ ළමයින් දිනපතාම පහත සඳහන් දෑ පරිභෝජනය කළ යුතුය.

ධාන්‍ය 

හොඳ ශක්ති මට්ටමක් ලබාදීම සඳහා ඔබේ දරුවාට දිනකට ධාන්‍ය අවුන්ස 4 ත් 6 ත් අතර ප්‍රමාණයක්  අවශ්‍ය වෙනවා.  මෙය වියළි සීරියල්   අවුන්ස 1 සිට 2 දක්වා, පාන් පෙති 2 කින් හෝ පිසින ලද පැස්ටා කෝප්ප 3/4 කින් සමන්විත වෙන්න අවශ්‍ය වෙනවා.

කිරි

ඔබේ දරුවාට කිරි හෝ කිරි ආහාර දිනකට කෝප්ප 2.5 ක් පමණ අවශ්‍ය වෙනවා. කිරි හෝ යෝගට් කෝප්ප 1/2 සිට 1 දක්වා ලබාදෙන්න පුළුවන්.  මෙය ඔබේ දරුවාගේ ඇටකටු නිරෝගීව හා ශක්තිමත්ව වැඩීමට ඉඩ සලසනවා.

ප්‍රෝටීන්

මෙම වයසේදී ඔබේ දරුවාගේ නිසි වර්ධනයට සහාය වීමට ප්‍රෝටීන් වැදගත් වෙනවා.  ඔබේ දරුවාට දිනකට ප්‍රෝටීන් අවුන්ස 3-5 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බිත්තර එකක්, දරුවාගේ අල්ල ප්‍රමාණයේ කුකුල් මස්, මාළු, හරක් මස් කැබැල්ලක්  ලබාදීම සුදුසුයි.

පළතුරු සහ එළවළු කාණ්ඩය

හොඳ සෞඛ්‍ය සහ ප්‍රතිශක්තිය සඳහා ඔබේ 6 හැවිරිදි දරුවාට පලතුරු සහ එළවළු වැදගත් වෙනවා.  ඔවුන්ට දිනකට පලතුරු  කෝප්ප 1 සිට 2 දක්වා අවශ්‍ය වන අතර එළවළුත් එම ප්‍රමාණයෙන්ම ලබාදෙන්න. පළතුරු සලාද කුඩා භාජනයක් එක්ක ඔබේ දරුවාගේ දවස ආරම්භ කිරීමට උත්සාහ කරන්න.  ඉන්පසු  බත් හෝ නූඩ්ල්ස් වල මිශ්‍ර එළවළු කෝප්ප 1 ක් පමණ ලබා දෙන්න.

ඉඟි:
  • ඔබේ දරුවාට උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සෞඛ්‍ය සම්පන්නව  ගත හැකි වන පරිදි සියලු ආහාර  කණ්ඩායම්වල එකතුවක්   ලබාදෙන්න.
  • සීනි සහිත කෙටි ආහාර සහ රසකැවිලි අඩු කරන්න. සෑම විටම සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග ලබා දීමට උත්සාහ කරන්න.  විශේෂ අවස්ථාවකදී පමණක්  රසකැවිලි ලබා දෙන්න.
  • ඔබේ දරුවා දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවට සහතික කරගන්න. කුඩා කෝප්ප 5-6ක් පමණ (හෝ ඊට වැඩි, දැඩි ශාරීරික ක්‍රියාකාරකම් වලින් පසුව) ලබාදෙන්න.
එන්නත් සහ පොදු රෝග:

ඔබේ දරුවාට මේ වන විට පහත සඳහන් එන්නත් ලබා දී තිබිය යුතුය.

  • DTaP එන්නත ඩිප්තෙරියා,  පිටගැස්ම හා කක්කල් කැස්ස සදහා
  • IPV එන්නත පෝලියෝ සදහා
  • MMR එන්නත  සරම්ප, කම්බුල් ගාය සහ රුබෙල්ලා සදහා
  • Varicella vaccine එන්නත පැපොල සදහා
  • සෑම වසරකම සාමාන්‍යයෙන් ලබා දෙන උණ එන්නත් මාත්‍රාව 

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ වාර්තා යාවත්කාලීන දැයි වෛද්‍යවරයා හමු වී පරීක්ෂා කර ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ  අධික ලෙස බර අඩු  හෝ වැඩි වීමක් තිබේ නම්,  ඔබේ දරුවාට අසාමාන්‍ය රෑෂ්,  ගැටිති හෝ තැලීම් තිබේ නම්,  දිගුකාලීන පාචනය හෝ වමනය හෝ අධික උණ (සෙල්සියස් අංශක 39 ට වැඩි) තිබේ නම්,  ඔබේ වෛද්‍යවරයා හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ඉක්මනින්ම හමුවෙන්න

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

 

 

 

 

 

 

 

 

Written by

Niloufer Perera