theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතුටින් හා ආදරෙන් ඉන්න අම්මා කෙනෙක් නොකරන දේවල් 10 ක්

3 අවම කියවීම
සතුටින් හා ආදරෙන් ඉන්න අම්මා කෙනෙක් නොකරන දේවල් 10 ක්සතුටින් හා ආදරෙන් ඉන්න අම්මා කෙනෙක් නොකරන දේවල් 10 ක්

මේ කාරණා 10 ගැන ඔබේ ගමනේදී ඔබට නැවත හැරී බලන්නවත් සමහර විට ඊට සිනාසෙන්නවත් පුළුවන් වේවි...

සතුට නිතරම ළඟා වන්නේ නැහැ. ජීවිතයේ කලකිරීම්, අසහනකාරී, උද්වේගකර හා සාමාන්‍ය අවස්ථාවන් වශයෙන් මුසුවක් තිබුනත් සතුට අපිට ළඟා කරගන්න උනන්දු වෙන්න පුළුවන්. නමුත් මේ කාරණා 10 ගැන ඔබේ ගමනේදී ඔබට නැවත හැරී බලන්නවත් සමහර විට ඊට සිනාසෙන්නවත් පුළුවන් වේවි. අපි ඒ ගැන කතා කරමු.

අනුන්ගේ සතුට ඔබ සිතන සතුටද?

සමහර විට අනුන්ට සතුටු දේ තමන්ට සතුටක් නොවෙන්න පුළුවන්. සමහර විට ඔබ දරුවන් බලාගන්න විදිහ, ඔබ ඔවුන්ව අධ්‍යාපනයට යොමු කරන ආකාරය, දෙන කෑම වර්ග ගැන ඔවුන් සතුටු නොවෙන්න පුළුවන්. නමුත් ඔබ ගැන ඇති විශ්වාසය ඔබේ මාතෘත්වයේ අනන්‍යතාවයයි.

හොඳම දවස අපේක්ෂා කරන්න

සතුට නිකන්ම ලැබෙන්නේ නැහැ. අනික හැම අම්මා කෙනෙකුම සර්ව සම්පූර්ණ නැහැ. ඔබේ සතුට ඔබේ නිවාස       ශුද්ධ පවිත්‍රව තිබීම, දරුවන් රණ්ඩු නොකර ගැනීම, ඇඳුම් ටික වේලලා නවාගන්න පුළුවන් වීම, කෑම භාජන ටික පිරිසිදු කරගන්න පුළුවන් වීම වගේ දේවල් නම්, නැතිනම් මුදල් අඩුපාඩු නොතිබීම වගේ දේවල් ලෙස අපේක්ෂා කරමින් දවස අරඹනවා නම් සතුට කෙලෙසකවත් ළඟා වන්නේ නැහැ. සාමාන්‍ය දවසක් ගැන සිතන්න. ඔබට ලැබෙන දේ සතුට බව සිතන්න.

අනිත් අම්මලා ගැන ඕපාදුප

ඕපාදුප නම් සහමුලින්ම ඉවත දාන්න. ඉන් ඔබටත් අනෙක් පාර්ශවයටත් වැඩදායි වන්නේ නැහැ. ඉන් සැසඳීම, විනිශ්චය සිදු වුවත් ඉන් ඔබට ලැබෙන යහපතක් නැහැ.

ගෙදර තත්වය අනුව සාර්ථකත්වය මනින්න

දරුවන් ඉන්න ගෙදරක පිළිවෙල, පිරිසිදුකම දිනයක් පුරා එක ලෙස පවත්වා ගන්න අමාරුයි. උදේ 8 සිට පිරිසිදු කළ නිවාස 8.15 වන විට පිරිසිදු නොකළ ගෙයක් වගෙයි. දරුවන් දේවල් තැන තැන දාන්න, පාට ගාන්න, එළවළු පලතුරු කපන්න ආසයි. ඉතින් මේ නිසා අපිළිවෙල වෙනවා. ඉන් ඔබ අසතුටට පත්වෙන්න එපා. ගෙදර ලස්සන පිළිවෙලට තිබීමම සාර්ථකත්වය හෝ ඔබේ සතුට නොවෙයි.

පසුතැවීමෙන් ජීවත් වෙන්න එපා

ඔබ අතින් ඕනෑතරම් අතපසු වීම් වෙන්න පුළුවන්. කෑගසන්නේ නෑ කියලා කිව්වත් එහෙම වෙන්න පුළුවන්. යොදාගත්  හමුවීමක් අමතක වෙන්න පුළුවන්, අලුතෙන් උත්සාහ කළ කෑමක් අසාර්ථක වෙන්න පුළුවන්. ලැයිස්තුව ඉවරයක් නෑ වගේම ඔබ ඒ ගැන තැවී තැවී ජීවත් වීමෙන් ඔබට ඒ දවසේ සතුට උදාවන්නේ නැහැ. ඔබ සොයන සතුට ලැබෙන්නේවත් නැහැ.

වැරදි තේරීම් ගැන දුක්විම

අම්ම කෙනෙක් විදිහට ලෝකයේ තිබෙන හැම දේම ඔබට කරන්න බැහැ. දරුවාට සූප්පුවක් ගන්න ගියොත් ඔබට තේරීම් රැසක් තියෙනවා. නමුත් ඔබ තැවී තැවී හිඳිනවට වඩා එය තෝරා ගන්න. දවසේ ඉදිරිය ගැන සිතිය යුතුයි. සතුට නැතිනම් උදාවන්නේ කොහොමද?

අන් අය ගැන දුක්විම අමතක කරන්න

මව් පදවිය අමතක කරන්න එපා. නමුත් ඔබේ ආශාවන් කැමති දේවල් අමතක කරන්න එපා. ඔබට ආස දේවල් තුළ ඔබේ අනන්‍යත්වය සැකසෙන්නේ එවිටයි. ඔබ කැමති දේ ලියන්න, ව්‍යායාම කරන්න, සින්දුවක් කියන්න හෝ ඔබ කැමති ඕනෑම දෙයක් අම්මලාටත් විශේෂයෙන් අවශ්‍යයි. නැතිනම් ටික වෙලාවක් උණුසුම් වතුරින් කැමති විදිහට නාන්න. ඒත් ඔබ ඔබ වෙනුවෙන් වෙලාවක් ගන්න. 

වීරවරියක් වෙන්න

ප්‍රතිපත්තිගරුක වීම. ඒක ලෙහෙසි නැහැ. ප්‍රතිපතිගරුක වීම විහිළුවක් නෙමෙයි. නමුත් ඔබට එය කළ හැකියි. ඔබ වෙනුවෙන් හඬ නගන්න. ඔබ හිතන අයුරින් යමක් වෙන්නේ නැත්නම් සරලවම ඒ ගැන ධනාත්මක ලෙස සිතන්න. ධනාත්මකව සිතීම සතුට ගෙන එනවා වගේම ප්‍රතිපත්ති ගරුක වීම හැම විටම දරුවන්ට සහනයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා නුවණින් කටයුතු කරන්න. ධනාත්මකව සිතන්න.

හැම දෙයක්ම රේස් එකක්

ඔබේ දිනයක වැඩ ලැයිස්තුව ඉවර වන්නේ නැහැ. හැමවිටම තවත් වැඩක් ඊට එකතු වෙනවා. දරුවෙකු පොතක් කියවන්න කියා ඔබෙන් ඉල්ලීමක් කරනවා වගේම ඒ ගැන ඔවුන්ට නරකක් හිතෙන්නේ නැහැ. මන්ද ඔවුන් දන්නවා ගෙදර වලං ටික, ගෙබිම අතුගෑම, කෑම හැදීම වෙලාවට කොහොම හරි ඉවර වෙනවා කියලා. ඒ නිසා ලැයිස්තුව සම්පූර්ණ කරන්න යාමෙන් ඔබට සතුට ලැබෙන්නේ නැහැ.

හැමදේම අරගලයක්

හැම දෙයකටම අරගල කළ යුතුද? අවුරුදු තුනක බබා ඇඳුම වැරදි පැත්තට ඇඳගෙන. ඔබට කේන්ති යනවා. ඇය කොහොම හරි එය ඉගෙන ගන්න යොමු කරනවා. නමුත් ඔබට ඊට වඩා අරගල ඇති බව සිතන්න. සමහර දේවල් ඔබට අතහැර දමන්න සිදු වෙනවා.

උවමනාවට වඩා සර්ව සම්පූර්ණ වීමට යාම නිසා පීඩනය වැඩිවන නිසා සමහර දේවල් අතහැර දැමීමෙන් ඔබට සතුට ළඟා කර ගන්න පුළුවන්. එවිට ඔබට ඔබේ මුහුණට සිනහවත්, දරුවන් සමග සතුටින් ගෙවන්නත් ඉඩක් ලැබෙනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා. 

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • සතුටින් හා ආදරෙන් ඉන්න අම්මා කෙනෙක් නොකරන දේවල් 10 ක්
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

    දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it