theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුරංගනාවන් අතර කිරුළු පළදිමින් සැමරූ පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය

3 අවම කියවීම
සුරංගනාවන් අතර කිරුළු පළදිමින් සැමරූ පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදයසුරංගනාවන් අතර කිරුළු පළදිමින් සැමරූ පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය

පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය වෙනුවෙන් සිදු වු වැදගත්ම  දෙය නම් ආරාධ්‍යාට කුමාරිකාවන් තේමා කරගත් ලස්සනම ලස්සන කේක් තුනක් ලැබීමයි.

නොවැම්බර් 16 වැනිදා අයිශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ ආදරණීය දියණිය ආරාධ්‍යාට වසර පහක් සපිරුනා. ආදරයෙන් පිරුණු මේ දෙමාපියන් මදක් පරක්කු වී හෝ ලස්සනම ලස්සන උපන් දින සාදයක් ඔවුන්ගේ පුංචි  කුමාරිකාව වෙනුවෙන් සුදානම් කල බව පැවසීම අනවශ්‍ය බව සිතනවා.

බච්චන් දියණිය ඇගේ උපන් දිනය නොවැම්බර් 16 වැනිදා සැමරුවේ නැහැ. නොවැම්බර් 20 වැනිදා ඇයගේ ලගම මිතුරන්ගේ සුභ පැතුම් වලින් පිරුන පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය පැවැත්වුනා.

වැදගත්ම දෙය නම් මේ කුමාරිකාවන් තේමා කරගත් කේක් වල පිංතුර ලොව පුරා යෑමයි. පසුගිය අවුරුද්දේ මාලිගාවක හැඩය ගත් ඇයට ලැබුන එකම කේක් එක වගේ නොවේ මෙවර ඇයට කේක් කිහිපයක් ලැබුන අතර එකක ඇයගේ කුඩා පිළිරුවක් තිබුනා.

  A photo posted by Pinkvilla (@pinkvilla) on Nov 20, 2016 at 11:26am PST

පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය

බච්චන් පවුල මාස ගණනක් තිස්සේ මේ තරු දියණිය වෙනස් විදියේ උපන් දින සුභ පැතුමක් එක් කිරීමට වෙහෙසුනා.

සොනාලි බෙන්ද්‍ර හා ඇයගේ පුත් රණ්වීර්, කිරන් රාඕ හා ඔහුගේ පුත් අර්සඩ් රාඕ, මන්‍යාතා දත් හා ඇයගේ නිවුන් දරුවන් වු සහරාන් හා ඉක්රා මෙන්ම ට්වින්කල් කන්නා හා ඇයගේ දියණිය නිටාරා මේ අමුත්තන් අතර වු අතර බච්චන් නිවස ආරාධ්‍යාගේ ආදරණීය යාළුවන් ගෙන් පිරුනා.

පසුගිය අවුරුද්දේ මෙන්ම මේ අවුරුද්දේද ආරධ්‍යා සතුටු වන තේමාවන් හා වර්ණ හොදින් දන්නා පවුල රෝස පැහැති සුරංගනා කථා තේමාවක් තෝරා ගත්තා.

මීට අමතරව මිත්තනිය වු ඡායා බහාදූර් මුතනුවන් වු අමිතාබ් බච්චන් රෝස පාටින් සැරසී ඔවුන්ගේ සුන්දර මිණිපිරියගේ උපන් දින සාදය වර්ණවත් කලා. ආරාධ්‍යා ඇයගේ නැදෑයින් සමග මේ අවුරුද්දේ විශාල සාදයක් ලැබීමෙන් ඉතා ප්‍රිතියට පත් වු බව ඇයගේ සමීපතම මුලාශ්‍රයක් බෙදාගත්තා.

  A photo posted by Instant Bollywood (@instantbollywood) on Nov 20, 2016 at 2:55pm PST

ආරාධ්‍යා පියාගේ පිංතුර සරසයි.

ආරාධ්‍යාගේ උපන් දින සාදය අවසන් වු විගස ඇය පියාගේ දුරකථනය ගෙන සියලුම පිංතුර පරීක්ෂා කර බැලුවා.

අභිෂේක් සටහනක් යොදමින්, "ආරාධ්‍යා වෙත එවු සියලුම සුබ පැතුම්, ආශීර්වාද හා සියලු ආදරය වෙනුවෙන් ඔබට ස්තුතියි . ඡායාරූපය සරසන ලද්දේ  ආරාධ්‍යා " යනුවෙන් සදහන් කරන ලදී.

දැන් ආරාධ්‍යා හා ඇයගේ පියා ඔවුන්නොවුන් වෙනුවෙන් කාලයක් වෙන්කර ගන්නා බව සාධාරණ සාක්ෂි තියෙනවා.  පුංචි පුංචි සුන්දර නිවාඩු වලින් ඔවුන් කාර්‍යබහුල වෙනවා.

එය පියා දරුවන්ට අවධානය දිය යුත්තේ ඇයි සහ ඔවුන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කල යුත්තේ ඇයි යන්නට තවත් මතක් කිරීමක් වෙනවා. 

පියවරුන්ට තම දියණියන් සමඟ කාලය ගත කළ යුතු වීමට හේතු තුනක්

1. ඔවුන්ව හොදින්  දැනගන්න: ඔබගේ දියණිය  සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමෙන් ඔබට ඇය හොදින් වටහා ගැනීමට උපකාර වනු ඇත. ඇත්ත වශයෙන්ම, ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය සමග පළමු සැබෑ අන්තර්කියා කිරීමට  ඔබ ඇයගේ මගපෙන්වන්නා  වේ.

එමනිසා මුහුණට මුහුණලා සම්බන්ධතා පැවැත්වීම මගින්  ඔබේ අදහස් ඇය හා බෙදාගැනීම මෙන්ම ඇයගේ අපේක්ෂාවන් බෙදාහදා ගැනීමට  අනෙක් අතට ඔබට ඉඩ සලසයි. ඇයගේ ජීවිතයේ සම්බන්ධතා හා පුරුෂයන් ගැන ධනාත්මක අදහස් ගොඩනඟා ගැනීමටද එය ඇයට සහාය වනු ඇත.

2. එය ඔවුන්ව ශක්තිමත් කරයි: පියවරුන්ට දියණියකගේ පෞරුෂත්වයට බලපෑම් කල හැකිය. ඇය සමඟ ජීවිතයේ තීරණාත්මක ගැටළු සාකච්ඡා කිරීම සඳහා පියා නිදහස් හා විශ්වාසයකින් යුක්තව  සිටීයි නම්, ඇය වඩාත් විශ්වාසදායී හා ස්වයං යැපෙන්නෙක් බවට පත්විය හැකිය. ඇයගේ සිහින ඉටුකර  ගැනීමට  ඇයව දිරිගන්වන අතර, ඔබ ඇයට  සහාය වීමට සිටින බව ඇයට දැනගත හැකිය. මෙය ඔවුන්ගේ විශ්වාසය වැඩි දියුණු කරයි.

3. ඔබට ඉහල සීමා සැකසිය හැකිය: ඔබගේ බිරිඳ සමඟ ඔබේ සම්බන්ධතාවයේ තත්වය  ඔබගේ දරුවන්ට ලබාගන්නට අවැසි වේ. ඔබ ඉහල සීමාවන් පිහිටුවනවා නම් හා ඔබේ දියණියටත්  එවැනිම වු  ආදරය ,ගෞරවය සපිරුණු සම්බන්ධතාවයක් අවැසි වෙනු ඇත.

පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය තුලින් මතු වූ අපූරු තාත්තාගෙයි දුවගෙයි ආදරය ගැන මේ කතා බහ ඔබ වෙත ගෙන  ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය
  • /
  • සුරංගනාවන් අතර කිරුළු පළදිමින් සැමරූ පුංචි ආරාධ්‍යාගේ බැබලුන උපන් දින සාදය
බෙදාගන්න :
  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

    වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

    වයස 50 දීත් වයස 30 ක් පෙනෙන රූමතිය, ශ්‍රීදේවි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it