දරුවන්ට ආහාර ගැනීමට බල කිරීම: ඔබත් ඔබේ දරුවාට ආහාර ගැනීමට බල කරනවාද?

lead image

අප වටහා නොගෙන සමහර වේලාවට දරුවන්ට ආහාර ගැනීමට බල කිරීම  මගින් යහපතට වඩා වැඩි හානියක් කළ හැකිය.

ඉන්දියානු පියෙක් සිය තුන් හැවිරිදි වු දියණියට බලෙන් ආහාර කැවීමට යෑමෙන් ඇයට  සිරවී  මරණයට පත් වුනා කියන පුවතක් එක්සත් ජනපදය කම්පිත කලා.

සිද්ධිය පිළිබඳ විස්තර තවමත් පැහැදිලි නැති අතර දෙමාපියන් දැනට පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටියි. එහෙත් මෙම සිද්ධිය ඉන්දියානු පවුල් අතර විශේෂයෙන් ප්‍රකට ක්‍රියාවක් වන බලහත්කාරයෙන්  ආහාර කැවීමේ ගැටලුව ඉස්මතු කරනු ලබයි .

ඒ නිසා, මොහොතක්  සිතා බලන්න. මෙය ඔබේ නිවස තුළ පොදු ක්‍රියාවක්ද? සෑම පැයක් හෝ දෙකකට වරක් ඔබේ දරුවා පිටුපස කෑම පිරුන පිගානක් අරන් දුවනවාද? දරුවා අවසානයේ එය අනුභව කරාවි යැයි බලාපොරොත්තු වෙනවාද ?

මව්වරුනි මදක් නවතින්න. සැහැල්ලු වන්න.

ඔබේ නිවසේදී මෙවැනි වාතාවරණයක් ඇතිවුවහොත්, ඔබට මගේ උපදෙස නම් නවතින්න සැහැල්ලු වන්න යන වචන දෙකකි.

දරුවන්ට ආහාර  කැවීම  විශේෂඥයන් පවසන පරිදි, දරුවන්ට බලහත්කාරයෙන්  ආහාර ලබාදීම මගින්  යහපතට වඩා අයහපතක් සිදුවේ.

ඔබේ දරුවාගේ ආහාර අවශ්‍යතාවයන් සහ ආහාර ලබා ගැනීම අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබේ දරුවා ආහාරයට ගන්නා විට මෙම පොදු වැරැදි නොකිරීමට  ඔබ වගබලා ගැනීම වැදගත් වේ.

දරුවන්ට ආහාර ගැනීමට බල කිරීම

වැරදි 1: ඔබේ දරුවා ආහාර වේල ප්‍රතික්ෂේප කරන විට ඔබ කෝපයට පත් වූ / කණගාටු වූ / වේදනාවක් පත්වු බව පැවසීම හෝ සමහර ආහාර ගන්නා ලෙස පවසමින් බ්ලැක්මේල් කිරීම

ඒ වෙනුවට ඔබේ දරුවාට ධනාත්මකව හා සතුටින්  "කණගාටු වෙන්න එපා අපිට මේ රස කෑම විසි කරන්න පුළුවන් " යැයි  පවසන්න . දරුවා කුසගින්නේ සිටින විට හෝ ඒ ආහාරය ගැනීමට පෙළඹීමක් ඇති විට දරුවා එම ආහාර ඉල්ලා සිටීමට ඉඩකඩ ඇත.

වැරදි 2: ඔබේ දරුවන්ගේ ප්‍රියතම ආහාර පමණක්  සැපයීමට උත්සාහ කිරීම.

දරුවන්ගේ  රසය වර්ධනය කිරීමට එකම ආහාර දස වාරයක් වත් ලබා දිය යුතු බව මතක තබාගන්න.

ඔබේ දරුවා බැදපු අලපෙති  කන්න කැමති  නිසා ඔබට දිනපතා එය ලබාදිය හැකි  බවක් ඉන් අදහස් නොවේ. ඒ වෙනුවට දරුවන්ට කෑමට හිතෙන තුරු එළවළු, බත්  ලබාදෙන්න  උත්සාහ කරන්න.

වැරදි 3: ඔවුන්ට ආහාර සියල්ලම ගැනීමට බල කිරීම.

අපි ඒක පිළිගන්නවා. මව්වරුනි , දරුවන් වැඩිහිටියන් නොවන අතර ඔවුන් ආහාර තෝරා ලබා ගනු ලබයි . ඔවුන්ගේ ආහාර පිගන් වල කෑම ඉතුරු වී තිබීමෙන් කරදරයට පත්වෙන්න එපා.

ඔවුන් කෑව දේ ගැන අවධානය යොමු කරන්න. ආහාර නාස්තිය අවබෝධ කර ගැනීමටත්, ඒවා ඉතිරි නොකර කෑමටත් ටික කාලයක් ගතවේව්. ඒ වෙනතුරු  ඔවුන්ව ඉවසන්න.

දරුවාට ආහාර ගන්න බල කිරීම කරමින් මේ වැරදි තුන කරන්න එපා මේ මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී