සොසේජ් කෑල්ලක් සිරවී අවසන් ගමන් ගිය සිගිත්තිය

ඔබේ දරුවාට ආහාරයට දෙන ආහාර වර්ග සිරවීමේ අවදානම නොමැති බවට තහවුරු කර ගැනීමේ වැදගත් කම වයස අවුරුද්දක් වු මේ පුංචි මල් කැකුලියගේ ඛේදනීය  මරණය අවධාරණය කරනවා.

ෆිලිපීනයේ එක් අවුරුද්දක් වයසැති ගැහැනු දරුවෙක් සොසේජ් කෑල්ලක් සිර වී අවාසනාවන්ත ලෙස මිය ගියා.

මේ අම්මා සිය දරු පැටියා තනි කලේ එක් මොහොතක් විතරයි.

දරුවාගේ මව පවසන පරිදි, මේ  ඛේදනීය සිද්ධිය  සිදු වෙන විට  ඇය සිය දියණියට සොසේජ් කැබැලි කවමින් සිට තිබෙනවා.

තම දියණිය සොසේජ් කැබැලි රසබලමින් සිටි බවත් ඉන්පසු ඒවා ඉවතට දමමින් සිටි බව මව කිව්වා. ඉන්පසු ඇය යමක් ලබාගැනීමට මොහොතකට  ඉහල මහලයට ගිය අතර ඇය නැවත පැමිණි විට ඇගේ දියණිය ආහාර සිරවීම වී සිටියා. 

ඇගේ දියණිය හුස්ම ගැනීම  සදහා දැඩි උත්සහයක් ගනිමින් සිටි අතර ඇයගේ මුහුණ නිල් පැහැයක් ගනිමින් තිබුනා.

ඔවුන් ඉක්මනින් දරුවා රෝහලට ගෙන ගියත් කණගාටුවට කරුණනම් ඇය එහි යන විටත් මිය ගොස් සිටියා.

තම  දරුවන්  ආහාර සිරවීම අවදානම තුලින් ආරක්ෂා කර ගැනීමට  දෙමාපියන්  කල යුත්තේ කුමක්ද?

මෙම ඛේදජනක සිද්ධිය දෙමාපියන්ට තම දරුවන්ට ඝන ආහාර ලබා දෙන විට අමතර සැලකිල්ලක් දැක්වීම කොතරම් වැදගත්ද යන්න අවධාරණය කරනවා.

ඒ සදහා  ආහාරය කුඩා කෑලි වලට  කපා   සැමවිටම  ලබාදීම පමණක්  ප්‍රමාණවත් නොවේ. තවද, ඔවුන් සිය දරුවන් ආහාර ගන්නා සෑම මොහොතකම අවධානයෙන් සිටිය යුතුය.

ආහාර සිරවීම අවදානම ඇති අනෙක් ආහාර මෙන්න.

•හොට්ඩොග්ස්/ බනිස්

•කැරට්

•ඇපල්

•මිදි

• ඇට වර්ග 

•රට කජු බටර් 

• මාර්ෂ්මෙලොන්ස්

• චුයින්ගම් හෝ ටොපි

•පොප් කොන්

•කෙසෙල්

ඔබේ දරුවා මෙම ආහාර සිර නොවීමට  වග බලා ගැනීම සඳහා, ඒවා දරුවන්ට පහසුවෙන්  ගිල දැමීමට  හැකි කුඩා, අවිධිමත් හැඩැති කෑලි වලට කපා නිතරම ලබා දෙන්න .

වැඩිහිටියන් සඳහා "කුඩා" බව පෙනෙන   සමහර කැබලි දරුවන්ට   විශාල කැබලි විය හැකි බැවින් ඔබට හැකි තරම් කුඩා කැබලි වලට ඒවා කැපීම    හොඳ අදහසකි.

එසේම, දරුවන්  ආහාර  ගන්නා විට තනියම තබන්න එපා.

ඔබේ කුඩා දරුවාට  ආහාර කෑල්ලක් සිර වුනොත්  ඔබට කළ යුත්තේ කුමක්ද යන්න මග පෙන්වීම සඳහා ප්‍රයෝජනවත් වීඩියෝවකි:

ශ්‍රීලංකාව තුලද මෑතකදී ආහාර සිරවීම නිසා දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවත අහිමි වුන වාතාවරණයක ආදරණීය දෙමව්පියන්ට මේ වටිනා තොරතුරු ගෙන එන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී