theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක නිවාඩු මාසයේ ගෙදර ඉන්නේ කොහොමද?

3 අවම කියවීම
හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක නිවාඩු මාසයේ ගෙදර ඉන්නේ කොහොමද?හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක නිවාඩු මාසයේ ගෙදර ඉන්නේ කොහොමද?

නිවාඩු සමය සාමය සැනසීම පිරුනු එකක් විය යුතුය. එය හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා සමග කටයුතු කිරීමේදී පවා එසේ විය යුතුය.

නිවාඩු කාලේ එක්කම සාද, හමුවීම් වැහිවැහලා. හැම එකටම ඇගිලිගසනා නැන්දම්මා නම් මේ දිනවලට ගැලපෙන කෙනෙක් නෙවේ.

මිතුරුකම් විදින්න, අවුරුද්ද පුරා ලැබුන දේ ගැන සතුටු වන්න නිවාඩු කාල ඇත්තෙන්ම අපිට හොද වකවානුවක් වෙනවා.

නමුත් අපි මිතුරන් හා ආදරණීයයන් සමග කාලය ගත කිරීමට සිතුවත්, නැන්දම්මා වැනි ඇසින් ඇස ගැටෙනවාට ප්‍රිය නොවු පුද්ගලයන් සමග නිවාඩුව ගත කිරීමට සිදුවීමෙන් වෙහෙසකාරිත්වයක් දනවනවා.

ඔබටත් හැම එකටම ඇගිලිගසනා නැන්දම්මා කෙනෙක් ඉන්නවාද?

ඔබ ඔබේ නැන්දම්මාව අවුරුද්දකට දකින්නේ ඉතාම සුළු අවස්ථා ගණනක් වුවත් ඒ හැම අවස්ථාවක්ම ඔබට කණගාටුව හා කනස්සල්ල  ලගාකර දෙනවා.

ඇයත් එක්ක ඔබ කරන සෑම ගණුදෙනුවක්ම වේදනාකාරී බවක් දැනෙන්න පුළුවන්.

ඔබ මේ ලිපිය කියවනවා නම් ඔබ හරි ඔබේ හිතවත් අයෙක් හරි මේ ගැටළුවට මැදිවෙලා ඉන්නවා වෙන්න පුළුවන්.

නිවාඩු කාලයේදී  හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක ගණුදෙනු කරන විටදී ඔබ සංසුන්ව සිටීම වැදගත් වේ.

මෙන්න මතක තබා ගැනීමට ප්‍රයෝජනවත් වියහැකි ඉගි කිහිපයක් ,

1. ඇයගේ උත්තේජනයන් සදහා ගෞරව කරන්න.

ඔබේ නැන්දම්මා එක්තරා විදියකට ප්‍රතිචාර දක්වන්නේ හා ප්‍රතික්‍රියා කරන්නේ ඇයි කියා දැන ගැනීමට ඇය ගැන දැන ගැනීම එක් හොද පියවරක් වෙනවා.

ඇගිලිගසනා නැන්දම්මා

ඔබට ඇයගේ තැනට යෑමට ප්‍රයන්ත දරන්න පුළුවන් නම් යම් ගැටලුවක් ගැන ඇයගේ ඉදිරි දැක්ම ඔබට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

ඔබගේ නැන්දම්මා නිතරම පුතා පිටුපසින් සිටින්නියක් නම් හෝ ඔයා මගේ පුතාට ගැලපෙන්නේ නැහැ කියා හිතන අයෙක් නම් ඇයගේ අදහස් උපකල්පනය කිරීම හෝ ඇය කොතැන සිට පැමිණෙන්නේද යන්න පිළිගැනීම ඇයව තේරුම් ගැනීම ආරම්භ කිරීමට එක් ක්‍රමයක් වෙනවා.

ඇය වෙනත් පරම්පරාවකට අයත් බව හදුනාගන්න. පැරණි පාරම්පරික ඇත්තන්ට ඔවුන්ගේ සම්ප්‍රදායට අදාල  බලාපොරොත්තු තියෙන්න පුළුවන්.

මෙය ඔබට පුරුදු සම්ප්‍රදාය සමග හෝ ඔබට දරුවන්ට පුරුදු පුහුණු කිරීමට අවැසි සම්ප්‍රදාය සමග  ඍජුවම ගැටෙන්න පුළුවන්.

2.ඔබේ  හදුනාගැනීම තුල ආරක්ෂාකාරී වන්න.

ඔබ කවුද ? ඔබට සැමියාගේ ජීවිතයේ කොතැනද ඉන්න අවශ්‍ය කියා දැනගන්න.

ඔබේ  හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මාට අපැහැදිලි වුවත් ඔබ ඔබේ පවුල වෙනුවෙන් හැකි උපරිමය  කිරීමට  උත්සාහ කරන බව ඔබටම සහතික කර ගන්න.

ඇය කවදාවත්ම ඔබේ උත්සාහයන් පිළිනොගන්න ඉඩ තියෙනවා.

ඇය කවදාවත්ම ඔබේ උත්සාහයන් පිළිනොගන්න ඉඩ තියෙනවා. ඒත් ඔබට විශ්වාසයක් ඇත්නම් ඔබ ඇයට ගෞරවයෙන් සලකනවා නම් ඇය ඔබට සහය දෙන්න ඉඩතියෙනවා.

ඇගිලිගසනා නැන්දම්මා

නිවාඩු කාලයේදී ඇයත් එහි සිටින බව ඇයට දැනෙන්න ඉඩ දීමට උත්සහ කරන්න. එහෙත් ඔබේ දරුවන්ගේ නිවාඩු කාලය කලමනාකරණය කිරීමේදී ස්ථීර වන්න.

3. එකගතාවය

සීමා මායිම් වැදගත් වුවත් , නිවාඩු දින ගතකරන  විටදී සුළු එකගතාවයක් වුනත් සෑම කෙනෙකුටම පහසුවක් වනු ඇත.

නිදසුනක් වශයෙන්, ඔබේ නැන්දම්මා  ඇයගේ කැමැත්තට  වැඩකරයි නම් ඔබේ ක්‍රමය  භාවිතා කිරීමට බල කරන්න එපා. එය ඒ ඒතරම්ම සරලයි.

4.සියල්ල ආදරයෙන් විස්තර කරන්න 

ඔබ දවස් හතම පැය 24 ම සතුටෙන්  සිටිය යුතු නැත. එහෙත් අවම වශයෙන්  සුහදශීලී වීමට පුරුදු විය යුතුය.

එකගතාවයක් නැතිවිට පවා මූලිකව ගෞරවය තිබිය යුතුය.  ඔබට ගොඩාක් තරහා ගිය  විටදි පවා උපහාසාත්මක අදහස් දැක්වීම් හෝ එලෙස හැගවෙන දේ කිරිමෙන් වලකින්න.

ඔබේ හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මාට අගය කරන බව දැනෙන පරිදි ඔබේ ප්‍රකාශයන් ගෞරවනීයව හා විනීතව  කිරීමට වගබලා ගන්න.

5.හැම දෙයක්ම පෞද්ගලිකව ගන්න එපා.

සෑම කුඩා අදහසක හෝ  සෑම යෝජනාවකම වැරැද්දක් දැකීම නොකළ යුතුය. සෑම දෙයක්ම අසාධාරණ විනිශ්චයන් ලෙස නොදැකිය යුතුය.

මෙම සෘණත්වය ඔබගේ නිවාඩු දින ගත කිරීම  තුලදී අනෙක් අය දැනුවත්  වෙනු ඇත.

අවසාන වශයෙන් , සැබෑ සිනහවක් රදවා අනෙක් අයට ප්‍රසන්නව නිවාඩුව ගත කිරීම සඳහා ඔබේ උපරිමය කරන්න.

ඇගිලිගසනා නැන්දම්මා

ඔබ හා ඔබේ නැන්දම්මා කවදාවත්ම  හොද මිතුරන්  නොවිය හැකි වුවත්, එළඹෙන නිවාඩු සමය ඔබ  එකිනෙකාට ගෞරව දැක්වීමට පුංචි  අවස්ථාවක් විය හැකිය.

හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා ඔබගේ සැමියාගේ අම්මාද වේ. ඇය සමග සුහදශීලි ලෙස නිවාඩුව ගත කිරීමට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • හැම දෙයටම ඇගිලිගසනා නැන්දම්මා එක්ක නිවාඩු මාසයේ ගෙදර ඉන්නේ කොහොමද?
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ලෝකයේ හොදම බිරිද ඔබද?

    ලෝකයේ හොදම බිරිද ඔබද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ලෝකයේ හොදම බිරිද ඔබද?

    ලෝකයේ හොදම බිරිද ඔබද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it