ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

lead image

ඉන්දියාවේ ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද වසර 9ක් පමණ වන විටම මල්වර වීම සිදුවන බව පැවසෙනවා. ඊට හේතුව දැනගන්න.

ඉන්දියානු ගැහැණු දරුවන්ට කිරි වීදුරුවක් දිනපතාම දෙන්න හරි අම්මලා කැමතියි. නමුත් එය නතර කිරීමට දැන් කාලය ඇවිල්ලා.

කිරි ලබාගන්නා සතුන්ට ඔක්සිටොක්සින් නමැති හෝර්මෝනය එන්නත් කිරීම නිසා කිරි වැඩිවෙන බව විශ්වාස කරන අතර එහි බලපෑම දරුවන්ටද තිබෙනවා. 

ඒ නිසා එය තරුණ දරුවන්ගේ මල්වර වීම ඉක්මන් කිරීමටත් බලපානවා. හුඟක් කිරි ලබාගන්නා ගොවීන් ඔක්සිටොක්සින් ලබාදීම නිසා ඉන් සතුන්ගේ පැටව් බිහි කිරීමේ හැකියාවද අඩුවන බව පෙන්වා දී තිබෙනවා.

ඉන්දියානු දරුවන් ඉක්මණින් මල්වර වෙනවා

මෙම හෝර්මෝනය මගින් දරුවන් මල්වර වීම ඉක්මනින් වනවා. ඉන් ගැහැණු දරුවන්ගේ මල්වර වීම ඉක්මනින් වෙනවා වගේම පිරිමි දරුවන්ගේ මල්වර ලක්ෂණ පහළ වෙනවා. එය ඉතා රහසිගතව එළදෙනුන්ට ලබාදෙන බව Mid-day හි සඳහන් කර තිබුණා.

නාගපූර් හි පශු වෛද්‍ය සරසවියේ පර්යේෂණ අධ්‍යක්ෂක වෛද්‍ය V L ඩියොපුර්කර් පවසන ආකාරයට ඔක්සිටොක්සින් හා පිටොක්සින් ප්‍රසූත වේදනා අඩු කිරීමට කාන්තාවන්ට ලබාදෙන හෝර්මෝනයක් ලෙස සඳහන් වෙනවා. නමුත් මෙය එළදෙනුන්ට දිනකට දෙවරක් පමණ සිදුකරනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කිරි ලීටර් ගණනක් නිෂ්පාදනය වෙනවා.

චත්‍රපති ෂහුජි මහරාජ් වෛද්‍ය සරසවියේ වෛද්‍ය රාහුල් කුමාර් පවසන ආකාරයට ඔක්සිටොක්සින් විශේෂයෙන් ගැහැණු දරුවන් මල්වර වීම වේගවත් කිරීමට හේතුවන බව පැවසෙනවා.

මල්වර වීම ඉක්මන් කිරීමට එය බලපාන්නේ කොහොමද?

වෛද්‍ය ප්‍රමින්ද සින් Mid-day වෙත අදහස් දක්වමින් 1990 කාලයේදී ගැහැණු දරුවන්ගේ මල්වර වීම වයස 16 දී පමණ සිදුවූ බව පැවසෙනවා. දැන් කාලයේ එය බෙහෙවින්ම වෙනස්වී හුඟක් දෙමාපියන් වයස අවුරුදු 9 පමණ වන විට දරුවන් තුළින් මල්වර ලක්ෂණ පහළ වීම ගැන කලබල වී වෛද්‍යවරුන් ළඟට යනවා. ඒ වගේම පිරිමි දරුවන්ගේ පපු ප්‍රදේශය මහත් වීම ඇතුළු ලක්ෂණ දක්වන බව සඳහන් වෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ මේ නිසා හෝර්මෝන අසමතුලිත වෙන නිසා කිරි නිෂ්පාදනය වෙනස් වීමට එය බලපාන බව පැවසුවා. මෙය පාලන අධිකාරිය විසින් අධීක්ෂණය කළ යුතු තත්වයක් වෙනවා. විද්‍යාගාර තුළ කිරි නිෂ්පාදන පරික්ෂා කිරීමට පහසුකම් සැලසිය යුතු වෙනවා.

මේ හෝර්මෝනය ඉන්දියාව තුළ තහනම් නොකරන්නේ ඇයි?

මේ හෝර්මෝනය සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ලබාගැනීම තහනම් කර තිබෙනවා.

සත්ව හිංසන සඳහා වන නීති වලට අනුවත්, ඖෂධ නීතිගත කිරීම් හා නීති පටිපාටි වලට අනුව වෛද්‍ය නිර්දේශය නැතිව මෙම හෝර්මෝන මිලදී ගත නොහැකි බවට නීති පනවා තියෙනවා. නමුත් නීතියට පටහැනිව බොහෝ තැන් වල මෙම හෝර්මෝන අලෙවි වෙනවා. මේ නිසා තරුණ දරුවන්ගේ ජීවිත වලට විශාල තර්ජනයක් ගෙන දෙනවා. 

මේ වෙනුවෙන් කළ යුත්තේ මොනවද?

ලබාදෙන කිරි ගැන දැනුවත් වීම වැදගත්. ගෙදරදී ඔබට කිරි පරික්ෂා කළ හැකි ක්‍රම මොනවද?

  • ජලය - හොඳින් පොලිෂ් කරන ලද මතු පිටට කිරි බිංදුවක් දමන්න. පිරිසිදු කිරි නැවත කිසිවක් ඉතිරි නොකර මතුපිට නොරැඳී බේරී ඉවත් වෙනවා.
  • පිරිසිදුම්ඛාරක - 5-10 ml කිරි වලට එම ප්‍රමාණයටම ජලය ගන්න. එහි පෙන නැගෙනවා නම් ඊට යමක් එකතු වී හෝ පිරිසිදුම්ඛාරක මුසුවී තිබෙන්න පුළුවන්.
  • කෘතිම කිරි - බීමෙන් පසු යම් තිත්ත රැසක් දැනෙන අතර රත් කිරීමෙන් පසු කහ පැහැයට හැරෙනවා. ඒ වගේම ඇඟිලි වලට සබන් වැනි ගතියක් දැනෙනවා.
  • කැඳ - කිරි වල නිල් පැහැයක් දකින්නට ඇත්නම් එහි කැඳ ඇති බවට ඉඟියක් වෙනවා.

කිරි වුනත් වස මුසුවී දරුවන්ට ලැබෙන්නට ඉඩ ඇති නිසා ඒ ගැන ඔබ දැනුවත් කරන්න theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ