theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන මිත්‍යා විශ්වාස

6 අවම කියවීම
බෙදාගන්න :
•••
ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන මිත්‍යා විශ්වාස

මව්වරුනි, පියවරුනි  ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන වු මිත්‍යා විශ්වාස දහය ගැන ඔබත් දැනුවත් වෙන්න.

මව්වරුන්ට හා පියවරුන්ට ඉන්ෆ්ලුවෙන්සා, උණ ගැන වු මිත්‍යා විශ්වාස හා තොරතුරු දැන සිටීම වැදගත් වන්නේ අන්න ඒ නිසයි. එවිට ඔවුන්ට ඔවුන්ගේ දරුවන්ට හොදන් රැකබලා ගන්න පුළුවන්.

නමුත් පළමු දේ පළමුවෙන්, ඉන්ෆ්ලුවෙන්සා, උණ යනු කුමක්ද ?එය අනෙක් රෝග වලින් වෙනස් වන්නේ කෙසේද?

ඉන්ෆ්ලුවෙන්සා උණ,  සෙම්ප්‍රතිශ්‍යාව: වෙනස කුමක්ද?

බහුල සෙම්ප්‍රතිශ්‍යාව හා ඉන්ෆ්ලුවෙන්සා උණ යන දෙකම සමාන වන අතර ඒවා බෝවීමට වෛරස් හේතුවෙන අතර, උගුරේ අමාරුව, සොටුදියර ගැලීම, නාසයේ තදබදය ,කැස්ස පොදු රෝග ලක්ෂණ වේ.

එහි වෙනස නම් ඉන්ෆ්ලුවෙන්සා උණ සලකන විට උණගැනීම, ඔළුව රිදීම හා මාංශපේෂින් විඩාව වැනි බරපතළ රෝග ලක්ෂණ ඇතිවේ.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව දින කිහිපයකින් සුව වී යන අතර ඉන්ෆ්ලුවෙන්සා උණ සතියක් හෝ ඊට වැඩියෙන් පවතිමින් සුව වීම සදහා ප්‍රතිවෛරස් ඖෂධ අවශ්‍ය විය හැකි බැවින් ඉන්ෆ්ලුවෙන්සා උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සදහා ප්‍රතිකාර වෙනස් වේ.

සෙම්ප්‍රතිශ්‍යාව සදහා ඇති බහුල මිත්‍යා විශ්වාස වගේම, දෙමව්පියන් දැනුවත් විය යුතු ඉන්ෆ්ලුවෙන්සා උණ සදහා වු මිත්‍යා විශ්වාස ද ඇත.

මෙන්න ඒ පිලිබඳ ප්‍රසිද්ධම දහය,

1. ඉන්ෆ්ලුවෙන්සා උණ එන්නත් (flu shot) ලබාදීමෙන් උණ වැළදේ. ( සුපතල මිත්‍යාව)

ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන වු මිත්‍යා විශ්වාස අතර මෙය බහුලව පවතින්නා වු වැරදි සංකල්පයකි.

විශේෂයෙන් උණ එන්නත් වල අක්‍රීය කරන ලද උණ වෛරසය අඩංගු අතර එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් වුවද එයට ආසාදනයක් සම්ප්‍රේෂණය කල නොහැකි බව ඒ මගින් කියවේ.

උණ එන්නත් ලබා ගත් වහාම දරුවන්ට උණ වැළදුන අවස්ථා තියෙනවා.

ඔවුන්ගේ දෙමව්පියන් උණ වැළදීමට හේතුව එම එන්නත බවට අනුගමනය කිරීමට එය හේතු වෙනවා.

කෙසේ වෙතත් උණ එන්නතෙන් ආරක්ෂාවක් ලැබෙන්න එය ලබා දීමෙන් පසු සතියක් දෙකක් යනවා.

එන්නත ලබාදීමෙන් පසු දරුවන්ට උණ වැළදෙන මෙවැනි අවස්ථා වල ඔවුන් කොහොමත් රෝගී වන බව සරලව අදහස් කෙරෙනවා.

2. නිරෝගී පුද්ගලයන්ට ඉන්ෆ්ලුවෙන්සා උණ ප්‍රතිශක්තිකරණය අවශ්‍ය නැහැ.

සෑම අයෙක්ම විශේෂයෙන් සම්පුර්ණයෙන්ම නිරෝගී දරුවන් පවා උණ ප්‍රතිශක්තිකරණයක් ලැබීමෙන් ප්‍රතිලාභ ලබනවා.

ඒ නිරෝගී පුද්ගලයන් උණ නිසා රෝගී වෙන්නේ නැති වුනත් ඔවුන් වෛරසයේ වාහකයන් වන්නට පුළුවන්.  

එනම් ඔවුන් විසින් උණ ප්‍රතිශක්තිකරණය ලබාගෙන නොමැති හා දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයන් වෙත රෝගය පතුරවනු ලබයි.

මාස හයේ සිට අවුරුදු දහනමයක් දක්වා වු දරුවන් , ගර්භණී මව්වරුන් හා වයස අවුරුදු 49 ඉක්ම වු ඕනෑම අයෙක් සදහා උණ ප්‍රතිශක්තිකරණය ලබාගැනීම නිර්දේශ කරනවා.

3. ඉන්ෆ්ලුවෙන්සා ආමාශයේ ගැටළු තත්වයන් ඇති කරයි.

තවත් සුපතල උණ ගැන වු මිත්‍යා විශ්වාසක් වන අතර උදර උණ නමින් රෝගයක්ද ඇත. රෝග දෙකම වෛරස් මගින් හැදුනද උදර උණ  ඉන්ෆ්ලුවෙන්සා හෝ උණ වෛරස් වලින් ඇති නොවේ.

ඉන්ෆ්ලුවෙන්සා සමහර විට අමාශයේ රෝග තත්වයන් ඇති කල නමුත් මෙම රෝග ලක්ෂණ ඇති වන්නේ  උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය උණ රෝග ලක්ෂණ වලින් පසුව වේ. අමාශයේ රෝග උණට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වු රෝගයක් වේ.

4. ගර්භණී මව්වරුන් උණ ප්‍රතිශක්තිකරණ  එන්නත නොගත යුතුය.

සෑම ගර්භණී මවක්ම තමන්ගේ සෞඛ්‍ය ගැන විමසිලිමත් වන අතර එසේ වීම නිවැරදි වේ.  අන්න ඒ නිසා ගර්භණී සමයේදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේදී විමසිලිමත් වෙනවා.

ඒ ඔවුන්ගේ නුපන් දරුවාට ඒ මගින් ඍනාත්මක බලපෑමක් ඇති වේවි යැයි ඇති වු ශෝකය නිසායි.

ඉන්ෆ්ලුවෙන්සා උණ ප්‍රතිශක්තිකරණ  එන්නත් සලකන විට බොහෝ වෛද්‍යවරුන් විසින් මෙම එන්නත් ගර්භණී මව්වරුන්ට හැකි ඉක්මනින්ම ලබා ගන්නා ලෙස නිර්දේශ කරනවා.

මෙය මවට උණ රෝගය වැළදීමෙන් වළක්වනවා මෙන්ම පුංචි පැටියාව විශේෂයෙන් මාස හයට අඩු මෙම එන්නත ලබා ගත නොහැකි පුංචි පැටියාව  උණ රෝගයෙන් ආරක්ෂා කරනවා.

පුදුම හිතෙන තවත් දෙයක් නම් එන්නතට ප්‍රතිචාර දක්වමින් මවගේ සිරුර ප්‍රතිදේහ නිපදවු විට ඒවා මව්කිරි හරහා දරුවා වෙත ගමන් කරනවා. එනම් මව්කිරි දීමෙන් දරුවාට බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා.

5.වාර්ෂික උණ ප්‍රතිශක්තිකරණය මුදල් නාස්ති කිරිමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ එන්නත සදහා යම් මුදලක් වැය වීම විශේෂයෙන් එය ඔබේ මුළු පවුලටම ලබා ගන්නා විටදී  සත්‍ය වේ. බොහෝ මිනිසුන් උණ එන්නත එකවරක් ගැනීම ප්‍රමාණවත් බවත් , අනෙක් එන්නත් වගේ එය ජීවත කාලයටම ප්‍රතිශක්තිකරණය ලබාදෙන බවත් සිතනවා.

උණ ගැන මතක තබාගත යුතු දෙය වන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස සෑම වසරකම වෙනස් වෙන බවයි. මෙයින් අදහස් වන්නේ උණ රෝගය සදහා ගන්නා එන්නත නිසා ඔබේ සිරුරට වෙනස් වු උණ වෛරස් සමග සටන් කල හැකි නොවීමයි.

අන්න ඒ නිසා පවුල් වෛරස වලට එරෙහිව සුරක්ෂිත බව තහවුරු කර ගැනීමට  වාර්ෂිකව උණ ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම නිර්දේශ කරනවා.

6. නිතර අත් සේදීමෙන් උණ රෝගය වැළදීම වළකිනවා.

නිතර අත් සේදීම තිබිය යුතු හොද පුරුද්දක් වන අතර නිතර එසේ කිරිමෙන් බොහෝ ලෙඩ රෝග බෝවීම වළක්වන්න පුළුවන්.

නිතර අත් සේදීම ඔබට උණ වැළදෙන අවස්ථා අඩු කරන නමුත් ඒ මගින් සීයට සීයක ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.

ඒ මිනිසුන් කතා කරන විට, කහින විට, කිවිසුම් යවන විට වාතයට මුසුවෙන කෙළ බිදිති වලින් උණ රෝගය පැතිර යන අතර අත් සේදීමෙන් වාතය ගෙනයන ආසාදන වැළැක්විය නොහැක.

උණ රෝගයෙන් වැළකී සිටීමට ඔබේ නිරෝගිමත් භාවය පවත්වා ගන්න. අදාල ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්න .

7. මගේ දරුවාට උණ ප්‍රතිශක්තිකරණය ලබා දුන්නා . නමුත් ඇය රෝගී වුනා. ඒ කියන්නේ එයින් ඵලක් නැහැ.

උණ ප්‍රතිශක්තිකරණය ඉන්ෆ්ලුවෙන්සා උණ වෛරසයට එරෙහිව සීයට සීයක ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ.

බොහෝ අවස්ථා වල එය උණ වැළැක්වීමට 60%සිට 90% දක්වා ඵලදායී ආරක්ෂාවක් ලබාදෙනවා. මෙයට පිටුපසින් ඇති හේතුව වසරින් වසර ස්වරූපය වෙනස් වීම හේතුවෙන්  ඉන්ෆුඑන්සා වෛරසයේ ප්‍රභේද කිහිපයක් එක් වරකට පැතිර යන්න පුළුවන්.

විද්‍යාඥයන් සිතන්නේ වාර්ෂික උණ ප්‍රතිශක්තිකරණ  එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ  බහුල වෛරසයට එරෙහිව බවයි.

එනම් ඔබේ දරුවාට බහුල නොවන වර්ගයක් ආසාදනය වුවහොත් එන්නත් ලබා දී තිබුනත් වෙනත් වෛරසයක් ඇතුල් වු නිසා ඔබේ දරුවා රෝගී වීමට හැකියාවක් තියෙනවා.

කොහොම නමුත් උණ ප්‍රතිශක්තිකරණ එන්නත කිසිවක් නොකරන බව ඉන් අදහස් කරන්නේ නැහැ. ඔබේ දරුවාට වෙනත් ප්‍රභේදයක් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති නිසා එන්නතෙන් යම් ආරක්ෂාවක් ලැබී උණ රෝග ලක්ෂණ අඩු විය හැක.

8. උණ සුව වීමට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍යයි.

ප්‍රතිජීවක ඖෂධ ආසාදන සුව කරන බැවින් උණද සුවකරන බව බොහෝ අය සිතන බැවින් මෙය නිතර ඇසෙන උණ ගැන වු මිත්‍යා විශ්වාසයක් වෙනවා. ප්‍රතිජීවක ඖෂධ වෛරස් මත ක්‍රියා නොකරන බැවින් එය උණ වෛරසය සදහාද ක්‍රියා නොකරයි.

ප්‍රතිජීවක ඖෂධ බැක්ටීරියා ආසාදන  හෝ බැක්ටීරියා නිසා ඇතිවෙන ඕනෑම රෝගයකට හොදින් ක්‍රියා කරයි. වෛරස් සදහා ඒවා සුදුසු නොවේ.

නිශ්චිත හේතුවක් නොමැතිව දරුවාට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හොද අදහසක් නොවන අතර  ඒ නිසා බැක්ටීරියා වලට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිශක්තිකරණයක් ගොඩ නගා ගත හැකි අතර ඒවා බැක්ටීරියා සදහා එලදායි නොවන එයට එරෙහි බැක්ටීරියා ප්‍රභේදයක් නිපදවේ.  වෛද්‍යවරයා නිර්දේශ කරයි නම් පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන්න.

9. උණ ප්‍රතිශක්තිකරණය Alzheimers disease ( මොළයේ පරිහානියට පත්වීම ) සදහා හේතු වේ.

ඉන්ෆ්ලුවෙන්සා උණ ප්‍රතිශක්තිකරණය Alzheimers Disease ඇතුළු කිසිම රෝගයට හේතුවෙන බව සොයා ගෙන නොමැත. මේ යහපතට වඩා අයහපතක් එක් කරන උණ ගැන වු මිත්‍යා විශ්වාස වලින් එකක් වේ.

මෙම මිත්‍යා විශ්වාසය පැතිරී යෑමට හේතු වුයේ වයසක පුද්ගලයින්ට වාර්ෂිකව උණ ප්‍රතිශක්තිකරණ  එන්නත ලබාදීම නිර්දේශ කරයි.

තවද ඔවුන්  බොහෝ විට Alzheimer තත්වයටද ගොදුරු වේ. එමනිසා මිනිසුන් උණ හා Alzheimer අතර සම්බන්ධතාවයක් ගොඩ නංවා තියෙන්න පුළුවන්.

10. චිකන් සුප් උණ හා සටන් කිරීමට උපකාර කරයි.

මෙය උණ ගැන වු මිත්‍යා විශ්වාස අතර ප්‍රචලිත එකකි. චිකන් සුප් රසවත් අතර එය උණ රෝග ලක්ෂණ වලින් සහනය ලබා දී ඔබේ පුංචි පැටියා සුවපත් කරන්න පුළුවන්.

එහෙත් ඉන්ෆ්ලුවෙන්සා සුව කල නොහැකියි. ඒ උණ හා සටන් වැදිය හැකි කිසිදු සංඝටකයක් චිකන් සුප් වල අඩංගු නොවන නිසයි.

දරුවාට චිකන් සුප් ලබාදම නරක දෙයක් බව මින් අදහස් නොවේ. වෛරසය පරාජය කිරීමට ඔබේ දරුවාට ඖෂධ ලබාදිය යුතු බව ඉන් අදහස් වේ.

උණ ගැන වු මිත්‍යා විශ්වාස පිලිබඳ ඔබේ අවබෝධය පුළුල් කලේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඉන්ෆ්ලුවෙන්සා උණ ගැන මිත්‍යා විශ්වාස
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

single
  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

    දරුවාගේ සෞඛ්‍ය දවස් දහයකින් ඉහල නංවමු!

  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

    ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor