theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉරාජ්ට නිහැඬියාවෙන් ප්‍රතිචාර දැක්වූ වික්ටර් රත්නායක ශුරින් අපට උගන්වන හික්මීම

3 අවම කියවීම
ඉරාජ්ට නිහැඬියාවෙන් ප්‍රතිචාර දැක්වූ වික්ටර් රත්නායක ශුරින් අපට උගන්වන හික්මීමඉරාජ්ට නිහැඬියාවෙන් ප්‍රතිචාර දැක්වූ වික්ටර් රත්නායක ශුරින් අපට උගන්වන හික්මීම

මාධ්‍ය ගැරහුම් පුස්සක් කරමින් වික්ටර් රත්නායක ශුරින් තම නිහැඩියාව පවත්වාගෙන යන්නේ මාධ්‍යය, රසිකයින් සියලු දෙනාවම ඔහුගේ හික්මීමෙන් සහ පරිනත බැවින් ලජ්ජාවට පත් කරමින්.

පසුගියදා ඉරාජ් වීරරත්න නම් වූ තරුණයා වික්ටර් රත්නායක ශුරීන්ගේ විවාහය මත පදනම් වූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් වීඩියෝවක් නිකුත් කළා. ඒ ගැන නොයෙකුත් මතිමතාන්තර ඔබ අසන්නට ඇති. ඉතින් මේ ලිපියේ අදහස ඒ ගැන සටහනක් කිරීම නොවන මුත් මේ සියලු අන්දෝලන වලට නිහඬතාවයෙන් හා සන්සුන් බැවින් ප්‍රතිචාර දැක්වූ වික්ටර් රත්නායක ශුරින් අපට පෙන්වන හික්මීම ගැනත්ඔහුගෙන් අප දකින ආදරය ගැනත් සටහනක් තබන්නටයි.

වික්ටර් රත්නායක ශුරින් මගේ පියාගේ පරපුර නියෝජනය කරන්නෙක්. ඉරාජ් අපගේ මතු පරපුර නියෝජනය කරන්නෙක් කිවහොත් වඩාත් නිවැරදියි. ඔහු නව පරපුරේ අති දක්ෂ  අලෙවිකරුවෙක්. නවකයින්ට අත දුන් කෙනෙක්. නමුත්.. මුදල් හමුවේ ජීවිත වටිනාකම් සියල්ල යටපත් වන බවත්, මිල මුදල් ධනය හමුවේ තරුණයින් පහසුවෙන් අන්ධ වන බවත් ඔහුගේ ක්‍රියාවෙන් පිළිබිඹු වුනා.

අනෙක් අතට වික්ටර් රත්නායක ශුරින්ගෙන් අපට ගන්නට දෑ බොහොමයි. ඔහුගේ නිහතමානී කුසලතා, පරම්පරා ගණනාවක් පුරා එකසේ පවත්වාගත් කිර්ති නාමය, කෙනෙකුගේ වයස යනු ඉලක්කමක් විතරයි කියා ඔප්පු කරන ඔහුගේ නැවුම් ආදරය, බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැති සේ ඔහුගේ නොසැලෙන ආත්ම ශක්තිය සහ හික්මීම.          

ගල් මුල්, මඩ ප්‍රහාර වලට මුහුණ දීමට වික්ටර් රත්නායක ශුරින්ගෙන්  උගත යුතු දේ

1. නිහැඬියාව

‘පිරුණු කලේ දිය නොසැලේ’ කුමකින් හෝ ප්‍රසිද්ධිය, මුදල් සොයාගන්නට මාන බලාගෙන සිටින නොයෙක් සමාජ ජාල සහ වෙබ් අඩවි ඇතුලි විවිධ මාධ්‍යයන් ඉරාජ්ගේ වීඩියෝව සහ වික්ටර් රත්නායක ශුරීන්ගේ විවාහය ගැන තිර පුරවද්දී එක් එක් වෙලාවට එක් එක් විධියට ප්‍රතිචාර දක්වන දහසකුත් රසික රසිකාවියන් බලා සිටියේ වික්ටර් රත්නායක ශුරින් මෙයට ප්‍රකොපයෙන් ප්‍රතිචාර දක්වන තුරුයි. ඇතැම් මාධ්‍යයන් වසර ගණනාවකට කලින් කල ප්‍රකාශයන් උපුටා ගනිමින් දෙපාර්ශවයන් අතර ප්‍රාකෝපය අවුළුවන්නට දරන උත්සාහය පුදුමසහගතයි. මේ සියල්ල පුස්සක් කරමින් වික්ටර් රත්නායක ශුරින් තම නිහැඩියාව පවත්වාගෙන යන්නේ මාධ්‍යය, රසිකයින් සියලු දෙනාවම ඔහුගේ හික්මීමෙන් සහ පරිනත බැවින් ලජ්ජාවට පත් කරමින්. මෙය අපට අනගි පාඩමක් නොවේද?

2. ඒ ඔබ ගැන නොව ඔවුන් ගැනයි

‘යමෙක් ඔබට ගරහන්නේ නම් ඒ ගැරහීම පිළිබිඹු කරන්නේ ඔබේ ප්‍රතිරූපය නොව, ඔහුගේ හෝ අයගේ ප්‍රතිරුපයි” දලෙයි ලාමා වරෙක පැවසුවා.  ගැරහිමකදී මේ යථාර්තය තේරුම් ගතහොත් අපට ඒවායින් බලපෑමක් ඇති වන්නේ නැහැ.

3. ඔවුනට අනුකම්පා කරන්න

යමෙක් ඔබට ගරහන්නට කාලය යොදවන්නේ බොහෝ විට ඔබේ ක්‍රියාවෙන් ප්‍රයෝජන ගැනීමට හෝ නැතිනම් ඔබට ඇති දෙයක් ඔවුනට නැති නිසාවෙනි. මේ හිස් බව ගැන ඔබට ගරහන්නන්ට වෛර කරනු වෙනුවට ඔවුනට අනුකම්පා කරන්න. ඔබේ හිතින් ඔවුනට සමව දෙන්න. ප්‍රතික්‍රියා කරනවා එව්නුවට සමාව දෙන විට ගරහන්න ව්‍යකුලතවයකට පත් වන්නට පවා ඉඩ තිබෙනවා.

4. මාර්ගය වෙනස් කරන්න

ගරහන්නන් වෙත ඔබේ තර්කය හෝ ක්‍රියාව පහදන්නට කාලය යෙදවීමෙන් වලකින්න. ඔබට නිවැරදි යැයි සිතන ක්‍රියාවෙහි දිගටම නිරත වන්න. ඔවුනට දේවල් ඔප්පු කරන්නට ඔබෙන් එක් විනාඩියක් හෝ වය කිරීම නිෂ්පල දෙයකි.

ඉතින් අපගේ හා අප අනාගත් පරපුරට මහගු පාඩමක් උගන්වන වික්ටර් රත්නායක ශුරින් තම කලා කුසලතාවයට අමතරව තම පරිනත බව හා නිවැරදි දැක්ම අපට පෙන්වූවා යයි මට හැඟෙනවා. ඔහුගේ හික්මීමෙන් ඔබේ සිතටත් සන්සුන් බවක් ඇති වුව යැයි සිතමි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය
  • /
  • ඉරාජ්ට නිහැඬියාවෙන් ප්‍රතිචාර දැක්වූ වික්ටර් රත්නායක ශුරින් අපට උගන්වන හික්මීම
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it