ඉශිතාගේ ඇත්ත හස්බන්ඩ් ඉන්ස්පෙක්ටර් අභිෂේක් කියා ඔබ දන්නවාද?

ඉශිතාගේ  ඇත්ත හස්බන්ඩ් ඉන්ස්පෙක්ටර් අභිෂේක් කියා ඔබ දන්නවාද?

මේ ආදරයයි මෙගා නාට්‍යයේ අපි හැමෝගෙම ආදරය දිනා ගත් ඉශිතාගේ (දිව්‍යන්කා) සැබෑ ස්වාමියා වන අභිෂේක් (විවේක්) සමඟ අතිනත ගත් දා සුරූපී ඇයගේ සොඳුරු සේයාරූ කිහිපයක්.

මේ ආදරයයි මෙගා නාට්‍යයේ අපි හැමෝගෙම ආදරය දිනා ගත් ඉශිතාගේ චරිතය මවා පාන්නේ සුන්දර ඉන්දියානු නිළි දිව්‍යන්කා ට්‍රිපතියි.

ඉන්දියානු සුපිරි තටු අතරින් ඔබ දකින සුන්දරතම මානාලිය දිව්‍යන්කා ට්‍රිපති වන්නට පුළුවන්. රක්ත වර්ණ ලෙහෙඟ  ඇඳුමකින් සරසි සිටි ඈ අති රමණිය සම්ප්‍රදායික මනාලියක් වුවා.

තුන්දිනක සැමරුම් වලින් පසු දිව්‍යන්කා ට්‍රිපති සහ විවෙක් ධාහියා අතිනත ගත්තේ දිව්‍යන්කාගේ උපන් ගම වූ භෝපාල්හිදී.

දිව්‍යන්කා රක්ත පැහැති සුරංගනාවියක් සේ දිස් වූ අතර විවේක ක්‍රීම් පැහැති ශර්වානි ඇඳුමකින් සැරසී සිටියේ කුමාරයෙක් වගෙයි.

මේ දිස් වන්නේ ඒ සුන්දර මනාල යුවලගේ මංගල දින රූප පෙළක්.

සුප්‍රසිද්ධ මේ ආදරයයි ටෙලි නාට්‍යය සැම නිවසකම සුලභ නමක්. මේ ප්‍රසිද්ධත්වය නිසා මොවුන්ගේ මංගල උත්සවයද මාධ්‍යකරුවන්ගෙන් පිරී තිබුන. මංගල උත්සවය හින්දු සම්ප්‍රදාය අනුව සිදු වුනු අතර මංගල යුවල සතුටින් මේ පිළිවෙත් වලට සහභාගී වනු දක්නට ලැබුනා.

මංගල උත්සවයෙන් පසු මනාලයා විසින් සිදු කරනු ලැබුවේ අනපේක්ෂිත මුත් සිත් ඇදගන්නා දෙයක්. මාධ්‍යය සමඟ සම්බන්ධ වෙමින් සිටි ඔවුන් එක් වරම ලස්සන රෝස මල් පොකුරක් ගෙන තම සුන්දර බිරිඳ වෙත පිලිගැන්වුයේ මේ මල් කළඹ ‘මාගේ බිරිඳට’ මා දෙන පළමු මල් කළඹයි.

ඉශිතාගේ  ඇත්ත හස්බන්ඩ් ඉන්ස්පෙක්ටර් අභිෂේක් කියා ඔබ දන්නවාද?

දිව්‍යන්කාගේ ප්‍රතිචාරය

දිව්‍යන්කා ඇගේ ලස්සන රතු පැහැති ලෙහෙඟ එකෙන් සැරසී ඊට සරිලන රන් අභරණ වලින් අලංකාරව සරසි සිටියා. අනපේක්ෂිත ලෙස විවෙක්ගෙන් ඇඹරුනේ  රෝස පැහැයට හැරෙමින්. මේ තියෙන්නේ ඒ සුන්දර මොහොත සනිටුහන් කරන විවෙක්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඔහුගේ රසිකයින් වෙනුවෙන් පල කල චායරුපයක්.   

ඉශිතාගේ  ඇත්ත හස්බන්ඩ් ඉන්ස්පෙක්ටර් අභිෂේක් කියා ඔබ දන්නවාද?

දිව්‍යන්කා හා විවෙක් ගේ මංගලෝත්සවයේ තුන් උත්සව වන සංගීත් උත්සවයත්, මෙහෙන්දි උත්සවයත් හාල්දි උත්සවයත් උත්කර්ෂවත් ලෙස සැමරුණු අතර ඒවාට දිව්‍යංකා දිව්‍යාංගනාවක් සේ මනරම්ව සැරසී සිටියා.

ඉශිතාගේ  ඇත්ත හස්බන්ඩ් ඉන්ස්පෙක්ටර් අභිෂේක් කියා ඔබ දන්නවාද?

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Niloufer Perera

කතන්දර ලිපි