" මට ඉස්කෝලේ යන්න බැහැ "
දුව ගෙදර ආපු වෙලේ ඉඳලා අඩනවා.
" ඇයි පුතේ එහෙම කියන්නේ පුංචි ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න ඕනීනේ"
මම කිව්වා.
" බෑ බෑ මට යන්න බෑ"
දුව හොදටෝම අඩනවා.
"ඇයි මගේ පැටියෝ"
මෙච්චර වෙලා මැච් එක බල බල හිටපු තාත්තා ඇහුවා.
" අනේ තාත්තේ, මම හෝම්වර්ක් කලේ නැහැනේ ,ටීචර් කිව්වා මගේ පොත් ටික විසික් කරනවා කියලා"
දුව හූල්ල කිව්වා.
" මොනවා "
මට නම් තරහා ගියත් මොනවාත් නොකියන ලෙස තාත්තා අතින් මට කිව්වා.
"ඉතින් ඇයි මගේ පැටියා දැන් අඩන්නේ"
තාත්තා ඇහුවා.
" අනේ තාත්තේ එතකොට මට හෝම් වර්ක් පොතක් නැති වෙයිනේ. එතකොට මට ඒ පොතේ ඒවා ආයෙමත් මුල ඉදලා ලියන්න වෙයිනේ"
දුව ආයෙමත් අඩන්න පටන් ගත්තා .
"අඬන්න එපා පැටියෝ එහෙම කිව්වාට ටීචර් පොත විසික් කරන්න එකක් නැහැ "
තාත්තා කිව්වා
"නෑ ටීචර් ඒක වීසික් කරාවි"
කියමින් දුව අඬන්නට වුණා
"හෙට මං ඔයත් එක්ක ටීචර් හම්බවෙන්න එන්නම්කෝ, හවසට එක්ක යන්නත් එමු. හවසට එන ගමන් අපි දෙන්නා ස්ටෝබෙරි අයිස් ක්රීම් දෙකකුත් කමුනේ"
ඔන්න තාත්තා දුවව ඉස්කෝලේ යන්න කැමති කර ගත්තා .ඉතිං තාත්තා නිවාඩුවක් දාලා ටිචර්ව හම්බ වෙන්න ගියා.
ඇත්තෙන්ම මොකද වෙලා තිබුනේ
ටීචර් ටිකක් දුවට සැර කරලා තිබුණා. ඒ වගේ දේවල් වලින් පුංචි හිත් තලන එක වැරදියි නේ. දුවගේ මොන හරි වැරැද්දක් තියෙනවා නම් මීට පස්සේ අපිට කතාකරලා කියන්න කියල තාත්ත කියලා ඇවිත් තිබුනා . එහෙම වුනාම අපිට දුව නිවැරදි කරගන්න පුළුවන් .
දුව ඊට පස්සේ ආයෙමත් ඉස්කෝලේ යන්න බැහැ කියලා කිව්වේ නෑ. හැමදාම හෝම්වර්ක් කරනවා. අපිත් ඒ ගැන ගොඩාක් සොයලා බලන්න උනන්දු වුණා.
ඔබගේ දරුවා පාසැල තුල මෙලෙස පාසැල තුල පීඩනයට පත් වෙනවාද සොයා බලන්න . මොකද ඒ මගින් දරුවාට ඉගෙන ගන්න පවා එපා වෙන්න පුළුවන්.