උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණු වදයෙන් බේරෙන්නේ කොහොමද?

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම , එය ඉතාම බියක් ඇති කරනවා පමණක් නොවේ  දරුවන් අතර අපහසුව දනවන ගැටලුවක්ද වෙනවා.

ඔබ ඔබේ දරුවාට පෙර පාසල සඳහා අවශ්‍ය වන සියලු දේ මිල දී ගන්නා ඊළඟ වතාවේදී තේ තෙල් (tea tree oil) බෝතලයක්ද මිලදී ගෙන තබාගන්නා ලෙස මම ඔබට කිව්වොත් සමහර විට මා උමතුවෙන්  යැයි ඔබ  සිතාවි  .

එහෙත් මෙහි සත්‍යය, පෙර පාසල් තුල දරුවන් සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වෛරස් රෝග වලට ගොදුරු වීමට  වැඩි අවදානමක් තිබෙනවා පමණක් නොව, අනෙක් දරුවන්ගෙන් හිසකෙස් වලට උකුණන් බෝවීමේ හැකියාවක් තියෙනවා.

දරුවන් තුල උකුණන් 

තේ තෙල් මෙහිදී ඔබට උපකාරී වෙන්නේ කොහොමද දැයි ඔබ තවම දන්නේ නැතිනම්  මෙන්න ඒ තොරතුරු , ඔබේ දරුවාගේ හිසකෙස්  වලට  තේ තෙල් බිංදුවක් ,දෙකක් දමා හොදින් පිරිමැදිමෙන් උකුණන් වළක්වා ගන්න පුළුවන් .

දරුවන් පාසලට යැවු විට  ඔවුන් නිතර උකුණන් බෝ කර ගෙන එන බව බොහෝ දෙමව්පියන් පවසනවා.

උකුණන්. එය ඉතාම බියක් ඇති කරනවා පමණක් නොවේ  දරුවන් අතර අපහසුව දනවන ගැටලුවක්ද වෙනවා. හිසකෙස් වල උකුණන් සිටීම  සෞඛ්‍යයට අහිතකර නොවීම  සැනසීමක් දෙන නමුත් එය හිංසාකාරී  ගැටළුවක්  වේ.

උකුණන් සිටීමේ ගැටළුවට ඉක්මනින්ම  ප්‍රතිකාර කල යුතු වේ. ඒ ඔබ හිසකෙස් වල උකුණන්ට වර්ධනය වීමට ඉඩ දීමෙන් ගැටළුව ඉක්මනින්ම උග්‍ර වීම නිසයි.

එය තේරුම් ගැනීම සහ සුව කිරීම සදහා  මුලින්ම වැදගත් වන්නේ එය පැන නගින විටම හදුනා ගෙන වහා ඒ සදහා පිළියම් යෙදීමයි.

උකුණන් සොයා ගන්නේ කෙසේද ?

උකුණන් හිසකෙස් වල බෝ වන හිස් කබලෙන් රුධිර උරා බී පෝෂණය වන කුඩා සතුන් වර්ගයකි. ලේඩී ලෙසද හදුන්වන උකුණන්ගේ බිත්තර  විශාල ප්‍රමාණයක් දමන අතර  ඒවා පිපිරීමට පෙර හිසකෙස් ගස් වල ඇලී සිටියි.

•උකුණන්  දැකීමට හොඳම ක්‍රමය වන්නේ හිසකෙස්  තෙත් ව ඇති විට, එය පුළුල් දැති පනාවකින්  පීරා හිස්කබලේ එහා මෙහා යන පුංචි ජීවින් දැක ගන්න.

•උකුණන් දැකීමට හොදම තැන් වන්නේ ළදරුවන්ගේ හිසකෙස් වල මායිම් හා නලල, කන් දෙපසය. ඒ ඔවුන් රුධිරය හොදින් උරාබීමට පහසු මෘදු, උණුසුම් මතුපිටකට කැමති බැවිනි.

•උකුණු පනාවක් ගන්න. ඉන්පසුව සෑමවිටකම එයින් ඔබේ දරුවාගේ හිසකෙස් පීරමින් උකුණන් බෝවී ඇතිදැයි පරීක්ෂා කරන්න.

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම කරන්නේ කෙසේද?

ඔබේ දරුවන්ගේ හිසකෙස් වල ඔබ උකුණන් හා ලේඩි දුටු විට ඔවුන් ඔබට සිතාගන්න වත් බැරි තරම් වේගයකින් වර්ධනය වෙනවා.

1.උකුණන්ට ඇලෙන සුළු මතුපිටක ඇවිදයන්න බැරි නිසා ඔබේ දරුවාගේ හිසකෙස් වලට තෙල් දමන්න.

2. මීලගට උකුණු  පනාවෙන් හිස පීරන්න. ඔබට  පනාවේ උකුණෙකු දෙන්නෙකු සොයාගත හැකිවේවි. එසේම  දහඩිය හෝ ජලය සම්පූර්ණයෙන්ම වියළීමට උත්සාහ කරමින් කොණ්ඩය තෙත්වන සෑම අවස්ථාවකම    ඒවා හැකිතරම්  පිරිසිදුව තබාගන්න.

3.අනෙක් සියලු පුංචි කෘමින් මෙන්ම, මෙම කුඩා ජීවීන් ද උණුසුම්, තෙත්  පරිසරයට කැමතියි. ඇතැම් අත්‍යවශ්‍ය  තෙල් වර්ගවල  සුවඳින් උකුණන්  විකර්ශනය වෙනවා . සාමාන්‍යයෙන්    නිතර  අත්‍යවශ්‍ය  තෙල් ආලේපනය කිරීම මගින් උකුණන් ඈත් කර තබන්න පුළුවන්.

4. ඔබට තත්වය නිගමනය කරගන්න අපහසු වුවහොත් උකුණන් විශාල වශයෙන් බෝවී සිටීනම් විශේෂඥයෙක් හමුවීම වඩාත් සුදුසුය. ඔහු ඔබේ දරුවා සඳහා වන  ප්‍රති උකුණු ෂැම්පු එකක් නිර්දේශ  කල හැකිය.

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම  ගැන ඔබත් වදවෙනවා නම් මේ ලිපිය ඔබට වැදගත් වෙන්න ඇති කියලා the Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී