මාස දෙකකින් උදරයේ මේද අඩුකරන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

උදරයේ මේදය ඉවත් කරන්නේ කෙසේද?

මම උපතින්ම  කෙට්ටු සිරුරකට උරුමකම් කිව්වා. මගේ පවුලේ අය කිසිවෙකුට සෞඛ්‍ය ගැටළු නොවු බැවින්  මගේ  බර ගැන් මම වද වුනේ නැහැ . මගේ  අවට ගැහැණු ළමයින් චීස් නොමැතිව බර්ගර් එකක් ඉල්ලුවොත්, මම ඒ චීස් මට දෙන්න යැයි කිව්වා.

මගේ ආහාර ගැනීමේ පුරුදු ගැන මම සැහැල්ලුවෙන්  කල්පනා කළා. නමුත් ඒ මගේ ජීවිතයේ  වයස විසි ගණන් වලදී විය.  මගේ වයස තිස් ගණන් පැමිණි වහාම දේවල් වෙනස් විය. මට මාස කිහිපයකට ව්‍යායාම  ගැන සැලකිලිමත්  වීමට බැරි වුවහොත් මගේ ඉණ  අඟල් කිහිපයකින් වැඩි වු බව මට තේරූනා.

වයසත් එක්ක  මගේ  පරිවෘත්තිය ක්‍රියා වල වේගය අඩු වු බව  මට වැටහුණා. නමුත් දරු ප්‍රසුතියෙන් පසු තත්වය තවත් දරුණු වුනා. අවුරුද්දක් ඇතුලත මම  මගේ බර අඩු කර ගැනීමට සමත් වුවද මගේ උදරය  නැවත කිසි විටෙකත් පෙර මෙන් වුනේ නැහැ. මගේ ආහාර ගැනීමේ පුරුදු ගැන ටිකක් නොසැලකිලිමත් වන සෑම අවස්ථාවකදීම, මගේ ඉණ වට ප්‍රමාණයෙන් එය ඉතා පැහැදිලි ලෙස දිස් වුනා.

මම මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය  3 ක් එකතු කර ගත්තා.

මම සෝපා එකේ වාඩිවී  මගේ ශරීරයේ  වෙනස් වීම ගැන කල්පනා කලා. මම ඊළඟ පහසුම දෙයක් කළා.  මම මගේ දිනපතා චර්යාවට මුලුතැන්ගෙයි අමුද්‍රව්‍ය  3 ක් පමණක් එකතු කර ගත්තා.  විශ්වාස කිරීමට අසීරු වුවත් මාස 2 ක් ඇතුළත මගේ  උදරයේ බර භාගයකට අඩු වුනා.

ඔව්, මෙම ක්‍රියාදාමය මට පවත්වාගෙන යාමට අවශ්‍ය  වූ අතර , මෙම බහුල  මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය වලින්  සාර්ථකත්වයක් ලබා ගැනීමට මට අවශ්‍ය  වුනා. මා වැනි ක්ෂණික විසඳුමක් සොයමින් සිටින අනිකුත් මව්වරුන්  සමග  එය බෙදාගැනීම අත්‍යාවශ්‍ය  බව මම සිතුවා.

උදරයේ මේද අඩුකරන මුළුතැන්ගෙයි දක්ෂයෝ තුන්දෙනා

1. ලෙමන් වතුර:

මම මගේ දවස ආරම්භ කලේ සෑම  උදෑසනකම  උණුසුම් ජලය පිරී වීදුරුවකට ලෙමන් යුෂ ටිකක් එකතු කර පානය කිරීමෙනුයි. සමහර විට මම ඒ සඳහා මී පැණි ටිකක්  එකතු කරන නමුත් එය බොහෝ විට සාමාන්‍ය උණුසුම් ජලයට ලෙමන් යුෂ ටිකක් යොදා උදෑසන පළමු දෙය ලෙස එය පානය කලා.

ලෙමන් උදරයේ මේද අඩු කරන  බව පෙර මිනිසුන් පවසන විට, මම එය කිසි දිනක විශ්වාස නොකල නමුත් සති දෙකක් තුල  කුඩා නමුත් දෘශ්‍යමාන  වෙනස්කම් ඇති වුනා.

2. ඉගුරු  තේ:

මම කවදාවත් තේ බීපු කෙනෙක් නෙවෙයි. නමුත් මගේ උදරය  අඩු කර ගැනීමට  මම දිනකට දෙවරක් ඉඟුරු තේ  පානය කළා. මම  තේ වලට කිරි හෝ සීනි එකතු කළේ නැහැ. එය ගාගත්  ඉඟුරු ගොඩාක් යෙදු   කළු තේ එකක් පමණක් වුනා.

ඉගුරු  ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා මේද දහන ක්‍රියාවලිය වේගවත් කරන බව පැවසේ. අද මගේ ජීවිතයේ මේ ඉඟුරු බීම පටන් ගෙන  මාස කීපයක් ගත වී ඇති අතර මෙම චර්යාව වෙනස් වේවියැයි මා සිතන්නේ නැහැ.

3. තක්කාලි:

මගේ සවස ආහාරය ලුණු ඉස රසවත් කල ලොකු තක්කාලි වුනා. මම  සවස කෑම සීමා කිරීමට සැපු සෞඛ්‍ය සම්පන්න නොවු ක්‍රිස්පී හා බිස්කට්  වලින් ඈත් වුනා. මෙම විශාල තක්කාලි ප්‍රමාණය රාත්‍රී ආහාර වේල තෙක් වෙනත් කැලරි ආහාරයක් නොගෙන සිටීමට තරම් ශක්තිමත් වුනා.

තක්කාලි ශරීරයේ මේදය පිළිස්සීමට උපකාර වන ලිපිඩ නිකුත් කරන  බව පැවසේ. මාසයක් පමණ ගත වන විට මට තක්කාලි එපා වෙන විට  ඒ වෙනුවට තක්කාලි සුප්  ආදේශ කළා.

මම එය සාමාන්‍යයෙන්  තක්කාලි බටර් හෝ කෝන්ෆ්ලා නොදමා  ලුණු හා ගම්මිරිස් යොදා  වතුරේ තම්බා ගත්තා .

සරළවම මගේ චර්යාව  තබා ගත් විට එය අනුගමනය කිරීම පහසු බව  මට වැටහුණා. ඒ නිසා ඔබ මව්වරුන්  දෙනාටම මගේ උපදේශය වන්නේ  ආහාර පාලනයට පෙර, සංකීර්ණ ව්‍යායාම ආරම්භයට පෙර මේ අමුද්‍රව්‍ය 3 අත්හදා බලන්න යන්නයි.

අම්මලා වැඩිවෙන බර ගැන කොච්චර තැවෙනවාද කියලා The Asianparent Sri Lanka අපි දන්නවා .  මේ අම්මාගේ කථාවත් ඔබ වෙත ගෙන ආවේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී