දරු උපත දරුවාට දැනෙන විදිය ගැන ඔබ දන්නේ මොනවාද?

මවකට දරු ප්‍රසුතිය හා උපතේදී දැනෙන්නේ මොනවාද යන්න නිතර කථා කරනවා.නමුත් එය ඔබේ දරුවාට එය දැනෙන්නේ කොහොමද කියා ඔබ කවදාහරි හිතලා තියෙනවාද? මෙම ලිපියෙන් අපි ඔබට ඒක කියලා දෙන්නම්.

දරු උපත දරුවාට දැනෙන විදිය ගැන මොන වගේ වෙන්නට පුලුවන්ද? 

සෑම විටම මවට ගර්භණී අවධියේ, දරු ප්‍රසුතියේදී හා දරු උපතේදී ශාරීරිකව හා මානසිකව දැනෙන දේවල් අපි කථා කරනවා. ඇයගේ කනස්සල්ල, අපහසුව, හැගීම් හා තවත් බොහෝ දේවල් අපිට තේරුම් ගන්න පුලුවන්. ඒ පිලිබඳ බොහෝ අධ්‍යනයන් මෙන්ම ලිපි ලිවීම කර තිබෙන්නේ අන්න ඒ නිසයි.

ගර්භණිත්වයටත් වඩා කාන්තාවකට  මවක් වීමට යන ගමනේදී ප්‍රසුතිය හා දරු උපත තුල දැනෙන්නේ මොනවාද යන්න වඩාත් කතාබහට ලක් වු මාතෘකාවක් වෙන්න පුලුවන්.

නමුත්, ඔබේ දරුවාට උපතේදී දැනෙන්නේ මොනවාද කියන එක ඔබ කවදාහරි දවසක හිතලා තියෙනවාද? ඒක රිදීමක්ද? ඔහුට තිගැස්මක්, දුකක්, සතුටක් වේදනාවක් ඇතිවෙනවාද? මව්වරුන්ට සංකෝචන වේදනාවට වේදනා නාශක ගන්න පුලුවන්. නමුත් දරුවාට? ඔහු උපත් මාර්ගය තුල තෙරපෙමින් සිටින විට?

හිතන්න කරුණක්,  එහෙම නේද? මේ උපත් ක්‍රියාවලිය තුල අනෙක් කෙනාට මොනවාද දැනෙන්නේ කියන එක අපි ඔබට තේරුම් ගන්න උදව් කරන්නේ අන්න ඒ නිසයි.

ඔබේ පුංචි පැටියාට ඔබේ සංකෝචන දැනෙනවා.

දරු ප්‍රසුතිය හා උපත : බබාට දැනෙන්නේ මොනවාද? 

"අම්මේ මට ඔයාගේ සංකෝචන දැනෙනවා."

ඔබේ සංකෝචන දැනෙන එකම කෙනා ඔබ විතරයි කියලා ඔබ හිතනවා. නමුත් ඔබේ පුංචි පැටියාටත් ඔබේ සංකෝචන දැනෙනවා.

මේ විශාල තෙරපුම අතර තුර ඔහුගේ පුංචි හදවතේ වේගය වැඩිවීම තුලින් එය පෙන්නුම් කරනවා. සමහර විට පුංචි සැහැල්ලු වීමකින් පවා මෙම සංකෝචන අතර තුර ඔහුට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන අතර ඔහු ඒ සමග කටයුතු කරන්න සුදානම් වෙනවා.

ඒ ඔබේ පුංචි පැටියාට ඔහු වටේ ඇති ගර්භාෂයේ තෙරපුම දැනෙනවා. ඔහුගේ හද ගැස්ම නිතර පරීක්ෂාවට ලක් වෙන අතර ඔබ ප්‍රසුතියේ සිටින විට දරුවාගේ හද ගැස්ම අඩුවීම  තුලින් ඔබේ පුංචි පැටියාගේ පීඩනය පෙන්නුම් කරනවා. මෙය සිදුවුවහොත් ඔහු ඔබේ ගර්භාෂය තුල  මැක්නෝනියම් ( ප්‍රථම මලපහ ) පිට කරන්න ඉඩ තියෙනවා.

නමුත් මව්වරුනි, ඔබ ප්‍රසුතියේ සිටින විට ඔබ තුල ස්නේහයේ හෝමෝනය හෙවත් ඔක්සිටොසින් විශාල ලෙස නිපදවෙන බව මතක තියාගන්න. එය දරුවාට සතුටුවීමටත් සංසුන් වීමට උදව් කරනවා.

ඔබට ඔබේ දරුවාට උදව් කරන්න පුලුවන් කොහොමද?

ඔව් සංකෝචනය , රලු වෙන්න පුලුවන්. නමුත් ඔබේ දරුවා ඔබේ හැගීම් සමග සම්බන්ධව සිටින නිසා ඔබගේ මානසික පීඩනය තුලින් ඔහුටත් මානසික පීඩනයක් ඇති කරන්න පුලුවන්. දර්ශනයන් නැරඹීම වැනි තාක්ෂණයක් භාවිතා කරන්න.( ඔබ සතුටු ස්ථානයක දර්ශනයක් නරඹන්න.)  සංසුන් වීමට උදව් කරන ඒ මගින් පැටියාව පීඩනයෙන් තොරව තබා ගන්න පුලුවන්.

සංකෝචනය වැඩිවෙත්ම දරුවා උපත් මාර්ගය දිගේ පහලට තල්ලු වෙන අතර සංවේදනය විවිධ ක්‍රම මගින් ඉදිරිපත් කරන්න පුලුවන්.

"මම උපත් මාර්ගය දිගේ පහලට එනවා අම්මේ"

සංකෝචනය වැඩි වෙත්ම හා ලංවෙත්ම දරුවාගේ හිස ටික ටික එය ඇතුල් විය යුතු උපත් මාර්ගය වෙත ලංවෙනවා.

දැන් ඔබේ සංකෝචන තදින් හා ලංව සිදුවෙද්දී ඔබේ දරුවාට ඔහු වටා ඇති ඔබගේ ගර්භාෂයේ හැකිලීම් නියැතින්ම දැනෙනවා. නමුත් විශේෂඥයින්ට අනුව මෙම සංවේදන ඔහුට දැනෙන්නේ නැහැ.

එංගලන්තයේ  නාරි වෛද්‍ය ඈන් ඩික්සන්ට අනුව, "  ඒ මගින් පෙන්වන්නේ දරුවාට වේදනාව සංවේදනය කලහැකි ස්නායු සම්බන්ධතා දරු ප්‍රසුතිය වනවිට වර්ධනය වී නොමැති බවයි. "

ඔබ ඔබේ දරුවාට උදව් කරන්නේ කොහොමද?

ඔබ ආශ්වාස කරන විට ඔබේ දරුවාට හොදින් ඔක්සිජන් ලැබෙන අතර එය ඔහුට ඔහුගේ මහා පිම්ම පැනීම සදහා උදව් කරනවා.

"මම දැනටමත් ඔබ සමගයි අම්මේ"

ඔහු සම්පුර්ණයෙන්ම තල්ලු කිරීම දැන් අරමුණු කරගත යුතුය. සෑම තල්ලුවකින්ම ඔබේ  දරුවා හැකි උපරිමයෙන් තල්ලු වෙමින් උපත් මාර්ගය දිගේ ඔහුගේ ගමන පැමිණෙනවා. සමහර දරුවන් ඉතා කටුක ගමනක් අත්විදියි ( තට්ටමින් පැමිණීම, වේලාවෙන් පසු පැමිණීම, හරහට සිටින දරුවන් ).

සියලුම දරුවන් මෙම ගමන සදහා  සුදානම් කරලා තියෙනවා. එංගලන්තයේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඈන් ඩික්සන්ට අනුව, හිස් කබලේ තැටි සවි වී නොමැති නිසා හිස් කබල ඔහුට උපත් මාර්ගය දිගේ ගමන් කල හැකිවන පරිදි උපත් මාර්ගයේ හැඩයට සකස්වෙනවා."

ඔබ ඔබේ දරුවාට උදව් කරන්නේ කෙසේද?

ප්‍රසුතිය අතර තුර ඔබ ඔබේ කොන්ද මත වැරදියට  වැතිරී සිටින විට එය දරුවාට කන්දක් උඩට තල්ලු කරනවා  වගේ, ඔහුගේ ගමන මදක් පහසු කිරීමට ඔබේ අත් පා මත මුනින් අතට අඩ වශයෙන් වැතිර සිටියි නම් නැත්තම් ජලය තුල එසේ සිටි නම් දරුවාට එය පහසු වෙනවා.

" තව චුට්ටයි"

දරුවාගේ හිස එනවිට ඔබට පිළිස්සෙනවා වගේ දැනෙන්න පුලුවන්. මෙය වේදනාත්මක වන අතර එය ශුභාරංචියක්ද වෙනවා. ඒ තව විනාඩි කිහිපයකින් ඔබේ දෝතට ඔබේ පුංචි පැටියා පැමිණෙන නිසයි.

ඔබේ දරුවා තදවීමක් අත්විදින අතර ඔහු මේ ලෝකයට පැමිණි වහාම පළමු ආශ්වාසය සදහා සැරසෙනවා.

වෛද්‍ය ඩික්සන්ට අනුව,  " උපත්  මාර්ගය තුල තෙරපුමට ලක්වීම නිසා ඔබේ දරුවාගේ සිරුර මත ඇතිවෙන පීඩනය ගර්භාෂයෙන් පිටත ලෝකය තුල ජීවිතයට ඔහුට සුදානම් වීමට උදව් කරනවා. ඔහුගේ පෙනහළු වල තිබෙන තරලයන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම වළක්වන අතර ආශ්වාස තරල හා රුධිරය උපත් මාර්ගය හරහා ගමනේදී ඔහු පිටකරමින්  ඔහුගේ පළමු ආශ්වාසය සදහා ඔහුව සුදානම් කරනවා."

ඔබේ පුංචි පැටියා සීතල, දීප්තිමත් පරිසරයක උපත ලද නම් ඔහුට කම්පනයක් ඇති වෙන්න පුලුවන්. ප්‍රතිරෝධී ලෙස අඩ අදුර ඇති  සංසුන් පරිසරයක් ඔහුට සංසුන් වීමට උදව් කරාවි.

ඔබ ඔබේ දරුවාට උදව් කරන්නේ කෙසේද? 

උපත සිදුවු වහාම දරුවාව ඔබේ පපුව මතින්  තබන ලෙස ඉල්ලන්න. මේ මගින් ඔහුගේ ශ්වසන වේගය හා හදවත නිසිලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔහුට සුවපහසුව ලබාදීම තුලින්  ඉතාම වැදගත් දේ වන ඔබගේ පියයුරු වල පළමු මව්කිරි උරාබීම සදහා ඔහුව සුදානම් කරාවි.

ඒක එහෙමමයි මව්වරුනි, අපි කවදාවත්ම මේ දරු උපතේ හාස්කම් ගැන පුදුමවීම නවත්වන්නේ නෑ නේද? මම හිතන්නේ නෑ.

පරිශීලනය : The National

දරු උපත අතර තුර අපේ පුංචි පැටියාගේ අපුරු ගමන් මගේ මතක සටහන් ඔබට ගෙන ආවේ ඔබේ හිතවතිය The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී