එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

lead image

දරුවන්ට ඇගිලි ගණන් කිරීමට ඉඩ දිය යුත්තේ ඇයි?

දරුවන්ගේ ඇඟිලි ගැනීම ඇත්තෙන්ම දරුවන්ගේ ගණිත හැකියාවන් සදහා උදව් කරයි.

බොහෝ දෙමව්පියන් හා ගුරුවරුන් දරුවන් ඇඟිලි ගැනීමට අධෛර්යමත් කරයි. ඒ දරුවන් මේ ක්‍රමය මත රදා පවතිමින් ඉගෙනීමට බාධා කරාවි යැයි ඔවුන් බියපත් වෙනවා.

අංක ගණිතය සදහා එය සංකීර්ණ ක්‍රමයක් ලෙස නොපෙනුනද ඇඟිලි ගණන් කිරීම මගින් ඔබේ දරුවා ගණිතයේ දක්ෂයෙක් කරන බව ද අත්ලාන්තික් (The Atlantic) වාර්තා කරනවා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/fingers Md.jpg එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

ඇඟිලි ඉතා වැදගත් දෘශ්‍ය ආධාර  වේ.

Ilaria Berteletti , James R. Booth  යන පරීක්ෂකයින් දෙපල සොයාගත් පරිදි  ගණනය කිරීම් සිදු කරන විට අප ඇඟිලි භාවිතා නොකර සිටියද අපගේ ඇඟිලි නිරූපණය කිරීම  නැරඹීම අප දිගටම සිදු කරනු ලබයි. අවුරුදු අටත්, දහතුනත් අතර විශ්ලේෂණය කණ්ඩායමට සංකීර්ණ අඩු කිරීමේ ගැටළු ඇති බවත් ,

පර්යේෂකයන් දුටුවේ ඔවුන් ඇඟිලි ගණන් නොකලත්  ඇඟිලිවලට සම්බන්ධ වූ මොළයේ කොටස් ක්‍රියාකාරී වු බවයි.

තම ඇඟිලි වැඩියෙන් භාවිතා කරන දරුවන් ගණිතයේ දක්ෂ වන බව සොයාගෙන පෙර පරීක්ෂණයක් සොයාගෙන ඇත. මෙම ප්‍රවණතාවය විශ්වවිද්‍යාලය දක්වාම පවතී.

ගණිතය  පිළිබඳ පර්යේෂකයෙකු වූ මනෝ වෛද්‍ය  Brian Butterworth වරක් මෙසේ ලිවීය: "ඇඟිලිවලින් ගණන් නොකර  සිටින සිසුන්ට අනිවාර්යයෙන්ම ගණිතය  සමඟ අසීරු වනු ඇත." "සංඛ්‍යාත්මක නිරූපණයට    ඇඟිලි හා අත්ලිපිවල ස්නායු වල නිරූපණයට සම්බන්ධ වීමට හැකියාව නොමැතිව සංඛ්‍යා වලට  මොළයේ සාමාන්‍ය නිරූපණයක කිසි විටෙකත් ලබා ගත නොහැකි වේ." වෙනත් වචනවලින් කිවහොත් අංකවලදී  දෘශ්‍ය  ආධාරක   ඉතා වැදගත්  වේ.

ළමයින් ඇඟිලි වලින් ගණනය කිරීම නවත්වන්න  එපා.

දරුවන්  ඇඟිලිවලින් ගණන් කිරීම  අධෛර්යමත්  කිරීම වෙනුවට දෙමව්පියන් සහ ගුරුවරුන් "ඇඟිලි ගණනය" පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.  

මෙය ගණනය කිරීම පමණක් නොව, ඇඟිලි අතර වෙනසද හදුනා ගත හැකි වේ. (සංගීතඥ නොවන අයට වඩා පියානෝ හා අනෙකුත් සංගීතඥයින් සාමාන්‍යයෙන් ගණිතය දක්ෂ ඇයි දැයි මෙයින් පැහැදිලි වේ.)

සෑම දරුවෙකුටම සංඛ්‍යාත්මක අතින් උපතින්ම දක්ෂ නොවන අතර, සමහර දරුවන්ට  ඔවුන්ගේ ඉගෙනුම සඳහා දෘශ්‍ය  ආධාර  අවශ්‍ය  වේ. දරුවන්ට දෘශ්‍ය  ඉගෙනීමේ මෙවලම් ලබා දිඋ ගුරුවරුන් හා දෙමව්පියන් විසින් ඔවුන්ව දිරිමත් කළ යුතුය.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/Fingers Ft.png එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

"සිසුන් ඇඟිලි ගණන් කිරීම ලාමක යන සිතුවිල්ලෙන් දරුවන්ගේ යහපත උදෙසා එය නතර කිරීමට ගුරුවරුන් හිතන දේ  අධෛර්යමත් කිරීම අවශ්‍ය වන අතර එය පුළුල් විය යුතුය." යනුවෙන් දෘශ්‍ය ඉගෙනීමේ පුවත් පතේ  ස්ටැන්ෆර්ඩ් මහාචාර්ය ජෝ බෝලර් ලියයි.

"නමුත් දැන් අපි මෙය වෙනස් කළ යුතු අතර, ගුරුවරුන්ට ඇඟිලි ගණන් කිරීම  පිළිබඳව අවධානය යොමු කිරීම හා එය පන්ති කාමරවල දී වඩා වැඩි වශයෙන් භාවිතා කිරීමට ගුරුවරුන් දිරි ගැන්විය  යුතුය ."

පුංචි පැටියාගේ පුංචි ඇඟිලි තමයි එයාට ගණන් ගැන මුල්ම පාඩම කියා දෙන්නේ , ඒ පිලිබඳ මේ ආදරණීය ලිපිය the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී