එන්නතක් ලබා දෙන විට මව් කිරි දීමෙන් වේදනාව අඩු වෙනවා

එන්නතක් ලබා දෙන විට මව් කිරි දීමෙන් වේදනාව අඩු වෙනවා

මව් කිරි දීමෙන් බබාට සහනයක් ලැබෙන බව පර්යේෂණ මගින් තහවුරු කරනවා.

දරුවන්ට එන්නත් ලබා දීමෙන් වන අපහසුතාවයන් මව් කිරි දීමෙන් අඩු වන බව සමීක්ෂණ වලින් තහවුරු කර තියෙනවා. එන්නත් ලබා දීම දරුවන්ට අතිශය වැදගත් වුවත් ඒ ගැන දෙමාපියන් බියක් දක්වනවා. නමුත් නවතම සොයා ගැනීම් වලට අනුව ප්‍රතිශක්තිකරණය සඳහා ලබා දෙන එන්නත් වලින් ඇතිවෙන වේදනාව මව් කිරි දීම මගින් අඩු වෙනවා.

එන්නත් ලබා දීමේදී මව් කිරි බොන දරුවන් අන් දරුවන්ට වඩා තත්පර 38 ක් අඩුවෙන් ඇඬූ  බව සඳහන් වෙනවා. සමීක්ෂණයකින්ද මේ පිළිබඳව සලකා බලමින් මව් කිරි බොමින් එන්නත් ලබාගත් දරුවන්ගේ වේදනාවට පත්වීම අඩුවෙන් දක්නට ලැබූ බව සඳහන් කරනවා.

Reuters වලට අදහස් දක්වන ඩෙනිස් හැරියන් කියා සිටියේ “අපි කොහොමත් දැනගෙන හිටියා කිරි බොමින් ඉන්න විට බබාලගෙන් පරීක්ෂණ සඳහා රුධිරය ගැනීමේදීත් වේදනාව අඩුයි කියලා. නමුත් අලුත උපන් බබාලාට අමතරව තරමක් වැඩුණු බබාලටත් මෙය එසේම දැයි නම් අප දැන සිටියේ නැහැ”.

නමුත් නිරීක්ෂණයන්ට අනුව මව් කිරි දෙන විට එන්නත් කිරීමෙන් වේදනාව අඩු වීම අනෙකුත් සීනි වතුර දීම, වේදනානාශක ක්‍රීම් ආලේපය, ස්ප්‍රේ, සුරතල් කිරීම හෝ සම්බාහනය කිරීම යන ක්‍රම වලට වඩා ඉදිරියෙන් සිටින බව සොයාගෙන තියෙනවා.

කිරි දෙන විට එන්නත් කිරීමෙන් වේදනාව අඩු වන්නේ ඇයි ?

Wichita State University School of Nursing (Kansas)  හි බාබ්රා මොරියන් පවසන ආකාරයට මීට හේතුව ලෙස මව් කිරි දීමේදී මවගේ හා දරුවාගේ ඔක්සිටොසින් උද්දීපනය වීම විය හැකි යැයි පවසනවා (ඔක්සිටොසින් යනු වේදනාවන් අඩුකරන හා සන්සුන් කිරීම සම්බන්ධ හොර්මෝනයක්).

ඊට අමතරව ඔක්සිටොසින්, පීඩනය අවම කරන අතර කිරි දරුවන්ව හුඟක් සැහැල්ලුවට පත් කරනවා. මොරියන් අධ්‍යනයට සම්බන්ධ වුනේ නැහැ. ඇය පැහැදිළි කරන්නේ වැඩියෙන් සන්සුන් වුන දරුවාට වේදනාව දැනෙනවා අඩුයි.

අම්මගෙන් වෙන් කරලා වේදනාත්මක ක්‍රියාවලියකට යොමුවන විට දරුවාට හුඟක් වේදනාවක් හා පීඩනයක් දැනෙනවා. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ  හි වෛද්‍ය රෙබෙකා ස්ලැටර් දක්වන ආකාරයට දරුවන්ගේ වේදනාවන් පිළිබඳ විශේෂඥ “මව් කිරි දීම ඇත්තටම දරුවාව හුඟක් සහනයට පත් කරන්නක්”.

ඔවුන්ට එන්නත් කිරීම වැනි වේදනාබර අත්දැකීමකදී  මව් කිරි දීම මගින් සහනයක් ලැබෙනවා. ඒ නිසා සායන වලට, ලේ පරීක්ෂණ, එන්නත් කිරීම් වැනි දේවල් වලට බබාලව ගෙන යන අම්මලාට වෛද්‍යවරුන් හා හෙදියන් ඔවුන්ට මව් කිරි දෙන ලෙස නිර්දේශ කරනවා.

අපි හැමදාම කියනවා වගේ මව් කිරි දීම කියන්නේ අසිරිමත් ක්‍රියාවලියක්. ඉන් දරුවන්ට ලැබෙන ප්‍රයෝජන විස්තර කර නිම කරන්න බැරි තරම්.

theAsianparent  Sri Lanka අපි මේ කරුණු ටික ඔබට ගෙන ආවෙත් ඒ බව තවත් තහවුරු කරමින්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ