එපිඩියුරල් එන්නත (epidural) ගැන ගැබිනි ඔබ දැනුවත් වීම වැදගත්

lead image

එපිඩියුරල් එන්නත හි අවදානම් තත්වයන් ගැන ඔබත් දැනුවත් වුනාද?

ලොව පුරාම මව්වරුන් සඳහා තම දරුවා බිහි කිරීමට පෙර ලබා දෙන ඉතා සුලබ එන්නතක් ලෙස එපිඩුයුරල් එන්නත සඳහන් වෙනවා.

එය ඔබට සාමාන්‍යයෙන් ඇති විය හැකි විලිරුදාවන් නොදැනීමට කරන නිර්වින්දන ඖෂධයක් වන නමුත් දරුවා බිහි කරන තුරුම ඒ පිළිබඳ ඔබට විඳින්න ලැබෙනවා. එමඟින් ශ්‍රෝණි මාංශ පේශින් ලිහිල් වීමක් කරන අතර බොහෝ සංවේදී මව්වරුන්ගේ රුධිර පීඩනය අඩු වීමක් සිදු වෙනවා.

බොහෝ වෛද්‍යවරුන් එපිඩියුරල් එන්නත ගර්භණි සමයේදී ලබා දීමෙන් ඇතිවිය හැකි අතුරු අබාධ පිළිබඳ එතරම් කතා නොකරන අතර දරුවන් බිහි කිරීමේදී නිර්වින්දන කාර්යය සිදුකරනු ලබයි.  ඒ නිසා ඒ පිළිබඳව ද සාකච්ඡාවට ලක් වීම අඩු බව වාර්තා වෙනවා.

මේ කරුණ නිසා බොහෝ මව්වරුන් ඒ පිලිබඳ එතරම් දැනීමක් නොමැතිව මෙම කර්තව්‍ය සඳහා තම කැමැත්ත දක්වා සිටිනවා.

එපිඩියුරල් එන්නත epidural

එපිඩියුරල් එන්නතෙන් ඔබේ ශරීරයට මේ දේවල් වෙයි 

නිර්වින්දන කාර්යයේදී එහි පරිපාලනයේ විවිධ අවදානම් තත්ව දකින්න පුළුවන්. සුෂුම්නාව හරහා කටුවක් ඇතුල් කිරීම හේතු කොට ගෙන ඉන් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල බොහෝ විට තිබිය හැකයි. කෙසේ වෙතත් බොහෝ අය අනතුරු දායක ලෙස සලකන අංශභාග තත්ව හා අනෙකුත් ස්නායු වලට සිදුවිය හැකි හානි වාර්තා වීම ඉතා අවම බව පෙනී ගොස් තිබෙනවා.

නමුත් ඖෂධ මඟින් අතුරු අබාධ නැතැයි කිව නොහැකි යැයි සිතීම හෝ වැඩි නිර්වින්දන මාත්‍රාවන් නිසා විෂ සහිත වීම, කශේරුකාවේ ඇති විය හැකි අවහිරතාවයන්, මාතෘ රුධිර පීඩනය අවම වීම, අසාත්මිකතා, හිසරදය හා ස්නායු වලට ඇති විය හැකි හානි වැනි අතුරු අබාධ මේ නිසා ඇති වීමට ඉඩ ඇත.

එහෙත්  බහුල අතුරු අබාධ තත්ව වාර්තා නොවන අතර කෙසේ වෙතත් දරුවා බිහි කිරීමේදී ඒ ක්‍රියාවලිය මන්දගාමී කරන බව පෙනී ගොස් ඇත.

එමෙන්ම ප්‍රසුතියේදී උදර මාංශ පේශීන් මගින් මව විසින් වෙර ගැනීම දුර්වල කිරීමක් සිදු කෙරෙනවා. අවසාන වශයෙන් එපිඩුයුරල් නිර්වින්දන ක්‍රමය දරු ප්‍රසුතිය බොහෝවිට සිසේරියන් (caesarian section) හෝ ෆොසප්ස් (forceps) ක්‍රමයට දැන් බහුලව සිදුවෙමින් පවතිනවා. මේ නිසා දරු ප්‍රසුතියේදී මව්වරුන් මේ සියලු කරුණු පිලිබඳ දැනුවත් කර තිබීම බෙහෙවින් වටිනවා.

දරුවෙකුගේ ජීවිතය ආරම්භ වන්නේ මවු කුස තුළ සිටම බව අපි කවුරුත් දන්නවා . මේ කරුණු ඔබට ගෙනාවේත් ගර්භණි සමය තුළ ඔබට ඇතිවිය හැකි අනිසි පිඩනයන්ගෙන් ඔබව නිදහස් කර වඩාත් පහසු දරු ප්‍රසුතියකට ඔබව සුදානම් කිරීමටයි. එය ඔබටත් ඔබේ කිරි කැටියාටත් හැම අතින්ම සැනසුම්දායක වනු ඇත.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ