theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

5 අවම කියවීම
ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතාඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා

මෙන්න මේ  ලක්ෂණ ලැයිස්තුවේහි  මොනවද සාමාන්‍ය සහ කොයි වෙලාවෙද ඔබ කණගාටු වෙන්න අවශ්‍ය යන්න දැක්වේ.

විශේෂයෙන් ඔබ අළුත් මවක් නම්  ආරම්භයේ දී ඔබ ඔබේ අලුත උපන් දරුවා ගැන පැය ගණන් බලා සිටිවි. ඔබ ඔබ සෑම  නින්දක්ම, සෑම  ශබ්දයක්ම, සෑම  හුස්මක්ම ,අඩුලුහුඩුකම් ආදි සියල්ලම ඔබ සලකුණු කර ගනිවි. ඔවුන් කරන පුංචි දේවල් පවා සාමාන්‍යද අසාමාන්‍යද  යන්න ඔබ ප්‍රශ්න කරාවි.

මෙන්න මේ  ලක්ෂණ ලැයිස්තුවේහි  මොනවද සාමාන්‍ය සහ කොයි වෙලාවෙද ඔබ කණගාටු වෙන්න අවශ්‍ය යන්න දැක්වේ.

1.  නොගැඹුරු අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කිරීම

අලුත උපන් දරුවාගේ පෙනහළු සමහර විට  සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා නැහැ. උපන් වහාම ඒවායේ  සුළු වර්ධනයක් සිදුවීමට තිබෙනවා. ඔවුන්ගේ පෙනහලු තරමක් දුරට ඒවා ක්‍රියාකරන්නේ කෙසේද තාම පුහුණු වෙමින් සිටින අතර අලුත උපන් දරුවාගේ අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කිරීමක් තිබිය හැක. උදාහරණයක් වශයෙන් ගැඹුරු හුස්මක් මෘදු හුස්මක් ලෙස ඔවුන් සාමාන්‍යයෙන් සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස කරනවා දැකිය හැකිය.

මේ සෑම හුස්මකටම අසා සිටින, හුස්ම අප සෑමගේ සේ විධිමත් නොවන බව  කරදරකාරී හැගීමක් ඇති කරගන්නා අලුත් දෙමව්පියන් බියට පත් කරන කාරණයක්ද වෙනවා.  නමුත් අවිධිමත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මෙන්ම බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් ද වෙනවා.

ආශ්වාස ප්‍රශ්වාසයේ අසාර්ථක තාවයක්  නොතිබෙනවා තාක්කල් එය අසාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාසය තත්වයක් නොවේ. මෙහෙම කියලා තියනවා. එක හුස්ම ගැනීමකදී ඕනෑම වෙලාවක ඔබ කණගාටු වෙනවා නම් එසේ  ආරක්ෂිත පියවර පසෙකින්  වැරැද්දක්ද තිබිය හැක. ඔබ පළමු වරට ඇය මවක් වූ අයෙක් බව වටහා ගැනීමෙන් වෛද්‍යවරයාට සිනහවක් පහළ විය හැක. ඒ වගේම එහි කිසි වැරැද්දක් නොමැති බවත්  වඩා නරක දෙයක් සිදුවීමට වඩා එය හොඳ බවත් ඔහු සහතික කරාවි.

2. හුස්ම ගැනීමේ දී සුළු  ශබ්දයක් ඇති විම

ඔබ සුලු ශබ්දයක් පිට වෙනවා ඔබ දුටුවා නම් ඔබේ අලුත උපන් දරුවා සෙම්ප්‍රතිශ්‍යාවට හෝ වෛරස් රෝගයට ගොදුරුවී ඇති බවට කණස්සල්ලට පත්වීමට ඉඩ තියෙනවා.  නමුත් වෙනත් රෝග ලක්ෂණයක් නොපෙනෙනවා නම් ඔබට ඉතා ඉක්මනින් එහි අවසානයක් දැකිය හැකි වෙනවා.

උපතට පෙර හා උපතේ දී පෙනහළු වල ඉතිරි වෙන දියර නිසා අලුත උපන් දරුවන්ට මෙවැනි සුළු තත්ත්වයන් ඇතිවෙනවා. මෙම දියර ඉවත්  වනතුරු එසේ ශබ්දයක් ඇති වීමට හේතු වෙන්න පුළුවන්.  ඔබ සෑම සුළු ශබ්දයක්ම බලමින් අසමින් සිටින  නිසා  මෙය ඔබට  පෙනෙනවා.

මෙය සෑම ආශ්වාසයක, ප්‍රශ්වාසයක රැඳි නොතිබෙන නිසා වෛද්‍යවරයාගේ නලාවට පවා  නොදැනෙන්න පුළුවන්. හුස්ම ගැනීමේදී ගැටළුකාරී තත්වයක් මේ ශබ්දය සමග එනවානම් උණ, දහඩිය දැමීම, අසාමාන්‍ය තත්ත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

3. අවිධිමත් මළපහ පිටවීම

අලුත උපන් දරුවාගේ මළ පහ පිටවීම සලකන විට එය ආරම්භයේ සිටම සාමාන්‍ය නැහැ. එක දවසක ඔවුන් දවසට හතර වරක් මළපහ  පිට කලත් ඊළඟ දවසේ එය එක්වරක් වීමට ඉඩ තියෙනවා. සමහර වෙලාවට එය අනෙක් අයට වඩා වෙනස් ආකාරයට සිදුවිය හැක. එහි වර්ණය පවා වෙනස් විය හැක. මේ සියල්ල සාමාන්‍ය අතර එහි කණගාටුවිය යුතු ක කිසිවක් නැහැ.

දරුවන් සෑම දිනකම එකම දෙය ආහාරයට ගන්නා නිසා ඔවුන්ගේ මලපහ පිටවීමට නියතව පැවතිය යුතු යැයි දෙමව්පියන් හිතෙනවා. නමුත් කුමන හෝ හේතුවක් මත එය එසේ වෙන්නේ නැහැ. මෙම ළදරුවාන් රැක බලා ගැනීම තුළ සැලකිලිමත් විය යුතු දේවල් ටිකක් තියෙනවා.

පහත දැක්වෙන කුමක් හෝ ඔබ දුටුවොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. විජලන තත්ත්වයක් ඇතිවිය හැකි විශාල ලෙස දියරමය මළපහ පිටවීම, මලබද්ධය තත්වයක්නිසා මළපහ පිටකිරීමට පරිශ්‍රමයක් දැරීම, මළපහ සමඟ රුධිරය පිටවීම හෝ දවස් දෙකකට වැඩි ප්‍රමාණයක් මලපහ පිට කිරීම අඩු වීම

4. කඳුළු පිරුණු ඇස් /  කඳුළු නාලිකා අවහිර වීම

හඬන්නේ නැති විට පවා කඳුළු නිපදවීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, අලුත උපන් දරුවාගේ ඇස් දිලිසෙන සුළු බව ඔබ දැක ඇති. මෙම අපද්‍රව්‍ය වියළී ඔබේ දරුවාගේ ඇස් පිහාටු එකට සම්බන්ධ වීමට ලක් කරනවා. මෙය සාමාන්‍යයි. බොහෝ දරුවන් ගේ කඳුළු ග්‍රන්ථි  නියමාකාරයෙන් ක්‍රියා කිරීමට පටන් ගෙන නොමැති නිසා ඔවුන්ගේ කඳුළු ග්‍රන්ථි අවහිර විය හැක. මෙම කඳුළු ග්‍රන්ථි අවහිර වීම වැළැක්වීමට ඇස් පිහාටු වලට  යටින් ඇති නාසය හා ඇස සම්බන්ධ වන ප්‍රදේශය මෘදුව පිරිමදින්න. එමගින් කදුළු ග්‍රන්ථි ක්‍රියාත්මක වී ඒවා ක්‍රියා කළ යුතු ආකාරයට ක්‍රියා කිරීම ආරම්භ කරාවි.

මේ අතර ඇස් වලින් යම් ගැලීමක් සිදුවනවා නම් මඳ උණුසුම් රෙදි  කැබැල්ලකින් ඇස් මෘදුව පිරිමදින්න.  විශේෂයෙන් ඇස් පිහාටු ප්‍රදේශයේ කබොලක් සේ බැඳී ඇත්නම් මද උණුසුම් රෙදි කැබැල්ලකින් දෑස් මත මද වේලාවක් තැබීමෙන් එම අපද්‍රව්‍ය ( කබ) මෘදුවේ. එකම රෙදි කැබැල්ල නැවත නැවත භාවිතයෙන් වලකින්න.

මෙම කදුළු  ග්‍රන්ථි ආශ්‍රිත ගැටලුව ක්‍රමයෙන් ඒ මගින්ම නිරාකරණය වෙනවා. (පිරිමැදීමෙන් උත්තේජනය කර එය ඉක්මන් කළ හැකය.) කොහොම නමුත් ඔබේ දරුවාට වසරක් සපිරුන පසුත් එය පවතී නම් වෛද්‍යවරයකු  ගැටළුව කුමක්දැයි පරික්ෂා කිරීමට ඉඩහළ යුතුයි. 99% වු බොහොමයක් දරුවන්ගේ කදුළු   ග්‍රන්ථි  ආශ්‍රිත ගැටලු වසරක් සපිරීම පෙර නිරාකරණය වෙයි. එමනිසා කණගාටු වෙන්න එපා.

5.උගුරට ඒම

ඔබේ අලුත උපන් දරුවා බොහෝ විට මව් කිරි හෝ පිටි කිරි ටිකක් වමනය කරන්න ඉඩ තියෙනවා. සමහර ළමුන් ඔවුන්ගේ බෝතල් කිරී හෝ මව්කිරි මෙසේ වමනය කරනවා. රෙදිකඩක් සෑමවිටම ළඟින් තබා ගන්න තදින්ම නිර්දේශ කරන්නේ අන්න ඒ නිසයි.

උගුරට ඒම  සාමාන්‍ය මෙන්ම බලාපොරොත්තු විය යුත්තක් දැනෙනවා. ඔබ කොතරම් ගුඩුස් යැව්වත්, ඔබ  කොතරම් දේ කර එය නැවැත්වීමට උත්සහ කලත් ඔබේ දරුවා දිගින් දිගට එය කරාවි. මෙය සාමාන්‍යයෙන් ගැටලුවක්  නොවන අතර එය බලාපොරොත්තු විය යුත්තක් ද වෙනවා.

ඔබේ දරුවා ප්‍රමාණවත් බරක් ලබා නොගනී නම් එය ගැටලුවක් වෙනවා. එම අවස්ථාවේ ඔබේ වෛද්‍යවරයා ආහාර වේල මාරු කිරීම,  සීරියල් එකතු කිරීම හෝ ඔබේ දරුවාගේ බර වැඩි කළ හැකි යමක් එකතු කිරීමට  නිර්දේශ කරාවි. ඔබේ දරුවාගේ බර වැඩි වේ නම්  අමතර  පිරිසිදු කල යුතු රෙදි එකතු වෙනවා විනා වෙනත් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ

ඕනෑම වෙලාවක මේ සාමාන්‍ය ගැටලුවකදී පවා ඔබේ අලුත උපන් දරුවා අපහසුතාවයක්, සැනසිල්ලක් නැති බවක් පෙන්වයි නම් එතන කුමක් හෝ ගැටළුවක් තියෙනවා. සියල්ල සමග මොනවා හරි නිවැරදි නොවන දෙයක් තිබේ නම් වෛද්‍යවරයා හමුවීමට පැකිලෙන්න එපා. අන්න ඒ සඳහා ඔවුන් සිටින්නේ,  සෑම දෙයක්ම හොඳින් නම් ඔබේ මනස සන්සුන් වෙනවා.

මොනවා හරි වරදක් තියෙනවා නම් ඔබට ඒ සම්බන්ධව අැති ළදරු සායනයක් ඇමතිය හැකි අතර ඔබේ  ඇමතීම ඔවුන් සාදරයෙන් පිළිගන්න සූදානමින් ඉන්නවා. අඩුම තරමින් හැකි සෑම විටම මේ වගේ දේවල් සාමාන්‍ය සායනවලදී පෙන්නන්න. කොහොම නමුත් මෙම රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය හා බහුල ඒවා වෙනවා. බොහොමයක් ඒවා මැදිහත්වීමකින් තොරවම නිවැරදි වෙනවා.

පුංචි පැටියෙක් නිවසට එනවා කියන්නේ නිවසටම සිරියාවයි. පැටියාගේ පුංචි පුංචි දේවල් වලදී වුනත් අම්මාගේ  තාත්තගේ හිත සැලෙනවා. මේ වැදගත් කරුණු The  Asianparent Sri Lanka  වෙතින් ඔබ වෙත ගෙන ආවේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබගේ අලුත උපන් දරුවාගේ සාමාන්‍ය අසාමාන්‍යතා
බෙදාගන්න :
  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන්  ගැනයි මේ.

    සීත දෙසැම්බර් මාසයේ උපන් දරුවන් ගැනයි මේ.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it