බබා ලැබුණේ සිසේරියන් සැත්කමකින් වුවත් සාමාන්‍ය විදිහට වුවත්, මේ අම්මි ඒ ගැන කියන කාරණා අහන්න

ඔබට බබා ලැබුණේ සිසේරියන් සැත්කමකින්ද? මට බබා ලැබුණේ සාමාන්‍ය විදිහට. ඒ ගැන මට කිව යුතු වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. මේ පණිවිඩය සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මලා වෙනුවෙනුයි.

ඔබ ස්වභාවික විදිහට දරුවෙකු හැම වෙරයක්ම යොදා බිහිකළේ නැහැ කියලා ඔබේ මාතෘත්වයේ අඩුවක් වෙනවද? මේ පණිවිඩය සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මලා වෙනුවෙනුයි.

මට සමාවෙන්න. හුඟක් වෙලාවට සිසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මලාට අඩු තක්සේරුවක් ලැබෙනවා. ඒත් ඔබත් දරු උපතට මුහුණ දුන්නේ මම වගේම අවධානමකිනුයි. ඔබේ පැටියා හමුවන තුරු ඔබේ කුස හරහා මස් තට්ටු පහු කරගෙන කැපුම් තුවාලයක් සිදුකෙරෙනවා.

ඒ නිසා ඔබේ පැටියාගේ ආරක්ෂාව හා තෙරපීම් වේදනාවන් එයාට දැනෙනවා හුඟක් අඩුයි. සමහර විට මේ සිදුවීම සිදුවී අවසන් වන තුරු ඔබ සැනසෙන්නේ පුංචි පැටියාගේ නැවුම් හැඬුම් හඬින් වන්නට පුළුවන්.

ඒ වේදනාව එක්කම ඔබ පුංචි පැටියා අතට අරගෙන තුරුලට ගන්නවා. වේදනාව අභිබවා ආදරය දෝර ගලද්දී ඔබට සතුටු කඳුළු නැගෙනවා.

ඔබ කොයිතරම් නිර්භිතද?

පුංචි පැටියාට මේ ලෝකයට එන්න ඔබ කොයිතරම් බරපතල සැත්කමකට බඳුන් වුණාද? නමුත් ඔබේ වේදනාව මනින හැටි හරිම අසාධාරණයි. මට ඒ ගැන සමාවෙන්න. හැම අම්මා කෙනෙක් වගේම ඔබත් දරු ප්‍රසුතිය දෙන්න හැකි හැම දෙයක්ම කැප කරනවා.

ඔබටත් ඕනේ මවක් සේ අනරක්ෂාව සහිත පැටියව ලෝකෙට බිහිකරන්නයි.

ඔබ මේ කරන පරිත්‍යාගය නිසා ඔබ තුළ සැකයක් සංකාවක් ඇතිකර ගත යුතු නැහැ. සමහර විට ඔබට සිසේරියන් සැත්කමකට පෙර සුදානමක් තිබෙන්නත් පුළුවන්.නොතිබෙන්නත් පුළුවන්. ඉතින් කොහොම තීරණය වුණත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න තීරණයක් අඩු තක්සේරු කරන්නේ කොහොමද?

දරුවන් බිහිකරන්න වෑයම් නොකර ලේසියෙන් එළියට ගත්තා වගේ වැරදි හැඟීමක් ඔබට දැනිය යුතු නැහැ කියන්නේ ඒකයි. මට එය වටහා ගන්න බැහැ. දරුවා නාවලා කිරි දීලා ලස්සනට අන්දවලා, කතාකරලා, නැළවිලි ගී ගයලා, තුරුළු කරගෙන, වඩාගෙන මේ හැමදේම එකයි.

ඉතින් ආදරේ වෙනසක් නැහැ.

අපි අම්මලා හැමෝම එකවගේ අපේ පැටවුන්ට ආදරෙයි. දැන් කාලේ මාතෘත්වය ගැන එක එක ආකාරයෙන් මිනුම් දර්ශන තියෙනවා. අපි ඇත්ත නොදැන විවේචන වලට එළඹෙනවා. උදව්වට ඉදිරිපත් වෙනවා අඩුයි. මම හැමදාමත් සිසේරියන් සැත්කමකට ලක්වූ මවකට හුඟක් ගරු කරනවා. ඔබට ඔබේ ශරීරය ගැන තීරණය කරන්න පුළුවන්. නමුත් දරුවා වෙනුවෙන් ඒ තීරණය වෙනස් කරන්න වෙනවා. මං කවදත් ගරු කරන්නේ ඒකයි ඔබ කවදත් මාතෘත්වය අඩු තක්සේරුවකින් සමාජයේ හැඳින්විය යුතු නැහැ.

මම මගේ දරුවා බිහිකළා. ඔබත් එහෙමයි. මගේ දරුවට මමත් ඔබේ දරුවට ඔබත් ආදරෙයි. ඉතින් මෙහි ඇති වෙනස මොකද්ද?

ඔබට එහෙම වෙනසක් දැනෙනවද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ