theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ මළපහ වල සාමාන්‍ය අසාමාන්‍ය අවස්ථා මොනවාද?

3 අවම කියවීම
ඔබේ දරුවාගේ මළපහ වල සාමාන්‍ය අසාමාන්‍ය අවස්ථා මොනවාද?ඔබේ දරුවාගේ මළපහ වල සාමාන්‍ය අසාමාන්‍ය අවස්ථා මොනවාද?

එය ඒ තරම් ආකර්ෂණීය නැහැ. නමුත් ඔබේ දරුවාගේ මළපහ පරීක්ෂා කිරීම ඔහුගේ සෞඛ්‍ය තත්වය දැන ගැනීමට හොඳ ක්‍රමයක් ද වෙනවා . මෙය කියවා වැඩි විස්තර දැනගන්න.

ඔබේ දරුවාගේ මළපහ ඔබ ඇත්තෙන්ම බලන දෙයක් නොවේ. නමුත් එය මවක් ලෙස ඔබට දරුවාගේ සම්පූර්ණ සෞඛ්‍ය දක්වන හොඳ දර්ශකයක් වන නිසා දරුවාගේ මළපහ සුපරීක්ෂාව කාරීව නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා.

බිමට වැටෙනවා සහ  අපිරිසිදුයි

පළමුවෙන්ම ඔබේ දරුවාගේ මළපහ වල වර්ණය බලන්න. ඔබේ දරුවාගේ මළපහ වර්ණය මගින් එහි වරදක් ඇත්නම් බැලූ බැල්මට පෙනීමට  උපකාරී වේ. සාමාන්‍යයෙන්  ඔබේ දරුවාගේ මළපහ වල වර්ණය දිනෙන් දින වෙනස් වන අතර ලේ ගැලීමක සලකුණක් වන අඳුරු පැහැය,ලේ පැල්ලමක් තිබේදැයි ඔබ බැලීමට අවශ්‍යයි.

දෙවනුව ඔබ ඔබේ දරුවාගේ මළපහ වල ඝනත්වය බැලීමට අවශ්‍ය වෙනවා. පුංචි  දරුවන්ගේ හා ළදරුවන්ගේ මළපහ වල ඝනත්වය පීනට් බටර් වලට හෝ යෝගට්  වලට සමාන වෙනවා. ඔබේ දරුවාගේ මළපහ කැදලි,කැබලි ලෙස ඇත්නම් මලබද්ධය ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා.

තුන්වැන්න ඔබගේ දරුවාගේ මළපහ වල ගන්ධය වේ. ඔබේ දරුවාගේ බඩවැල් තුළ ආහාර වැඩි වේලාවක් රැදෙනවා.  ඊට පසු ගන්ධයක් නිකුත් වේ. මව්කිරි බොන දරුවාගේ ගන්ධය රළු නැති අතර කිරි ආදේශක පානය කරන දරුවන්ගේ මද ගන්ධයක් ඇත. නමුත් එය විශාල එකක් නොවේ. ඔබේ දරුවා ඝන ආහාර පටන් ගත් විට ගන්ධය රළු වෙයි.ඔබ හිතනවා නම් ඔබේ දරුවාගේ මළපහ ගන්ධයෙන් වැඩි බව ඒ ගැන ඔබේ ළමා රෝග විශේෂඥ හමුවෙන්න පුළුවන්.

ඔබේ දරුවා වයසින් වැඩිවන විට ඔවුන්ගේ මළපහ

පළමු මාස 4 ඇතුළත ඔබේ දරුවාගේ මළපහ දියරමය ස්වභාවයක් ගනී. පළමු මාස දෙක තුළ ඔවුන් දිනකට ඩයිපර්  දහයක් පමණ භාවිතා කරයි. හතර  වෙනි මාසය වන විට එය දෙකේ සිට හතර දක්වා වේ. කිරි ආදේශක පානය කරන දරුවන් අඩුවෙන් මළපහ පිට කරන අතර එයට හේතුව වන්නේ කිරි ආදේශක ඔවුන්ගේ කුස හරහා යන්නේ අඩු වේගයක්  වීමයි.

මාස 5 ත් 10 ත් අතර ඔබ දරුවා ඝන ආහාර පටන් ගන්නා නිසා දරුවාගේ මළපහ ඝන වීමට පටන් ගනී. මළපහ  පිටවීම අවම වශයෙන් දවසකට වරක්  සිදු වේ.

වයස අවුරුදු 1 සිට 3 දක්වා දරුවන්ගේ මලපහ තිබුණාට වඩා ඝන වේ. ජීරණය නොවු ආහාර කොටස්, ජීරණයට අපහසු එළවළු කොළ වැනි කොටස් ඔබට දැකිය හැකිය.  කණගාටු වෙන්න එපා. ඔබේ දරුවාගේ මහාන්ත්‍රය ප්‍රධාන කොටස  ආහාර ජීරණය ඉගෙන ගනිමින් තිබෙන නිසා මේ අවධියේ දී එය සාමාන්‍යයි.

වයස අවුරුදු දෙකත් පහත් අතර ඔබේ දරුවා දිනකට වරක් මළපහ කරන අතර දැනටමත් එය ඔවුන්ට තනිව කල හැක. මේ වයසේදි මලබද්ධය බහුල ගැටලුවක් වන අතර ඔබේ දරුවාට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් පානය කරන බව සහතික කරගන්න. ඒ වගේම ඔවුන්ගේ ආහාරයේ ප්‍රමාණවත් තන්තු තිබීම හොඳ මළපහ පිටකිරීම සිදුකරයි. ඔවුන්ගේ මළපහ දිගු නයෙකුගේ හැඩයක් ගනී.

ඔබේ දරුවාගේ මළපහ සුදු ,කළු,රතු පැහැති කොටස් සහිතයි නම් බයිල්

නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ගේ කුසේ ඇති රුධිර ජීර්ණය වීමක් සිදුවෙනවා හෝ ඔවුන්ගේ මහා අන්ත්‍ර කොටස් වලින් හෝ ගුද මාර්ගයෙන් රුධිර වහනයක් වෙනවා විය හැකියි. මෙම ලක්ෂණ ඇත්නම් ඔබේ දරුවා වහාම වෛද්‍යවරයෙක් වෙත ගෙන යෑම අවශ්‍ය වෙනවා.

ඔබේ පුංචි පැටියාගේ මළ පහ ගැන ඔබ නොදන්නා තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ දරුවාගේ මළපහ වල සාමාන්‍ය අසාමාන්‍ය අවස්ථා මොනවාද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: දෙවන මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it