ඔබේ දරුවාගේ හිතුවක්කාරකම් පසු කාලයේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්

lead image

ඔබේ දරුවා කිව්වොත් ඒ දෙයම ඉල්ලන කෙනෙක්ද? නමුත් ඔහු වැඩිහිටියෙකු වූ පසු එය හොඳ අතට හැරෙන්න පුළුවන් බව ඔබ දන්නවද?

ඔබේ දරුවා කිව්වොත් ඒ දෙයම ඉල්ලන කෙනෙක්ද? නමුත් ඔහු වැඩිහිටියෙකු වූ පසු එය හොඳ අතට හැරෙන්න පුළුවන් බව ඔබ දන්නවද?

හුඟක් දෙමාපියන් මේ ගැන කලබලයටත් කනස්සල්ලටත් පත් වෙනවා. නමුත් මෑතකදී වසර 40 කට වැඩිකාලයක් කරන ලද පරීක්ෂණ මගින් ඉහත කරුණ සනාථ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සඳහා දරුවන් 700 ක් යොදා ගැනුණු අතර එම දරුවන් වයස අවුරුදු 12 සිට 52 දක්වා අධ්‍යනය කර තිබෙනවා. මේ අය අතරින් ඉතා මුරණ්ඩු අය වැඩිහිටියන් වූ පසු හොඳ අතට හැරී ඇති බව සොයා ගැනුණා. ඔවුන් කුඩා කළ නීති කඩමින් හැදී වැඩුනත් වැඩිහිටියන් වූ පසු ඉතා සාර්ථකතත්වයට පත්වී ඇති බව සොයා ගැනුණා.

හුඟක් වෙලාවට නිතර ප්‍රශ්න කරන, දෙමාපියන්ට ගැටළු මතු කරන දරුවන්ද මේ අතර හිටියා. වර්ධනය පිළිබඳ මනෝ විද්‍යාව සම්බන්ධ කෙරුණු ජර්නලයක නීති රීතී කඩමින් හැදෙන දරුවන් වැඩිහිටියන් වූ පසු ඉතා හොඳ සමත්කම් දක්වන දරුවන් බවට පත්වී ඇති බව වාර්තා කරනවා. මෙහිදී දෙමාපියන් විසින් දඟ ළමයින් ලෙස අර්ථ දක්වන ලද දරුවන් සිටිනවා. මේ අය තමන්ගේ වෘත්තීමය වශයෙන් ඉතා හොඳ දක්ෂතා දක්වා තිබෙනවා.

හිතුවක්කාර දරුවන්ගේ ගති ලක්ෂණ

1. දෙමාපියන් අභිබවා යාම

2. නීති කඩ

3. බැරෑරුම් කමක් නොගැනීම

4. ඉවසීම අඩුකම

5. කිසිදේකට ඇහුම්කන් නොදීම

මේ ගති ලක්ෂණ වලට අමතරව දරුවන් අධ්‍යාපනයේදී හා අනෙකුත් පරිභාහිර කටයුතු වලදී දක්වන දක්ෂතා ගැන පර්යේෂකයන් අදහස් දක්වනවා.

වසර 40 ක කාලයක් කළ වටිනා පර්යේෂණ ප්‍රති

ඔවුන්ගේ නීති රීතී කැඩීමේ ගති ලක්ෂණය පසු කාලීනව වගකීම් සහගත වීමට යොමුවීමක් වන බවත් මේ නිසා වෘත්තීමය වශයෙන් සාර්ථකත්වය කරා යන බවත් පවසනවා.

අනුමාන කරන්න පුළුවන්ද වැඩිම වැටුප් ලබන්නේත් කවුද කියලා. “ ඒ අය තමයි නීති රීතී කඩමින් දෙමාපියන් කියන දේවල් නොඇසූ අය. Fartherly නමැති බ්ලොග් පිටුවේ එලෙස සඳහන් වෙනවා. ඔබේ දරුවා ලොකු බිස්කට් එකක් ඉල්ලනවා නම් දවසක ලොකු බෝනස් එකක් ලැබිය යුතු යැයි ඉල්ලන්න පුළුවන්. මේ වගේ තද ගති ඇති දරුවන් පාසලේදී තරගකාරී දරුවන් වෙනවා. ඔවුන් සාමාන්‍ය ළමයින්ට වඩා ඉදිරියට ගිහින් වැඩි සමර්ථ ලබා ගන්නවා. ජීවිතයේ හිතුවක්කාර දරුවන් ලොකුමහත් කිරීමේ අභියෝගාත්මක පියවරට යන විට ඔබට මෙය සැබවින්ම සිතන කරුණක් වේවි.

හිතුවක්කාරී බව ජීවිතයකට හොඳ ආරම්භයක් නොවුනත් ඔබ නිසි යොමු කිරීම් හා මගපෙන්වීම් මත මේ හොඳ නරක තෝරා ගන්න ඔහුට උදව් දෙන්න දෙමාපියන්ට දැනුවත් වීම අවශ්‍යයි.

මෙලෙස දෙමාපිය පදවියේ තවත් අභියෝගාත්මක අදියරක් ගැන ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka අපි අදහස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ