ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්. ඒ බව කියා පාන ඉඟි 8ක්

හුඟක් වෙලාවට අපේ දරුවන් අපි හිතනවාට වඩා ඔවුන්ගේ වයසට අනුව නැණවත්, පරිනතයි. ඒ කාරණා සමහර විට අපි අපේක්ෂා නොකරන වෙලාවල් වල ඔවුන් තුළින් මතුවෙන්න පුළුවන්.

හුඟක් වෙලාවට අපේ දරුවන් අපි හිතනවාට වඩා ඔවුන්ගේ වයසට අනුව නැණවත්, පරිනතයි. ඒ කාරණා සමහර විට අපි අපේක්ෂා නොකරන වෙලාවල් වල ඔවුන් තුළින් මතුවෙන්න පුළුවන්.

පුංචි කාලයේම දරුවන්ගේ හුරතලය අත්විඳිනවා වුනත් ඔවුන්ට මෙතරම් නුවනක් හා දැනුමක් ඇතැයි ඔබ නොසිතන්න පුළුවන්. නමුත් පුංචි කාලයේදීම වුනත් අපිට ඔවුන්ගේ නුවණ ගැන අඩු තක්සේරුවකින් හිතන්න බැහැ.

දීමට වඩා තමන්ට ලබෙනවටයි කැමති

දරුවන් හැමදේම තමන්ට අයිති කරගන්න කැමතියි. ඒක දිලිසේනවද, දුවනවද, කැඩෙනවා ද කියන එක ඔවුන්ට අදාල නැහැ. නමුත් සමහර වෙලාවට ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නුවණක්කාරයි. මේවා එකතු කරලා ඔහු ඔබට හරි ඔහු කැමතිම යහළුවෙකු එක්ක හරි බෙදාගන්න ඉඩ තියෙනවා. ඔවුන් හැමදේම ළංකරගන්නවා. බෙදාගත යුතු විට එය බෙදාගන්න පෙළඹෙනවා.

අනුකරණය

කුඩා දරුවන් ස්වභාවයෙන්ම අනුකරණයට ප්‍රියයි. ඔබ කරන කියන හැමදේම ඔවුන් ඉතා හොඳින් බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි සිතනවාට වඩා අවස්ථාවට අනුවත් හැසිරෙන්න ඔහු දන්නවා. ළමයින් කණ්ඩායමක් සමග ඉන්න විට ඔහුට යම් පීඩනයක් එල්ල වුනොත් ඉන් ගැලවෙන්න ඔහු අනුකරණයෙන් ඉගෙන ගත් උපායක් යොදාගන්න පුළුවන්. සමහර විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න පුළුවන්. මෙවැනි ආකාරයෙන් ක්‍රියාකරන්නේ බොහෝ විට අම්මා බනින විටත් මේ දරුවන් නිහඬව සිටින අයයි.

සංගීතය ඉතා හොඳ ආහාරයක්.

ඔබේ දරුවා පුංචි කාලයේ ඉඳන්ම සංගීතය ඇසුරු කරන කෙනෙක් නම් නිරායාසයෙන්ම ඔහුගේ ගායන, වාදන කුසලතා වැඩිවෙනවා. ඒ වගේම ඉක්මනින් කථන හැකියාවත් වැඩිවෙනවා.

භාෂා නය

දරුවන්ට කතා කරන්න බැරි වුනත් ඔවුන්ට විවිධ භාෂාවන්ගෙන් කියන දේවල් වටහා ගන්න පුළුවන්. එය ඉතා පුදුමයට කාරණයක්. නමුත් ඔබ හිතනවාට වඩා ඔබේ දරුවා නැණවත්.

මානසික වශයෙන් සබඳතා පවත්වගන්නවා

ඔබේ දරුවා මනසින් කෙතරම් බැඳීම් ඇතිකර ගන්නවා දැයි ඔබ සිතනවාට වඩා ඔවුන් මානසිකව බැඳීම් ඇතිකර ගන්නවා. ඔවුන් අවට ඉන්න අයගේ හැසිරීම් හා විශේෂයෙන් ඔබේ හැසිරීම්. දුක සතුට ඔවුන්ට දැනෙන අතර ඔබ දුකින් නම් ඔබේ මුහුණට සිනහවක් ගේන්න ඔවුන් උත්සාහ දරනවා.

වචන වල තේරුම්

මුල් අවධියේ සිටම ඔබේ දරුවාට ඔබ කියන වචන වල අරුත වැටහෙනවා. ඔවුන් නිතර දකින රූප හා අංග චලනයන් හෝ ඔවුන් මේ අවබෝධය ලබාගන්නවා.

සාධාරණ ලෙස සැලකීම

ඔවුන් නිතරම අනෙක් යහළුවාට ලැබෙන දේට සමාන දෙයක් අපේක්ෂා කරනවා. මෙලෙස සාමාන්‍ය තත්වයේ හැදෙන දරුවන්ගේ වර්ධනයද ඉතා හොඳ මට්ටමක පවතිනවා. නැතිනම් දරුවන් අඬන්න ගන්නේ ඒකයි.

ප්‍රසංශාව හා දඬුවම්

දරුවන් ජිවිතයේ මුල් කාලයේම සමානාත්මතාවය දක්වනවා. ඒ නිසා ප්‍රසංශාව ඔහුට වටහා ගන්න පුළුවන්. ඒ වගේම නරක වැඩ කළොත් දඬුවම් ලැබෙන බවත් නිරායාසයෙන් ඉගෙන ගන්නවා.

ඉතින් මේ කරුණු හිතන කොට අපේ දරුවන් අපි හිතනවාට වඩා කෙතරම් බුද්ධිමත් දැයි ඔබට සිතේවි. theAsianparent Sri Lanka අපේ දෙමාපියන්ගේ දැනුම පොතට එක්කරන තවත් වැදගත් ලිපියක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

(Image credit: Amit Chhabra Photography)