ඔබේ දරුවා ඔබව අප්‍රිය නොකරන ලෙස ඔහුට විනයගරුක වන හැටි කියා දෙන්නේ කොහොමද?

දරුවා විනයගරුක කරන්නේ කොහොමද? ඒත් ඔහු ඔබව ඒ නිසා අප්‍රිය කරයිද? මේ ඉඟි ගැන සිතා බලන්න.

කෑගැසීම මගින් විනය පාලනය කිරීම කිසි විටකත් සාර්ථක උපායක් වන්නේ නැහැ. නමුත් මේ පියවර ඉදිරියට තැබිමම දෙමාපියන්ට ඇත්තේ චකිතයක්. නමුත් ඔබව අප්‍රිය නොවන ලෙස ඔවුන්ට විනය ගැන කියාදෙන හැටි අපි සොයා බලමු.

ආදර්ශමත් වීමේ වැදගත්කම

ඔබට මතකද ඔබ කියවපු  නවකතාවක නැතිනම් චිත්‍රපටයක ඔබ කිසිදින කැමති නොවන හෝ අනුගමනය නොකරන හැසිරීමකින් එය අවසන් කර තිබීමට ඔබ එකඟ නොවූ හැටි.

ඉතින් ඔබේ දරුවන්ටත් එහෙමයි. ඔබ ඔවුන්ට කෙතරම් හොඳ දේ කිවුවත් අනාගතයේ එය ඔබ අතින් සිදු නොවන්නේ නම් දරුවන්ට කුමක් සිතෙයිද? ඔබ නිසි ලෙස කටයුතු නොකර දරුවන් නිසි මගට ගන්නට පුළුවන්ද?

නමුත් මේ දෙය හුඟක් දෙමාපියන් බයෙන් ඉන්න කාරණයක්. නමුත් මේ නිසා ඔබේ දරුවන් ඔබව පිළිකුල් කරන්න ඉඩ තිබෙනවා. විනය හා න්‍යායන් හැම විටම අපහසු අමාරු කාරණයක් නොවෙයි. ඔබ මේ සියල්ල කරන්නේ ඔවුන්ගේ යහපතටම බව ඔවුන්ට වැටහීමෙන් දරුවන් ඔබව අප්‍රිය කරන එකක් නැහැ. ඒ නිසා විනය ගරුක වීමේ වැදගත්කම අරුත ඔවුන්ට කියා දෙන්න. ඒ වගේම ඔබ ඊට ආදර්ශමත් ලෙස කටයුතු කරන්න. ඒ වගේම නිතරම ආදරෙන් සුරතල් කරමින් ඔවුන්ට ඒ ගැන කියා දෙන්න.

ඔබේ දරුවා අසුන්ගැන්වීම 

දරුවන් නිතර බරපතල කතාවක් කතා කරන්න කැමැතියි. ඉතින් ඔබත් වැඩිය ව්‍යාකූල නැති වෙලාවක ටිකක් ඉඳගෙන ඔහුත් එක්ක කතා කරන්න. එකට ඉඳගෙන සුවපහසුවෙන් කතා කළ හැකි තැනක් තෝරා ගන්න. මීට ඇතිවිය හැකි අනෙකුත් බාධක ජංගම දුරකථනය, සෙල්ලම් බඩු පසෙක තබන්න අමතක කරන්න එපා.

හේතු නිස්කලංකව තේරුම් කරන්න

ඔබ යම් විධානයක්, විනය පිළිබඳ දුන් විට තව දුරටත් ඒ ගැන කියමින් සිටීම ඵලක් නැති බව වටහා ගන්න. ඒ නිසා දැන් හොඳින් සන්සුන් වී ඔබ එලෙස ක්‍රියා කිරීමට හේතුව ඔහුට කියාදෙන්න.

ඔබේ දරුවාට එය පැහැදිළි වූ බවට ස්ථිර කරගන්න

සමහර විටෙක දරුවන් නිතර නිතර එකම දෙය කියන විට අවධානය නොදී ඉන්න කටයුතු කරනවා. සමහර විටෙක ඔවුන් එය ධාරණය කරගන්නෙත් නැහැ. ඒ නිසා නිතර එකම දෙය කියනවාට වඩා එය වැටහුණු බව දැන ගැනීමට ඔහුට අප්‍රිය නොවන ආකාරයෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න.

ඔබේ දරුවා ගැන විශ්වාස කරන්න

ඔබට දැනෙන හැටි හිතන්න. ඔහුට දැන් හුඟක් අලස බවක්, කම්මැලි ලෙසක් පෙන්වන්න පුළුවන්. නිතර නිතර ඔහුට මේ ගැන පැවසීම නිසා ඔබ ඔහුව විශ්වාස නොකර බව සිතෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔබ ඔහුට හුඟක් ආදරය කරන බවත් ඒ නිසා මේ දේවල් ඔහුට කියන බවත් කියා දෙන්න.

ඔහුට යම් ආකර්ශනයක් පෙන්වන්න

ඉහත පියවර අනුගමනය කරන අතරතුරම ඔහුට ඔබේ ශාරීරිකව දැනෙන හැඟීම් පෙන්වීමට ඔහුව සිප ගැනීම, වැළඳ ගැනීම, කම්මුල් සිඹිම, තුරුලට ගැනීම වැනි දේවල් වලින් ඔහුට ඔබ ගැන දැනෙන දේ වැඩියි. 

හිතට දැනෙන දේවල් කතා කරන්න

මේ දවස් වල ගෙදර හැමෝම ටිකක් පීඩනයෙන් ඉන්න කාල වකවානුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කනස්සල්ලෙන් කේන්තියෙන් ඉන්නවට වඩා සිතට දැනෙන සුන්දර, සැහැල්ලු දෙයක් ඔහුත් එක්ක කතා කරන්න.

හේතුවක් නැතිව කරුණු ඉස්මතු කරන්න එපා

දෙමාපියන් ලෙස කළහැකි හොඳම දේ අමතක කිරීමත්, සමාව දීමත් යන දෙකයි. කළහැකි දේ කළනොහැකි බව තේරුම් ගැනීමත් ඔබ එය ඔහුට පහදා දී ඇති බවත් සිතන්න.

යමක් පැහැදිළි කර දුන් පසු නැවත නැවත ඔහුගේ වැරදි හා ඔහුට එය එල්ල කිරීම කරන්න එපා. එය ඔහුට ඔබේ ඔවදන් අප්‍රිය වන කාරණයක් වන්නට පුළුවන්. ඒ වගේම ඒ මාර්ගයෙන් ඔබ ඔහුට ඔබව හඳුනාගන්න අවස්ථාවක් දෙනවා වගේම අවසානයේ ඔබව පීඩනයට පත් වන්නේත් නැහැ.

දරුවන් ගුණ ගරුකව හා ශිෂ්ට ලෙස හැදී වැඩෙනු දකින්න දෙමාපියන් හරිම කැමතියි. ඒ බලාපොරොත්තුව වෙනුවෙන්  Asianparent Sri Lanka මේ කරුණු ඔබට ගෙන ආවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ