බ්‍රා එකත් එක්ක නින්දට යෑම ඔබේ පියයුරු වලට හානිදායකද?

lead image

බ්‍රා එකත් එක්ක නින්දට යෑම නිසා පියයුරු  ප්‍රමාණය, හැඩය හෝ සජීවී බවට  බලපෑ හැකිද? තව කියවන්න.

වැඩිවිය පැමිණීම තරම් ඉක්මනින් බ්‍රා එකත් එක්ක නින්දට  යෑම  සිදුනොවන බව අපි වැඩිදෙනෙකු ඉගෙන ගෙන තියෙනවා.

සමහරු එසේ කිරීමෙන් පියයුරු එල්ලා වැටීමට හේතු වන බව පවසන අතර පියයුරු  හැඩැතිව සහ සජීවිව තබා ගැනීම ඒ මගින් සිදුවෙන බව විශ්වාස කරන නිසා සමහර අය බ්‍රා එකත් එක්ක නින්දට  යෑම ප්‍රිය කරනවා.

එය ඇත්තක්ද? නින්දට යෑමට පෙර ඔබේ බ්‍රා එක ඉවත් කල යුතුද? නැතිද?

අලුතින් බ්‍රා අදින කාන්තාවන් , සියලුම කාන්තාවන්ට පියයුරු එල්ලා වැටීම සිදුවෙන  බව පිළිගැනීම වැදගත් වෙනවා.

කාලයත් සමග අපේ සමේ ඇදෙන සුළු භාවය අඩු වේ. එමනිසා පියයුරු එල්ලා වැටීමද අපේ වයස නිසා මතුවෙන අනාගත රේඛා සහ රැලි  මෙන්ම නොවැලැක්විය හැකි වේ.

ගර්භනීභාවය, හදිසි බර අඩු කිරීම, මව්කිරි දීම, ජානමය තත්වයන්  හෝ ප්‍රබල ක්‍රියාකාරිත්වය හෝ ව්‍යායාම වැනි විවිධ  කාරණා එල්ලා වැටීමට දායක වේ.

නින්දට යෑමට පෙර ඔබේ බ්‍රා එක ඉවත් කල යුතුද?

ඔබ නිදා ගැනීමට ඔබේ පිට හෝ ඔබේ කුස මත වැතිර සිටින විට, ප්‍රතිවිරුද්ධ දේ සිදු වේ. බොහෝ නිදි ඉරියව්  පියයුරු වල පටක හා මාංශ පසුපසට තල්ලු කරනවා.

එමනිසා ඔබට ඔබේ  පියයුරු සජීවිව පවත්වා ගැනීමට අවශ්‍ය නම් බ්‍රා එකත් එක්ක නින්දට යෑම අනවශ්‍යයි.

බ්‍රා එකත් එක්ක නින්දට යෑමට ඔබ තීරණය කළහොත්, එය මෘදු එකක් වීමට වග බලා ගන්න.

කෙසේ වෙතත්, ඔබ නිදාගැනීමට පෙර බ්‍රා එකක් ඇදීම තෝරාගන්නේ නම්, සැලකිලිමත් විය යුතු සෞඛ්‍ය  සාධක තිබේ.

බ්‍රා එකත් එක්ක නින්දට යෑම  පියයුරු එල්ලා  වැටීම වළක්වන්නේ නැති නමුත්  එය ඔබේ ශරීරයේ අනෙකුත් කොටස් වලට බලපෑ හැකිය.

බ්‍රා එකත් එක්ක නින්දට යෑම  පුරුද්ද ඔබේ පියයුරු පටක තද කරන  අතර එය ඔබේ රුධිර වාහිනි හා මාංශ පේශිවලට රුධිරය ගමන් කිරීම  වැලැක්විය හැකිය.

මෙය ඔබේ සිරුරෙන් විෂ ද්‍රව්‍ය  පිටකිරීමට වගකිව යුතු ඔබගේ පියයුරු හා කිහිලි ප්‍රදේශය  වටා ඇති වසා ගැටිති වලට  බාධා කරනවා.

ඔබේ බ්‍රා එකේ වයර් තිබේ නම් එය අපහසුතාවයක් දනවන  අතර ඔබට රාත්‍රියට සුව නින්දක් නොලැබේ.

අවිවේකි බව නිසා මානසික පීඩනය ඇති විය හැකි  අතර නින්ද නොලැබීමෙන් මුළු දවසම ඔබව හැගීම්බර කිරීමටත් හා ඔබ ඵලදායී නැති කිරීමටත්  පුළුවන්.

තව ඔබේ බ්‍රා වල වයර් හෝ හක් වඩාත් තද වේ නම්, එසේ සිදුවෙන  ප්‍රදේශ අඳුරු වර්ණ වීමට  හෝ හයිපිග්මෙන්ටේසන් නැමැති තත්වය  ඇතිවීමට හේතු වේ.

නින්දේදී අපි තවම දහඩිය පිට කරන අතර ඔබ බ්‍රා එකක් ඇද සිටින විට එහි තෙතමනය එකතු විය හැකිය.

කාලයක් ගත වන විට එය පියයුරු වල දිලීර ඇතිවීමේ  හෝ පියයුරුවල යට ප්‍රදේශය  තුළ කසන සුළු දිලීර අසාත්මිකතාවයක් ඇතිවීමේ අවධානම වැඩි වේ.

එමනිසා බ්‍රා එකත් එක්ක නින්දට යෑම ගැන නිශ්චිත නිතීයක්  නැති නිසා, ඔබ නිදා සිටියදී ඔබේ පියයුරු සියලු සීමාවන් ගෙන් මුදාහැරීමට එරෙහිව කිසිත් නැති බව පෙනී යයි.

අවසානයේදී වැදගත් වන්නේ ඔබ සෞඛ්‍ය අවධානම දන්නා  අතර, ඔබ මෙය රාත්‍රී  පුරුද්දක් බවට පත්කර ගැනීමට  තීරණය කරන්නේ නම්, ඒවාට එරෙහිව ඇත්තේ මොනවාදැයි ඔබ දැන සිටීමයි.

ඔබේ පියයුරු වල ආරක්ෂාව හා පෙනුම ගැන හිතමින් විවිධ මතිමතාන්තර අතර ගැටෙන කාන්තා සිත් වලට මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී