ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

ඔබ හිතනවාට වැඩි වේගයෙන් ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්ද ගෙවිලා යනවා. ඉතින් දෙමාපියනි, එහි සෑම මිනිත්තුවකම උපරිමයෙන් විදින්න.

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්ද ඔබේත් දරුවාගේත් කදුලින් පිරුනක් වන්නට පුලුවන. නමුත් මේ අවුරුද්ද ඔබට දැනෙනත් කලින් ගෙවිලා යනවා.

රොම්පර්, ෆිට් ප්‍රෙග්නන්සි හා බේබල් විසින් සම්පාදනය කරන ලද ඔබ ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට ප්‍රථම  කල යුතු දේවල් කිහිපයක් මෙන්න,

1. ළදරු රදවනය

ඔබේ ළදරු රදවනයට සමුදෙන්න කාලය එළඹිලා. ඔබට ඔබේ පුංචි පැටියා ළදරු රදවනයක රදවා ගෙන සදහටම ඉන්න බැහැ. මෙම ආදරයෙන් රැකබලා ගත යුතු  කාලයේදී ඔබ කල යුතුව තිබුනේ හොදින් එතු ඔබේ පැටියා ළදරු රදවනය තුල බහා සතුටින් පපුවට තුරුල්  කරගෙන සිටීමයි.

2. ඔවුන්ට සුන්දර ඇදුම් අන්දවන්න.

නිසැකවම ඔබේ දරුවාට සුරතල් ඇදුම් අනාගතයේදීද අන්දවන්න පුලුවන්. නමුත් ඉතා කුඩා දරුවන් ඇදුම් ඇද සිටින විට වැඩි සුරතල් බවක් විදහා දක්වනවා. එමනිසා මේ කාලය තුල වඩා වැඩියෙන් සුන්දරව අන්දවන්න. ඔබේ දරුවා ආශාවෙන් පිරි යුතුකමක් නොවීමට   පෙර එය දිගුකල් නොපවතිවී.

3. ඔබේ පුංචි පැටියාට ලෝකය පෙන්වන්න.

ඔබට ඔබේ දරුවා සමග සංචාරයේ යන්න පුලුවන් නම්, ඔබේ සංචාරයේ කිසිම දෙයක් ඇයගේ මතකයේ නොරැදෙනු ඇති වුවත් වයස දෙක තුනක දරුවෙක් සමග සංචාරයේ යෙදෙනවාට වඩා පුංචි පැටියෙක් එක්ක සංචාරය කරන්න පහසුයි. එම නිසා අවම සංකූලතාවයක් සහිතව දර්ශන නැරඹීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත. ඔබට අවශ්‍ය ධනාත්මක වර්ධනය ඒ මගින් ලැබෙනු ඇත.

4. වීඩියෝ පටිගත කිරීම් කරන්න.

ඔබ ඡායාරූප විශාල ප්‍රමාණයක් ගන්නවා ඇති නමුත් හැකිතරම් විඩියෝ පටිගත කිරීමක්ද කරන්න. දීර්ඝ අවස්ථා පටිගත කරන්න එපා.ඔබේ  පුංචි පැටියාගේ සිනාහවක්, කදුලක්, නාන වේලාව, ආහාර ගන්නා වේලාවන්, විසුලු මුහුණු  හා ප්‍රතිචාර වැනි සෑම කුඩා ඉරියව්වක්ම පටිගත කරන්න. මෙම සෑම මොහොතක්ම අතීතයට එකතු වේවි. නමුත් ඔබට පසු කාලයකදී ඒවා සජීවිව නරඹන්න හැකි වේවි .

5. පවුල තුල සම්බන්ධතාවය ගොඩ නගන්න.

ඔබට තවත් දරුවෙක් හිටියත් නැතත් මේ පළමු වෙනි අවුරුද්ද ඔබේ පවුලේ සංක්‍රමණික අවධිය ලෙස සලකනු ලබනවා. පහසුවෙන් ඔබේ රාජකාරි වෙනස් වී ඔබේ පවුලට අලුතින් අමුත්තාත් සමග  වෙනස් අවශ්‍යතා ඇති වෙනවා. නමුත් පීඩනයට පත්වෙන්න එපා.  සම්ප්‍රදායන් නිර්මාණය අලුත් අමුත්තාගේ පැමිණීම සැමරීම තුලින් ඔබගේ පවුලේ සම්බන්ධතාවය  ඇති කිරීමට කාලය යොදවන්න.

6. දින සටහන් යෙදීම (දිනපොත )

නිසැකවම ඔබ බොහෝ ඡායාරූප හා විඩීයෝ ලබා ගන්නවා ඇති නමුත් මේවාට විතරක් සියලු දෑ සටහන් කර ගන්න බැහැ. දින සටහන් වලට එය  හරියටම කරන්න බැරි වුනත්  එය ඔබට එම අවස්ථා ඔබට හැගුන විදිය ඔබට මතක් කර දේවි.

සටහන් තැබීම මගින් ඔබේ හැගීම් හා මතකයන් සංරක්ෂණය වන අතර ඔබේ ජීවිතය තුල කුමක්ද සිදුවන්නේ යන්න පිලිබඳ හැගීමක් ඇති කිරීමටත් උපකාරී වෙනවා. ඔබේ දරුවා වැඩුණු දිනෙක ඔබට මේ දින සටහන්  ඇයත් සමග බෙදා  ගන්න හැකි වේවි.

පුංචි පැටියා ඇවිදින්න පටන් අරන් හැම තැනම දුව පනින්න කලින් අපි ලගින්ම ඉන්න මුල් මාස දොලහ සුන්දරව විදින්න ඔබට පාර කියන්නේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී