ඔබේ බිරිදට මෙන්න මෙහෙම ලස්සනයි කියමුද?

lead image

ඔබට වෙන කිසිවෙකු දෙස බැලීමට අවශ්‍ය නැති බව මේ සරල සුන්දර ක්‍රම වලින් ඔබේ බිරිඳට සහතික කරන්න. බිරිදට ලස්සනයි කියන්නේ කොහොමද?

ඔබ දරුවන් සිටින විට, ඔබ දරුවන්  රැකබලා ගැනීමේ වගකීම් වලින් බැදුනු පසු දරුවන්ගේ අම්මාව ආදරයෙන්, ප්‍රසංශාවෙන් නහවන්න ඔබට අමතක වෙනවා.

ඔබගේ බිරිඳ ලොව සිටින වඩාත්ම ආත්ම විශ්වාසයෙන් පිරුව්කාන්තාවක් විය හැකි නමුත්, ඇයට  සෑමවිටම සහතික කිරීම  අවශ්‍ය වේ.

ඔබේ ඇස් දෙකින් දකින ලස්සනම කාන්තාව ඇය බව ඇය තුල සැබවින්ම විශ්වාස  ඇති කරන අයුරු  මෙන්න.

බිරිදට ලස්සනයි කියන්නේ කොහොමද?

1. නිතරම ඇයට කියන්න

ඇය කණගාටුවෙන් සිටින  තෙක් බලා නොසිටින්න, නැතහොත් ඇයගේ ආත්ම අභිමානය  සැලෙන විට , ඇය අගය කරමින් පුදුම කරන්න. ඔබ නිතර  ප්‍රසංශා කිරීමට  ත්‍යාගශීලී  වන්න.

2. ඇය  දෙස බලා සිටින්න එය ඇය දකින බවට වග බලා ගන්න

ඔබේ ඇස් ඇය ලුහුබදින බව දුටුවොත් ඇය සතුටට පත්වෙනව. ආදරය ඉතා කුඩා ප්‍රමාණයක් වුවද ඇයට දැනෙන විට එය අගය කොට සලකනවා නම් එය සැබවින්ම ඇයගේ ආත්ම ආභිමානය ගොඩනගනු ඇත.

3. කිසි විටෙක, ඇය වෙනත් කාන්තාවන් සමඟ සසඳන්න එපා

ඔබට වෙනස් කිරීමට අවශ්‍ය  කුමක්දැයි පෙන්වා දෙන්න එපා. සමහර විට, ඔබ ගැන ඇය වෙනස් කිරීමට කැමති ශාරීරික කරුණු  ඇයටත් ගොඩාක් තිබිය  හැක. එහෙත්, ඔබ වෙනස් කරන  දේ නොව, ඔබ වෙනස් නොකිරීමට අවශ්‍ය දේ ගැන සතුටු වන්න.

4. වෙනත් කාන්තාවන් ගැන හිතන්න එපා

ඔබ කාමුක දර්ශන නැරඹීම හෝ වෙනත් කාන්තාවන්ගේ  නිරුවත්  ඡායාරූප  බැලීමෙන් ඇයට  වේදනාවක්  ලැබිය හැක. ජනප්‍රිය චරිත වලට  කැමැත්තක්  තිබිය  හැක. නමුත් එය ඔබේ ආත්මීය රූපලාවන්‍ය කැමැත්ත නොවන බවත්  ඇය කොතරම් ලස්සනදැයි ඒ හා සන්සන්දනය කළ නොහැකි බවත් ඇයට අවබෝධයක් ලබා දෙන්න.

5. ඇයගේ ඡායාරූප ඔබ ලග තබා ගන්න.

ඔබේ මුදල් පසුම්බිය මුද්‍රණය කල ඡායාරූපයක් හෝ  ඔබේ ජංගම දුරකථනයේ වෝල් පේපර් එක ලෙස ඇයගේ  ඡායාරූපයක් භාවිතා කිරීමට ඔබට පුළුවන්.  වැදගත්ම දෙය වන්නේ, ඔබ ඇයගේ  ඡායාරූපය  දවස පුරා ලග තබාගැනීමෙන් ඔබ  කොතරම් සතුටු වේදැයි ඇයට දන්වන්න.

6. අන් අය ඉදිරියේ ඇයව අගය කරන්න

ඔබේ දරුවන්, මිතුරන් සහ නෑදෑයන් ඉදිරියෙහි ඔබේ ප්‍රසංශා කිරීමට  පැකිලෙන්න  එපා. ඇයව වර්ණනා කිරීමෙන් ඇය ඇත්තෙන්ම සුන්දර බව ඇයට දැනේවි.

7. ඇය අවැසි වන විටවත් ඇයව සනසන්න.

ඇයට තෑගි හෝ සංග්‍රහ බලාපොරොත්තු නොවන අවස්ථා වල දෙන්න. මද වේලාවක් හෝ ඔබේ මාර්ගයෙන් බැහැර වී සිටීමට ඇයට ඉඩ සලසා දෙමින් ඔබේ ආදරය පෙන්වන්න. ඇය ඔබ වෙනුවෙන්  කරන සියලු දේ සඳහා ඔබ කොතරම් කෘතඥ වෙනවාදැයි  ඇයට දැනගැනීමට සලස්වන්න.

ප්‍රේමයට මැරෙන්නට ඉඩ නොදෙන්න. නමුත් ඔබ එක්ව සිටීම   ආරම්භ කලා පමණක්  වුවත්  ඇයට ඇලුම් කරන්න.

8. ඔබට ඇය වෙනුවෙන් හොඳම දේ වීමට අවශ්‍ය  බව පෙන්වන්න

ඔයා ගැන සැලකිලිමත්  වන්න. ඔබේ ශරීරයට හා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. මෙමගින් ඇය ඔබගේ හොද ස්වරූපයෙන් ඇය සතුටට පත්වෙන බව ඔබ විශ්වාස කරන බව ඇයට දැනේවි.

ඔබ ඔබේ බිරිදට  ඇය සුන්දර බව අගවන්නේ කෙසේද? පහතින් අදහස් දක්වා  අපව දැනුවත් කරන්න.

ඇය ඔබට හැමදාම සුන්දරයි නේද? ඒක ඇයට කියන අයූරු දැක්වෙන මේ අපූරු ලිපිය The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී